පසුගියදා නිමාවට පත්වු දකුණු
ආසියානු මලල ක්රිඩා උත්සවයෙදී මිටර් 800න් විනාඩි 01යි තප්පර 51.2 කදි ප්රථමස්ථානය
දිනා ශ්රි ලංකාවට හා මිනිපේ ප්ර දේශයට කිර්ථියක් ගෙනා රං පදක්කම් ලාභි ඉදුනිල්
හේරත් අද (28) දිනයේ සිය උපන් ගම්මානය වන මිනිපේ ප්ර දේශයට පැමිනි අතර මිනිපේ
ප්ර දේශවාසින් ඔහුව ඉතා හරසරින් පිළිගනු ලැබීය.
ඔහු සමග ඔහුගේ පුහුණුකරු වන
ඩබ්ලිව් රත්නකුමාර (ත්රිවිධ හමුදාවේ ක්රිඩා පුහුනු කරු) මහතා ද පැමිණි අතර ඉතා
උණුසුම් ආකාරයෙන් පිළිගන්නා ලදී
හදගනාව ශ්රි ඉන්ද්රාරාමයේ විහාරාධිපති හදගනාව ආනන්ද හිමියන් හා මිනිපේ ප්ර දේශවාසින් විසින් මෙම පිළිගැනිම සංවිධානය කර තිබු අතර විහාරස්ථානයේදී
ඉදුනිල් හේරත් ඇගයිමට දැක්වීම හා උපහාර දැක්වීමට ලක් කෙරිනි. කිලෝමිටරයක්
පමන දිග රථ පෝලිමක් / පෙරහැරක් සමගින් පාලමහන්දිය ප්ර දේශයේ සිට මිනිපේ හදගනාය
දක්වා ඉදුනිල් කැදවාගෙන යනු ලැබීය.
No comments:
Post a Comment