2014-01-11 පෙ.ව. 2:53
මහියංගන ජාතික පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ සහය ඇතිව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පලාත් සභා මන්ත්‍රි ප්‍රතිපාදන මගින් ලක්ෂ 13.5ක් වැය කර අභ...ිනවයෙන් හා අලංකාර වුත් මහත් අභිමානවුත් ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදි කර විවෘත කිරිම ඊයේ (10) දින උදෑසන විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරින.
මෙම අවස්ථාව සදහා ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති සුදත් බලගල්ල මහතාගේ ආරාධනයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වුද හිටපු මන්ත්‍රිවරයෙකු වු සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වී පිවිසුම් දොරටුව විවෘත කරන ලදී.
මෙම පිවිසිම් දොරටුවේ විවෘත කිරිමට තිබු නාම පුවරුව ඊට පෙරදින රාත්‍රි (09) කිසියම් පිරිසක් විසින් යකඩ පොලු වැනි ද්‍රව්‍යක් උපයෝගී කරගෙන කඩා බිද දමා ඇත. මහියංගන ජාතික පාසලේ අභිමානය ඔප්නැන්වෙන ආකාරයෙන් සිදු කල මෙම නිර්මාණයට මෙලෙස හානි සිදු කිරිම පාසැල් නොගිය පිරිසකගේ පහත් ක්‍රියාවක් යැයිද පාසලට සිදු කල අපකිර්තියක් යැයිද පැමිණ සිටි විද්වත් පිරිසගේ පොදු මතය වු අතර පාට පක්ෂ කුමක් වුවත් පාසලේ අභිමානය ඔප්නැන්වෙන ආකාරයෙන් නිම කල මෙම නිර්මාණය බොහෝ පිරිසකගේ ඇගයිමට ලක් විය.See More
No comments:
Post a Comment