රංජිත් කරුණාවීර - මහියංගනය 2012-07-29 10:00 ප.ව.
හසලක වේරගංතොට පාලමහන්දියේ වෙළෙදසැලක් සහ බේකරිය අයිතිකරුවකුගේ නිවස බිද හිමිකරු හා තවත් දෙදෙනෙකු කඩුවකින් කපා කොටා තුවාල සිදුකර නිවසේ සේප්පුවේ වු මුදල් සහ ලක්ෂ 25 කට ආසන්න වටිනා කමක් ඇති රත්‍රං සොරකම් කර පලා ගිය පුද්ගලයන් දෙදෙනෙකු හසලක පොලිසිය මගින් 27 වන දින අත් අඩංගුවට ගෙන ඇත. සිද්දියට සම්බන්ද තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනිමට නියමිතයි.
බේකරි හිමිකරු විසින් එදින රාත්‍රියේ තමාගේ නිවසට පැමිනි පුද්ගලයන් බවට හදුනා ගැනිමේ පෙරට්ටුවකදී අත් අඩංගුවට පත් පුද්ගලයන් හදුනා ගෙන ඇත. අත් අඩංගුවට ගත් පුද්ගලයන් වයස 25 ක් හා 28 තරුණයන් වන අතර ගම්පහ ප්‍ර දේශයේ පදිංච් කරුවන් බව හසලක පොලිසිය පවසනවා.
No comments:
Post a Comment