2012-07-12 11:35 ප.ව.
මහියංගන පදියතලා පාරේ 47 කණුව සේරාන මධ්‍යම ගල්කොරියෙන් නිකුත් වෙන ගල් කුඩු හේතුවෙන් අවට ගම්මාන වල සාමාන්‍ය ජන ජීවිතය අඩාල වී ඇතැයි පවසමින් අද(12) දින මහියංගන පදියතලා මාර්ගයේ රථවාහන ගමනා ගමනය නවතා ලමින් ගම්වාසීන් විරෝදතාවයක නිරත විය. උදැසන 9 සිට දහවල් 12 පමණ වන තුරු මෙම විරෝදතාවය පැවැත් විනි.
ගල් කුඩු හේතුවෙන් තම කුඩා දරුවන්ගේ සමේ කුෂ්ඨ රෝග සැදී ඇති බවත්, ගම්මුන්ගේ ළිං වල ජලය පානය කිරිමට නොහැකි තත්වයට පත් වී ඇති බවත් ළිං වල ජලය මතු පිට ගල් කුඩු තට්ටු පිටින් පාවෙන බවත්, මෙම හේතුවෙන් ගම්මානයේ මේ වන විට වකුඩු රෝගින් 50 කට වඩා සංඛ්‍යාත්මකව වැඩි වි ඇති බවත්, සමහර ගල් කොරි සදහා බලපත්‍ර නොමැති බවත්, නීතිය මුදලට යට වී ඇතිබව මෙම විරෝදතාවයට එක් වු ගම්වාසින් පවසනවා. තවද මෙම ගල් කොරි හිමි කරුවන් සීතල කාමර වල සුරසැප විදින විට ගම්වාසී ජනතාව පයට පෑගෙන දූවිල්ලක් තරම් වත් නොසලකා හැර ඇතැයි ගම්වාසින් පවසනවා.
නිසි පරිදි වතුර යොදා ගම්වාසින් හට පිඩා නොවන පරිදි කලුගල් කර්මාන්තය කරන ලෙස කලුගල් කොරි හිමි කරුවන් ගෙන් ඉල්ලා සිටින බවත් එම නීතී නිසියාකාරව/අකුරට ඉටු කරනවාද යන්න පිළිබද අදාල බලධාරීන් නිසි ලෙස සොයා බලන ලෙසටත්, මුදලට යට නොවී තම රාජකාරිය අකුරට ඉටු කරන ලෙස බලදාරින් ගෙන් ඉල්ලන බව ජනතාව ප්‍රකාශ කර සිටියා.
No comments:
Post a Comment