ගිරාදුරුකෝට්ටේ වකුගඩු රෝගී ඒකකයට වසර 10ක් පිරිම නිමිත්තෙන් වකුගඩු රෝගය පිළිබද ප්‍රදර්ශනයක් ගිරාදුරුකෝට්ටේදී
9/6/2013 3:18 PMජිවිතයට අලුත් බලාපොරොත්තුවක් - වකුගඩු රෝගයට ප්‍රතිකාර
කල හැක යන තේමාව යටතේ වකුගඩු රෝග ආශ්‍රිතව සැප්තැම්බර් 5/6/7 යන දින තුන තුලදී
ගිරාදුරුකෝට්ටේ දිශාරෝහලේදී පැවැත්වේ. වෙළෙද කුටි, ප්‍රදර්ශන කුටි, විශේඥ වෛද්‍ය
දේශන, වෛද්‍ය පරික්ෂණ, ජල මුලාශ්රවල ජල සාම්පල් පරික්ෂාව වැනි සේවාවන් නොමිළේ මෙම
ප්‍රදර්ශනය තුල දී ලබා ගත හැක. ගිරාදුරුකෝට්ටේ වකුගඩු රෝගී ඒකකය ආරම්භකර වසර
10ක් පිරිම නිමිත්තෙන් මෙම වකුගඩු රෝගය පිළිබද ප්‍රදර්ශනය ගිරාදුරුකෝට්ටේදී
පැවැත්වීම තීරණය කල අතර සීකලාපයේ ජනතාව වකුගඩු රෝගය පිළිබද දැනුවත් කිරීම හා ඒ
සම්බන්දයෙන් ඇති පරික්ෂණ සදහා නොමිලේ පහසුකම් සැපයිම මෙම ප්‍රදර්ශනයේ අරමුන වී ඇත.ගිරාදුරුකෝට්ටේ දිශාරෝහලේ වකුගඩු ඒකකය හා ලියාපදිංචි
වකුගඩු රෝගින් ගේ ගණන 2600 මේ වන විට ඉක්මවා ගොස් ඇති අතර ඉන් 140ක් උග්‍රම රෝගී
තත්වයේ පසු වේ. සෑම වසරකම ගිරාදුරුකෝට්ටේ ප්‍ර දේශයේ 200-225 අතර ප්‍රමාණයක්
වකුගඩු රෝගින් ලෙස ගිරාදුරුකෝට්ටේ දිශාරෝහලේ වකුගඩු ඒකකය හා ලියාපදිංචි වේ.
වාර්ශිකව වකුගඩු රෝගී තත්වය හේතුවෙන් 150ක් පමණ මෙම ප්‍රදේශයේ මියයයි.ගිරාදුරුකෝට්ටේ දිශාරෝහලේ වකුගඩු ඒකකය, ජල සම්පාදන
මන්ඩලය, මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකය, පේරාදෙනිය විශ්ව විද්‍යාලය, ගිරාදුරුකෝට්ටේ
සෞඛ වෛද්‍ය නිළධාරි කාර්යාලය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, කෘශිකර්ම දෙපාර්ථමේන්තුව,
ආදිවාසී ජනතාව, සමාජසේවා දෙපාර්ථමේනතුව, මුලික රෝහල මහියංගන යන ආයතන සම්පත්
දායකයන් ලෙස මෙම ප්‍රධර්ශනය සදහා සහය ලබා දී තිබේ.ඌප පළාත් ආන්ඩුකාර සී නන්ද මැතිව් පහතාගේ ප්‍රධානත්වයෙන්
ප්‍රදර්ශනයෙ පළමු දින(05) ආරම්භ කෙරින. එම අවස්ථාවට ඌව පළාත් සෞඛ අමාත්‍ය ඒ එම්
බුද්දදාස මහතා, ඌව පළාත් කෘෂි කර්ම ඇමති
අනුර විදානගමගේ මහතා, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ
මහතා ඌව පළාත් සෞඛ ලේකම් සී අබන්වැල්ල මහත්මිය, මහියංගන ප්‍රාදේශිය ලේකම් සුනිල්
අබේකෝන් මහතා, රිදිමාලියද්ද ප්රාදේශය ලේකම් ආත්මා ඩි ජයරත්න මහත්මිය, ආදිවාසී
නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තෝ, ගිරාදුරුකෝට්ටේ දිශාරෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය
නිළධාරී ධම්මික ජයවර්ධන මහතා, ගිරාදුරුකෝට්ටේ දිශාරෝහලේ වකුගඩු ඒකකයේ වෛද්‍ය
ලිසාන්ත ගුණරත්න මහතා යන අය මෙම ප්‍රධර්ශන
ආරම්භක මොහොත සදහා සහභාගී වී සිටියා.
No comments:
Post a Comment