2016-02-25 පෙ.ව. 11:11
ජලභිතිකාව වැලදී යැයි සැක
කෙරෙන සුනඛයෙකු මහියංගන නගරයේ පුද්ගලයන් හා කාන්තාවන් 25කට අධික ප්රමාණයක් 23 හා
24 යන දින වලදී සපා කෑම හේතුවෙන් මහියංගන නගර වාසීන් හට සුනඛ භිතිකාවක් හට
ගෙන ඇත. සපාකෑම හේතුවෙන් තුවල සිදු වු අය මහියංගන මුලික රෝහලේ බාහිර රෝගි ප්රතිකාර
අංශයෙන් ප්රතිකාර ලබා එන්නත් කිරිම් සිදු කර ගෙන තිබේ. සපා කෑ සුනඛය සොයා මහියංගන
නගර වාසින් විපරමින් සිටින අතර මේ වන විට නගරයෙන් එම සුනඛය අතුරුදහන්ව ඇත.
පාසැල් නිමවෙන
වේලාවන්හිදි නලරයේ බස් නැවතුම වෙත පැමින
කුඩා දරුවන් සුනඛයන්ගෙන් සපා කෑම වලක්වා ගැනිම සදහා දෙමාපියන් මහත් පරිශ්රමයක්
දරන්නට සිදුව ඇත. මීට පෙරත් මහියංගන ජාතික පාසැල තුලට පිවිසි මෙවැනිම රෝගී
සුනඛයෙකු දරුවන් තිදෙනෙකු සපා කා ප්රතිකාර සදහා රෝහල් ගත කරන්නට ද සිදු වින.
මහියංගන නගරය හා අවට ගම්මාන
රැසක මාර්ගවල සුනඛයන් විශාල ප්රමාණයක් බෝ වී ඇති අතර ඒ බොහෝ සුනඛයන් හට විවිධ
රෝගාබාදයන්හට ලක්ව ඇති අතර විශේෂයෙන් සමේ රෝග වැලදී ඇත. ඉහල ගොස් ඇති සුනඛ සංඛාවේ
වර්ධනය හේතුවෙන් ජලභිතිකා රෝගය පැතිර යාමේ විශාල අවදානමක් ඇති හෙයින් මේ
සම්බන්දයෙන් වගකියන රාජ්ය නිළධාරින් හා ආයතන මැදිමත් වී මෙම ගැටලුවට
කඩිනමින් විසදුම් ලබාදෙන ලෙස මහියංගන ජනතාව ඉල්ලා සිටි.
No comments:
Post a Comment