Saturday, August 18, 2012

මහියංගණ පෙරහැරට කප් සිටුවයි


මහියංගණ පෙරහැරට කප් සිටුවයි

රංජිත් කරුණාවීර - මහියංගනය      2012-08-18        10:45 ප.ව.





ඓතිහාසික මහියංගන රජමහා විහාරීය සහ ඓතිහාසික මහියංගන මහා සමන් දේවාලයේ වාර්ශික ඇසල මහා පෙරහැර මංගල්‍ය සදහා කප් සිටුවීම 2012-08-17 දින රාත්‍රී 9.24 ට යෙදුන සුභ මොහොතින් සමන් දේවාල භූමියේදී සිදු කෙරින.

ඇතුල් පෙරහැර 17 සිට 21 දක්වාද
කුඹල් පෙරහැර 22 සිට 26 දක්වාද
රන්දෝලි පෙරහැර 27 සිට 30 දක්වාද
අවසන් රන්දෝලි පෙරහැර 31 දින රාත්‍රියේදී ද

ඓතිහාසික වැදිපෙහැර  - අවසන් රන්දෝලි පෙරහැර 31 දින රාත්‍රියේදී අවසන් වී විහාරයට සහ දේවාලයට ගෙවිදීමෙන් පසු එදිනම අලුයම යාමයේ (3.30 - 4.30) ඓතිහාසික වැදිපෙහැර  මහියංගන චෛත්‍යරාජයානන් වහන්සේට සහ සුමන සමන් දේව රාජයානන් වහන්සේට පුජෝපහාර කරමින් විදි සංචාරය කිරීමට නියමිතයි

දවල් පෙරහැර 2012 සැප්තැම්බර් 01 දින උදැසන  9.17ට ආරම්භ කෙරෙන අතර ආදිවාසී දොඩම් පෙරහැරද දවල් පෙරහැර සමග ගමන් කිරීමට නියමිතයි.

දිය කැපීම - 2012 සැප්තැම්බර් 01 දින උදැසන  5.46 ට මහවැලි ගංතීරයේදි සිදු කෙරේ.

Tuesday, August 14, 2012

මහියංගණ පොලිසිට අලි පැනලා


මහියංගණ පොලිසිට අලි පැනලා

රංජිත් කරුණාවීර - මහියංගනය      2012-08-14        10:45 ප.ව.

මහියංගණ පොලිස් භුමිය තුලට අද රාත්‍රි 9ට පමණ  වන අලියකු පැමිණිමෙන් මේවනවිට (ප.ව.10ට) ප්‍ර දේශයම කලබලයට පත් වී ඇත. ප.ව. 10.30ට පමණ වනජීවී නිළධාරීන් පැමිණ වන අලියා පැන්නීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත. 

නිදාසිටි බිරිද - සැමියාගේ පිචස් පහරින් මරුට - මව සමග නිදා සිටි දරුවා දුවගොස් දිවි බේරාගෙන


නිදාසිටි බිරිද - සැමියාගේ පිචස් පහරින් මරුට - මව සමග නිදා සිටි දරුවා දුවගොස් දිවි බේරාගෙන

රංජිත් කරුණාවීර - මහියංගනය      2012-08-14        09:05 ප.ව.


මහියංගණ ඌවතිස්සපුර 3/174 කෝන්ගස්හන්දිය පදින්චිව සිටි පී ජි ඉන්ද්‍රලතා කුමාරි(40) තම නිවසේ 14 හැවිරිදි තම පුතු සම ඇදේ නිදා සිටියදී 13 දින රාත්‍රී 10.30 ට පමන සැමියා විසින් එල්ල කරන ලද තියුනු ආයුද පහරින් මරුමුවට පත්ව ඇත. මව සමග නිදා සිටි 14 හැවිරිදි දරුවා දුවගොස් දිවි බේරාගෙන ඇත. ඉන් අනතුරුව සැමියාද වස පානය කර ඇත. වස පානය කල සැමියා මහියංගන පොලිසිය විසින් මහියංගන මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු මේවන විට ප්‍රතිකාර ලබාගනිමින් සිටී.
කේ ඩි පියසේන(50) වන සැමියා අදික ලෙස බීමත් කමට ඇබ්බැහිව සිටින බවත් - බිරිද සැක කර ඇය  සමග නිරන්තර රන්ඩු සරුවල් කිරීම සෑම දිනකම සිදුවන බව ගම්වාසීන් පවසනවා. මිය ගිය  ඉන්ද්‍රලතා කුමාරි තම පවුලේ අගහිගකම් දුරුකරගැනිම සදහා විදෙස් ගතව සිට ඇත. බිරිද විසින් එවන ලද සියලු මුදල්  සුරා සුදුව සදහා සැමියා වියදම් කර ඇත. මෙම පුද්ගලයා සි.ටි.බී.  රියදුරෙකු ලෙස සේවය කල අයෙකි. සැමියාගේ බේබදු කම නිසාත් රෝගාතුරවී එක්තැන් වීම නිසා විදෙස් ගතව සිටි බිරිදට ලංකාවට පැමිණිමට සිදුව ඇත. එසේ පැමිණි විට බිරිද විසින් එවන ලද සියලු මුදල්  සුරා සුදුව සදහා සැමියා වියදම් කර ඇති නිසා බිරිද රැකියාවකට යාමට සිදු වී ඇත. මිය ගිය  ඉන්ද්‍රලතා කුමාරි මහියංගන මුලික රෝහලේ ආපනශාලාවේ සේවිකාවක් ලෙස අවසන් වරට සේවය කර ඇත. ඇය දරුවන් තිදෙනෙකු සිටින මවකි

මහියංගන සහකාර පොලිස්අධිකාරි සරත් කුමාර මහතාගේ අධීක්ෂණයෙන් මහියංගන පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදුකරයි.

උඩදුම්බර සුප්පයියා ඇතුලු පදික වෙළෙන්දෝ 14 හැවිරිදි දැරියක කෙළෙසති


Wednesday, August 1, 2012

ඔබගේ ජංගම දුරකථනයෙන් මෙම web site පිවිස, ගැටලුවකින් තොරව කියවීමේ පහසු කම අද සිට











ඔබගේ ජංගම දුරකථනයෙන් මෙම  web site පිවිස, ගැටලුවකින් තොරව කියවීමේ  පහසු කම අද සිට උදාකර දී තිබෙන බව ඔබ හට දැනුම් දෙන්නේ මහත් වු සතුටකිනි.  ඔබගේ ජංගම දුරකථනයෙන් මෙම  web site පිවිස කියවීමේ අපහසු කම් ඇත්නම් කරුණා කර ඒ පිළිබද අප හට වහාම දැනුම් දෙන්න.

ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු අසාදාරණයට එරෙහිව මහියංගණ නගරයේදීත් විරෝදතාවයක්


රංජිත් කරුණාවීර - මහියංගනය      
2012-08-01        10:08 ප.ව.


සිසුන්ට සරසවි වරම් අහිමි කල  - එස්බී - බන්දුල ගෙදර යනු ලෙස සටන් පාඨ කියමින් ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු  අසාදාරණය ඉවත් කර සිසුන් හට සාධාරණය ඉටු කරදෙන ලෙස බල කරමින් සිදුවී ඇති අසාධාරණයට විරෝදය පාමින් අද (01) මහියංගණ නගරයේ විරෝදතාවයක් සංවිධානය කර තිබුනා. සිදු කර ඇති අසාධාරණයට එරෙහි පැමිණ සිටි සිසුන් සියලු දෙනා විසින් පෙත්සමක්ද අත්සන් කරනු ලැබුවා.

Monday, July 30, 2012

ආදරය කිරීමට ගොස් රෝහලේ නතරවේ


රංජිත් කරුණාවීර - මහියංගනය      2012-07-30          10:30 ප.ව.

මාපාකඩ ප්‍රදේශයේ 15 හැවිරිදි පාසැල් දැරියකගේ ආදරය පතා ඇය පසු පස නිතර ගිය මහියංගන නගරයේ 26 හැවිරිදි තරුණයෙකු හා පාසැල් දැරියකගේ පවුලේ අය සමග ඇති වු ආරවුලක් හේතුවෙන් 28 සවස සිවු දෙනෙකු තුවාල ලබා මහියංගන මුලික රෝහලට ඇතුලත් කර ති‍ෙබන බව මහියංගන පොලිසිය සදහන් කලා. පාසැල් දැරිය මහියංගන ප්‍ර දේශයේ පාසලක ඉගෙනුම ලබමින් සිටී. වයස 20-30 අතර වයසේ පසුවන සිවුදෙනෙකු ඇතිවු ආරවුල නිසා තුවාල ලබා රෝහලට ඇතුලත් කර ඇත.

බාල වයස් කාර දරුවාට අරක්කු පොවා දෙදෙනෙක් පොලිස් කුඩුවට


රංජිත් කරුණාවීර - මහියංගනය      2012-07-30          10:30 ප.ව.

හසලක බලවර්ධන ඔය විහාරස්ථානයක පැවති පිං කමකට සහබාගී වු 12 හැවිරිදි දරුවෙකු හට පිං කම අවසානයේදී මත් පැන් පෙවු දෙදෙනෙකු හසලක පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. 12 හැවිරිදි දරුවා ඊයේ (29) සවස හසලක රෝහලට ඇතුලත් කර ඇති අතර දරුවාට මත් පැන් පෙවු දෙදෙනා හසලක පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කෙරුනා.

මහියංගණ නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලය අවුල් ජාලයක් වෙලා


Sunday, July 29, 2012

කැබ් රථය ලයිට් කණුව පෙරලයි

රංජිත් කරුණාවීර - මහියංගනය      2012-07-29          10:00 ප.ව.

මහියංගණ පදියතලා මාර්ගයේ ගමන් කරමින් තිබු කැබ් රථයක් 49 කණුව ප්‍ර දේශයේදී පාරෙන්  ඉවතට පැන ලයිට් කණුවක හැපී ඇත. මෙම අනතුරෙන් කැබ් රථයට සහ ලයිට් කණුවට හානි සිදු වී ඇති අතර එහි ගමන් ගත් පුද්ගලයන් හට හානි සිදු වී නො මැත.

වයස 14 දැරියක් කෙලෙසයි - 5ක් අත් අඩංගුවට

රංජිත් කරුණාවීර - මහියංගනය      2012-07-29          10:00 ප.ව.

වයස 14 දැරියක් කෙලෙසු 22 හැවිරිදි පුද්ගලයෙකු අද (29) ගිරාදුරුකෝට්ටේ පොලිසිය මගින් අත් අඩංගුවට ගත්තා.  ඊට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් ද පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. 

නිවස බිද රත්‍රන් සොරකම් කල පුද්ගලයන් දෙදෙනෙක් හසලක පොලිසියට කොටු වේ

රංජිත් කරුණාවීර - මහියංගනය      2012-07-29          10:00 ප.ව.

හසලක වේරගංතොට පාලමහන්දියේ වෙළෙදසැලක් සහ බේකරිය අයිතිකරුවකුගේ නිවස බිද හිමිකරු හා තවත් දෙදෙනෙකු කඩුවකින් කපා කොටා තුවාල සිදුකර නිවසේ සේප්පුවේ වු මුදල් සහ ලක්ෂ 25 කට ආසන්න වටිනා කමක් ඇති රත්‍රං සොරකම් කර පලා ගිය  පුද්ගලයන් දෙදෙනෙකු  හසලක පොලිසිය මගින් 27 වන දින අත් අඩංගුවට ගෙන ඇත. සිද්දියට සම්බන්ද තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනිමට නියමිතයි.
බේකරි හිමිකරු විසින් එදින රාත්‍රියේ තමාගේ නිවසට පැමිනි පුද්ගලයන් බවට හදුනා ගැනිමේ පෙරට්ටුවකදී අත් අඩංගුවට පත් පුද්ගලයන් හදුනා ගෙන ඇත.  අත් අඩංගුවට ගත් පුද්ගලයන් වයස 25 ක් හා 28 තරුණයන් වන අතර ගම්පහ  ප්‍ර දේශයේ පදිංච් කරුවන් බව හසලක පොලිසිය පවසනවා.

වාහනයකට මගියෙක් යට කරගෙන යයි


රංජිත් කරුණාවීර - මහියංගනය      2012-07-29          10:00 ප.ව.

මහියංගන බිබිල මාර්ගයේ 18 කණුව ප්‍රදේශයේදී 27 දින රාත්‍රියේ මහමග ගමන් කරමින් සිටි මගියෙකු වාහනයකට යට කරගෙන ගොස්, මගියා මරණයට පත්වී ඇත.