Thursday, June 14, 2012
ආදිවාසි අලුත් අව්රුදු උත්සවය - කෝණ පොජ්ජෙ උත්සව පොජ්ජ
රංජිත් කරුණාවීර - 2012-04-29 4:09 ප.ව.
දඹාන ගුරුකුඹුර පෝරුගම් පොජ්ජේ 29 දින මැච්වේ උදේ මැච්ච ඉද තබාලා රෑ මැච්ච මන්දොවෙනකම් උත්සව පොජ්ජ මන්දො කරනවා
දඹාන ගුරුකුඹුර ගම්මානයේ අභිනවයෙන් ඉද...ිකරමින් පවතින විහාරස්ථාන භූමියේදි
ආදිවාසි අලුත් අව්රුදු උත්සවය සංවිධානය කර තිබුනා. මෙම විහාරයේ දහම් පාසලේ ඉගෙනුම ලබන ආදිවාසී දරු දැරියන් සහ ආදිවාසි ගම්මානයේ පවුල් වල සාමාජික සාමාජිකාවන් සදහා ආදිවාසි අලුත් අව්රුදු උත්සවය ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පතී වන්නිලා ඇත්තන්ගේ ප්රධානත්වයෙන් සංවිධානය කර තිබුනා. කලුතර එකමුතුව සංවිධානය මෙම උත්සවය සදහ අනුග්රහය ලබාදී තිබුනා
දුනු ඊතල විදීම, ගල් දුන්නෙන් විදිම, ආදිවාසි තරුණියන්ගේ දිගම කෙන්ඩය, උගුල් ඇටවීම, වී ඇට ඇහිදීම, ලී කැබැල්ලෙන් පොල් ගෑම, වලස් පොරය, ගස් නැගීම, ආදිවාසි දිගම රැවුල තේරීමේ තරගය, කුඩා දරුවන් සදහා කැවුම් කෑමේ තරගය, ආදිවාසි ජන ගායනා, ආදිවාසි දරු නැලවිලි ගි ගායනා යන තරග ඉසවු මෙම ආදිවාසි බක්මහ උළෙලෙදි සංවිධානය කර තිබුනා
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment