9/6/2013 1:54 PM
ලංකාවේ වෙහෙර විහාරස්ථාන වල පැවැත්වෙන් පෙරහැර අතුරෙන් විශාල වශයෙන්
ආදිවාසී ඇදහැලි පුද සත්කාර හා චාරිත්‍ර ඇතුලත් එකම පෙරහැර මහියංගන ඇසල මහා පෙර හැර වන අතර මහියංගන රජමහා විහාරයේ හා
සමන්දේවාලය විසින් වාර්ශිව පවත්වන මහියංගන ඇසල මහා පෙර හැර 2013 සදහා පුරාන චාරිත්‍රානුකුලව
කප් සිටුවීමමේ මංගල්‍ය සමන් දේවාලයේදි බස්නායක නීළමේ ආනන්ද හීන්කෙන්ද මහාතා හා ප්‍රධාන
කපුමහතාගේ ප්‍රධානත්වයෙන් 2013-09-05 වන දින පස්වරු 11.18 යෙදුන සුභ මොහොතින් සිදු
කෙරින.
මෙම අවස්ථාව සදහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක
විදානගමගේ මහතා හා මහියංගන රජමහා විහාරයේ තේවාව භාර යටියන රතනසිරි ස්වාමීන්වහන්සේ සහ මහනුවර නාථ
දේවාලයේ බස්ණායක නිළමේ ගයාන් හීන්කෙන්ද මන මහත්වරුන් හා ප්‍රදේශයේ විශාල පිරිසක්
සහභාගී වී සිටියා. මහියංගන රජමහා විහාරයේ භාරකාර දුරන්දර පන්ඩිත ප්‍රජ්‍ය
උරුලෑවත්තේ ධම්මරක්කිත නාහිමියන්ගේ සංවිධානයෙන් හා සමන් දේවාලයේදි බස්නායක නීළමේ
ආනන්ද හීන්කෙන්ද මහාතාගේ සංවිධානයෙන් ඒකාබද්දව මහියංගන ඇසල මහා පෙර හැර 2013
සංවිධානය කෙරේ.
කප්සිටුවීමෙන් පසු 05 වන දින රාත්‍රියේදීම සමන් දේවාලයේ ඇතුල් පෙරහැර ආරම්භ
කල අතර සැප්තැම්බර් 05 දින සිට
සැප්තැම්බර් 09 දක්වා දේවාල ඇතුල් පෙරහැර ද සැප්තැම්බර් 10 සිට
සැප්තැම්බර් 14 දක්වා කුඹල්පෙරහැර ද සැප්තැම්බර් 15 සිට සැප්තැම්බර්
19 දක්වා රන්දෝලි පෙරහැර ද සැප්තැම්බර් 20 උදැසන දිය කැපීමේ මංගල්‍ය
මහවැලි ගංගා තොටුපලේදී පවත්වා සැප්තැම්බර් 20 දින දහවල් ආදිවාසී
දොඩම්පෙරහැර සමග දහවල් පෙරහැර සමන් දේවාලයේ ගෙවිදීමෙන් පසු මහියංගන ඇසල
මහා පෙර හැර 2013 නිමාවීමට නියමිතයි. ආදිවාසී වැදි පෙරහැර අවසන් රන්දෝලි
පෙරහැර විහාරයට ගෙවිදීමෙන් පසු (20 දින උදැසන) උදැසන 4.00ට ආදිවාසී වන්නිලා
ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් මහියංගන සුමන සමන් දේවාලය ඉදිරිපිටදී පැවැත්වේ.
No comments:
Post a Comment