Monday, September 16, 2013

වන අලි එලවන්න ගිය 3කට අලියා පහර දී 3ක් රෝහලේ - ඒ අතර වනජිවි නිළධාරින් දෙකක්ද සිටී ගම්වාසී තරුණයෙකු වන සුනිල් විජේරත්න ගේ තත්වය බර පතල වීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට

9/16/2013 10:36 PM

මිනිමරු වන අලියකු  පන්නා දැමිමට ගම්වාසීන්ගේ සහය ඇතුව වනජිවි නිළධාරින් කටයුතු කිරිමට ගොස් සිටියදී මිනිපේ හසලක උල්පතගම ප්‍රදේශයේදී එම අලියාගේ ප්‍රහාරයට ලක් වී පුද්ගලයන් 3කට රෝහල් ගතවන්නට 15 දින රාත්‍රියේදි සිදු වී ඇත
මිනිපේ හසලක උල්පතගම දබේපිටිය ගම්මානයේ වයස 65ක් පමණ වන පුද්ගලයෙකු  15දින   උදැසන 6 පමණ පොළට විකිණිම සදහා එළවලු මල්ලක් හිස තබාගෙන රැගෙන යමින් සිටියදි ගම්මානයේ කුඩා මාර්ගයකදී වන අලියෙකුගේ ්‍රහාරයට ලක්වී මියගිය අතර කෝපයට පත් ජනතාව හසලක කොලොන්ගොඩ මාර්ගය හරස්කර 4වන මරණයක්  සිදු වීමට පෙර වන අලි පන්නා විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා විරෝධතාවයක නිරත විය. හසලක පොලිසිය මැදිහත් වී ගැටලුව විසදීම සදහා මිනිපේ ප්‍රාදේශිය ලේකම් සමන්ති නාගස්තැන්න මහත්මිය ගෙන්වු අතර එහිදී ඇය විසින් ජනතාව හට ප්‍රකාශකර සිටියේ දිනතුනක් ඇතුලත වනජිවි නිළධාරින් සමග සම්බන්ද වී ගැටලුවට විසදුම් ලබාදෙන බවයි.
එම දිනම සවස ක්‍රියාත්මක වු වන ජිවි නිළධාරින් ඊයේ රාත්‍රිෙය් (15දින) ගම්මානය සදහා පුර්ණ ආරක්ෂාව ලබාදී ඇති අතර සුපුරුදු පරිදි රාත්‍රි 12ට පමණ මිනිමරු අලියා ගම්මානයට පැමිණ ඇති අතර ගම්වාසීන්ගේ සහය ඇතුව වනජිවි නිළධාරින් මිනිමරු අලියා පන්නා දැමිමට කටයුතු කල අතර අලි වෙඩි ගසා මද දුරක් අලියා පන්නාගෙන යැමේදී අලියා ආපසු හැරී නිළධාරින් පසුපසු එලවා ඇත. වන ජිවි නිළධාරින් හා සහයට පැමිණි ගම්වාසින් ජිවිත ආරක්ෂාව සදහා දිවගොස් ඇති අතර දිව යන විට වන ජිවි නිළධාරින් දෙදෙනෙකු හා ගම්වාසියෙකු බිම ඇද වැටී ඇති අතර මිනිමරු වන අලියා පැමිණ සහයට පැමිණි ගම්වාසී තරුණයෙකු වන සුනිල් විජේරත්න (වයස 30) කකුලෙන් පාගා ඇත. තුවාල ලැබුවන් මහියංගන මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර ගම්වාසී තරුණයෙකු වන සුනිල් විජේරත්න ගේ තත්වය බර පතල වීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටී.
 තුවාල ලැබු වන ජිවි නිළධාරින් දෙදෙනා වන රංදෙනිගල වන ජිවි කාර්යාලයේ අඩවි සහකාර මංජුල ප්‍රදීප් මහතා හා ජේ එල් ප්‍රේමසිංහ යන මහත්න් මහියංගන මුලික රෝහලේ 08 වාට්ටුවේ නේවාසික ප්‍රතිකාර ලබන අතර ඔහුන්ගේ තත්වය බරපතල නොමැති අතර වැටිමේදී ඇති වු තුවාල හේතුවෙන් ප්‍රතිකාර ලබම්න් සිටි.

මේ වන විටත් මිනිමරු වන අලියා  හසලක උල්පතගම ප්‍ර දේශය අවට වන ලැහැබක සිටිම හේතුවෙන් ගම්වාසීන්ගේ ජිවිත වලට තර්ජනයක් වී ඇති බව එම ප්‍ර දේශයේ ගම්වාසින් පවසනවා.

No comments:

Post a Comment