Monday, November 7, 2016

බන්ධනාගාරයෙන් ආදිවාසී සිරකරුවෙකුට නව නිවසක්

07/11/2016 19:42:16
“සිරකරුවොත් මනුශ්‍ය යෝය“ යන තේමාව යටතේ සිරභාරයට පත්ව වසර 14ක් සිරදඩුවම් නියම වු ආදිවාසී සිරකරුවෙකු හට බෝගම්බර බන්ධනාගාර හා සිරකරු සුභසාධක සංගමයේ මහනුවර උප කමිටුව මගින් ලක්ෂ 11ක වියදමින් යුතු නිවසක් සෑදීම සදහා අද (07) දින උදැසන දඹාන, වතුයාය ගම්මානයේදී සිරකරු පදිංචිව සිටි භුමයේ දී මුල්ල තැබිනි.
බෝගම්බර බන්දනාගාරයේ ජේෂ්ඨ බන්ධනාගාර අධිකාරි සෙනරත් දිසානායක, සහකාර බන්ධනාගාර අධිකාරි වී එම් පී රණවක, සිරකරු සුභසාදක සමිතියේ මහනුවර උප කමිටුවේ සභාපති දේශමාන්‍ය සරත් මුණවීර , බෝගම්බර බන්ධනාගාරයේ ජේෂ්ඨ පුනරුත්තාපන නිළධාරි පියසිරි වට ගොඩ මහතා ඇතුලු ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නිවස තැනීම සදහා මුල්ගල ආදිවාසී චාරිත්‍රානුකූලව තැබිනි.‍
උනාපාන වරිගයේ විජේරත්න නැමැති වයස 64ක් වන ආදිවාසියෙකු හටයි මෙම නව නිවස ඉදිවන්නේ. ඔහු සිදු කල වරදක් හේතුවෙන් 2014 සිරගත වු අතර නිදහස් වීමට ඇත්තේ 2024 වර්ශයේදී වේ. ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ඉතා කුඩා කටුමැටි පැල්පතක ජීවත්ව සිටි මෙම පවුල වෙනුවෙන් බන්ධනාගාර සුභසාදකය සමිතියේ මහනුවර උප කමිටුව මගින් මෙම නිවස සාදාදීමට කටයුතු සුදාම් කෙරුනේ ඔහුන්ගේ ඇති අඩු ආදායම් ලාභි දරිද්‍රතාවයෙන් ඉහවහාගිය පවුලක් වීම හේතුවෙනි.
මෙම නිවස මාස 03ක් වැනි කෙටි කාලයකින් නිමකිරිමට බලාපොරොත්තු වන බව බන්ධනාගාර නිළධාරින් පවසති.මෙම අවස්ථාව සදහා ආදිවාසී ගම්වාසීන් හා බන්ධනාගාර නිළධාරින් විශාල පිරිසක් සහබාගී වි සිටියේය.






ගවයින් ප්‍රවාහනය කළ ලොරියක් හසලක උඩුදහදී වෙඩි තබා අල්ලයි

9:36 07/11/2016
ලොරි රථය තුළ ගවයින් 15ක් පමණ දෙපා ගැට ගසා එක මත එක අමානුෂික ලෙස පටවා මහනුවර විශේෂ පොලිස් ඒකකයේ අණ නොතකා ධාවනය කළ ලොරි රථය නවතා ගැනීම සඳහා විශේෂ පොලිස් ඒකකයේ නිළධාරින් විසින් වෙඩි ප්‍රහාර ද එල්ල කර ඇත.

මෙම ගවයින් මහියංගණය - පඟරගම්මන සහ බිබිල - මැදගම ප්‍රදේශයන්හි සිට ගෙනැවිත් ඇති අතර වැටලීම සිදු කොට ඇත්තේ මහනුවර විශේෂ පොලිස් ඒකකයක් මගිනි.

මහියංගණ සහ හසලක පොලිස් බල ප්‍රදේශ හරහා ප්‍රවාහනය සිදු කරනු ලබන මෙම අමානුෂික ගව ජාවාරම බොහෝ කලක සිට සිදුවන්නක් බවට ප්‍රදේශවාසීන් චෝදනා නගන අතර දිගන, මැණික්හින්න සහ මඩවල ආදී ප්‍රදේශයන් වෙත මෙම ගවයින් ප්‍රවාහනය සිදුකර ඇති බව වාර්තා වේ.

මෙම දිගුකාලීන ජාවාරම හසලක පොලීසිය දැනුවත්ව සිදුවන්නක් බවටත්, එම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අල්ලස් ලබාගෙන මෙම ජාවාරම සිදු කිරීමට ඉඩ දී ඇති බවටත් ප්‍රදේශවාසීන් චෝදනා නගති.







Saturday, November 5, 2016

මහවැලි ගගේ වැලි මාරයෝ අත්අඩංගුවට


කිරළගොල්ල වැවට පණ ලැබෙන්නේ කවදාද?


රෝහලේ ප්‍රවෘත්තියට විදුලිබල නියෝජ්‍ය ඇමතිගෙන් පැය 24 ක් යෑමට ප්‍රථම සාර්ථක විසදුම්

 23:09 04/11/2016
මහියංගන රෝහලේ වකුගඩු ඒකකයේ සිදුවන නිරන්තර විදුලි විසන්දි වීමෙන් රෝගින් හා රෝහල් කාර්යය මණ්ඩල සිදු වු පීඩාව හා යන්ත්‍ර සුත්‍රවලය සිදුවන හානිය පිළිබද අද (04) දිනයේ පුවත්පත් වාර්ථාවට විදුලි බල නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා අමාත්‍ය වරයාගේ විශේෂ අවධානය යොමු වු අතර
විදුලි - ඌව පළාත් භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වරයා හට දුරකථනයෙන් කථාකර ඒ සම්බන්දයෙන් පැය 24ක් යෑමට ප්‍රථම විසදුමක් ලබාදෙන ලෙස දැන්වීම හේතුවෙන්, විදුලි කාර්මික ශිල්පීන් පිරිසක් පැමිණ එම ගැටලුවට විසදුම් ලබාදීමට හැකිවීමත් සමග අද සවස් වන විට රෝහලේ වකුගඩු රෝගි වාට්ටුවේ කටයුතු යතා තත්වයට පත්විය.
ඒ හේතුවෙන් රුධිර කාන්දු පෙරනය සදහා පැමිණ සිටි රෝගින් රැසකට සහනයක් ලැබු බව රෝහල් බළධාරීන් පැවසු අතර, මහියංගන මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි ඒ එම් එස් බණ්ඩාර මහතා “ අපි විශාල ගැටලුවකට මුහුණ දිලා හිටියේ වකුගඩු රෝගින්ගේ වාට්ටුවේ රුධිර පෙරණ යන්ත්‍ර ක්‍රියාත්මක කර ගැනීමට නොහැකිව. පුවත්පත් වාර්ථා ඵලවීමත් එක්කම විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පි පෙරේරා මහත්තය සෘජුවම මැදිහත්ව විදුලි බලමණ්ඩලයේ ප්‍රධානින්ට කථා කරලා ගැටලුවට කඩිනමින් විසදුම් ලබාදෙන්න කියලා කියලා තියෙනවා.
මට අද උදේම බදුල්ලේ ඒ මහත්තයත් කථාකරලා මට ඒ ගැන කිව්වා. ගැටලුව ගැන මගෙන් විමසුවා. විදුලි බල නියෝජ්‍ය ඇමතිතුමාගේම මැදිහත් වීමෙන් හා මාධ්‍ය වාර්ථා හේතුවෙන් අපේ ගැටලුව කඩිනමින් විසදුනා. අපේ සේවය උපරිමයෙන් ජනතාවට ලබාදෙන්න බලා ඉන්න මෙහොතක ඒ සදහා තියෙන බාදක ජයගන්නට රටේ අමාත්‍යවරු මෙලෙස ක්‍රියාක්‍රිරිම ප්‍රසන්සනීයයි. අපි එතුමන්ට විශේෂ ස්තූතිය ප්‍රකාශ කරනවා. මේ වෙනුවෙන් මාධ්‍ය දැක්වු සහයටත් අපි ස්තූති කරනවා“ යැයි පැවසීය.





Friday, November 4, 2016

Hiru News 2016-11-04 Hiru CIA හෙලිදරව්ව - මහවැලි ගගේ වැලි ජාවාරම්

Hiru CIA හෙලිදරව්ව - මහවැලි ගගේ වැලි ජාවාරම්

නැවත් මහවැලි ගග මැදට ට්‍රැක්ටර් දමා වැලි පැටවු ට්‍රැක්ටර් පොලිස් අත් අඩංගුවට

 2016-11-04 පෙ.ව. 11:51

රජයේ ලංකා පිගන් සංස්ථාවට අයත් මහියංගන ගඩොල් - උලු කම්හලට අයත් ඉඩමේ මහවැලි ගං තොටුපලෙහි නිති විරෝධි ආකාරයෙන් බලත්‍ර කොන්දේසී උල්ලන්ගනය කරමින් මහවැලි ගග මැදට ට්‍රැක්ටර් දමා වැලි පැටවු ට්‍රැක්ටර් දෙකක් අද (04) මහියංගන පොලිසිය විසින් අත් අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
එම තොටුපලේ ට්‍රැක්ටර් ගග මැදට දමා රාත්‍රි කාලයේද හොරොන් වැලි පැටවීම ජයටම සිදු කරන බවට ඒ අවට ගම්වාසීන් චෝදනා කරති. මෙම තොටුපල සම්බන්දෙයෙන් නිරත්තර පැමිණිලි පොලිසිය වෙත ලැබෙන බවත් ඒ අනුව මීට පෙර අවස්ථා රැසකදී පොලිසිය විසින් නිති විරෝධි ආකාරයෙන් බලපත්‍ර කොන්දේසී උල්ලන්ගනය කර මහවැලි ගග මැදට ට්‍රැක්ටර් දමා වැලි ජාවාරම් සිදුකල එම තොටුපලෙහි හිමිකරුවන් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත පමුනුවා දඩුවන් නියම කල බවට පොලිසිය පවසති.

නැවතත් අත් අඩංගුවට ගත් වැලි ට්‍රැක්යර් දෙක හා සැකකරුවන් දෙදෙනෙකු මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා හා මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා ගේ උපදෙස් මත වැඩ බලන පොලිස්ථානාධිපති පො.ප. වීරකෝන් මහතා හා අපරාධ අංශයේ ස්ථානාධිපති එම් බී ජි ජි සුදේශ් චතුරංග මහතාගේ ප්‍රධානත්වයෙන්, පො.කො. 37419 අත්තනායක,10097 වැවේගෙදර, 34166 දර්මදාස, 28534 දිසානායක, 38588 සම්පති, 44850 බංඩාර යන නිළධාරින්ගේ යහයෙන් මෙම වැටලීම සිදු කෙරිනි.

පොදු මගියට සලකන සැලකිල්ලක තරම


මහියංගණ විදුලි බලමණ්ඩල නිළධාරින් රෝහලේ රෝගින්ගේ ජිවිත සමග ඩබල් ගේම්


Thursday, November 3, 2016

මධ්‍ය මගින් හෙලි කල මහියංගන ඇගලුම් ආයතනයේ කාණු පද්ධතියේ ගැටලුවට විසදුම් දෙන්න රාජ්‍ය නිළධාරින් රැස්වෙති.

2016-11-03 ප.ව. 10:14

මහියංගණ නගරයේ ඇගලුම් ආයතනයේ අප ජල ගැටලුව සම්බන්දයෙන් අද (2016-11-03) දින ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශ්‍රවණාගරයේදි පැවති රාජ්‍ය නිළධාරි සාකච්ඡාව වැඩබලන ප්‍රා දේශිය ලේකම් පී එස් පී අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය. මධ්‍යම පරිසර අධිකාරිය, ප්‍රා දේශිය සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය, මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින්, හා EAM මැලිබන් ටෙක්ස්ටයිල් ඇගලුම් ආයතනයේ නියෝජිතයන් ඒ සදහා සහබාගී වි සාකච්ඡා පැවැත්වීය. එහිදි අවසන් තීරණයකටද එලබිනි.

මහියංගණ විදුලි බලමණ්ඩල නිළධාරින් රෝහලේ රෝගින්ගේ ජිවිත සමග ඩබල් ගේම්

 2016-11-03 පෙ.ව. 10:36

මහියංගන මුලික රෝහලේ වකුගඩු ඒකකයේ නිරත විදුලිය විසන්දීවීමෙන් වකුගඩු රෝගින් වාට්ටුවේ ප්‍රතිකාර ලබන රෝගින් 10 දෙනෙකුගේ ජිවිත එකවිට ජිවිත අවදානමකට පත්ව ඇතැයි රෝහල් ආරංචිමාර්ග සදහන් කරති. මෙම ගැටවු සම්බන්දයෙන් මහියංගන විදුලි අධිකාරි වරයා හට දැනුවත් කලද ඊට ප්‍රතිකර්මයක් කිරිමට මේ වන තුරු කටයුතු නොකීරිමෙන් රෝගින්ගේ ජීවිත අවදානම මෙන්ම රෝගි සත්කාර කටයුතු අඩාල වීමෙන් කාර්යය මණ්ඩලය දැඩි පීඩාවට පත්ව ඇති බව රෝහල් බළධාරියෙකු පැවසීය.

වකුගඩු ඒකකය වෙත විදුලිය ලබාදී ඇති ක්‍රමවේදයේ ගැටලුවක් හේතුවෙන් මෙලෙස විදුලිය විසන්දිවන බවත් ඒය කඩිනමින් යලි සකස් කර දෙන ලෙස අවස්ථා කිහිපයකදී විදුලි අධිකාරි වරයා දැනුවත් කලද මේ වන තුරු ඊට විසදුම් ලබාදීමට කටයුතු කර නොමැති බව රොහල් බළධාරින් චෝදනා කරති.

වරින් වර විදුලි විසන්දිවීම හේතුවෙන් සංවේදී යන්ත්‍ර සුත්‍ර හානියට පත්වීමත්, යන්ත්‍ර වල ආයුකාලය අඩුවී රෝගින් පීඩාවට පත්විය හැකි බව වැඩිදුරටත් රෝහල් බළධාරියෙකු පැවසීය. මහියංගන මුලික රෝහල දිස්ත්‍රික්ක 05ක් සදහා සේවාව සපයන රෝහලකි. යන්ත්‍ර අක්‍රිය උවහොත් රුධිර කාන්දු පෙරනය සදහා වකුගඩු රෝගින්හට දින 03කට වරක් මහනුවර, පොලොන්නරුව හෝ මොණරාගල වැනි දුර ප්‍රදේශවලට යෑමට සිදුවේ.

මහවැලි සීකලාපයේ හා මහියංගන අවට ගම්මාන රැසක මේ වන විට දිනෙන් දින උග්‍ර ගැටලුවක්ව ඉහල යමින් පවතින වකුගඩු රෝගය සදහා මහියංගන මුලික රෝහලේ වකුගඩු රෝගි ඒකකයක් 2012 වර්ෂයේ ආරම්භ කරනු ලැබු අතර එහි රුධිර කාන්දු පෙරන යන්ත්‍ර මුලින්ම 2ක්ද පසුව 5 ක් දක්වා වැඩි කරන්නට හැකි වින.

ලෝකප්‍රකට අපේ රටේ මෘදුකාංග ඉංජිනේරුවෙක් හා ෆේස්බුක් හි හිටපු උප සභාපතිවරයෙක් චමත් පලිහපිටිය මහතාගේ පරිත්‍යාගයෙන් රුපියල් මිලියන 10ක් වටිනා රුධිර කාන්දු පෙරන යන්ත්‍ර 05ක් මහියංගන රෝහලට පරිත්‍යාග කරනු ලැබීය. එමගින් වකුගඩු ඒකකයේ රුධිර පෙරණ යන්ත්‍ර 10ක් දක්වා වැඩි කර ගැනීමට හැකි විය. එම යන්ත්‍රද මෙම විදුලි ගැටලුව හේතුවෙන් අවදානමකට පත්ව ඇත.

මහියංගන මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි ඒ එම් එස් බණ්ඩාර මහතා ගෙන් මෙවැනි ගැටලුවක් රෝහලේ තිබේද යන්න සනාත කර ගැනීම සදහා විමසු අවස්ථාවේදී “ ඔව් එහෙම ප්‍රශ්නයක් වකුගඩු ඒකකයේ තිබෙනවා. ඒ හේතුවෙන් රුධිර කාන්දු පෙරණ යන්ත්‍ර සැරෙන් සැරේ විදුලිය විසන්දි වීමෙන් අක්‍රිය වෙන්න පටන් අරගෙන. මේක අපිටත් යන්ත්‍ර වලටත් විශාල ගැටලුවක් වෙලා තියෙන්නේ. විශේෂයෙන් රෝගින්ගේ ජිවිත. අපි මේ ගැන විදුලි මහියංගන ඉන්ජිනේරුවරයා දැනුවත් කරලයි තියෙන්නේ. තාමනම් කව්රුත් හදන්න ඇවිත් නෑ. දැන් සතියකටත් වඩා වැඩි ඒ ගැන කියලා“ යැයි ප්‍රකාශ කර සිටියේය.

මහියංගන විදුලි ඉංජිනේරු ගන්ගානන්ද මහතගෙන් මේ පිළිබද විමසීමේදී “ මම එහෙම ගැටලුවක් ගැන දන්නේ නෑ. දන්නවා නම් අදම අපේ කෙනෙක් යවලා ඕක හදනවානේ. ඔය අලුත් යන්ත්‍ර හරි සංවේදි ඒවා. ඕකට අපේ කරන්ට් එකේ සංවේදිතාවය ඇජෙස් කරන්ඩයි තියෙන්නේ. ඔබතුමාවත් අපිව දැනුවත් කල එක හොදයි “ යැයි ප්‍රකාශ කලේය.

එලෙස විදුලි අධිකාරිවරයා සතියකට පෙර ඒ සම්බන්දයෙන් විමසු අවස්ථාවේ මාධ්‍ය වේදින් හට පිළිතුරු ලබා දුන්නද මේ වන තුරු රෝහලේ වකුගඩු ඒකකයේ විදුලි ගැටලුවට විසදුම් ලබාදීමට ඔහුන් ක්‍රියා කර නොමැති බව මහියංලන රෝහලේ පාලන අධිකාරය තහවුරු කලේය.

Wednesday, November 2, 2016

නිදන් හෑරු තිදෙනෙක් අත් අඩංගුවට


මහියංගන ඇගලුම් කම්හලේ අප ජලයෙන් ගම්මුන්ට පීඩා


වැලි ට්‍රැක්ටර් රැසක් උසාවියට

20:09 02/11/2016 හසලක පොලිස් බල ප්‍ර දේශයේ කිඹුලා ඇල ප්‍ර දේශයේ හා තවක් ස්ථාන කිහිපයක බලපත්‍ර කොන්දේසී උල්ලන්ගනය කල වැලි ට්‍රැක්කර් රැසක් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (02) දහවල් හසලක පොලිසිය විසින් ඉදිරිපත් කරනු ලැබීය.


ලැගුම් හලේ තාප්පයේ දැන්වීමක් ගහලා


19:58 02/11/2016
මහියංගන බුද්ධගයා අනුරුවට පිටුපසින් එනම් වීසි නිවාස හෙවත් මධ්‍යම පන්ති නිවාස වල පවත්වා ගෙන යන ලැගුම්හලක තාප්පයේ කිසියම් පිරිසක් හේ අයෙකු විසන් “ ගණිකා මඩම “ ලෙස ස්ථාන දෙකක පින්තාරු කර ඇත.
එහි සත්‍ය අසත්ත්‍ය බාවය නොදන්නා අතර සිදු වන දෑ සම්බන්දයෙන් ඉවසා ගත නොහැකිව ගම්වාසියෙකු විසින් මෙලෙස සටහන් කර ඇත්තේද යන්න පිළිබද සැකයක් පවති.


ඊයේ වැස්සට පාලන්හන්දියේ නිවාස රැසක් ගංවතුරට යටවෙයි

19:20 02/11/2016
ඊයේ (01) සවස ඇද හැලුන දැඩි වර්ෂපතනය හේතුවෙන් මිනිපේ ප්‍රාෙද්ශිය ලේකම් බල ප්‍ර දේශාය් පාලමහන්යේ නිවාස රැසක් ජලයෙන් යට විය. බොහේ නිවාස අඩි 2-3ක් උසට ජලයෙන් යටවිය.
ගංවතුර සංම්පුර්ණයෙන් බැගොස් ඇත්තේ රාත්‍රි 1.00ට පමණය. වසරින් වසර ඇතිවන මෙම තත්වය මේ වන විට වැඩි වෙමින් පවතින බවති වාරි පද්ධති අවහිර වන සේ සිදු කල ඉදිකිරිම් හේතුවෙන් මෙම ගංවතුර තත්වය ඇති වන ප්‍ර දේශවාසීන් පවසා සිටියා.






ඊයේ වැස්සට මහියංලනයේ සතිපොලේ කොටසක් හා රජයේ නිළ නිවාස ගංවතුරට යටවෙයි

19:20 02/11/2016
ඊයේ (01) සවස ඇද හැලුන දැඩි වර්ෂපතනය හේතුවෙන් මහියංගන නගරයේ බුද්ධගයා අනුරුව ආසන්නයේ සතිපොළ භුමියේ පහල කොමස, ඊට ඉදිරියෙන් ඇති රජයේ නිළ නිවාසයක් හා සිනමාහල පිහිටි භූමි ප්‍ර දේශය ජලයෙන් යට විය. 
ජලය බැසයාමේ කණු පද්දතිය විධිමත් නොවීම මීට හේතුවයි. ඒ සම්බන්දයෙන් වගකිවයුතු රාජ්‍ය ආයතන මැදිහත් වන ලෙස ප්‍ර දේශවාසීන් ඉල්ලා සිටී.




Monday, October 31, 2016

මියුගුණ පුරවරයට පෑයු පුංචි සුරගන ඔබේ මනාපයෙන් ජයටැඹ කරා ගෙනියමු - Derana Little Star Season 8 - 30 October 2016 Ranali Thisara-Mahiyangana

20:36 31/10/2016
Derana Little Star Season 8 තරගාවලියේ අවසන් වටයේ අවස්න් තරගකරුවන් හතර දෙනා අතරට තේරි පත්ව සිටින මියුගුණ පුරවරයෙන් බිහි වු පුංචි දක්ෂ නර්ථන ශිල්පිනියට ඔබේ මනාපය SMS මගින් ඵල කර මියුගුණ පුරවරයට කිර්තියක් එක්කරන්නට අවස්ථාව දැන් ඔබට උදාවී ඇත.
බ / මහියංගන සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලයේ 4වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන රනාලි තිසාර පුංචි දියණිය විශාල තරග කරුවන් ප්‍රමාණයක් සමග තරග කර අවසන් තරග කරුවන් හතර දෙනා අතරට තේරි පත්ව ඇත. ඔක්තෝබර් 02 දින සිට දෙසැම්බර් 17 දින දක්වා ඇයගේ ජයග්‍රහනය වෙනුවෙන් ඔබේ SMS මනාපය ලබාදිය හැක. ඒ සදහා DLS(හිස්තැනක්) 14 යොදා 9900ට ඕනෑම දුරකථන ජාලයකින් SMS කල හැක.
මේ ඔබ නරබන්නේ 30 October 2016 දින තරගාවලියේ ඇය පෑ දක්ෂ නර්ථනයයි.

වැදි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ‘සිරස ලපක්‍ෂපති’ ජයකොඩිය ඔසවයි..

සිරස රූපවාහිනියේ සතිපතා පැවැත්වෙන ‘සිරස ලක්‍ෂපති’ වැඩසටහන සදහා ඊයේ දිනයේ කැදවනු ලැබ තිබුණේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ය.
ප‍්‍රශ්න 15කින් යුතු වැඩසටහන ඊයේ දිනට අවසන් කරනු ලැබුවේ ඊළග දිනයේදීත් ආදිවාසී නායකයාට පැමිණෙන්නට ආරාධනා කරමිනි.
ඊට හේතුව වූයේ ඊයේ දිනයේ නියමිත වූ කාලයේදී විමසනු ලැබූ ප‍්‍රශ්න 12ටම වන්නිල ඇත්තන් විසින් නිවැරදි ලෙස පිලිතුරු ලබා දීමයි.
ඒ අනුව ඊළඝ දිනයේ විමසන ප‍්‍රශ්න 03ටද ඔහු නිවැරදි පිලිතුර ලබා දුනහොත් මිලියන දෙකක ජයග‍්‍රාහකයා වෙයි. වැඩසටහන පුරාම ආදිවාසි නායකයා සිය විසල් දැනුම මනාවට විදහා දැක්වූ අතර රට තොට ලෝකය ගැන වූ සාරවත් අදහස්ද ඉදිරිපත් කලේ ඔහුටම සුපුරුදු වැදි භාෂාවෙනි.

Sunday, October 30, 2016