Friday, July 6, 2012

පාසල් ගුරුවරිය මරා දැමූ මිනිපේ චූදිතයාට මරණ දඬුවම

පාසල් ගුරුවරියගේ ගෙල සිරකර මරා දැමූ මිනිපේ චූදිතයාට මරණ දඬුවම

කෑගල්ල - එම්. බී. පහළවත්ත
වරකාපොළ මාහේනේ පදිංචිව සිටි ඉමාලි වික්රමසිංහ නමැති පාසල් ගුරුවරිය ගෙල සිරකර මරා දැමූ නඩුවේ චූදිතයාට කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විෙ-සුන්දර මෙනවිය විසින් ඊයේ (05 වැනි දින) කෑගල්ල මහාධිකරණයේදී මරණීය දණ්ඩනය නියම කරන ලදී.

2003
ජනවාරි මස 19 දා හෝ ඊට ආසන්න දිනයක ඉමාලි වික්රමසිංහ මහත්මියගේ ගෙල සිරකර මරණය සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටියේ මොරයාය මිනිපේ හසලක පදිංචි පතිරණ මුදියන්සේලාගේ මැදගෙදර නවරත්න බණ්ඩා නමැති අයෙකි.
මෙම චූදිතයාට විරුද්ධව වයස අවුරුදු හතළිහත් හැටත් අතර කාන්තාවන් නව දෙනකු මරා දැමීම සම්බන්ධයෙන් ගම්පහ කෑගල්ල, මහනුවර, බදුල්ල සහ අනුරාධපුර යන මහාධිකරණවල නඩු පවරා ඇතැයි පොලිස්පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

http://www.divaina.com/2012/07/06/news20.html

සඳකඩ පහණක්‌ විකිණීමට තැත් කළ ගිරාඳුරුකෝට්‌ටේ දෙදෙනා අත්අඩංගුවට


සීගිරිය - සරත් එරමිණිගම්මන ඡායාරූපය කරුණාරත්න ගමගේ
චන්ද් පාෂාණ සඳකඩ පහණක්රුපියල් ලක් 12 කට අලෙවි කිරීමට ගිය පුද්ගලයන් දෙදෙනකු උපාය දූතයින් යොදවා කළ වැටලීමකදී ඊයේ (05 දා) පස්වරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවෝ ගිරාඳුරුකෝට්ටේ පදිංචිකරුවෝ වෙති.
අත්අඩංගුවට ගත් මේ සඳකඩ පහන හිමි නමකට අලෙවි කිරීම සඳහා සැකකරුවන් දෙදෙනා ලග්ගල ලේල්ඔය ප්රදේශයට පැමිණ ඇත. පොලිසියට තොරතුරු ලැබී ඇති බව දැනගත් නියම ගැනුම්කරුවන් පැමිණ නොමැත. පොලිසිය සිවුරු දරාගත් උපාය දූතයකු ලෙස ගොස්සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් ලග්ගල සංචාරක අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ලග්ගල පොලිස්ස්ථානාධිපති නිශාන්ත කුමාර මහතාගේ උපදෙස්මත පරීක්ෂණ

Wednesday, July 4, 2012

වේලපු ගම්මිරිස් හොරකම් කර දෙදෙනෙක් පොලිසියට කොටු වෙයි

වේලපු ගම්මිරිස් හොරකම් කර දෙදෙනෙක් පොලිසියට කොටු වෙයි
රංජිත් කරුණාවීර - මහියංගනය      2012-06-18          11:55 ප.ව.

ගම්මිරිස් මිළදි ගැනිමේ මධ්‍යස්ථානයක් ආරම්භ කල මිනිපේ වේරගංතොට වී මෝල් හිමි කරුවෙකුගේ වී මෝලයේ තිබු ගම්මිරිස් කිලෝ160ක් සොරකම් කර දිගන ප්‍රදේශයේ වෙළෙද සැලකට රුපියල් හතලිස් දහසකට (40.000) විකිණු පුද්ගලයන් පස් දෙනෙක් සහ ගම්මිරිස් ප්‍රවාහනය සදහා යොදාගත් ත්‍රිරෝද රථ දෙකක් හසලක පොලිසිය විසින් 02 දින අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් පුද්ගලයන් මිනිපේ මොරයාය සහ වේරගංතොට ප්‍ර දේශයේ පදිංචි කරුවන් බව හසලක පොලිසිය පවසනවා.

පෝයට ගිනි වතුර විකුණා දෙදෙනෙක් සිරබත් කයි

පෝයට ගිනි වතුර විකුණා දෙදෙනෙක් සිරබත් කයි
රංජිත් කරුණාවීර - මහියංගනය      2012-06-18          11:35 ප.ව.

පෝය දින (ජුලි 05) මහියංගන නගරයේ හෝටලයක් තුල මත්පැන් විකිණු දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. මත්පැන් බෝතල් දෙකක් සමග හිස් මත්පැන් බෝතල් 100ක් ද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

බතලයාය මහවැලි ඉඩම් රාශියක් ගම්වාසින් සහ දේශපාලන හිතවතුන් විසින් අත්පත්කරගෙන

බතලයාය මහවැලි ඉඩම් රාශියක් ගම්වාසින් සහ දේශපාලන හිතවතුන් විසින් අත්පත්කරගෙන
රංජිත් කරුණාවීර - මහියංගනය      2012-07-04          11:15 ප.ව

මහියංගන බතලයාය ප්‍රදේශයේ මහවැලි ඉඩම් රාශියක් පසුගිය නිවාඩු දින කිහිපය තුල ගම්වාසින් සහ දේශපාලන හිතවතුන් විසින් අත්පත්කරගෙන නිවාස ඉදිකර මින් සිටින බවත්, ගිරාදුරුකෝට්ටේ පොලිසිය ඒ පිළිබද සොයා බැලු බවත්, එම ඉඩම් සදහා ඔහුන්ගේ අයිතිවාසිකම් ඇත්නම් සතියක් ඇතුලත ඉදිරිපත් කරන ලෙසත්, එසේ නොව්නහොත් මහවැලි ඉඩම් අනවසරෙන් අත්පත් කරගැනීම වෙනු වෙන් නීතිය ක්‍රියාත්මක කරන බව ගිරාදුරුකෝට්ටේ පොලිසිය පවසනවා.