මහියංගන මුලික රෝහලේ වකුගඩු ඒකකයේ නිරත විදුලිය විසන්දීවීමෙන් වකුගඩු රෝගින් වාට්ටුවේ ප්‍රතිකාර ලබන රෝගින් 10 දෙනෙකුගේ ජිවිත එකවිට ජිවිත අවදානමකට පත්ව ඇතැයි රෝහල් ආරංචිමාර්ග සදහන් කරති. මෙම ගැටවු සම්බන්දයෙන් මහියංගන විදුලි අධිකාරි වරයා හට දැනුවත් කලද ඊට ප්‍රතිකර්මයක් කිරිමට මේ වන තුරු කටයුතු නොකීරිමෙන් රෝගින්ගේ ජීවිත අවදානම මෙන්ම රෝගි සත්කාර කටයුතු අඩාල වීමෙන් කාර්යය මණ්ඩලය දැඩි පීඩාවට පත්ව ඇති බව රෝහල් බළධාරියෙකු පැවසීය.
වකුගඩු ඒකකය වෙත විදුලිය ලබාදී ඇති ක්‍රමවේදයේ ගැටලුවක් හේතුවෙන් මෙලෙස විදුලිය විසන්දිවන බවත් ඒය කඩිනමින් යලි සකස් කර දෙන ලෙස අවස්ථා කිහිපයකදී විදුලි අධිකාරි වරයා දැනුවත් කලද මේ වන තුරු ඊට විසදුම් ලබාදීමට කටයුතු කර නොමැති බව රොහල් බළධාරින් චෝදනා කරති.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjh4qpnjb-yT9aH4W_x3-m_uTp1JmDFonvbwqfcnsfq3rF0UNuO3SJMdz83ufeB9dktpekNg50wqsMRM0RSC0fhoYophrF9qbmeQeR6Yj2nxqAFnAl-22Rca-d_jBeewVU-sRTGHtel8KA/s320/Mahiyangana+wakugadu+ekakaya+%252815%2529.jpg)
මහවැලි සීකලාපයේ හා මහියංගන අවට ගම්මාන රැසක මේ වන විට දිනෙන් දින උග්‍ර ගැටලුවක්ව ඉහල යමින් පවතින වකුගඩු රෝගය සදහා මහියංගන මුලික රෝහලේ වකුගඩු රෝගි ඒකකයක් 2012 වර්ෂයේ ආරම්භ කරනු ලැබු අතර එහි රුධිර කාන්දු පෙරන යන්ත්‍ර මුලින්ම 2ක්ද පසුව 5 ක් දක්වා වැඩි කරන්නට හැකි වින.
ලෝකප්‍රකට අපේ රටේ මෘදුකාංග ඉංජිනේරුවෙක් හා ෆේස්බුක් හි හිටපු උප සභාපතිවරයෙක් චමත් පලිහපිටිය මහතාගේ පරිත්‍යාගයෙන් රුපියල් මිලියන 10ක් වටිනා රුධිර කාන්දු පෙරන යන්ත්‍ර 05ක් මහියංගන රෝහලට පරිත්‍යාග කරනු ලැබීය. එමගින් වකුගඩු ඒකකයේ රුධිර පෙරණ යන්ත්‍ර 10ක් දක්වා වැඩි කර ගැනීමට හැකි විය. එම යන්ත්‍රද මෙම විදුලි ගැටලුව හේතුවෙන් අවදානමකට පත්ව ඇත.
මහියංගන මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි ඒ එම් එස් බණ්ඩාර මහතා ගෙන් මෙවැනි ගැටලුවක් රෝහලේ තිබේද යන්න සනාත කර ගැනීම සදහා විමසු අවස්ථාවේදී “ ඔව් එහෙම ප්‍රශ්නයක් වකුගඩු ඒකකයේ තිබෙනවා. ඒ හේතුවෙන් රුධිර කාන්දු පෙරණ යන්ත්‍ර සැරෙන් සැරේ විදුලිය විසන්දි වීමෙන් අක්‍රිය වෙන්න පටන් අරගෙන. මේක අපිටත් යන්ත්‍ර වලටත් විශාල ගැටලුවක් වෙලා තියෙන්නේ. විශේෂයෙන් රෝගින්ගේ ජිවිත. අපි මේ ගැන විදුලි මහියංගන ඉන්ජිනේරුවරයා දැනුවත් කරලයි තියෙන්නේ. තාමනම් කව්රුත් හදන්න ඇවිත් නෑ. දැන් සතියකටත් වඩා වැඩි ඒ ගැන කියලා“ යැයි ප්‍රකාශ කර සිටියේය.
මහියංගන විදුලි ඉංජිනේරු ගන්ගානන්ද මහතගෙන් මේ පිළිබද විමසීමේදී “ මම එහෙම ගැටලුවක් ගැන දන්නේ නෑ. දන්නවා නම් අදම අපේ කෙනෙක් යවලා ඕක හදනවානේ. ඔය අලුත් යන්ත්‍ර හරි සංවේදි ඒවා. ඕකට අපේ කරන්ට් එකේ සංවේදිතාවය ඇජෙස් කරන්ඩයි තියෙන්නේ. ඔබතුමාවත් අපිව දැනුවත් කල එක හොදයි “ යැයි ප්‍රකාශ කලේය.
එලෙස විදුලි අධිකාරිවරයා සතියකට පෙර ඒ සම්බන්දයෙන් විමසු අවස්ථාවේ මාධ්‍ය වේදින් හට පිළිතුරු ලබා දුන්නද මේ වන තුරු රෝහලේ වකුගඩු ඒකකයේ විදුලි ගැටලුවට විසදුම් ලබාදීමට ඔහුන් ක්‍රියා කර නොමැති බව මහියංලන රෝහලේ පාලන අධිකාරය තහවුරු කලේය.
No comments:
Post a Comment