Monday, March 11, 2013

බදුල්ලේ මාලිට මහියංගනයේ විරෝධය

https://www.youtube.com/watch?v=GjwAbwx1mDY&feature=youtu.be


අනුර විදානගමගේ මහතා මහියංගන ආසන සංවිධායක දුරයෙන් ඉල්ලා අස්වීම වහා අස්කරගන්නා ලෙසත් බදුල්ල ප්‍රදේශයේ දේශපාන ප්‍රධාන නායකයාගේ සහෝදරියවන මාලි ද සිල්වා මහත්මිය මහියංගන ආසනයේ වැඩ කටයුතු සහ  සංවර්ධන කටයුතු සදහා ඇගිලි ගැසීම වහා නවතා දමන ලෙස ඉල්ලා 11 දින උදැසන 10ට මහියංගන නගරය වටා පෙළපාලි යමින් විරෝධතාවය දැක්වු අතර නගරයේ සියලු කාඩ සාප්පු වසා දමා කලු කොඩි දමා තිබුනි.

 

බදුල්ල ප්‍රදේශයේ දේශපාන ප්‍රධාන නායකයාගේ සහෝදරියවන මාලිද සිල්වා මහත්මිය මහියංගන ආසනයේ වැඩ කටයුතු සහ  සංවර්ධන කටයුතු සදහා ඇගිලි ගැසීම සහ ඔහුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් මහියංගන ප්‍රදේශයේ ශ්‍රිලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් හා ප්‍රාදේශය සභා මන්ත්‍රීවරුන් භේද භින්න වන බවත් එසේ වැඩ කටයුතු සදහා ඇගිලි ගසන්නේනම් මාලි ද සිල්වා මහත්මියටම මහියංගන ආසන සංවිධායක දුරය බාර දෙන ලෙස ඉල්ලා ශ්‍රිලංකා නිදහස් පක්ෂ මහියංගන ආසන සංවිධායක හා ඌව පලාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ මහතා සිය දුරයෙන් අස්වන බව දන්වන ලිපිය 10 දින ගිරාදුරුකෝට්ටේදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා හට බාර දුන්නේය.

මහියංගන සංවිධායක අස්ෙවයි


අනුර අස්ෙවයි


Saturday, March 9, 2013

ආරක්ෂක අංශයේ දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් හමු වේ

2013-03-09 ප.ව. 10:52

මහියංගන ගිරාදුරුකෝට්ටේ මාර්ගයේ 3 කණුව හද්දත්තාව අංක 55 නිවසේ අද සවස ( 2.30ට පමණ) මිය ගිය සිරුරු දෙකක් හමු වු අතර එක් පුද්ගලයෙකු ශ්‍රී ලංකා පොලිසියේ පදියතලාව සේවයේ නියුතු ...අයෙක් වන අතර අනෙක් තරුණයා හමුදා පුහුණුව ලබා පුහුණුව නිම කර (පාස් අවුට්) නැවත සේවයට වාර්තා කිරීම සඳහා නිවාඩු පැමිණි අයෙකි.
අංක 55 නිවස ඊ.එම්. නන්දපාල( වයස 46) පොලිස් නිලධාරියාගේ නිවස වන අතර බිරිඳ ගිරාදුරුකෝට්ටේ රෝහලේ සේවය කරන්නියෙකි. මෙම පොලිස් නිලධාරියා ඔහුගේ නිවසේ කාමරයක ලණුවකින් එල්ලී මැරි සිට හමු වු අතර ඔහු තිදරු පියෙකි. (දුවරු 02, පුතයි)
එම නිවසේම වෙනත් කාමරයක ඇදක් මත නිරුවත් මුනින් අතට හැරී සිටි තරුණ මළ සිරුරක් හමු වු අතර එම පුද්ගලයා වයස 21ක පුද්ගලයෙක් වන අතර ඔහු අංක 64, ජයන්තිපුර, හොබරියාව යන ලිපිනයෙ පදිංචි චමත් ප්‍රියශාන්ත ලෙස හදුනාගෙන ඇත. ඔහු අනුරාධපුර යුද හමුදා කදවුරේ පුහුණුව අවසන් කර නැවත සේවයට වාර්තා කිරීම සඳහා නිවාඩු පැමිණි අයෙකි.
මෙම මරණ කෙසේ සිදුවීද යන්න හා කුමණ හේතුයක් මත සිදු වීද යන්න පිළිබද අනාවරණය කරගෙන නොමැති අතර මෙම දෙදෙනා කලක පටන් සමලිංගික සේවනයට ඇබ්බැහි වුවන් ලෙස ගම්වාසීන් හදුනාගෙන ඇතැයිද ඒ සම්බන්දයෙන් විවිධ ආකාරයේ කට කථා ප්‍ර දේශය පුරා පැතිර යමින් පවති.
මහියංගන පොලිස්ථානාධිපති එස්. බී වික්‍රමසිංහ මහතා හා බදුල්ල සහකාර පොලිස් අධිකාරී සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිළධාරීන් පරික්ෂණ කරමින් සිටී.

Friday, March 8, 2013

විදුහල්පතිවරයාගේ දඩුවමට දෙමාපියන්ගේ විරෝධය

2013-03-06 ප.ව. 11:57

මහියංගන කුරුවිතැන්න මහා විද්‍යාලයේ විදුහල්පති සිසුවකුට ලබාදුන් දඩුවමින් සිසුවා රෝහල් ගතකිරීමට සිදු වීම සම්බන්දයෙන් ඊට විරෝධය පා දෙමාපියන් පිරිසක් 2013-03-06 දින උදැසන පාසල අභියස විරෝධතාවයක නිරත විය.
මහියංගන පොලිසිය මගින් 2013-03-05 දින විදුයල්පතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප පිට නිදහස් විය.

විදුහල්පතිවරයෙකුගේ... දඩුවමින් සිසුවා මහියංගන රෝහලට ඇතුලත් කර දින 3ක් නේවාසිකව ප්‍රතිකාර ලැබීමට සිදුවිය. දඩුවමින් සිසුවාගේ කණ අභ්‍යන්තරයේ තුවාල ලබා ඇත.

මහියංගන කුරුවිතැන්න මහා විද්‍යාලයේ විදුහල්පති විසින් 11 වසරෙහි ඉගෙනුම ලබන සිදුන් පස්දෙනෙකු හට පන්ති කට්කිරීම සම්බන්දයෙන් දඩුවම් ලබාදී ඇති අතර ඉන් එක් සිසුවෙකු ගේ කණට ගැසු පහරින් කණ ඇසිමේ දුර්වලතාවයක් ඇතිවී ඇත. එම හේතුවෙන් දෙමාපියන් විසින් සිසුවා සිකුරාදා (01 දින) මහියංගන මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර දින 3ක් නේවාසික ප්‍රතිකාර ලබා රෝහලෙන් නික්ම ගොස් ඇත. ජනක ප්‍රියන්ත කුමාර සිසුවා වාඩියගම කුරුවිතැන්න යන ලිපිනයේ පදිංචි අයෙකි.

විදුහල්පති ඉවත් කරන ලෙස ඉල්ලා දෙමාපියන් විරෝධයක

2013-03-06 ප.ව. 11:38

මහියංගන අධ්‍යාපන කලාපයේ ගිරාදුරුකෝට්ටේ ගින්නෝරුව විද්‍යාලයේ විදුහල්පති ඉවත් කර වෙනත් සුදුදුකම් ලත් විදුහල්පති කෙනෙකු පත්කර දෙන ලෙස ඉල්ලමින් 2013 මාර්තු මස 5 වැනිදා විදුහල ඉදිරිපිට දෙමාපියන් විරෝධතාවයක නිරත විය.

විදුහල්පතිතුමාගේ පරිපාලනමය ගැටලු හා පාසලේ විනය විරෝදී ක්‍රියා සම්බන්දයෙන් ක්‍රියා නොකීරිම හා තනතුර සදහා අඩුම සුදුසුකම්... ලත් පුද්ගලයෙකු පත් කර ඇතැයි දෙමාපියන් විසින් විදුහල්පතිට විරුද්දව චෝදන කරන ලදී. මීට පෙර විදුහල්පතිට විරුද්දව අධ්‍යාපන බලධාරින් දැනුවත් කර තිබුනද ඔහුන් ඒ පිළිබද සොයා බලා නැතිබවට දෙමාපියන් චෝදනා කලා.

ගිරාදුරුකෝට්ටේ පොලිස් සථානාධිපතා මොහාන්ද සිල්වා මහතා පැමිණ සතියක් ඇතුලත බළධාරින් සමග සාකච්වා කර විසදුම් ලබාදීමට කටයුතු කරන බවට පොරොන්දු වීමෙන් පසු විරෝධතාවය නිමවිය.

විදුහල්පතිනියට විරුද්දව පෝස්ටර් පෙලක් මාර්ගය දෙපස හා පාසලේ

2013-03-05 ප.ව. 10:48

මහියංගන මාපාකඩවැව 20 කණූව ප්‍ර දේශයේ මාර්ගය දෙපස යම් යම් ස්ථාන වල එම ප්‍ර දේශයේ පාසලක් සම්බන්දයෙන් පෝස්ටර් පෙලක් ගසා තිබෙනු දැකගත හැකි විය.
සේනානිගම කණිෂ්ඨ විද්‍යාල භුමියේ ක්‍රිඩා කල ගමේ තරුණ පිරිසක් සම්බන්දයෙන් මහියංගන පොලිසියේ විදුහල්පතිනිය පැමිණිලි කර තිබෙන අතර ඒ සම්බන්දයෙන් ගමේ තරුණ පිරිසගේ අප්‍රසාදය ඵල කිරිම ස...දහා මෙම පෝස්ටර් ගසන්නට ඇතැයි සිතිය හැක. මෙම පාසලේ දරුයන් 11ක් ශිල්ප හදාරන අතර ගුරුවරු 6ක් ඉගැන්වීම් කටයුතුවල නියැලෙමින් සිටී. සුදුසුකම් නොලත් විදුහල්පතිනියක් සිටින බවත් බදුල්ල ප්‍ර දේශයේ දේශපාලන නායකයෙකුගේ හයියෙන් තාමත් එම නිළයේ රැදී සිටිමින් විදුහල්පති සේවයේ යෙදෙන බවට මාපාකඩවැව 20 කණූව ගම්වාසීන් හා තරුණ පිරිස පවසනවා. පෙර සිටි විදුහල්පති සිටියදී පාසලේ ළමුන් 200 පමණ සිටිබවත් දැන් එය 11ට බැස ඇතැයි ගම්වාසීන් චෝදනා කරති.See More
 

බසය පාරෙන් පිටට පැන - 7ක් රෝහලට යවයි


2013-03-05 ප.ව. 10:27

මහියංගන ගැමුණුපුර ඇගලුම් ආයතනය වෙත 13 මාර්තු. මස 5 වැනිදා උදෑසන පිරිස රැගෙන එමින් සිටි බස් රථයක් පාරෙන් ඉවතට පැනීම හේතුවෙන් එහි ගමන් ගත් ඇගලුම්කම්හලේ සේවිකාවන් 7ක් සුලු තුවාල ලබා මහියංගන මුලික රෝහලට ඇතුල් කල අතර ඉන් දෙදෙනෙකු භර්බනි කාන්තාවන් වේ.

පලාත් අැමති මැදිහත් වීෙමන් විෙරා්ධතාවය නයතී


ගුරු හිඟයට විසඳුම් ඉල්ලා - හඳුන්ගමුව විදුහලේ සිසු උපවාස


 මාතලේ - විශේෂ නිමල් ගුණතිලක

ගුරු හිඟයට කඩිනමින් විසඳුමක්‌ ඉල්ලා ලග්ගල හඳුන්ගමුව විද්‍යාලයේ සිසුහු ඊයේ (04 දා) විද්‍යාලය ඉදිරිපිට සාමකාමී උපවාසයක්‌ ආරම්භ කළහ.

විද්‍යාලයේ පවතින උග්‍ර ගුරු හිඟයට විසඳුමක්‌ ඉල්ලමින් පසුගිය මාසයක්‌ පුරා සිසුන් පන්ති වර්ජනය කරමින් සාමකාමී උද්ඝෝෂණ කළත් අධ්‍යාපන බලධාරීන් විසඳුමක්‌ නොදී විදුහල්පතිවරයා උප ගුරුවරයකු ලෙස...ට වෙනත් පාසලකට අනුයුක්‌ත කර ඇතැයි ඔවුහු චෝදනා කරති.

ගුරු හිඟයට සාධාරණ විසඳුමක්‌ හා හිටපු විදුහල්පතිවරයා නැවත ලබාදෙන ලෙස ඉල්ලා දිගටම උපවාසයේ යෙදෙන බව එම සිසුහු පවසති. විද්‍යාලයේ සිසුන් 800 ක්‌ පමණ අධ්‍යාපනය ලබන අතර උපවාසයට සිසුහු 25 ක්‌ පමණ එක්‌වී සිටිති. සිසුහු 400 ක්‌ පමණ පන්තිවලින් බැහැරවී සිටින බවද කියති.

මේ පිළිබඳ පාසල් ශිෂ්‍යයකුගේ පියකු වන ඒ. එම්. ආනන්ද අබේකෝන් මහතා සඳහන් කළේ මේ විද්‍යාලයේ තත්ත්වය පිළිබඳව අධ්‍යාපන බලධාරීන් දැනුවත් කළත් අද වන තුරුත් සාධාරණ තීරණයක්‌ ලබාදී නැති බවයි.

තම දරුවන්ගේ අවශ්‍යතාවට පිළියම් නොයොදා විදුහල්පතිවරයා මාරුකර වැඩ බලන විදුහල්පතිවරයකු පත් කිරීමෙන් පසුව සිසුන්ගේ අධ්‍යාපනයට තර්ජනය කිරීම් උග්‍ර වී ඇති බවද හෙතෙම පැවසීය.

විද්‍යාව, ගණිතය, සෞන්දර්ය, තාක්‍ෂණය, ප්‍රාථමික ඇතුළු විෂයන් කීපයකට පවතින ගුරු හිඟය 12 ක්‌ පමණ වේ.

මේ පිළිබඳව විමසීමට විල්ගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ හැරිස්‌ අලගොඩ මහතා රාජකාරියක්‌ සඳහා පිටව ගොස්‌ ඇති බව වෙනත් නිලධාරියෙක්‌ පවසා සිටියේය.

බීමට ගත් අරක්කු බෝතලයේ මැරිච්ච කූබි - රොඩු පිරිලා - බොන්ඩ ගියාම තරු පෙනිලා




3/3/2013 10:43 PM
මහියංගන නගරයේ තරුණයන් පිරිසක් පානය කිරීම සදහා මිළදී ගන්නා ලද අතිවිශේෂ අරක්කු බෝතලය පානය කිරිමට සැරසුන මොහොතේදී බෝතලය තුල මියගිය මදුරු කීට ශරීරයක් හ...ා මියගිය කුබියන් ගේ දේහයන් හා රොඩු කැබලි තිබෙන බව දැක ඇත.
මේ සම්බන්දයෙන් බෝතලය මිළදී ගත් බාර් එකට දැනුම් දුන් විට කියා ඇත්තේ මේ සම්බන්දයෙන් වගකීම ඔහුන්ට ගත නොහැකි බවටත් බෝතල් ඇසිරීම සිදු කරන්නේ අදාල සමාගම විසින් නිසා වරදක් සිදුවී ඇත්නම් එහි වගකීම අදාල සමාගම විසින් දැරිය යුතු බව තරුණයන්ට දන්වා ඇත.
මෙවැනි සිදු වීම් මින් ඉදිරියට වීම නවතා දෙන ලෙසටත් රාත්‍රියේදී මෙම බෝතලය පාවිච්චි කලේ නම් කිසිවෙකු හට මෙම අප ද්‍රව්‍යා නොපෙනෙන බව තරුණයන් ප්‍රකාශ කර සිටියා.

විදුහල්පතිවරයෙකුගේ දඩුවමින් සිසුවා මහියංගන රෝහලට

2013-03-03
 විදුහල්පතිවරයෙකුගේ දඩුවමින් සිසුවා මහියංගන රෝහලට ඇතුලත් කර දින 3ක් නේවාසිකව ප්‍රතිකාර ලැබීමට සිදුව ඇති සිදු වීමක් මහියංගන කුරුවිතැන්න ප්‍ර දේශයෙන් වාර්තා වෙනවා. සිසුවාට ලබාදුන් දඩුවමින් සිසු...වාගේ කණ අභ්‍යන්තරයේ තුවාල ලබා ඇතිබවට මහියංගන රෝහල් ආරන්චි මාර්ග සදහන් කරනවා.
මහියංගන කුරුවිතැන්න මහා විද්‍යාලයේ විදුහල්පති විසින් 11 වසරෙහි ඉගෙනුම ලබන සිදුන් පස්දෙනෙකු හට පන්ති කට්කිරීම සම්බන්දයෙන් දඩුවම් ලබාදී ඇති අතර ඉන් එක් සිසුවෙකු ගේ කණට ගැසු පහරින් කණ ඇසිමේ දුර්වලතාවයක් ඇතිවී ඇත. එම හේතුවෙන් දෙමාපියන් විසින් සිසුවා සිකුරාදා (01 දින) සිට මහියංගන මුලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන ජනක ප්‍රියන්ත කුමාර සිසුවා වාඩියගම කුරුවිතැන්න යන ලිපිනයේ පදිංචි අයෙකි.
මෙම සිදුවීම සම්බන්දයෙන් සිසුවගේ පියා විසින් මහියංගන පොලිසියේ පැමිණිලිකර ඇතිබවත් 3 දින වන තෙක් නිතිය ක්‍රියාත්මක වී නොමැති බවට සිසුවාගේ පියා වන කේ එම් පුංචි බංණ්ඩා (42) මහතා වෝදනා කරති. මහියංගන පොලිසිය සිද්දිය සම්බන්දයෙන් ප්‍රකාශ සටහන් කරගෙන ගොස් ඇත.

Tuesday, March 5, 2013

චීන සමාගම හිග මුදල් ගෙවන්ඩ එකග වෙයි - ඇමති මැදිහත් වී ගැටලුව විසදයි.

මහියංගන සොරබොර වැව පාරේ පිහිටි මාර්ග සංවර්ධනය සිදු කරනා චීන සමාගමක ප්‍රධාන කාර්යාල භූමිය තුල සදහා දින දෙකක් තිස්සේ සේවය සැපයිමෙන් වැලකි තමන්හට ගෙවීමට ඇති මුදල් ඉල්ලා සිටි... වාහන හිමියන් 45කගේ විරෝදය ප්‍රදේශයේ ඇමති මැදිහත් වීමෙන් 03 දින උදැසන අවසන් විය.
ඌව පලාත් සභා අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ මහියංගන ආසන සංවිධායක අනුර විදානගමගේ අමාත්‍යාවරයා සොරබොර වැව පාරේ චීන සමාගමේ ප්‍රධාන කාර්යාල භූමියට පැමිණ චීන සමාගමේ ප්‍රධානින් සමග දුරකතනයෙන් පැවැත් වු සංවාදයකින් පසුව හිග වැටුප් ගෙමීමට එකග කරවා ගැනීමෙන් පසු දින දෙකක තිස්සේ පවත්වාගෙන ගිය වාහන හිමියන්ගේ විරෝදතාවය අවසන් විය. ගෙවීමට ඇති මාස 4ක හිග මුදල් මේ මස 10 වන දින ගෙවීමටත් තවත් මසක හිග මුදල් 16 දින ගෙවීමට පොරොන්දු විය.
මහියංගන පදියතාලා මාර්ග සංවර්ධනය සිදු කරනා චීන සමාගමේ කුලිපදනම මත සේවය සදහා බදවාගෙන ඇති වාහන හිමියන් 45 ක් සදහා මාස 4 ක් සදහා මුදල් නොගෙවීම හේතුවෙන් වාහන සේවයෙන් බැහැර වී 01දින සිට 02 දින දක්වා මුදල් ලැබෙන තුරු වාහන හිමියන් 45ක් මහියංගන සොරබොර වැව පාරේ අදාල චීන සමාගමේ ප්‍රධාන කාර්යාල භූමිය තුල විරෝදතාවයක නිරතව සිටීයා.
චීන සමාගම නිතිඥයකු ගෙන්වා විරෝධතාවයේ යෙදී සිටින වාහන හිමියන් නිතිමය තත්වය පෙන්වා දෙමින් බිය ගැන්වු අතර විරෝධතාවය හේතුවෙන් චීන සමාගමය සිදුවන පාඩුව වාහන හිමියන් ගෙවීමට සිදුවෙතැයි පැවසිය. නිතිඥවරයාගේ අදහසට හා පැමිනීමට වාහන හිමියන් විරෝධය පැ අතර ඔහුට දොස් පවරන විට පැමිණි වාහනයෙන් එම ස්ථානයෙන් බැහැරව ගියේය.




සියලු වාහන හිමියන් එක් එක් අයකු සදහා රුපියල් ලක්ෂ 2කට වැඩි මුදල් ලබාගැනීමට ඇති අතර සමහර වාහන හිමියන් හට ලක්ෂ 27කට වැඩි මුදලක් ලබාගැනීමට ඇති බව වාහන හිමියන් පවසනව‍ා. මේ අනුව රුපියල් කෝටියකට ආසන්න මුදලක් චීන සමාගම විසින් වාහන හිමියන් හට ගෙවීමට ඇති බව වාහන හිමියන් පවසනව‍ා.
චීන සමාගමේ මහියංගන පදියතාලා මාර්ග සංවර්ධන කටයුතු දැන් 99% ම නිමවී ඇති නිසා ගෙවීමට ඇති මෙම මුදල් නොගෙවා චීන සමාගම ඉවත්ව යනු ඇතැයි වාහන හිමියන් බිය ඵල කර සිටී. වගකිවයුතු කාර්යයාලීය චීන නිළධාරින් 01දිනම රාත්‍රියේ සිය ගමන්මලු සමග තාප්පවලින් පැනගිය බව සියැසින් දුටුබව වාහන හිමියන් පවසනවා. අවස්ථා කිහිපයකදීම විවිධ දිනයන්හිදි මුදල් ලබාදෙනබවට චීන සමාගමේ නිළධාරින් පොරොන්දු උවද මේවන තුරු පොරොන්දු ඉටු කර නොමැති බව ඔහුන් පවසනවා.
මෙම මුදල් නොලැබීම හේතුවෙන් එලබෙන සිංහල අවුරුද්දට මුහුන දීමට නොහැකි බවත් වාහන වල ණය , ඩීසල් බිල් , ටයර් බිල් රියදුරු පඩි නඩි ගෙවාගැනීමට නොහැකිව අන්ත අසරණ තත්වයකට වාහන හිමියන් පත්ව සිටින බව පවසනවා. රජය සමග ගිවිසුම් ගතව රටේ සංවර්ධන කටයුතු සිදු කරන මෙවැනි සමාගම්වල සිදුකරන වංචනික හා අසාදාරන ලෙස මිනිස් ශ්‍රමය හා මුදල් සුරාකන කටයුතු ගැන සොයාබලන ලෙස රජයේ වගකිවයුත්තන්ගෙන් ඉල්ලන බව වාහන හිමියන් ඉල්ලා සිටිනවානවා.

Saturday, March 2, 2013

සොබාදහමේ හුදෙකලා නිර්මාණය “ගල මුදුන” ගමට පිය නගමු

සොබාදහමේ හුදෙකලා නිර්මාණය “ගල මුදුන” ගමට පිය නගමු

http://samakayawate.blogspot.com/2013/03/blog-post.html

සොරබොර චීන සමාගම මාස 4ක මුදල් ගෙවා නෑ - වාහන හිමියන් දින 2ක විරෝධය - වගකිවයුතු චීන්නු පැන ගිහින්


3/2/2013 10:39 PM
මහියංගන පදියතාලා මාර්ග සංවර්ධනය සිදු කරනා කැටික් නම් චීන සමාගමේ (Catic) කුලිපදනම මත සේවය සදහා බදවාගෙන ඇති වාහන හිමියන් 45 ක් ...සදහා මාස 4 ක් සදහා මුදල් නොගෙවීම හේතුවෙන් වාහන සේවයෙන් බැහැර වී 01දින සිට 02 දින දක්වා මුදල් ලැබෙන තුරු වාහන හිමියන් 45ක් මහියංගන සොරබොර වැව පාරේ අදාල චීන සමාගමේ ප්‍රධාන කාර්යාල භූමිය තුල විරෝදතාවයක නිරතව සිටී.
චීන සමාගම නිතිඥයකු ගෙන්වා විරෝධතාවයේ යෙදී සිටින වාහන හිමියන් නිතිමය තත්වය පෙන්වා දෙමින් බිය ගැන්වු අතර විරෝධතාවය හේතුවෙන් චීන සමාගමය සිදුවන පාඩුව වාහන හිමියන් ගෙවීමට සිදුවෙතැයි පැවසිය. නිතිඥවරයාගේ අදහසට හා පැමිනීමට වාහන හිමියන් විරෝධය පැ අතර ඔහුට දොස් පවරන විට පැමිණි වාහනයෙන් එම ස්ථානයෙන් බැහැරව ගියේය.
සියලු වාහන හිමියන් එක් එක් අයකු සදහා රුපියල් ලක්ෂ 2කට වැඩි මුදල් ලබාගැනීමට ඇති අතර සමහර වාහන හිමියන් හට ලක්ෂ 27කට වැඩි මුදලක් ලබාගැනීමට ඇති බව වාහන හිමියන් පවසනව‍ා. මේ අනුව රුපියල් කෝටියකට ආසන්න මුදලක් චීන සමාගම විසින් වාහන හිමියන් හට ගෙවීමට ඇති බව වාහන හිමියන් පවසනව‍ා.
චීන සමාගමේ මහියංගන පදියතාලා මාර්ග සංවර්ධන කටයුතු දැන් 99% ම නිමවී ඇති නිසා ගෙවීමට ඇති මෙම මුදල් නොගෙවා චීන සමාගම ඉවත්ව යනු ඇතැයි වාහන හිමියන් බිය ඵල කර සිටී. වගකිවයුතු කාර්යයාලීය චීන නිළධාරින් 01දිනම රාත්‍රියේ සිය ගමන්මලු සමග තාප්පවලින් පැනගිය බව සියැසින් දුටුබව වාහන හිමියන් පවසනවා. අවස්ථා කිහිපයකදීම විවිධ දිනයන්හිදි මුදල් ලබාදෙනබවට චීන සමාගමේ නිළධාරින් පොරොන්දු උවද මේවන තුරු පොරොන්දු ඉටු කර නොමැති බව ඔහුන් පවසනවා.
මෙම මුදල් නොලැබීම හේතුවෙන් එලබෙන සිංහල අවුරුද්දට මුහුන දීමට නොහැකි බවත් වාහන වල ණය , ඩීසල් බිල් , ටයර් බිල් රියදුරු පඩි නඩි ගෙවාගැනීමට නොහැකිව අන්ත අසරණ තත්වයකට වාහන හිමියන් පත්ව සිටින බව පවසනවා. රජය සමග ගිවිසුම් ගතව රටේ සංවර්ධන කටයුතු සිදු කරන මෙවැනි සමාගම්වල සිදුකරන වංචනික හා අසාදාරන ලෙස මිනිස් ශ්‍රමය හා මුදල් සුරාකන කටයුතු ගැන සොයාබලන ලෙස රජයේ වගකිවයුත්තන්ගෙන් ඉල්ලන බව වාහන හිමියන් ඉල්ලා සිටිනවානවා.

ආදර ලකුණින් නිල් ගල පිරිලා


2013 පෙබරවාරි මස 28 12:09:46 | .
ආදරය, සඵලත්වය හා විනෝදාශ්වාදයේ සංකේතය වන ගුරුළුරාජ මල මේ දින වල නිල්ගල රක්ෂිතයේ ගස් වල පීපි තිබේ. මල් පිපෙනුයේ නොවැම්බර් අප්‍රේල් සමයේය. ඉතා දුර්ලභ ඒකදේශීය උඩවැඩියා මලක් වන ගු...රුළුරාජය වද වීමේ තර්ජනයට ලක් වී ඇත.

අරළු,බුළු, නෙල්ලි සහ කහට ගස් හි සරුවට වැවෙන මේ මල ඌව පළාත් සභාවේ ජාතික පුෂ්පයයි.

ඉන්දියාවේ අරුණාචල් ප්‍රදේශ් හා ඇසෑමයේ ද ජාතික පුෂ්පයයි. ශ්‍රී ලංකාව මලයාසියාව, සිංගප්පුරුව තායිලන්තයේ හා ඉන්දියාවේ වැවෙන මේ මල ෆොක්ස් ටේල් යනුවෙන්ද හැදින්වේ. සර්ප විස , බඩේ අමාරුව,සෙම,ඇදුම,හිසේ අමාරු , සිරීම් ,තුවාල හා කැපුම් සුව කිරීමට අතීතයේ සිටම ගුරුළු රාජය යොදා ගන්නා බව අයුර්වේදයේ සදහන් වේ.

සුහද දුරකථන සංවාදයෙන් උද්ඝෝෂණය අතර මග නවතී


මීගගහකිවුල මොරහෙල ගම්වාසීහු පිරිසක්‌ ඊයේ (27 දා) උදෑසන මීගහකිවුල කොට්‌ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂ කාර්යාලය ඉදිරිපිට සංවිධානය කිරීමට සූදානම් වූ උද්ඝෝෂණයක්‌ දෙමාපියන් හා කොට්‌ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා අ...තර ඇතිවූ සුහද දුරකථන සංවාදයකින් පසුව නතර කර දැමීමට දෙමාපිය පිරිස කටයුතු කළහ.

මීගහකිවුල අධ්‍යාපන කොට්‌ඨාසයට අයත් මොරහෙල මහා විද්‍යාලයේ අධික ගුරු හිඟයක්‌ පවතිත්දීත් විදුහලේ ගුරුවරුන්ට ස්‌ථාන මාරුවීම් ලබාදීම හා ගුරු හිඟය පියවීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන්ට සිය විරෝධතාව ප්‍රකාශ කිරීම දෙමාපියන් එහි පැමිණීමේ අරමුණ විය.

ඊයේ (27) උදෑසන අටට පමණ බස්‌ රථයකින් පැමිණි පිරිස කොට්‌ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂ එම්. ඒ. නන්දසිරිද සිල්වා මහතා එහි පැමිණෙන තුරු රැඳී සිටියත් ඔහු ප්‍රදේශයේ පාසලක ක්‍රීඩා උළෙලකට සහභාගි වී සිටින බව දැනගත් දෙමාපිය පිරිස ඔහු පැමිණෙන තෙක්‌ එහි රැඳී සිටීමට තීරණය කළහ. කන්දකැටිය - පී. චතුරංග

එහෙත් තමන්ට විසඳුමක්‌ ලබා ගැනීම පිණිස ඔවුන් ඊයේ දිනයේ ම බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා හමුවට යන බවද කියා සිටියේය.

http://www.divaina.com/2013/02/28/news15.html

ගුරුවරු සියල්ල කලාප අධ්‍යාපන කාර්යාලයට - සිසුවා නැවතත් රෝහලට


 මහියංගන ඔරුබැදිවැව ද්විතික පාසලේ ගුරුවරුන් දෙදෙනෙකු විසින් පාසැල් සිසුවෙකු හට පහර දීමේ සිද්දියක් සම්බන්දයෙන් දෙමාපියන් විරෝදතාවයක් පැවැත් වීම හේතුවෙන් ගුරුවරුන්ගේ රැකියාව අභියෝගය...ට හා හාශ්‍යට ලක්කල බවත් දෙමාපියන් ගුරුවරුන්ට අභියෝග කල බවත් පාසලේ තමන් හට ඉගෙන් වීම් කටයුතු සිදු කිරීම සදහා ආරක්ෂාවක් නොමැති බව පවසමින් 26 දින පාසලේ ගුරුවරු සියල්ල (ගුරුවරු62ක් සිටී) සේවයට පැමිනීමෙන් වැලකී සිටි අතර 27 දින උදෑසන එම ගුරුවරු සියල්ල මහියංගන කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ගොස් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂක ඒ ප්‍රේමරත්න මහතා වෙත මේ පිළිබද පැමිණිලි කලේය.
ඌව පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂක පියදාස රත්නායක මහතාහට මෙම ගැටලුව සම්බන්දයෙන් කරුණු වර්ථා විමත් සමග එතුමන්ගේ උපදෙස් පරිදි මහියංගන කලාප අධ්‍යාපන කාර්යාලය මගින් බස්රථයක් ගෙන්වා පැමිණ සිටි ගුරුවරු සියල්ල නැවතත් පාසල වෙත යවා සේවයට වාර්ථාකරන ලෙස දන්වා ඇත. ඒ අනුව මහියංගන අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂක ඒ ප්‍රේමරත්න මහතා විසින් බස්රථයකින් පැමිණ සිටි ගුරුවරු සියල්ල පාසල වෙත කැදවාගෙන ගිය අතර පාසැල් දරුවන් දැනුවත් කිරිමේ විශේෂ දේශනයක් සංවිධානය කර තිබුනි.
ගුරුවරුන් දෙදෙනා විසින් පහර කැ සම්පත් ප්‍රසාද් වීරකෝන් සිසුව දින 2ක් මහියංගන මුලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා පිටව ගොස් සිද්දිය සිදුවීමෙන් පසු මුලින්ම ඔහු අධාපන කටයුතු සදහා 27 දින පාසලට පැමිනි තිබෙන අතර ඔහු උදැසන රැස්වීමේදී සිහිසුන්ව බිම ඇද වැටීමට යාම නිසා නැවතත් 27 දින උදෑසන මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.
පාසලේ සමහර ගුරුවරු පවසන්නේ පෙර දා රාත්‍රියේ සිසුවා බීමත්ව සිට පාසැල් පැමිණිම හේතුවෙන් සිහිසුන් වු බවයි. මේ සම්බන්දයෙන් මහියංගන මුලික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අයි එන් ඩබ්ලිව් ආනන්දගොඩ මහතාගෙන් කල විමසීමකදි ප්‍රකාශකර සිටියේ සිසුවා මානසික අවපිඩනය හේතුවෙන් සිහිසුන් වන්නට ඇති බවත් බිමත්ව සිටිබවට වෛද්‍ය පරික්ෂණවලින් මෙතෙක් අනාවරනය වී නොමැති බවයි.
මහියංගන ඔරුබැදිවැව ද්විතික පාසලේ දෛනික අධ්‍යාපන කටයුතු 26 හා 27 අඩාල වු අතර අධ්‍යාපන කටයුතු පවත්වගෙන යෑම සදහා මහියංගන කලාප අධ්‍යාපන කාර්යාලයේ නිළදාරින් හා විදුහලේ විදුහල්පති ගාමිණි අමරසිංහ මහතා කටයුතු කරමින් සිටී.

මංචි කැකුලාගේ පියා මැරූ වාහනේ මිසිං