රංජිත් කරුණාවීර - මහියංගනය
2012-06-22 11:30 ප.ව.
දේශිය වෛද්‍ය අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආදිවාසි ජන සංස්කෘතිය සංරක්ෂණය කිරිමේ ව්‍යාපෘතිය යටතේ ජාතික උරුමයන් පිළිබද අමාත්‍යාංශයේ මූල්‍ය අනුග්‍රහයෙන් ඉදිකරන ලද ආදිවාසී වෙද පියස ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ගේ ආරාධනයෙන් දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතාගේ සුරතින් විවෘත කෙරිනි.
ආදිවාසී ජනතාවගේ පාරම්පරික වෙදකම ආරක්ෂා කිරීම සහ ආදිවාසී ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරිමේ අරමුණ ඇතිව වනාන්තරය තුල ඇති ඖෂධ ඔවුන් ලවා එකතු කර එම ද්‍රව්‍ය මිල දී ගැනීම(ආදිවාසීනට ජිවත් වීම සඳහා මුදලක්) සහ එම ඖෂධ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සදහා යොදා ගැනීමෙන් ආනයනය කරන ඖෂධ ප්‍රමාණය අවම කර ගැනීම මෙමගින් බලාපොරොත්තු වේ.
ආදිවාසී වෙද පියස විවෘත කිරිමෙන් අනතුරුව ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් විසින් වෙද පියස වෙත පැමිණි රෝගියෙකු සඳහා රෝග තත්ත්වය විමසා ඖෂධ ලබාදීම සිදු කෙරිනි.
No comments:
Post a Comment