2016-02-08 ප.ව. 7:54
මාපාකඩවැව තැපැල්
කාර්යාලයෙන් මාසිකව මහජන ආධාර ලබන වයෝවෘද්ධ මව්වරු හා පියවරු 300කට වැඩි පිරිසකට
අද (08) උදැසන මහජන අධාරය ලබාගන්නා මොහොතේදි අතුරුපසක් සමග උදැසන ආහාර වේලක් හා බුලත්විට
හා සබන් ලබාදිමට තැපැල් කාර්යාලයේ ස්ථානාධිපති හා කාර්ය මණ්ඩලය කටයුතු කරනු ලැබිය.
මාපාකඩවැව තැපැල් කාර්යාලයේ
තැපැල් ස්ථානාධිපති එස් ජේ එම් චමින්ද පුෂ්පකුමාර මහතාගේ මැදිහත් වීමෙන් තැපැල් කාර්යාලයේ
කාර්යය මණ්ඩලය එක්ව මෙම සත්කාරය සංවිධානය කර තිබුනි.
මහජන ආධාර ලබන වයෝවෘද්ධ
මව්වරු හා පියවරු සදහා වර්ෂයේ සෑම මාසයක් සදහා මෙවැනි සංග්රහයක් ලබාදීමට ප්ර
දේශයේ ධානපතියන් බාරගෙන ඇති අතර මේ මාසයේ (පෙබරවාරි) මෙම සත්කාරය සිදු කිරිමට
කිසිවකු නොමැති වීමෙන් තැපැල් ස්ථානයේ කාර්යය මණ්ඩලය කඩිනම්න් එක්ව මෙම සත්කාරය
සුදානම්කර මහජන ආධාර ලබන වයෝවෘද්ධ මව්වරු හා පියවරු වෙත ලබාදිමට කරටයුතු කරනු ලැබු
අතර උදැසන සිට නිරාහාරව නිවෙස් වලින් පැමිණ සිටි පිරිසට එය මහත් සහනයක් වු බව
වැඩිහිටි දෙමාපියන් ප්රකාශ කර සිටියේය.
No comments:
Post a Comment