18 වංගුව පාර බරවාහන සදහා විවෘත කර දෙන්න යැයි ඉල්ලමින් විශාල ජන ගගක්
පාලමහංදියට එක් වෙති
රංජිත් කරුණාවීර - මහියංගනය
2012-07-07 8:35 ප.ව.
18 වංගුව පාර බරවාහන සදහා විවෘත කර දෙන්න යැයි ඉල්ලමින් විශාල ජන ගගක් පාලමහංදියට අද(10) දින උදෑසන 6 සිට 10 පමන වන තුරු එක් වියා. විශේෂයෙන් වැලි ප්‍රවාහනයෙන් ජීවිකාව ගෙන යන අයට දැන් පවතින නිතිය අසාධාරනයක් සිදු වී ඇතැයි ඔහුන් කියා සිටියා. 18 වංගුව මාර්ගයේ දැව ගඩොල් මෙට්ල් වැලි ප්‍රවාහනය සදහා මාර්ග සංර්ධන අධිකාරිය විසින් තහනම් කර ඇත. 18 වංගුව මාර්ගය තිබියදී රංදෙනිගල මාර්ගය හරහා ද්‍රව්‍ය ප්‍රවාහනයේදී ඉන්දන සදහා වැඩියෙන් රුපියල් 2000ක් වැය වෙතැයි ද ඔහුන් කියා සිටියා.
එමෙන්ම මෙම නීතිය අසරණ ජනතාවට පමණක් ක්‍රියාත්මක බවත් දේශපාලන හිතවතුන් සහ මාර්ග සංර්ධන අධිකාරියේ නිළධාරින් ගේ සහ හිතවතුන් හට මෙම නීතිය ක්‍රියාත්මක නොවීම ලැජ්ජා සහගත බවත් අසාධාරණ බවත් ජනතාව කියා සිටියා.
මධ්‍යම පළාත් මහා අමාත්‍ය සරත් ඒකනායක මහතා මෙම ස්ථානයට පැමිණ විරෝධතා කරුවන් සමග සාකච්වා කර මෙම ගැටලුව සදහා ඉදිරියේදි විසදුම් ලබාදීමට පියවර ගන්නා බව ප්‍රකාශ කිරිමත් සමග විරෝධතා කරුවන් විසිර ගියහ.
No comments:
Post a Comment