9/3/2013 11:55 PM
බදුල්ල දිස්ත්‍රික්
පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතා විසින් පාර්ලිමේනතුවේදී මහියංගන හා
රිදිමාලියද්ද ප්‍රදේශවල පවතින ජල ගැටලුව සම්බන්දයෙන් නිරන්තර කරන ලද හෙලිදරව්ව හා
ඉල්ලීමකට අනුව 2013-09-03 දින මහියංගන හා රිදිමාලියද්ද පවුල් 50000කට ජලය ලබාදීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරිම
සිදු කෙරින. ඒ සදහා රුපියල් කෝටි 300ක්
වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇත
ජල සම්පාදන ශේෂ්ත්රෙය් වසර
10-15 පසු ආරම්භකෙරෙන විශාලතම ව්‍යාපෘතිය මහියංගන ජලසම්පාදන ව්‍යාපෘතිය වන
අතර මෙම ව්‍යාපෘතිය මගින් මහියංගනය හා
රිදිමාලියද්ද ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශ වල මහියංගන නගරය, මහියංගන පුජානගරය, දම්බරාව, සොරබොර, වැව්ගම්පහ, දෙහිගොල්ල, අරාවත්ත, සගබෝපුර, වෙලම්පැලේ, කෙසෙල්පොත උතුර, කෙසෙල්පොත දකුණ, සේරාණ, සෙනෙවිගම, ඌව ගැමුණුපුර, ඌව තිස්සපුර, අභයපුර, දික්ඇන්දයාය යන ගම්මාන වල පවුල් 50000ක් ආවරණය
වන පරිදි පිරිසිදු පානිය ජලය මෙම ව්‍යාපෘතිය මගින් ලබාදීමට නියමිතයි. ජල
මුලාශුය ලෙස මහවැලි ගග යොදාගනිමින් ලංකා
ජන රජය සහ ඔස්ට්‍රියා රජයේ මුදල් ආධාර මගින් රුපියල් කෝටි 300ක් වියදම් කර වසර 2ක කාලයක් තුල ව්‍යාපෘතිය අවසන් කිරිමට
නියමිතයි. මෙම ව්‍යාපෘතිය මගින් මහියංගන ජල පවිත්‍රාගාරයේ ධාරිතාවය ඝණ මිටර්
6500කින් වැඩි කිරිමද සිදු කිරීමට හැකි වීම මහියංගන ජනතාව ලැබු බාග්‍යකි.
No comments:
Post a Comment