Monday, July 25, 2016

මැරිලත් ඉන්න නෑ : අලි කකුලෙනුත් බන්දේසි

2016 ජූලි මස 24 11:54:48 | . , චමිල් රූපසිංහ

මළ ඇතකුගේ පාද තුනක කොටස් හා ගෝනකුගේ අං තට්ටුවක් හුන්නස්ගිරිය සංචාරක නිකේතනයක තිබී සොයාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ පිළිබඳ වාර්තාවක් ඔක්තෝබර් 14 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි තෙල්දෙණිය අධිකරණය හසලක වනජීවී කාර්යාලයට නියෝග කළේය.

පුටු, බන්දේසි ද ගෝන අං තට්ටුවක් ද එහි තිබී සොයාගත් බවත් සංචාරක නිකේතනය බාරකරු අධිකරණයට ඉදිරිපත් කළ බවත් කියති. සැකකරු ඇප මත මුදාහරින ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.

සංචාරකයන් ඇද ගැනීමට මෙවැනි දෑ කළත් පරිසරයට හා සතුන් කෙරෙහි ලැදි සංචාරකයෝ මෙවැනි දෑ හෙළා දකිතියි පරිසර සංවිධාන කියති.




Sunday, July 24, 2016

අනවසරෙන් වැලි ගොඩදැමු පිරිසක් බදුල්ල දුෂණ මර්ධන ඒකකයෙන් අල්ලයි

2016-07-24 පෙ.ව. 10:21
රිදිමාලියද්ද මොරන ප්‍ර දේශයේ අනවසරයෙන් වැලි කැණිම් සිදු කල පිරිසක් 23 දින බදුල්ල කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකට මගින් වටලා අත් අඩංගුවට ගනු ලැබුවා.
රිදිමාලියද්ද, මොරාන ප්‍රදේශයේ උල්හිටියඔයේ බලපත්‍ර නොමැතිව වැලි කැනීම, පැටවීම, ප්‍රවාහනය යන චෝදනා යටතේ මොහුන් අත් අඩංගුවට ගනු ලැබු අතර වැලි ට්‍රැක්ටැර් 06ක්, ටිපර් රථයක් මෙලෙස අත් අඩංගුවට පත් විය.
කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකට මගින් අත් අඩංගුවට ගත් පුද්ගලයන් හා රථවාහන මහියංගන පොලිසිය වෙත භාරදුන් අතර මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.





Saturday, July 23, 2016

මහියංගන සිද්ධාර්ථ ප්‍රාථමිකයට මුල්වරට ජාතික මට්ටමේ ජයග්‍රහනයක්

2016-07-23 ප.ව. 9:50

ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යංශය විසින් දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරිම සදහා දීපව්‍යාප්තව පැවැත් වු පාසැල් තරගාවලියේ “කිරෙන් සපිරි දැයක්“ තේමාව යටතේ ප්‍රාථමික අංශයේ 1-2 ශ්‍රේණිය චිත්‍ර නිර්මාණ තරගයේ දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය දිනාගැනීමට මහියංගන සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලයේ  කේ. එච්. එම්. හසිනි සිනෙත්යා කරුණාතිලක ශිෂ්‍යාව පසුගිය දා සමත් වෙමින් මහියංගනය ප්‍ර දේශයටත්, සිද්ධාර්ථ ප්‍රථමික විද්‍යාලයට ප්‍රථම වරට ජාතික මට්ටමේ ජයග්‍රහනයක් ගෙන එමින් කිර්තියක් අත් කර දෙන්නට සමත් විය. සිනෙත්යා දැරිය , සිද්ධාර්ථ ප්‍රථමික විද්‍යාලයේ 2 ශ්‍රේණිය B  පංතියේ  ඩි.එම් නන්දනී එස් මැණිකේ ගුරුමෑණියන් යටතේ අධ්‍යාපනය ලබයි.

එම ජයග්‍රහනය සදහා වු සහතික හා කුසලාන පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ සුරතින් ලබාගන්නට ඇය වාසනාවන්ත විය.


සිනෙත්යා දැරියට අපගේ උණුසුම් සුභපැතුම්!!

වෙල්ලස්ස සුපර් ස්ටාර්



Friday, July 22, 2016

විල්ගමුවේ රිය අනතුරෙන් මිය ගිය පුද්ගල දේහය පාරට ගෙන ගම්මු පාරේ විරෝදයක

2016-07-22 ප.ව. 9:42
විල්ගමුවේ පසුගිය 20 දින රිය අනතුරෙන් මිය ගිය ත්‍රිරෝද රථයේ රියදුරුගේ දේහය භූමදානය අද (22) දින සිදු කරනු ලැබු අතර දේහය භූමදානය සදහා රැගෙන යාමේදී  එය විල්ගමුව දක්වා වු ප්‍රධාන මාර්ගය මැද තබා (නිපෝන් පාලම ආසන්නයේ ) ගම්වාසින් විරෝදතාවයේ නිරත විය. ටයර් පුලුස්සා මාර්ගය අවහිර කලේය.  පොලිසිය වැලි ජාවාරම් කරුවන්හට නිතිය නිසිලෙස ක්‍රියාත්මක නොකරන බවට චෝදන කල ගම්වාසින් නිපෝන් පාලම අසල පොලිස් මාර්ග බාදකය යලි ක්‍රියාත්මක කරන ලෙසද ඉල්ලා සිටියේය.
ගම්වාසින් විශාල පිරිසක් මෙම අවස්ථාවේ බීමතින් සිටි අතර මධ්‍ය වේදින් හටද බාධා සිදු කලේය.තර්ජනය කලේය.



ජලාශයට යටවන අපේ දේපලවලට නිසි වන්දියක් නෑ - ගම්මු රැසක් උපවාසයේ

2016-07-22 ප.ව. 9:21

මොරගහකන්ද කලුගග ජලාශය සදහා තම ගම්බිම් දේපල ලබාදුන් ලග්ගල පාරම්පරික ජනතාව දින කීපයක සිටම ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයක් මෙන්ම විරෝධතාවයක් ආරම්භ කර ඇත ,

ඒ මහවැලි අ ධිකාරිය තමන්ට නිසි වන්දි ලබානොදීම හා නැවත පදිංචි කරවන ස්ථාන වල පහසුකම් නොමැති බව පවසමින් .මේ ප්‍රවුත්තිය වාර්තා කරන්න ප්‍රදේශීය මාධ්‍යවේදීන් ගියා ,වීඩියෝ කරලා ලංකාවේ රුපවාහිනී සියල්ලටම යැව්වා ,එත් මෙය ප්‍රවුත්තියක් නොවුනි ,ජනතාව ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට බනිති ,ඔවුන් කියන්නේ ජලාශය ට දේපල ජිවිත අනාගතය අතීතය දන්දුන්නු මිනිස්සු දුකේ අරගල කරද්දී මොරගහකන්ද කලුගග ජලාශය සියල්ල සුදානම් බව පවසා ප්ර්වුති විකාශය වන බවය .හැබැයි ප්‍රාදේශීය මට්ටමේ ඉන්න මාධ්‍ය වේදීන් මර්ධනය කිරීම ජනතා ප්‍රශ්න යට ගැසීම සදහා බාවිතා කරන මේ ක්‍රමය තොරතුරු දැනගැනීමේ පනතේ තිබේදැයි අපටද ඇත්තේ ප්‍රශ්නයකි .මාධ්‍ය නිදහස ගැන අපි බලාපොරොත්තු දල්වාගෙන නව ආණ්ඩුව දෙස බැලුවෙමු ,එහෙත් ඒ අය එළිපිට කරපු වා මේ අය ජනතාවට කොලේ වහලා එකම ඊට වඩා වැඩියෙන් කරනවා ,
අපි කාට කියන්නද ?.මේවා අපි කියපු ගමන් කියන්නේ අපි මාධ්‍යවේදී න් මරන්නේ නෑ ,උස්සන්නේ නෑ සුදු වෑන් එන්නේ නෑ කියල .එත්ව්ර්තිය ප්‍රාදේශීය වාර්තා කරණයේ නියැලී සිටින මාධ්‍යවේදීන් ට ලගදීම සිදුවන්නේ ජනතාවගෙන් ගුටිකා මරෙන්නටය ,එහෙම නැතිනම් දරුවන් සමග බඩගින්නේ මැරෙන්නට ය ,








පාසැල් ජාතික ජයග්‍රහණයක් ආදාඋල්පොත ජාතික පාසැලට


2016-07-22 ප.ව. 8:33

2016 සමස්තලංකා පාසැල් චිත්‍ර තරගාවලියේ ජේෂ්ඨ අංශයේ ප්‍රථමස්ථානය රිදිමාලියද්ද ආදාඋල්පොත ජාතික පාසලේ දරුවෙකු ලබාගෙන ඇති අතර එම ජයග්‍රහනය භූමි දර්ශණ කාණ්ඩයේ තරගාවලියෙන් ලබා මහියංගන ප්‍රදේශයට ජාතික ජයග්‍රහනයක් ලබාගනිමින් කිර්තියක් අත් කර දෙන්නට පසුගියදා සමත් විය. 12 වසර කලා අංශයේ මිලාන් ඉසන්ක සිසුවා මෙම ජයග්‍රහනය ලබා ඇත.
එසේම එම තරගාවලියේ ප්‍රකාශන අංශයේ ජාතික තරගාවලියේ තෙවන (03) ස්ථානයද ආදාඋල්පොත ජාතික පාසලේම 12 වසර කලා අංශයේ සමිතා දුලංජනී දැරිය විසින් ලබාගැනීම විශේෂත්වයක් වේ.
ආදාඋල්පොත ජාතික පාසැලේ ඩි.එම්. කරුණාතිලක විදුහල්පතිතුමාගේ මගපෙන්වීම තුලින් විද්‍යාලිය චිත්‍ර විෂය භාර එස්.ඒ.ජි. සුරියආරච්චි හා අයි.පී.ඩබ්ලිව් ගුණසේකර යන ආචාර්යතුමියන්ගේ ගුරුහරුකම් මැද මෙම ජයග්‍රහණ ලබාගෙන මහියංගන ප්‍ර දේශයට ජාතික ජයග්‍රහනයන් දෙකක් ලබා ගනිමින් කිර්තියක් අත් කර දෙන්නට ආදාඋල්පොත ජාතික පාසලේ දරුවන් දෙදෙනාට අපගේ උණුසුම් සුබ පැතුම්!!!


Wednesday, July 20, 2016

විල්ගමුවේ වැලි ටිපර් එකට යටවී පුද්ගලයෙක් එතැනම මියයයි - නවතා තිබු ටිපර් රථයක් හප්පාගෙන ත්‍රිරෝද රථය යටකරයි - දෙදෙනෙක් රෝහලේ

2016-07-20 ප.ව. 2:59

විල්ගමුව, පේරකනත්ත ප්‍ර දේශයේ වැලි පැටවු ටිපර් රථයටකට ත්‍රිරෝදරථයක් ගැටී පුද්ගලයෙක් ටිපර් රථයේ රෝදයට යටවී අද (20) උදැසන එම ස්ථානයේදීම මිය ගොස් ඇත. 
මහියංගන ප්‍ර දේශයේ සිට විල් ගමුව දෙසට ගමන් කරමින් තිබු වැලි පැටවු ලොරි රථයක්, මාර්ගයේ නවතා තිබු වැලි පැටවු ලොරි රථයක ගැටී එහි රියදුරුටද තුවල සිදු කර මාර්ගයේ ඉදිරියෙන් විරුද්ද පැත්තෙන් පැමිණි ත්‍රිරෝද රථයක් ද යට කර මෙම රිය අනතුර සිදු වී ඇති අතර ත්‍රිරෝද රථයේ පැදවු රියදුරු වැලිලොරියේ රෝදයටක යටවී එම ස්ථානයේදීම මිය ගොස් ඇත. 
මෙලෙස මියගොස් ඇත්තේ විල්ගමුව, පේරකනත්ත ප්‍ර දේශයේ පදිංචි තිස්ස අමරසිංහ නැමැති 30 හැවිරිදි විවාහක එක් දරු පියෙකි. ඔහුන් කොළඹ ප්‍ර දේශය දක්වා ගමන් කරමන් සිටියදී මෙම අනතුර සිදු වී ඇත.
ත්‍රිරෝද රථයේ පැමිනි රියදුරාගේ බිරිදද තුවාල ලබා ප්‍රතිකාර සදහා මහියංගන රෝහල වෙත ඇතුලත් කර ඇත. ත්‍රිරෝද රථයේ සිටි වයස අවුරුදු 3 ½ දරුවාට තුවාල සිදු වී නොමැත.මාර්ගය අයිනේ නවතා තිබු ලොරි රථයේ රියදුරු ප්‍රතිකාර සදහා මාතලේ රෝහල වෙත ප්‍රතිකාර සදහා ඇතුලත් කර ඇත.
විල්ගමුව පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් අනතුර 


Saturday, July 16, 2016

දිවියේ නොසිතු මොහොතක නොසිතු ලෙස කකුලක් කපා වෙන් කිරිම හේතුවෙන් අසරණ වු මා හට පිහිටක් වනු මැන.....

23:02 15/07/2016
පිහිට විම සදහා -
නම- මෝසස් ඇලෙක්සැන්ඩර් වයස 55කි
මුදල් ආධාර කිරිම සදහා --------
බැංකුව - සම්පත් බැංකුව
ගිණුම් අංකය - 1082 5466 0856 - වංචාකාරින් සිටිය හැකි බැවින් මෙම ගිනුමට පමණක් මුදල් තැම්පත් කරන්න.
ලිපිනය - 16 කණුව, මැදයාය, මාපාකඩවැව, මහියංගනය.
දුරකථන - (+94) 077 8366406
කොළඹ ප්‍ර දේශයේ ( නුගේගොඩ) පෞගලික ආයතනයක ලිපිකරුවෙකු ලෙස සේවය කරමින් සිටියදී නිවාඩුවට ගමේ (මහියංගණ 16 කණුව මැදයාය ) පැමිණි දවසක වත්තේ වැඩකරමින් සිටියදී කකුලේ ඇති වු දැවිල්ලක් හේතුවෙන් රෝහල් ගත කිරිමෙන් පසු දිනකිහපයක් තුල කකුල ඉකිලිය ප්‍රදේශයෙන්ම කපා ඉවත් කිරිමට සිදු විම හේතුවෙන්
මේ වන විට දැඩි අසරණ භාවයකට පත් වු මෝසස් ඇලෙක්සැන්ඩර් වයස 55ක අයෙකි. මිට මාස 07කට ප්‍රථම පේරාදෙනිය රෝහලේදී ශල්‍යකර්මයක් මගින් ඔහුගේ කකුලක් ඉකිලිය ප්‍ර දේශයෙන්ම කපා ඉවත් කර ඇත. මේ වන තුරු එම ශල්‍යකර්මයේ තුවාල සුවවී නොමැති අතර දින 2-3කය වරක් මහියංගන රෝහල වෙත තුවාලයට බෙහෙත් දැමිම සදහා යෑමට සිදුව ඇත.
තවත් ශල්‍යකර්මයක් සිදු කිරිමට ඇති බව වෛද්‍යවරු පවසා ඇත. (තුවාලය හොද නොවන නිසා) පවුලේ බර සම්පුර්ණයෙන් කරට ගෙන තනි පුද්ගලයෙකුගේ වැටුපෙන් ජීවත් වු ඇලෙක්සැන්ඩර්ගේ පවුල අද වන විට ඔහු රෝද පුටුවකට සීමාවී නිවසතුලට වි සිටිමට සිදු වීම තුල ජිවත්වීම නම් අරගලයට හසුව දැඩි පීඩනයට පත්ව සිටි.
ඇලෙක්සැන්ඩර්, ඔහු දියණිවරුන් 03ක් හා පිරිමි දරුවෙකු සිටිනා පියෙකි. දියණිවරුන් තිදෙනාම විවහක වන අතර ඔහුන්ගේ විහාහකයන් ද කුලිවැඩ කිරිමෙන් දිවි සරි කරගෙන ජිවත් වන අය වීමෙන් පියාහට උපකාර කිරිමද අපහසු වී ඇත. මාස 07ක් තිස්සේ ඔහුන්ගේ මිළ මුදල් වියපැහැදම්කර පියානන්ගේ රෝගයෙන් ගලවා, කකුල බේරාගැනීමට නොහැකි විය.
ලාබාල පුතුද රැකියාවක් නොමැතිකම හේතුවෙන් නිවසට උපකාරයක් කිරිමට හැකියාවක් නොමැතිතෙකි.
අද වන විට ඔහුන්ගේ ආර්ථිකය බිම් මට්ටමටම කඩා වැටි දිනක ආහාර වේල් 03න් 01 හෝ 02ක් කුසගින්නේ සිට දිවිය සරි කර ගන්නේ ඉතාමත් අසීරුවෙනි. ඒ ගමේ කිහිප දෙනෙකුගෙන් යම් යම් එ ලැබෙන සුලු ආධාර වලිනි.
ඔබ දුක් මහන්සියෙන් හරි හම්බකරනා මුදලින් කුඩා හෝ කොටසක් ඔහුන් වෙත ලබාදී ඔබහැදු වැඩු දෙමාපියන්ට, පරලෝසැපත් කිසියම් අයෙකු සිටිනම් ඔහුන් වෙත පිං අනුමෝදක් කිරිම සදහා ඇලෙක්සැන්ඩර් පවුලේ ජිවන අරගලයට පිහිටක් විය හැක.
උපකාර කිරිමට කැමති අයෙක් හෝ සංවිධානයක් සිටිනම් එක් වන්න අප සමග පහත දරකථන අංකයට කථාකරන්න. 
ප්‍රාදේශිය මාධ්‍ය වර්ථාකරු මහියංගනය- රංජිත් කරුණාවීර(+94) 0724900500 / 0714900500







Friday, July 15, 2016


නිව්ස් ඇට් මහියංගන සදහා නව ඇප් එකක් - News at Mahiangana App

නිව්ස් ඇට් මහියංගන සදහා නව ඇප් එකක්
23:05 14/07/2016
පහසුවෙන් පිවිසෙන්න කියවන්න මහියංගනයේ වතගොත - ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය මගින් News at Mahiangana වෙත පිවිසීම සදහා නවතම APP එකක් ඔබට දැන් පහත ලින්ක් එක මගින් Download කර ගත හැක. එය ඉන්ස්ටෝල් කර ගැනීම තුලින් අපගේ වෙබ් අඩවිය තුලට දිනපතා පහසුවෙන් පිවිසිය හැක. 
http://www.mediafire.com/…/982neej…/-News_at_Mahiyangana.apk

Thursday, July 14, 2016

රට වෙනුවෙන් දිවි පරදුවට තැබූ හසලක ගාමිණී දැයෙන් සමුගෙන වසර 25 යි - සැමරුම හසලක රණවිරු පිළිරුව අභියසදී.


2016-07-14 ප.ව. 2:08
උතුරුකරයේ රුදුරු යුද්දයේදි
දිනක් අගිමංකඩ කැළේ
සියලු බළමුලු කඩාගෙන ඉදිරියට ආ සතුරන් බළේ
උතුම් විරුවකු ලෙසින් එඩි පා රකිනුවස් මතු තුන් හෙලේ
නමින් හසලක වීරයා වු ඔබයි විරුවා මුලු සිංහලේ
වැදු අම්මාට තිබු සෙනෙහස උපන් බිමටත් ඇති උනේ
වැදු අම්මා ලෙසින් රැකගනු උපන් දේශය මිනිසුනේ
දිවිපුදා රුකදුන්නු උරුමෙට වසර විසිපහ අද දිනේ
ඔබේ නාමෙට තාම රතු මල් පිපෙනවා ‍මේ පිංබිමේ......
බෝම්බ පුරවාගෙන පැමිණි සතුරු යුද ටැංකියකට පැන රට ජාතිය වෙනුවෙන් ජිවිත කැප කල හසලක ගාමිනි කුලරත්ණ රණ විරුවා දැයෙනු සමුගෙන වසර 25 ක් සම්පර්ණ විම නිමිති කර ගනිමන් හසලක ගාමිණි කුලරත්න රණ විරුවගේ පිලිරුව අභියස ඊයේ (14) දහවල් පැවති පුෂ්පෝපාහාර වැඩ සටහනේදී හසලක ශ්‍රි පුෂ්පෝරාම විහාරාධිකාරි රාජකිය පන්ඩිත වනරව සුනන්ද හිමියන් කවියෙන් හසලක වීර ගාමිනි කුලරත්න විරුවාන් පිළිබද කාව්‍ය දේශනාවක් කරමින් එලෙස කවියෙන් පිං අනුමෝදන් කල සේක.
පුරා වසර තිහක්‌ මුළුල්ලේ අපේ රටට මහත් විනාශයක්‌ සිදු කළ කොටි ත්‍රස්‌තවාදී යුද සමයේ අලිමංකඩ යුද හමුදා කඳවුරට එල්ලවීමට ගිය දරුණු බෝම්බ ප්‍රහාරය සිය ජීවිතය පූජා කරමින් වැළැක්‌වූ මෙන්ම සහෝදර සෙබළුන් 1500 කට ආසන්න පිරිසකගේ ජීවිත බේරා දුන් හසලක වීර ගාමිණී සෙබළා දැයෙන් සමුගෙන මෙම ජුලි 14 වැනි දිනට වසර විසිපහක්‌ සපිරේ.
යුදහමුදා උත්තමාචාර මධ්‍ය යයයේ රණ විරුවාගේ මෑණියන් වන වයි.ජි. ජුලියට්‌ මාතාව විසින් හසලක රණවිරු ගාමිණි කුලරත්න පිළිරුව අභියසදී පුෂ්පෝපහාරය සිදුකර ගෞරව බහුමානයෙන් යුතුව සිහිපත් කලේය.
තෝරපිටිය ශ්‍රි නිග්‍රෝධාරාමාදිපති ශ්‍රාස්ත්‍රෙව්දි පොද්දල්ගොඩ දම්මානන්ද හිමි විසින් ආගමික වතාවත් සිදු කර පුණ්‍යානුමෝදන සිදු කර පිං අනුමෝදන් කර සිටි සේක. එම අවස්ථාව සදහා සංචාරක සංවර්ධන, ක්‍රිස්‌තියානි ආගමික කටයුතු හා ඉඩම් අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ උපදෙස්‌ පරිදි ඔහුගේ මාධ්‍ය ලේකම්, බස්‌නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය ලෝරන්ස්‌ මාදිවල මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක්‌ හා සිංහ රෙජිමේන්තුවේ 111 වන බළාසේනාකයේ සේනාධිපති බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් බංඩාර හා යුද හමුදා සාමාජිකයන් සහබාගි විය.
1966 සැප්තැම්බර් 22 වැනි දින හසලකදී උපත ලද වීර ගාමිණී හෙවත් ගාමිණී කුලරත්න හය‌දෙනකුගෙන් යුත් පවුලේ දෙවැන්නා විය.
හසලක ප්‍රදේශයේ ගොවියකු වූ වයි. බී. බබානිස්‌ ගාමිණීගේ පියා වූ අතර 1980 දී ඔහු මිය ගියේය. වයි. ජි. ජුලියට්‌ නමැති සිය මෑණියන් ද සෙසු සොහොයුරන් සහ සොහොයුරිය සමග ගාමිණී ජීවත් වූයේ හසලක ප්‍රදේශයේ කුඩා පැල්පතකය.
සාමාන්‍ය සෙබළකු ලෙස සේවයට බැඳුණු ගාමිණී කුලරත්න මිය යන විට ලාන්ස්‌ කෝප්‍රල්වරයකු ලෙස සේවය කරමින් සිටියේය.
ගාමිණී රණවිරුවා සිය ජීවිතය පුදා අලිමංකඩ හමුදා කඳවුරේ 1500 කට ආසන්න හමුදා සෙබළුන්ගේ ජීවිත බේරාගනු ලැබුයේ 1991 ජුලි මස 14 වැනි දිනයේදීය.
මෙම වීර ක්‍රියාව වෙනුවෙන් මෙම රණවිරුවා "පරම වීර විභූෂණ" සම්මානයෙන් පිදුම් ලැබීය. පසුව ඔහු සිහිවීමට පිළිරූ දෙකක්‌ද ඉදිකරනු ලැබිණි. ඉන් එකක්‌ ඔහු දිවි පිදූ අලිමංකඩ හමුදා කඳවුර අසල ඉදිකෙරුණු අතර අනෙක්‌ පිළිරුව ඔහුගේ ගම් ප්‍රදේශය වූ හසලක නගරයේ ඉදිකර තිබේ.
රට දැය වෙනුවෙන් සිය දිවි පිදූ හසලක ගාමිණී කුලරත්න රණවිරුවා රටට මෙන්ම දැයට ද මහත් අභිමානයකි.
පසුගිය කාලයේ වීර ගාමිණී සෙබළාගේ මෑණියන් . වයි. ජි. ජුලියට්‌ මාතාව මහත් කනස්සල්ලෙන් පසු වු කරුණක් තිබුනා. ඒ පිළිබද ඇය නොකියු කෙනෙක් නොකියු ඇමති වරයෙක් නොමැති තරම්ය. අප එම කනස්සල්ලට පිලිතුරු ලැබුනේද යන්න විමසා සිටියා. “ මට දරුවො 06ක් ඉන්නවා. පිරිමි 5යි. ගැහැණු දරුවයි. එකපුතෙක් තමයි රටජාතිය වෙනුවෙන් දිවි පිදුවෙ. මේ වන කොට වසර 25ක් වෙනවා පුතා නැති වෙලා. එයා ඒ කරපු විර ක්‍රියාව වෙනුවෙන් අපේ පව්ලේ දරුවෙකුට සුදුසුකම් අනුව රජයේ රැකියාවක් ලබාදෙන්න කියලා පසුගිය පැවති රජයන් වලට මම ඉල්ලිම් කලා. ඇමතිවරු ගොඩක් අයට කිව්වා. ඉල්ලිම් කලා. ලිපි දුන්නා. අපේ පව්ලේ දරුවෙක්ට ආන්ඩුවේ ස්තිර රැකියාවක් තමයි ඉල්ලුවේ. ඒත් හම්බ උනේ නෑ. බාලම පුතා පෞගලිකව ගොඩාක් වෙහෙසිලා රියදුරු රැකියාවක් ගත්තා. ඒකටත් රජයෙන් සහයෝගයක් ලැබුනේ නෑ. දැන් මගේ දරුවො රජයේ රුකියා කරන තරමට වඩා වයසට ගිහින් .මම දැන් කියන්නේ මට දැන් මුනුබුරෝ කිහිප දෙනෙක් ඉන්නවා. ඔහුන් හොදට ඉගෙන ගෙන ඉන්නවා. ගාමිණි කුලරත්න රණවිරු මගේ පුතාට කරන ගෞරවයක් ලෙස හෝ ඒ මුණුබුරන්ටවත් රජයේ රැකියාවක් ලබාදෙන ලෙස මම රජයෙන් ඉල්ලනාවා“ යැය පැවසීය.
පුෂ්පෝපහාරය සදහා හසලක වීර ගාමිණී සෙබළාගේ මෑණියන් . වයි. ජි. ජුලියට්‌ මාතාව සහ පවුල් සාමාජිකයන්, බස්‌නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය ලෝරන්ස්‌ මාදිවල මහතා, සම්බන්ධකරන ලේකම් ආර් වී කුමාර හා නිෂාන්ත සුගත්, සිංහ රෙජිමේන්තුවේ 111 වන බළාසේනාකයේ සේනාධිපති බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් බංඩාර හා යුද හමුදා සාමාජිකයන්, මිනිපේ ප්‍රාෙද්ශිය ලේකම් සමන්ති නාගස්තැන්න මහත්මිය, මිනිපේ කොට්ඨාශ අධ්‍යපන අධ්‍යක්ෂක එස් එස් සමරකොන් මහතා, යන මහතුන් හා ගම්වාසීන් සහභාගි වු අතර, පාසල් දරු දැරියන් සඳහා අභ්‍යාස පොත් ප්‍රදානයක්‌ ද මෙම අවස්‌ථාවේදී සිදු කෙරිනි.