අනුර විදානගමගේ මහතා මහියංගන ආසන
සංවිධායක දුරයෙන් ඉල්ලා අස්වීම වහා අස්කරගන්නා ලෙසත් බදුල්ල ප්‍රදේශයේ දේශපාන ප්‍රධාන
නායකයාගේ සහෝදරියවන මාලි ද සිල්වා මහත්මිය මහියංගන ආසනයේ වැඩ කටයුතු සහ සංවර්ධන කටයුතු සදහා ඇගිලි ගැසීම වහා නවතා දමන
ලෙස ඉල්ලා 11 දින උදැසන 10ට මහියංගන නගරය වටා පෙළපාලි යමින් විරෝධතාවය දැක්වු අතර
නගරයේ සියලු කාඩ සාප්පු වසා දමා කලු කොඩි දමා තිබුනි.
බදුල්ල ප්‍රදේශයේ දේශපාන ප්‍රධාන
නායකයාගේ සහෝදරියවන මාලිද සිල්වා මහත්මිය මහියංගන ආසනයේ වැඩ කටයුතු සහ සංවර්ධන කටයුතු සදහා ඇගිලි ගැසීම සහ ඔහුන්ගේ ක්‍රියාකාරකම්
හේතුවෙන් මහියංගන ප්‍රදේශයේ ශ්‍රිලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් හා ප්රාදේශය සභා
මන්ත්‍රීවරුන් භේද භින්න වන බවත් එසේ වැඩ කටයුතු සදහා ඇගිලි ගසන්නේනම් මාලි ද
සිල්වා මහත්මියටම මහියංගන ආසන සංවිධායක දුරය බාර දෙන ලෙස ඉල්ලා ශ්‍රිලංකා නිදහස්
පක්ෂ මහියංගන ආසන සංවිධායක හා ඌව පලාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ මහතා සිය
දුරයෙන් අස්වන බව දන්වන ලිපිය 10 දින ගිරාදුරුකෝට්ටේදී අමාත්‍ය නිමල් සිරිපාල ද
සිල්වා අමාත්‍යවරයා හට බාර දුන්නේය.
No comments:
Post a Comment