මිනිපේ පලුගොල්ල හා වේවරේ ගම්මාන සදහා සිදුවන වන අලි ගම්වැදීම වැලැක්වීම සදහා ඉදිකිරීමට අනුමැතිය ලැබු විදුලි වැට තවමත් ඉදි නොකිරීම හේතුවෙන් එම ගම්මානවල ජනතාව මහත් පීඩාවකට ලක්ව ඇතැයි පවසමින් මාර්තු 12 දින හසලක කාර්මික විද්යාලය ඉදිරිපිට හසලක කොලොන්ගොඩ මාර්ගය හරස්කරමින් මාර්ගයේ රථවාහන ගමනා ගමනය අඩාල කරමින් ජනතා විරෝදතාවයක් සංවිධානය කර තිබුනා.
2012-10-19 දින මහනුවර දිස්ත්රික් සම්බන්ධිකරණ කමිටුවේදී ගනු ලැබු තිරණයකට අනුව මිනිපේ පලුගොල්ල සිට කිඹුලාඇල දක්වා වැලි තොටුපොලවල් 7ක් සදහා ගේට්ටු 7ක් සහිතව ඉදිකිරිමට යෝජනාකල වන අලි ගම්වැදීම වලකන විදුලි වැට ඉදි කිරීම සදහා අනුමැතිය ලැබී ඇත. අනුමැතිය ලැබු මෙම ව්යාපෘතිය මෙතෙක් පටන් නොගැනීම හේතුවෙන් මිනිපේ පලුගොල්ල හා වේවරේ ගම්මාන ජනතාව නිරන්තරයෙන් අලින්ගෙන් සිදුවන පිඩා ඉහල යෑම
හේතුවෙන් විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කල බව ගම්වාසීන් පවසනවා. අලි වෙඩි ලබා
ගැනීම සදහා විශාල දුරක් මුදල් හා කාලය වියදම් කර පැමිනියද ලැබෙන්නේ අලි වෙඩි දෙකක්
බවත් ගම්මානයට අලියා ඇතුලු වන විටම එම අලි
වෙඩි දෙක පත්තු කල විට අලි පන්නා ගැනීමට නොහැකිව බොහෝ දුෂ්කරතාවයන්ට ලක්වන්නට
සිදුව ඇතැයි ගම්වාසින් චෝදනා කරති.
අවසානයේ මිනිපේ
සම්බන්ධිකරණ කමිටු රැස්වීම සදහා සහභාගී විමට පැමිණ සිටි මධ්‍යම පලාත් මහා අමාත්‍ය සරත්
ඒකනායක මහතා හා මිනිපේ ප්‍රාදේශිය සභාපති වසන්ත ජයසුන්දර මහතා විරෝදතා කරුවන් අතර
පැවත් සකච්ජාවේදී මාස 2ක් යන්නට පෙර මෙම විදුලි වැට ඉදිකර දෙන බවට අමාත්‍යතුමා
පොරොන්දු වීමෙන් පසු විරෝදතාවය අවසන් විය.
No comments:
Post a Comment