Monday, February 8, 2016

තැපැල් කාර්යය මණ්ඩලයෙන් වයෝවෘද්ධ මව්වරු හා පියවරුන්ට සත්කාරයක්


2016-02-08 ප.ව. 7:54
මාපාකඩවැව තැපැල් කාර්යාලයෙන් මාසිකව මහජන ආධාර ලබන වයෝවෘද්ධ මව්වරු හා පියවරු 300කට වැඩි පිරිසකට අද (08) උදැසන මහජන අධාරය ලබාගන්නා මොහොතේදි අතුරුපසක් සමග උදැසන ආහාර වේලක් හා බුලත්විට හා සබන් ලබාදිමට තැපැල් කාර්යාලයේ ස්ථානාධිපති හා කාර්ය මණ්ඩලය කටයුතු කරනු ලැබිය.
මාපාකඩවැව තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපති එස් ජේ එම් චමින්ද පුෂ්පකුමාර මහතාගේ මැදිහත් වීමෙන් තැපැල් කාර්යාලයේ කාර්යය මණ්ඩලය එක්ව මෙම සත්කාරය සංවිධානය කර තිබුනි.
මහජන ආධාර ලබන වයෝවෘද්ධ මව්වරු හා පියවරු සදහා වර්ෂයේ සෑම මාසයක් සදහා මෙවැනි සංග්‍රහයක් ලබාදීමට ප්‍ර දේශයේ ධානපතියන් බාරගෙන ඇති අතර මේ මාසයේ (පෙබරවාරි) මෙම සත්කාරය සිදු කිරිමට කිසිවකු නොමැති වීමෙන් තැපැල් ස්ථානයේ කාර්යය මණ්ඩලය කඩිනම්න් එක්ව මෙම සත්කාරය සුදානම්කර මහජන ආධාර ලබන වයෝවෘද්ධ මව්වරු හා පියවරු වෙත ලබාදිමට කරටයුතු කරනු ලැබු අතර උදැසන සිට නිරාහාරව නිවෙස් වලින් පැමිණ සිටි පිරිසට එය මහත් සහනයක් වු බව වැඩිහිටි දෙමාපියන් ප්‍රකාශ කර සිටියේය.








Friday, February 5, 2016

ගංජා කිලෝවක් සමග සැකකරුවෙකු මහියංගනයේදි පොලිසියට මාට්ටු

2016-02-05 ප.ව. 12:46

තණමල්විල ප්‍ර දේශයේ සිට මහියංගනය දක්වා රැගෙන ආ ගංජා කිලෝ  01ක් සමග සැක කරුවෙකු මහියංගන, තලංගමුව, 3 කනුව ප්‍ර දේශයේදී ඊයේ (05) අලුයම මහියංගන පොලිස් නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස 20ක මහියංගන ප්‍ර දේශයේ පදිංචි කරුවෙකු වන අතර කාලයක් තිස්සේ ගංජා ජාවාරමේ නියුතු අයෙක් බවට පොලි විමර්ශණයේදි අණාවරණය වී ඇති අතර සැකකරු හා අත් අඩංගුවට ගත් ගංජා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර  මහතා දුෂණ මර්ධණ හා නඩු මෙහෙයුම්  අංශයේ ස්ථානාධිපති එම් බි ජි ජි සුදේශ් චතුරංග මහතා ප්‍රමුඛ  පො. කො 71610 දනුක, 75337 සදලාල් යන නිළධාරින් සිද්ධිය සම්බන්දයෙන් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.

Monday, February 1, 2016

ගමේ පොදු අවශ්‍යතාවයක් සම්පුර්ණ කිරිමට ව්‍යාපාරිකයාගෙන් අත්වැලක්

12:06 AM 2/1/2016
ගිරාදුරුකෝට්ටේ, හොබරියාව ජයන්තිපුර ගම්මානයේ වසර ගනනාවකි තිස්සේ අඩුපාවක්ව පැවති ප්‍රජශාලාවක අවශ්‍යතාවය සපුරාදීමට පසුගියදා මහියංගන ප්‍ර දේශයේ ව්‍යාපාරිකයෙක් කටයුතු කරනු ලැබිය

ඔහු නමින් නිශාන්ත මල්බැද්දගේ වන අතර ඒ මහතාගේ  පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ලක්ෂ 10කට ආසන්න  ප්‍රමානයක් වැය කර විදුලිය සහිත අංග සම්පුර්ණ ප්‍රජාශාලාවක් ඉදිකර ජනතා අයිතියට පත්කිරිම පසුගියදා කටයුතු කරනු ලැබිය.
වියෝ වු පියාණන් අනුස්මරණය කිරීම පිණිස මෙම ප්‍රජා ශාලාව ඉදිකර ජනතාවගේ සුභ සිද්ධිය සදහා ජනතා අයිතියට පත්කල මොහොතේ මහා සංඝරත්නය හා ගම්වාසින් විශාල පිරිසක් සහබාගිවී සිටියේය.









Sunday, January 31, 2016

මහියංගනයේ තේක්ක ජාවාරමක් පොලිසියට කොටුවේ

11:42 PM 1/31/2016
ලක්ෂ 06කට අධික වටිනාකමක් ඇති තේක්ක දැව තොගයක් පැටවු ලොරි රථයක් අත්අඩංගුවට ගැනිමට නව තානායම ප්‍ර දේශයේදි
බදුල්ල විශේෂ අපරාධ පොලිස් අංශයේ නිළධාරින් හට පෙරේදා පාන්දර (29) හැකියාව ලැබි ඇති අතර තේක්ක දැව කදන් උඩින්
වැලි පටවා සැක නොසිතන සේ  ප්‍රවාහනය කෙරේ.  එක් සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපක් කර ඇත.

හෝටල් කළමණාකරුවෙකු හා ව්‍යාපාරිකයෙකු මිට සම්බන්ද බවට තොරතුරු රැසක් අනාවරණය වී ඇති අතර  තේක්ක දැව පැටවු ලොරි රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන තිබේ.

Friday, January 29, 2016

ගොවියන්ට පොහොර ලබාදෙන ලෙස ඉල්ලා සමන්ත විද්‍යාරත්න පොහොර ගබඩාවට යන පාර හරස්කර බිම ඉදගනී- පොහොර ලබාදෙනතුරු නොනැගිටින බව කියති. බත් කන එව්න්ද දන්නේ නෑ මේ චක්‍ර ලේඛන ගහන්නේ???? විමසති


ගොවියන්ට පොහොර ලබාදෙන ලෙස ඉල්ලා සමන්ත විද්‍යාරත්න පොහොර ගබඩාවට යන පාර හරස්කර බිම ඉදගනී- පොහොර ලබාදෙනතුරු නොනැගිටින බව කියති. බත් කන එව්න්ද දන්නේ නෑ මේ චක්‍ර ලේඛන ගහන්නේ???? විමසති
මහියංගන හා රිදිමාලියද්ද ප්‍ර දේශවල දුප්පත් ගොවි පවුල් 5000ක් පමන පොහොර ලබාගැනිමට නොහැකිව කුඹුරු විනාශවෙමින් මහත් අපහසුතාවයකට පත්ව අති බව පවසමින් ගොවියන්ට පොහොර ලබාදෙන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුනේ සමන්ත විද්‍යාරත්න මහතා මහියංගන රජයේ පොහොර ගබඩාවට යන පාර හරස්කරමින් ගොවියන් සමග අද(29) උදැසන බිම ඉදගත්තේය. පොහොර ලබාදෙනතුරු නොනැගිටින බවද කිවේය.
මෙම පොහොර ගැටලුව සම්බන්දයෙන් සාකච්ඡාකිරිම සදහා ගොවිජනතාව සමග සමන්ත විද්‍යාරත්න මහතා මහියංගන ගොවිජනසේවා කාර්යාලයටද ඉන් අනතුරුව මහියංගන රජයේ පොහොර ගබඩාවට ගොස් එම නිළධාරින් සමග සාකච්ඡා කිරිමෙන් අනතුරුව ගබඩාව නිරික්ෂණය කෙරුනි. එහිදි ගබඩා පුරවා විශාල ප්‍රමාණයක් පොහොර තිබෙන බවත් එසේ තිබියදී, පොහොර සහනාදාරයත් නොලැබෙන බවත් , අඩුම තරමේ වෙළෙදසැල්වලින් මිළදි ගැනිමටත් නොහැකි වී ඇති බව කිවේය.
“ පාලකයො ගොවිජනතාවට පොහොර සහනාදාරය ලබාදුන්නේ රං රිදි බන්දේසිවල තියලා නෙවෙයි. ඒ වත් අපි ලබාගත්තේ මාරාන්තික උපවාස කරලා. ඒ 2004දි.
මේ ආන්ඩුව යහපාලන කියලා බෝඩ් එකක් ගහගත්තට ඒකෙ ඇති යහපත් කමක් නෑ. ඡන්දෙ දීපු අත්වල කරගැට මතුඋන වී ගොවියටත්, එළවලු ගොවියටත් දැන් ඒ පොහොර සහනාධාරය නෑ. දැන් ආන්ඩුව ඡන්දෙ දීපු ගොවි ජනතාවට දෙන සහනාධාර සියල්ල දැන් කපාගෙන යනවා. ඉස්සර දුන්න කූපන් පොත කැපුවා. ජනසවිය, සමෘර්ධිය, රෙදි සහනාධාරය කැපුවා, ඒවාට දැන් වව්චර් එවනවා... ඒ වගේ පොහොර සහනාධාරයටත් ශොට් එක දෙන්ඩ තමයි දැන් දගලන්නේ.
පොහොර අලෙවි නියෝජිතයො පොහොර අරන් ගිහින් බලාගෙන ඉන්නවා වැඩි මිළට විකුණන්න. දැන් ගොවියන්ට පොහොර නෑ. සමහර පොහොර අලෙවි නියෝජිතයො කැමැත්තෙන් බලාගෙන ඉන්නවා පොහොර විකුණන්න. ඒ දැන් පොහොර විකුණන්න බැරි චක්‍රෙල්ක ටිකක් ගහලා. බත් කන එව්න්ද දන්නේ නෑ මේ චක්‍ර ලේඛන ගහන්නේ. ගොවියට පොහොර ගන්නනම් ඉල්ලුම් පත්‍රයක් පුරවගෙන එන්න කියලා තියෙන්නේ. එක අත්සන් කරන්න ඕන හය හත්දෙනෙක්. ගොවිසංවිධාන සභාපති ලේකම්, කුපනිස මහත්තයා අත්සන් කරන්න ඕන. කෘෂි උපදේෂක, ගොවිජන සංවර්ධණ නිළධාරිවරයා අත්සන් කරන්න ඕන. ඊලගට දිස්ත්‍රික් පොහොර ලේකම් කාර්යාලයේ නිළධාරියෙක් අත්සන් කරන්න ඕන. ඊලගට දිස්ත්‍රික් ලේකම් අත්සන් කරන්ඩ ඕන. මේවා බත් කන එව්න් ගහන චක්‍ර ලේඛණද කියලා මම අහන්ඩ කැමති. මේවා අත්සන් කර කර යන කොට අත්සන් ටික ඊලග කන්නයටත් ගන්ඩ වෙන්නේ නෑ. මම මෙහෙ ඉන්න කෘෂි උපදේෂක මහත්තයාගෙන් ඇහුවා ෆෝම් කියක් අත්සන් කරන්න ඕනද කියලා. එයා කියනවා ෆෝම් 12000ක් අත්සන් කරන්න ඕන කියලා. ඒ මිනිහාට පත්තු බදින්න වෙනවා අත්වලට
දරුවාට කිරි ඕන වෙලාවට කිරි දෙන්න ඕන. දරුවාට කෑම දෙන්න ඕන වෙලාවට කෑම දෙන්න ඕන. පැලේටත් ඕන වෙලාවට පොහොර දෙන්න ඕන. ඇයි මේ පාලකයන්ට මේක තේරෙන්නේ නැත්තේ“ යැයි ප්‍රශ්න කර සිටියේය.
මාර්ග අවහිරකර විරෝධතා දැක්වීම වලක්වමින් මහියගංක මහේස්ත්‍රාත් අධිකරණයේ නියොගයක් ලබාගැනීමට මහියංගන පොලිසිය කටයුතු කර තිබු අතර “ යන හිරේක මමනේ යන්නේ...ගොවිජනතාව වෙනුවෙන් පොහොර ටික දෙන තුරු මම පොහොර ගබඩාවට එන පාරේ ගේට්ටුව ගාව බිම ඉද ගන්නවා..ඒකට කව්රුත් එකගද??? යැයි විමසා සමන්ත විද්‍යාරත්න මහතා ගොවි ජනතාව සමග බිම ඉද ගත්තේය. පැය කිහිපයක් රජයේ පොහොර ගබඩාවට යන මාර්ගය හරස් කරමින් පිරිස වාඩිවි සිටියේය.
බදුල්ල දිස්ත්‍රික් අතිරේක ලේකම් ගාමිනි මහින්දපාල මහතා විසින් පොහොර ගබඩාව වෙත ෆැක්ස් පතක් යොමු කරමින් “2016-01-05 දින සිට 2016-01-29 දින සිට අනෙකුත් බෝගවගාවන් සදහා සහනාධාර පොහොර නිකුත් කිරිම - හෙක්ටෙයාර් 2කට වඩා අඩු උවත් වී වගාව සදහා අවශ්‍ය අතිරේක පොහොර අවශ්‍යතාවය කෘෂිපර්යේෂණ, නිෂ්පාදන සහකාර, කෘෂිකර්ම උපදේශකගේ නිර්දේශ ලබාගෙන දිස්ත්‍රික් පොහොර කමිටුවේ ආවරණ අනුමැතියට යටත්ව අක්කරයට යුරියා කිලෝ 50ක් බැගින් පොහොර මිටි 2ක් ලබාදීමට කටයුතු කරනා බවත් ඒ සදහා සෙනසුරාදා හා ඉරිදා දින යන දින දෙක ගොවිජනසේවා කාර්යාල විවෘත කර තබන බව සදහන් ෆැක්ස්පත එවීමත් සමග ගොවිජනතාව හා සමන්ත විද්‍යාරත්න මහතාගේ විරෝධතාවය අවසන් විය.




Thursday, January 28, 2016

මහියංගනයේ නගරයේ වෙළෙදසැලක වෙළෙද සේවිකාවගෙන් භාණ්ඩ ඉල්ලා කැශියර් එකේ සල්ලිවලට විද්ද හොරා පැනලා යද්දි පොලිසියට මාට්ටු -


2016-01-28 ප.ව. 10:30
මහියංගන පදියතලා මාර්ගයේ ඇගලුම්කම්හල ආසන්නයේ වු ගෘහ භාණ්ඩ අළෙවිසැලකට පැමිණ තෑගි කිරිම සදහා ගෘහ භාණ්ඩයක් මිළදිගැනිමට පැමිණි පුද්ගලයෙකු වෙළෙද සේවිකාවගේ අවදානය වෙනතකට යොමුකර ලාච්වුවේ වු මුදල් සියල්ල සොරාගෙන කාර් එකකින් අද දහවල් (28) ඵලා ගොස් ඇත. 
මෙම සොරාගැනිම මාර්ගයේ නවතාතිබු ලොරි රථයක සිටි තරුණ රියදුරෙකු දැක ඇති අතර ඒ සම්බන්දයෙන් වෙළෙද සේවිකාව දැනුවත් කර පොලිසිය වෙත කඩිනමින් 119 මගින් දැනුම් දිමත් සමග ඵලා යමින් සිටි පුද්ගලයා හසලක පොලිස් මාර්ග බාදකයෙදී සොරකම සිදුවී විනාඩි 15ක් වැනි ඉතා කෙටි කාලයකදී අත් අඩංගුවට ගැනීමට හැකි වින.
අත් අඩංගුවට ගත් මෙම පුද්ගලයා සම්බන්දයෙන් මෙවැනිම සොරකම් රැසක තොරතුරු මේ වන විට හෙලිවී ඇති අතර හසලක ප්‍ර දේශයේ වෙළෙදසැල් කිහිපයකම මෙවැනි ආකාරයට සිදුකල සොරකම්වල තොරතුරු අනාවරණය වෙමින් පවති. සොරකම සදහා කොළඹ ප්‍ර දේශයෙන් නවීන පන්නයේ කාර් රථයක් කුලියට ලබාගෙන ඇත. ගෘහ භාණ්ඩ වෙළෙදසැලේ සොරගෙන ඇති මුදල 9600කි.
සිද්ධිය සම්බන්දයෙන් මහියංගන පොලිසිය හා හසලක පොලිසිය එක්ව පරික්ෂණ කටයුතු සිදු කෙරේ.
මාර්ගයේ නවතාතිබු ලොරි රථයක සිටි තරුණ රියදුරාගේ කඩිනම් ක්‍රියාකලාපය හේතුවෙන් සොරකම් රැසකට සම්බන්ද පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනිමට පොලිසියට හැකි වින.






දම්බරාවේදි යතුරුපැදියක් වැලි ටිපරයකට යටවේ - යතුරුපැදිකරු රෝහලේ


2016-01-28 ප.ව. 10:15

මහියංගනයේ සිට මහනුවර දෙසට වැලි ප්‍රවාහනය කරමින් තිබු වැලි ටිපර් රථයකට දම්බරාව පාසැල ආසන්නයේදී යතුරුපැදියක් ගැටි ටිපර් රථයේ රෝදයට යතුරුපැදිය හසුවීමෙන් රිය අනතුරුක් අද උදැසන (28) සිදුවිය.
යතරුපැදියේ ගමන් ගත් යතුරුපැදිකරු මෙම රියඅනතුරෙන් තුවාල ලබා ප්‍රතිකාර සදහා මහියංගන රෝහල වෙත ඇතුලත් කරනු ලැබීය.
අනතුරු සම්බන්දයෙන් මහියංගන පොලිසියේ රථවාහන අංශ නිළධාරින් පරික්ෂණ පවත්වති

Wednesday, January 27, 2016

අද (27) උදෑසන ගිරාදුරුකෝට්ට මාර්ගයේ සිදු වු රිය අනතුර - සොරබොර පාලම අසල

අද (27) උදෑසන ගිරාදුරුකෝට්ට මාර්ගයේ සිදු වු රිය අනතුර - සොරබොර පාලම අසල

Monday, January 25, 2016

දළඇතකු හා තවත් අලියකු විදුලි සැර වැදි මරුට


9:10 PM 1/25/2016
ගිරාදුරුකෝට්ටේ හෙබරව,වැලිමඩයාය ප්‍රදේශයේ කුඹුරක ඇද තිබු අනවසර විදුලි කම්බියක පැටලුනු දළ ඇතකු හා අලියකු අද (25)පාන්දර මියගොස් ඇත









දුරුතු පෝය අදයි. සම්බුදු හිමි පාදස්පර්ෂයෙන් පිවිතුරුවු මහියංගන පුදබිම සුදුවතින් බබලයි


1/23/2016 8:59 AM
ලක්වාසී බෞද්ධයින් මහත් හරසරින් සිහිපත් කරනු ලබන බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය අදයි (23). බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට  නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වාසී බොදුනුවන්ට වන්දනා කිරීම සඳහා කේශධාතු මිටක් ලබාදුන් බවත් එම ධාතු නිදන්කොට මහියංගන චෛත්‍ය ඉදිකළ බවත් ශාසන ඉතිහාසයේ සඳහන්ය. එහෙයින් මහියංගණ සෑය අද ද බෞද්ධයින්ගේ මහත් ගෞරවාදරයට පත් වූ ස්ථූපයකි.
දුරුතුපොහොය නිමිත්තෙන් ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ උදැසන සිට සවස්වන තුරු විශේෂ ධර්ම දේශනා, ධාන, සීල, භාවනා, කප්රුක් පුජා, බෝදිපුජා, කිරිආහාර පුජා යන විශේෂ වැඩසටහන් රාශියක් මහියංගන රජමහාවිහාරස්ථානයේ භාරකාර පුජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්කිත නාහිමියන්ගේ ප්‍රදානත්වයෙන් සංවිධානය කර ඇත. පෙහෙවස් සමාදන් වීම සදහා උවැස උවැසියන් විශාල පිරිසක් මහියංගන රජමහා විහාරස්ථානය වෙත පැමිණ සිටිනු දක්නට ලැබින.
ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වූ සමයෙහි අප රටේ වාසය කළේ යක්ෂ, නාග, දේව ගෝත්‍රිකයන් ය. ඌව පළාතේ පිහිටි මහියංගණය අවට යක්ෂ ගෝත්‍රිකයන්ද, කැලණි ගඟ ආශි‍්‍රතව නාග ගෝත්‍රිකයන්ද, කඳුකර ප්‍රදේශයේ දේව ගෝත්‍රිකයන්ද විසූ බව ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙයි. එසමයෙහි මහියංගණයේ වාසය කළ යක්ෂ ගෝත්‍රිකයන් පිරිසක් මිනිබේ ( අදමිනිපේ) ජනපදයේ මහානාග නම් වූ උයනට රැස්ව දෙපිරිසකට බෙදී මහා සටනකට සැරැසුණු අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ එය නුවණින් දැක සිදුවන්නට යන මහා ජීවිත විනාශය වළකනු වස් ඍද්ධියෙන් ඒ ස්ථානයට වැඩම කළ සේක. ඒ වන විට උන්වහන්සේ වැඩ සිටියේ දඹදිව උරුවෙල්දනව්වේය. එදා බුද්ධත්වයෙන් නව වන මස එළැඹි දුරුතු පසළොස්වක පෝය උදාවී තිබිණි.
අහසෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ පත්කඩය එළා බිම වාඩිවීමට යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් අවසර ඉල්ලී ය. ඔවුන්ගේ අවසරය මත පත්කඩය එළා වාඩි වී ඍද්ධි ප්‍රාතිහාර්ය පෑ සේක. බියට පත් එම යුද්ධාභිමුඛ මහ දෙපිරිස ඈතට පලා ගිය හ. යුද්ධය නවතා සන්සුන් වූ පිරිසට බුදුහිමියෝ දහම් දෙසූහ. අද අපට දක්නට ලැබෙන මහියංගණ මහ සෑය පිහිටුවා ඇත්තේ එම ස්ථානයේ යැයි එදා සිට ප්‍රචලිතය. මෙම අවස්ථාවේ ධර්ම ශ්‍රවණයට සුමන සමන් දිව්‍ය රාජයා ප්‍රධාන දිව්‍ය සමූහයාද රැස්ව සිටියහ. දහම් අසා සෝවාන් ඵලයට සපැමිණි සුමන සමන් දිව්‍ය රාජයා වැඳුම් පිදුම් කරන්නට බුදුහිමිගෙන් පූජනීය වස්තුවක් ඉල්ලා සිටියේය. බුදුහිමියෝ හිස පිරි මැද කේශ ධාතු මිටක් සුමන සමන් දිව්‍ය රාජයන් අත තැබූහ. ඔහු එය රන් කරඬුවක බහා එතැන සත් රියන් උස ඉඳුනිල් මිණි වෙහෙරක් ඉදි කළ බව පැවැසේ. බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ පසු ඉදිකළ ප්‍රථම ස්තූපය වන්නේ මහියංගණ මහා සෑයයි. අද එය පඨමක චෛත්‍ය මියුගුණ සෑය, මහියංගණ මහා සෑය යන නම් වලින් හැඳින්වෙයි.







Monday, January 11, 2016

අස්ගිරිනායක හිමියන්ගේ 95 වන ඡන්ම දිනයට ගැබිනි මව්වරු 70කට වියලි ආහාර සලාක, උපකරණ බෙදාදේ.


1/11/2016 3:36 PM
මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක ශ්‍රී භයගිරි විජයසුන්දරාරාම මහා විහාරද්වයාධිපති ශාසන සෝබන ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්තදස්සී අස්ගිරි පාර්ශ්‍යවයේ විසි එක්වැනි මහා නායක හිමිපාණන්ගේ 95වන ජන්මදිනය අදට(11) යෙදී ඇත.
උන්වහන්සේ උදෙසා මහියංගන රජමහා විහාරයේදී මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා අශ්ටපරිශ්කාර පුජාකර දීර්ඝායුෂ ප්‍රාර්ථනා කලේය.‍
ඒ නිමිත්තෙන් මහියංගන රජමහා විහාර භාරකාර පුජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්කිත නාහිමියන්ගේ සංවිධානයෙන් හා මධ්‍යම පළාත් මහා අමාත්‍ය සරත් ඒකනායක මහතා සහ කතරගම බස්නායක නිළමේ තැන්පත් ඩි.පී. කුමාරගේ මහතාගේ ගැබිනි කාන්තාවන් 70ක් සදහා වියලි ආහාර සලාක හා ගැබින් කාන්තාවන් සදහා අවශ්‍ය භාන්ඩ පරිත්‍යාගයක් මහියංගන රජමහා විහාරස්ථානයේදී සිදු කෙරිනි. මෙම අවස්ථාව සදහා අස්ගිරිපාරි නායක හිමියන්ද වැඩම කර සිටියහ.

මධ්‍යම පළාත් මහා අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ අදහසකට අනුව කතරගම පෙරහැර සදහා සහබාගිවන හා දැනට රෝගාතුරව සිටින    වයස්ගසතම ආදිවාසියා වන උනෑපාන වරිගයේ බන්ඩිලා ඇත්තන් සදහා සහ කතරගම බස්නායක නිළමේ තැන්පත් ඩි.පී. කුමාරගේ මහතාගේ මැදිහත්වීමෙන් විශාම වැටුපක් ප්‍රධානය කිරිම මෙහිදි සිදු කෙරුන අතර අස්ගිරිපාරි නායක හිමියන්ගේ සුරතින් එය ප්‍රධානය කිරිම මෙහිදි සිදු කෙරින.
මෙහිදී සහ කතරගම බස්නායක නිළමේ විසින් අස්ගිරි මහා විහාරස්තානයට හා මහියංගන රජමහා විහාරයට පිත්තල පහන් පුජාකිරිමද සිදු කෙරිනි.