3/12/2013 6:53:53 PM
දඹාන ආදිවාසින් සදහා රජය විසින් ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘතිය මේවන විට අතර මැද නතර වී ඇති අතර නිවාස හදන්න ආදිවාසීන්ගේ කණ කර රත්‍රං ආභරණ උකසට තැබු ඒවා මේවන විට සින්නවීමට යන බව ආදිව...ාසී ජනතාව පවසනවා.
2012 ලෝක ආදිවාසී දින සැමරුම නිමිත්තෙන් දඹාන ආදිවාසී ගම්මානයේ පවුල් 25ක් සදහා නිවාස 25ක් සාදාදී මේ ව්‍යාපෘතිය 2012-08-09 මුල්ගල තබා ආරම්භ කල අතර අද වන විට රජයේ බොහෝ ව්‍යාපෘති වලට සිදුවන බාලගිරි දෝශය ට එයද ලක් වී පටන් ගත් තැනින්ම නතර වී ඇත.
සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් මෙම නිවාස 25 ව්‍යාපෘතිය රුපියල් ලක්ෂ 40ක මුදලක් නිවාස සංවර්ධන අධිකාරියට ලබාදී ඇති බවත් එම මුදල ආදිවාසින් සඳහා නොලැබීම මෙම ව්‍යාපෘතිය නතර වීමට ලක් වී ඇත. එක් නිවසකට රුපියල් ලක්ෂ 1.5 ක් අවස්ථා තුනකදී වාරික තුනකින් ලබා දීමට පොරොන්දු වී මුදල් ලබාදීමට නිවාස වැඩ ආරම්භ කරන ලෙස ආදිවාසින්ට දන්වා ඇත. එම හේතුවෙන් ආදිවාසීන් සිය සන්තකයේම ඇති කනකර රත්‍රං ආභරණ උකසට තබා නිවාස ඉදිකිරීම ආරම්භ කර ඇති අතර රජය විසින් මෙතෙක් ලබාදීමට පොරොන්දු වු මුදල් ලබා නොදීම හේතුවෙන් ආදිවාසීන් උකසට තැබු කනකර රත්‍රං ආභරණ සින්න වන්නට රතු නිවේදනද මේවන විට ලැබී ඇති බවට ආදිවාසි ගම්මානයේ ආදිවාසී පවුල් සාමාජිකයන් වේදනා මුසු ස්වරෑපයෙන් යුතුව ප්‍රකාශ කර සිටිනවා.
මේ සම්බන්දයෙන් ආදිවාසි නායක වන්නිලා ඇත්තෝ - මම මේ ගැන කථා නොකර හිටියා ගොඩ කාලයක්, මේ ප්‍රශ්නෙ හෙට හරියයි හෙට හරියයි කියලා බලාගෙන හිටියා එහෙම බලාගෙන ඉදලා වැඩක් උනේ නැති නිසා තමයි මේ ගැන කියන්ඩ කල්පනා කලේ. පසුගිය 2012 ලෝක ආදිවාසී දින සැමරුම නිමිත්තෙන් දඹාන හා දලුකාන ගම්මානයේ නිවාස 55ක් සදහා රුපියල් ලක්ෂ 40ක් ලබාදීලා දලුකානට නිවාස 30ක් දඹානට නිවාස 25ක් හදන්න වැඩ ආරම්භ කර. දඹානෙ නිවාස 25 හදන්න සංස්කෘතික කටයුතු ඇමතිතුමාම පැමිණ මුල් ගල තියලා වැඩ පටන් ගත්තා. 2013 ලෝක ආදිවාසී දින සැමරුමට මෙම නිවාස විවෘත කරන්න කඩිනමින් මෙම නිවාස හදන්න කියලා අපිට උපදෙස් දුන්නා ඒ සදහා මුදල් වාරික තුනකින් දෙනවා කියලා පොරොන්දු දුන්නා එදා. ඒ කථාව විස්වාස කරපු අපේ අය කනකර රත්‍රං ආභරණ උකසට තියලා ගෙවල් හදන්ඩ පටන් ගත්තා. ණය වෙලා ගත්ත මුදලට වැලි ගෙනාවා ගල් ගෙනාවා බවුන්ඩේශන් දැම්මා. ඒ අද වෙනකන් අර දෙනවා කිව්ව සල්ලි දිලා නැ අපේ අයට. මම බදුල්ලෙ නිවාස අධිකාරි කාර්යාලයට කථා කරාම කියනවා කොළඹින් අපිට මුදල් ලැබිලා නෑ ඒ හින්දා නායක තුමා කොළඹට කථා කරන්ඩ කියනවා. කොළඹ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට කථාකරාම කියනවා ලක්ෂ 40ක් නිවාස සංවර්ධන අමාත්‍යාංශයට දුන්නා කියනවා. එහාට කථාකරාම කියනවා මහාභාණ්ඩාගාරයේ සල්ලි නෑ කියනවා.
අපේ පවුල් වල මිනිස්සු බැංකු වලට ණයවෙලා ගොඩාක් මහන්සිවෙලා සල්ලි හොයාගෙන වැඩ පටන් ගත්තා. දැන් බැංකු වලින් මාවත් හොයාගෙන එනවා අපේ අය ගත්ත ණය මුදල් ගෙවලා නෑ කියලා. මේ රටේ ජනාධිපති තුමා හැම නිළධාරියෙකුටම කතා කරලා කියන්නේ පටන් ගන්න වැඩ ඇද ඇද ඉන්නෙ නැතුව දිගටම කරන්න කියලා. මේ වගේ සිද්දිත් එක්ක එතුමාගේ කථාව නිළධාරින් ඉටු කරනවාද කිවාලා සැකයක් තියෙනවා.

No comments:
Post a Comment