Thursday, September 15, 2016

මිනිපේ අමුණ ප්‍රතිසංස්කරණයට පියවර


20:17 15/09/2016

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත මිණිපේ ගොවි ජනපදයේ කෘෂිකාර්මික කටයුතුවල නියැලෙන ගොවි ජනතාවට ජල පහසුකම් වැඩි දියුණු කිරිමේ අරමුණින් මිනිපේ වම් ඉවුරු ඇල ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු යොදා තිබේ.
මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ඇතුළු පිරිසක් මිනිපේ වම් ඉවුර හා සොරෝවුව නිරීක්ෂණ කිරීමට එක්විය.
රුපියල් මිලියන 2,600 ක මුදලක් යොදවා ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සදහා ආසියනු සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 25ක ආධාර මුදලක් ලබාදී තිබේ. ඒ අනුව කි.මී. 74 ක දිගින් යුත් මිණිපේ ඇල ප්‍රතිසංස්කරණය කරනුයේ වසර තිහකට පමණ පසුව වීමද විශේෂත්වයකි.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරන ලද මහවැලි ජල සුරක්ෂිතතා ආයතනය මගින් මෙම ව්‍යාපෘතිය දියත් කරන අතර මේ යටතේ මිණිපේ වම් ඉවුරු වේල්ල මීටර් 3.5 කින් උස්කිරීමට නියමිතයි.
ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු මිණිපේ ගොවිජනපද ව්‍යාපාරයේ කෘෂිකාර්මික කටයුතු සදහා හිගයකින් තොරව කුඹුරු හෙක්ටයාර් 7,500 කට ජලය ලබාදීමට හැකියාව ලැබෙන
මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා, පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා,ඌව පළාත් මන්ත්‍රී අනුර විදානගමගේ මහතා,මිනිපේ වම ඉවුරු ඇල පුනුරුත්තාපන වියප්‍රතියේ වියප්‍රති අධ්‍යක්ෂ එස්.ඩි මැදිවක මහතා ඇතුළු පරිසර අමාත්‍යංශ නිලධාරී පිරිසක් සහබාගි විය.











මාරක රිය අනතුරෙන් දෙදෙනෙක් මරුට - 8ක් රෝහලේ

 2016-09-15 පෙ.ව. 11:59
මහියංගන බදුල්ල මාර්ගයේ, දම්බරාව පාලම අසලදී අද(15) දහවල් 11.00ට පමණ වැටහීරියා දර පැටවු ලොරි රථයක් හා වැන් රථයක් මුහුණට මුහුණ ගැටී වෑන් රථයේ ගමන්ගත් දෙදෙනෙකු මිය ගියේය. 8 දෙනෙකු තුවාල ලබා මහියංගන රෝහල වෙත ප්‍රතිකාර සදහා ඇතුලත් කරනු ලැබීය. වෑන් රථයේ රියදුරු හා පසුපස ගමන් ගත් කාන්තාවක් මිය ගියේය.

අනතුරට පත් වෑන් රථයේ සිටි සියලු දෙනා අම්පාර ප්‍ර දේශයේ පදිංචි අය වේ. කුඩා දරුවන් 3ක් අතුලු දස දෙනෙකු වෑන්රථයේ ගමන් කරමින් සිට ඇත. වෑන් රථයේ ගමන් කල දස දෙනාම තුවාල ලබා රෝහල් ගත කල අතර වැඩිදුර ප්‍රකිකාර සදහා හතර දෙනෙකු බදුල්ල මහරෝහල වෙත මරු කර යැවිනි. ලොරි රථයේ රියදුරු මහියංගන පොලිසිය වෙත බාරවී ඇති අතර ඔහු මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙක ඉදිරිපත් කිරිමට නියමිතව සිටි.

සිද්ධිය සම්බන්දයෙන් මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා ගේ හා රථවාහන අංශයේ ස්ථානාධිපති රොශාන් සංජිව මහතාගේ ප්‍රධානත්වයෙන් රථවාහන අංශයේ නිළධාරින් විසින් සිදු කරනු ලබයි.






Thursday, September 8, 2016

ඓතිහාසික මහියංගන ඇසල පෙරහැර - 2016

22:21 08/09/2016
ඓතිහාසික මහියංගන රජමහා විහාරීය සහ ඓතිහාසික මහියංගන මහා සමන් දේවාලයේ වාර්ශික ඇසල මහා පෙරහැර මංගල්‍යයයේ දෙවන කුඹරල් පෙරහැර අදයි (08)
ඇතුල් පෙරහැර 2016 සැප්තැම්බර් 02 සිට 07 දක්වාද
කුඹල් පෙරහැර 2016 සැප්තැම්බර් 08 සිට 11 දක්වාද
රන්දෝලි පෙරහැර 2016 සැප්තැම්බර් 12 සිට 16 දක්වාද
අවසන් රන්දෝලි පෙරහැර 2016 සැප්තැම්බර් 16 දින රාත්‍රියේදී ද
ඓතිහාසික වැදිපෙහැර – අවසන් රන්දෝලි පෙරහැර 2016 සැප්තැම්බර් 16 දින රාත්‍රියේදී අවසන් වී විහාරයට සහ දේවාලයට ගෙවිදීමෙන් පසු එදිනම අලුයම යාමයේ (3.30 – 4.30) ඓතිහාසික වැදිපෙහැර මහියංගන චෛත්‍යරාජයානන් වහන්සේට සහ සුමන සමන් දේව රාජයානන් වහන්සේට පුජෝපහාර කරමින් විදි සංචාරය කිරීමට නියමිතයි
දවල් අවසන් පෙරහැර 2016 සැප්තැම්බර්17 දින උදැසන ආරම්භ කෙරෙන අතර ආදිවාසී දොඩම් පෙරහැරද දවල් පෙරහැර සමග ගමන් කිරීමට නියමිතයි.
දිය කැපීම – 2016 සැප්තැම්බර්17 දින උදැසන මහවැලි ගංතීරයේදි සිදු කෙරේ.

මහලොකු කිරි අම්මා වෙනුවෙන් හැත්මේ නටන ආදීවාසී ඇත්තන් දුටුවෙමු!

ආදිවාසී ජනතාව තුළ පවතින ශාන්ති කර්ම අතරින් ප්‍රසිද්ධව ඇත්තේ කිරිකොරහා නැටීමය. ජනතාවගේ විශ්වාසය ද ආදිවාසී ජනතාවගේ එකම ශාන්ති කර්මය කිරිකොරහා පමණයි කියාය. එහෙත් එම ශාන්ති කර්මයට එහා ගිය තවත් සුවිශේෂී ඇදහිලිs ක්‍රම කිහිපයක්‌ම ආදිවාසී ජනතාව තුළ තිබේ. අප මේ කතා කරන්න යන්නේද කිරිකොරහා නැටීමට එහා ගිය ආදිවාසී ජනතාව අතර තිබෙන තවත් සුවිශේෂී ඇදහිලි ක්‍රමයක්‌ ගැනය. ප්‍රසිද්ධියක්‌ නැති මුත් අදිවාසී ජනතාව දැඩි සේ විශ්වාස තබා තිබෙන ශාන්ති කර්මයක්‌ ගැනය. එනම් හැත්මේ ශාන්ති කර්මය ගැනය. කෙනකු තමන්ගේ ආගම ඇදහීම තුළ බලාපොරොත්තු වන්නේ කිනම් දෙයක්‌ ද දඹානෙ පෝරුගමේ වැසියන් ද හැත්මේ ශාන්ති කර්මය තුළින් ශාන්තියක්‌ බලාපොරොත්තු වන්නාහ.
ආදිවාසීන් ජීවත් වන ගම්මානයකට හැත්මයක්‌ තිබේ. ඒ හැත්මේ නැටීමෙන් බලාපොරොත්තු වන්නේ එක්‌ පුද්ගලයකුගේ ශාන්තියක්‌ නොවේ. ගමට සහ මුළු රටට ලැබෙන ශාන්තියකි. සාමාන්‍යයෙන් ආදිවාසී ගමක හැත්මේ ශාන්ති කර්මයක්‌ පවත්වන්නේ අවුරුද්දකට එක වතාවකි. විශේෂයෙන්ම හැත්මේයක්‌ පවත්වන කාලය තීරණය වන්නේ සමන් දෙවියන් වෙනුවෙන් පවත්වන පෙරහැරට පෙර මාසයයි. හැත්මේ කාර්යයන් සියල්ලම සිදු කෙරෙන්නේ මහලොකු කිරිඅම්මා වෙනුවෙනි. මහ ලොකු කිරිඅම්මාගේ කාර්යයන් සමන් දෙවියන්ට කරන පුද සත්කාරයන්වලට පෙර සිදු කර හමාර කළ යුතු බවට සමාජයේ මතයක්‌ තිබේ. එහෙයින් හැත්මේ භාරව සිටින සියලුම දෙනා සමන් දේවාලයේ පෙරහැරට පෙර එම ශාන්ති කර්ම පවත්වා අවසාන කරන්නේය.
මෙවර ද දඹාන පෝරුගම් ආදිවාසීන් හැත්මේ නැටීමට දින සූදානම් කරගෙන සිටින බව අපට සැළ විණි. අපිත් කථීකා කර ගත් අයුරින් දුරකතර ගෙවාගෙන හැත්මේ නටනවා බලන්න පෝරුගමට යන්න පිටත් වීමු. සිතූ තරම් ගමන ලේසි පහසු නැත. අප මහියංගනයට යන විට ප්‍රදේශය පුරා අඳුර ගලමින් තිබිණි. සවස 6.00 ට පමණ අපි මහියංගනයෙන් කොටබකිණිය බස්‌ රථයට ගොඩ වීමු. බස්‌ රථය සම්පූර්ණයෙන්ම පිරී ගොස්‌ තිබුණේ වැදි ජනතාවගෙන්ය. බස්‌ රථයේ සිටි ආදිවාසීහු කිහිප දෙනෙක්‌ම අප සමග සුහදව කතා බහ කළහ. හැත්මේ ශාන්ති කර්මයේ අනුහස්‌ ගැන ද ඔවුහු අපට බොහෝ දේ විස්‌තර කර දුන්හ. පසුව අපි මහියංගනය අම්පාර මාර්ගයේ දඹාන හන්දියෙන් බැස ත්‍රිරෝද රථයකට නැගී දඹාන ආදිවාසීන්ගේ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය අසලට ගියෙමු. හැත්මේ ශාන්ති කර්මය පැවැත්වෙන ස්‌ථානයට එතැන සිට තවත් කිලෝ මීටර දෙකක්‌ පමණ කැලේ ඇතුළට යැමට සිදු විය. ගමන අතිශය අවදානම්ය. ජංගම දුරකථන එළි හැරෙන්නට වෙන කිසිදු පිහිටක්‌ අපට නැත. අලි කොටි වළසුන් මඟ රැකවළේය. කැලෑ දෙවියන්ගේ පිහිටෙන් අපි අඩි පාර දිගේ යක්‌පොළ සොයාගෙන ගියෙමු.
ඒ යන විටත් විශාල පිරිසක්‌ එතැනට එක්‌රොක්‌ව සිටියහ. ඒ අතර විශ්වවිද්‍යාල සිසුන්, ගුරුභවතුන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන් ද විශාල පිරිසක්‌ සිටීයහ. එමෙන්ම තවත් කිහිප දෙනෙක්‌ හැත්මේ නැටීමට සූදානම් කර තිබූ මඩු විවිධ අතු, වැල්, මල් වලින් සරසමින් සිටීයහ. අප එතැනට ගොස්‌ පැය දෙකකට විතර පසු එනම් රෑ එකොළහට පමණ හැත්මේ නටන ස්‌ථානයේ සිට ටික දුරකින් මඩුවක තැන්පත් කර තිබූ දේව ආභරණ වැඩමවීම සිදු කෙරිණි. ගහක්‌ යට පැදුරක්‌ මත ඈඳී ගෙන අපිත් හැත්මේ නැරඹීමට සූදානම් වුණෙමු.
වැදි ජනතාවගේ දේවස්‌ථානය ලෙස සැලකෙන්නේ යක්‌පොළය. දේව ආභරණ තැන්පත් කර තිබෙන්නේ ද මෙම දේවස්‌ථානයේය. එහෙයින් මෙම ස්‌ථානය මිනිස්‌ වාසයෙන් තොර ඉඳුල් කිළිටුවලින් නොඉඳුල් ස්‌ථානයක්‌ හැටියට ද සැලකේ. හැත්මේ ශාන්ති කර්මය පවත්වනු ලබන්නේ ද යක්‌පොළ ආසන්නයේ තැනකය. දේවස්‌ථානයෙන් යක්‌ දෙවිඳුන් සහ ආභරණ වැඩමවීමෙන් පසු හැත්මේ නැටීම ආරම්භ වේ. සාමාන්‍යයෙන් හැත්මයක්‌ ආරම්භ වන්නේ රාත්‍රි දහයට පමණය. එතැන් සිට පහුවදා සවස තුන හතර වන තෙක්‌ ශාන්ති කර්මය පැවැත්වේ.
ඉදිගොල්ලෙ කිරිඅම්මා
කුකුළාපොළ කිරිඅම්මා
ඉදිගොල්ලෙ කිරිඅම්මා
කුකුළාපොළ කිරිඅම්මා
රැක දෙම්මා කිරිඅම්මා
දිවැස්‌ උතුම් කිරිඅම්මා
ගැහැනු, පිරිමි ළමයින් පිරිසක්‌ ඉතාම ළයාන්විත සමූහ හඬකින් මහලොකු කිරිඅම්මාට මොක්‌කාලීය තුළට ආරාධනා කරන්නාහ. ගායනය සේම බෙර වාදනය, ගෙඡ්ජි සෙලවීම සහ නර්තන ද ඉතාම සංවරය. බලා සිටීම ප්‍රිය උපදවන්නේය. විදුලි පන්දම් නැති තොවිල් පොළ ආලෝකමත් වී තිබෙන්නේ පෙට්‌්‍රල් ලාම්පු සහ පන්දම් විලක්‌කුවලිනි. ඝන අඳුර මැද තැනින් තැන දැල්වෙන පන්දම් එළි ඒ බිමට අමුතුම විචිත්‍රත්වයක්‌ එකතු කර තිබිණි. එමෙන්ම පළඟැටියන්ගේ කෙඳිරිය, කලාමැදිරියන්ගේ අමිහිරි නාදය ද මේ කුඩා ළමයින්ගේ කවිකාර හඬට මුසුව ගලා එන්නේ ළයාන්විත ස්‌වරයකින් හැඬවෙන සංගීතයකි.
හැත්මේ ශාන්ති කර්මය නැටීම සඳහා ගොක්‌ අතු, කොළ අතු ආදී සැරසිලිවලින් යුත් යක්‌ මඩු හතරකි. ඊට අමතරව මොක්‌කාලීයෙන් පටන්ගෙන කොළ මඩුව, කම්බ කණුව සහ බුලත් මඩුව යනුවෙන් තවත් සෙසු මඩු කිහිපයක්‌ සකස්‌ වී තිබේ. යකුන් සම්බන්ධව පෞද්ගලිකව කරන ශාන්ති කර්මවලදී වගේ නොවේ හැත්මේ ශාන්ති කර්මය තුළදී සියලු යකුන් වෙනුවෙන් පුද සත්කාර පැවැත්වේ. යකුන් වෙනුවෙන් කරන යාග රෞද්‍ර ගතියක්‌ පෙන්නුම් කරන අතර දෙවියන් වෙනුවෙන් කරන නැටුම් සංවර සහ බැතිබර ස්‌වරූපයක්‌ උසුලන්නේය. දෙවියන් වෙනුවෙන් නටන අවස්‌ථාවලදී වෙහෙසකර ආරූඪ වීම්, බිම වැටීම් සහ පෙරළීම් සිදු වන්නේ නැත. යකුන්ගේ නැටුම් තුළ පෙර කී සියල්ල ඇතුළත් වන අතර නරඹන්නා විශ්මයට පත් කරවන සුලු නර්තන ඉදිරිපත් වන්නේය. පැඳුරු මත වාඩි ගෙන හැත්මේ නරඹන පුංචි උන් මරළතෝනි දී කෑමොර දෙන තරමට යකුන්ගේ නර්තන විලාසයන් භයංකරය. යකුන්ගේ අඬහැරය මැද මහ කැලේ මැදින් ඇසෙන අලි කොටි වළසුන්ගේ නාදයෙන් අපි තවත් භ්‍රාන්ත වී සිටියෙමු. ශාන්ති කර්මය තුළ ගායනා කරන කවි, බෙර පදවල සිට නැටුම් ස්‌වරූපයත් වෙනස්‌ය. රෞද්‍ර ස්‌වරූපයෙන් කරන නැටුම් සහ බොදු බැතියෙන් කරන නර්තන වශයෙන් විශේෂ කොට දැක්‌විය හැකිය. එම නැටුම් වෙනස්‌ වන්නේ වෙස්‌ ගන්වන යක්‍ෂ කොට්‌ඨාසය නියෝජනය වන ආකාරය අනුවය. විශේෂයෙන් මොක්‌කාලීයේදී දකින්නට ලැබෙන්නේ හැඩ වැඩ වූ අලංකාර නර්තන ශිල්පියෙකි. එහෙත් කොළ මඩුවේදී අපට දකින්නට ලැබෙන්නේ සරල ඇඳුමින් සැරසුණු නර්තන ශිල්පියෙකි. දිවැස්‌ දෙවියන් සහ දොළහයකුන් වෙනුවෙන් කරන මල්එළිය නර්තන ඉතාම සංවර, ගෞරවාන්විත නර්තනයක්‌ ලෙස දැක්‌විය හැකිය.
දෙන දෙදි නානෙ... දෙදි නානෙ
දෙන දෙදි නානෙ... දෙදි නානෙ
බටවල කන්දට හේ පිරි පිහිටෙ
බටවල කන්දට හේ පිරි පිහිටෙ
තෙල්ලන් ඉර ගෙඩි විහිදෙන්නා
තෙල්ලන් ඉර ගෙඩි විහිදෙන්නා
වේගෙන් ඉර ගෙඩි පායන කාලෙට....
හැත්මේ ශාන්ති කර්මය පුරා යකුන් තුන්සිය හැටක්‌ වැනි පිරිසකට පුද සත්කාර පවත්වනු ලැබේ. හැත්මේ ශාන්ති කර්මය තුළ ප්‍රධාන යක්‍ෂ කාණ්‌ඩ දෙකක්‌ ලෙස නර්තන ඉදිරිපත් කෙරේ. ප්‍රධාන යක්‌ දෙවියන් ලෙස මල්දම්, ජලජ යක්‍ෂ දෙදෙනකු සහ ඊට පහළින් සිටින තවත් යක්‌ දෙවිවරු කිහිප දෙනකු නර්තන ඉදිරිපත් කරති. දෙවැනි පෙළෙත් දෙවිවරු පස්‌ දෙනෙක්‌ පමණ නර්තනයන් ඉදිරිපත් කරති. නම් වශයෙන් සඳහන් කළොත් යල්ඉරණාරච්චිලා, මුදුවල යකින්නෝ, මලුවේ යක්‌කු සහ ලේපත්නච්චිලා කියන යක්‌ දෙවියන් වෙනුවෙන් මඩුව කියන ස්‌ථානයේ ශාන්ති කර්මය කරති. තාරතිරම නොබලා ලොකු කුඩා මහලු හැමෝම නෑ සනුහරේ යකුන් සියල්ලෝම තමන්ගේ ඥාතීන්ගේ ශරීර කූඩුවලට ආරූඪ වී හැත්මේ නටනු ලැබේ.
''හැත්මේ කියන්නේ වැදි ජනතාවගේ පාරම්පරික ශාන්ති කර්මයක්‌. වැදි පරම්පරාවේ ආරම්භයේ සිටම ඔවුන්ගේ මළගිය ඇත්තෝ සහ යකුන් ඇදහීම කෙරුණා. වැදි පරම්පරාවේ ආරම්භයේ ඉඳලම කරගෙන එන නිසා හැත්මේ ශාන්ති කර්මයට දිගු ඉතිහාසයක්‌ තියෙනවා. සිරිතක්‌ විදිහට අපි මහියංගන පෙරහැරේ දිය කපන උත්සවයට ඉස්‌සර වෙලා හැත්මේ නැටීම කරනවා. මේ ශාන්ති කර්මය සිදු කරන්නේ මහියංගන පෝරුගම සමන් දේවාල භූමියේ. සමන් දේවාලය කියන්නේ බණ්‌ඩාර දෙවියන්, සමන් දෙවියන් සහ මහ ලොකු කිරි අම්මා වැඩ සිටින ස්‌ථානයට. කථිකා කරගත් විදිහට ඊයේ රෑ ශාන්ති කර්මය පටන් ගත්තා. හෙට හවස වෙනකම් ශාන්ති කර්මය පැවැත්වෙනවා. අපේ මිනිස්‌සුන්ගේ විශ්වාසයක්‌ තියෙනවා මේ ශාන්ති කර්මය පැවැත්වුණාට පස්‌සෙ සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා. ගමේ ගෙවල්වල සියලුම දෙනා මෙතැනට එකතු වෙලා ඉන්නවා. ගමේ බාල කුඩා හැම කෙනෙක්‌ම දින තුනක්‌ මස්‌ මාංශවලින් වැළකිලා තමයි මෙතැනට ඇවිත් තියෙන්නෙ. මේ ශාන්ති කර්මය හෙට අවසාන වෙනකොට ගම්ගොඩේ ලෙඩ දුක්‌වලින් පීඩා විඳින හැම කෙනෙකුටම සහනය ලැබෙනවා. අපේ මුතුන් මිත්තන්ගෙ කාලෙ ඉස්‌පිරිතාල නෑ. ලෙඩට දුකට බෙහෙත් නෑ. මහ කැලෑවේ සතා සිව් පාවකුගෙන් කරදරයක්‌ වුණත්, ගිනි බටයක්‌ පත්තු වුණත් වෙද ගෙදරට ගෙනියන්න ඉස්‌සර වෙලා යක්‌ දෙවිඳුන් ඉදිරියට ගෙනිහින් බාර වෙනවා. සමහර වෙලාවට එතැනින්ම ලෙඩ සුවපත් වෙනවා. හැම දුකක්‌ම කියන්නෙ යක්‌ දෙවිඳුන්ට. මේ ශාන්ති කර්මයේදී කෙරෙන්නේ යක්‌ දෙවිඳුන්ට වෙච්ච බාර හාර ඔප්පු කිරීම. මේක අපේ වරිගයට, ගමට විතරක්‌ කරන ශාන්තියක්‌ නෙමෙයි. ප්‍රදේශයටත් මුළු රටටත් මේ යාගයෙන් ශාන්තියක්‌ වෙනවා. හැත්මේ නටන්න වෙන කොහෙන්වත් නැට්‌ටුවො ගේන්නෙ නෑ අපේ දරුවො තමයි මෙතැන නැටුම් ඉදිරිපත් කරන්නේ. අපේ මිනිසුන්ගේ ඇඟ තුළ මේ නර්තන තියෙනවා. මේ රට පැවත එන්නෙත් යක්‍ෂ, නාග ගෝත්‍රවලින්. ඒ කාලයෙ ඉඳලම ඒ ඇත්තො ඇදහීම් කරලා තියෙන්නෙ යක්‍ෂයන්ට නාගයන්ට. ඒ අතින් බලනවා නම් මේ රටේ හැම කෙනෙකුට හැත්මේ ශාන්ති කර්මය ශාන්තියක්‌ වෙනවා. ඒ නිසා තමයි අදටත් මේ දේවල් මේ විදිහට කෙරෙන්නේ...'' හැත්මේ ඉදිරිපත් කෙරෙන අතරතුර ඌරු වරිගෙ ලොකු බණ්‌ඩර ඇත්තො තම වරිගයේ සම්ප්‍රදායන් ගැන අපට විස්‌තර කළේය.
ඉතිහාසයේ වැදි ප්‍රජාව දඩයම සහ සත්ව පාලනය යන දෙකත් වෘත්තියන් ලෙස වෙන් කරගෙන තිබිණි. ඒත් අද ඔවුහු දඩයමෙන් ඉවත් වී ගොවිතැන ජීවන වෘත්තිය කරගෙන සිටින්නාහ. විශේෂයෙන්ම මේ අහිංසක ජනතාව යක්‌ දෙවිඳුන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ ජීවනාලිය වන ගොවිතැන සරු කර දෙන්නයි කියාය. කුඩා දරුවන් වෙනුවෙන් එම ස්‌ථානයේදී වෙනම ශාන්ති කර්ම සිදු කෙරේ. විශේෂයෙන්ම පුංචි දරුවන්ට වැළදෙන වසංගත රෝගකාරකාදීන්ට වර්තමානයේ බෙහෙත් හේත් තිබුණද අතීතයේ තිබූ එකම බෙහෙත යක්‌ දෙවියන්ට බාර වීම පමණි. එමෙන්ම දරු ඵල බලාපොරොත්තුවෙන් සිටින මවුවරුන්ට ද හැත්මේ තුළ වෙනම ශාන්ති කර්ම සිදු කෙරේ. එදා ඒ දේවල්වලින් ශාන්තිය අත් වුණද අද සමාජය තුළ මෙවැනි දේවල් ගැන විවිධ මත පවතී. එහෙත් හැත්මේ ශාන්ති කර්මය තුළින් ආදිවාසී ජනතාවට නම් ශාන්තියක්‌ අත් වන බව ඔවුන්ගේ විශ්වාසයයි.
මහ කැලයක්‌ මැද තමන්ගේ සංස්‌කෘතිය සහ අනන්‍යතාව ආරක්‍ෂා කරගැනීමට ඔවුන් මේ ශාන්ති කර්මය අනාගතයට වැඩමවාගෙන එනු ලැබේ. එහෙත් වැදි ජනතාවගේ සංස්‌කෘතියත් සමග කිරිකොරහා ඉදිරියට ගෙන ඒමට ඔවුන් උත්සාහ කළද, හැත්මේ සම්ප්‍රදාය ජනප්‍රිය කිරීමට ඔවුන්ගේ වැඩි කැමැත්තක්‌ නැත. සැබැවින් ආධ්‍යාත්මික සුව ප්‍රාර්ථනා කරමින්, ඉදිරි ආත්මය පිළිබඳ ජීවත්වන තුරු සතුටින් ජීවත්වීමට සහ තමිනගේ නෑපරපුරේ මියගිය උන් ආමන්ත්‍රණය කිරීම සඳහා වැදි ජනතාව හැත්මේ නැටීම කරනු ලැබේ. මේ ගම්මානයේ වෙසෙන ජනතාවට පමණක්‌ නොව දඹාන ඇතුළු අවට ගම්මානවල වෙසෙන ජනතාවට ද මෙම ශාන්ති කර්මය තුළින් ශාන්තියක්‌ අත් වන බව වැදි ජනතාවගේ අදහසය. වරිගයේ ආරම්භයේ සිට අද දක්‌වා නොකඩාව හැත්මේ ශාන්ති කර්මය පැවැත්වෙන්නේ වැදි ජනතාවගේ සිත් තුළ පැළපැදියම් වූ එකී විශ්වාසය මත බව සැබෑය.
තරංග රත්නවීර
ලලන්ත වන්නිආරච්චි

ඔබත් දැනගන්න ආදිවාසීනගේ පුද පුජා ක්‍රම!

එස්‌. වීරරත්න
අංක 332, පොල්ගහමුල,
කොළඹ පාර, පේරාදෙණිය.

සිංහල ජාතියේ ආරම්භය ගැන ඉතිහාසඥයන් සහ සමාජ විද්‍යාඥයන් පමණක්‌ නොව විවිධ උගතුන් අතරද විවිධ මතිමතාන්තර ඇත. "මහාවංශයට" අනුව "විජය කුමරු" ශ්‍රී ලංකාවට පැමිණි පසු සිංහල ජාතිය ආරම්භ වූ බව පෙනේ.
වංග රටේ සිට නැව් නැගලා
තම්මැන්නාවට ගොඩ බැහැලා
විජය නමින් යුත් කුමාරයා
සිංහල ජාතිය පිහිටෙව්වා
එහෙත් ඒ මතයට විරුද්ධ ඇතැම් අය රාවණා රජු යුගයේත් සිංහල ජාතිය ජීවත් වූ බව පවසති. එසේම විජය ශ්‍රී ලංකාවට පැමිණෙන විට "කුවේණි" නූල් කටිමින් සිටි බවත් ඒ අනුව විජය පැමිණෙන විටත් ශ්‍රී ලංකාවේ තාක්‍ෂණය අතින් පවා උගත් කොටසක්‌ ජීවත් වූ බවත් විශ්වාස කෙරේ. එපමණක්‌ නොව බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවට තුන් වතාවක්‌ම වැඩිය බවත් ඒ සමයේ ශ්‍රී ලංකාවේ උගත් පිරිස්‌ ජීවත් වූ බවත් සනාථ කරති. බුදුන්වහන්සේගේ ධර්මය වටහාගන්නට තරම් බුද්ධිමත් පිරිසක්‌ ශ්‍රී ලංකාවේ ජීවත් වූ බවට එයම සාධකයකි. මේ කුමන මතයක්‌ නිවැරැදිද? යන්න තීරණය කළද ශ්‍රී ලංකාවේ ඈත අතීතයේ ජීවත් වූ ජනතාව ගැන යම් අවබෝධයක්‌ ලබා ගැනීමට ඒ කරුණු උපකාරි වේ. විජය කුමරු පැමිණෙන විට සිටි "කුවේණිය" යකින්නකි. ඒ අනුව යක්‍ෂ ගෝත්‍රික පිරිසක්‌ ජීවත් වූ බව පැහැදිලිය. එසේම බුදුන්වහන්සේ ලංකාවට පැමිණ ධර්ම දේශනා කළේ "යක්‍ෂ" සහ "නාග" ගෝත්‍රිකයන් දෙපිරිසකටය. "රාවණා" රජුද "දසිස්‌" හෙවත් හිස්‌ දහයක්‌ (එය බලයන් දහයක්‌ විය හැක) ඇතිව ජීවත් වූ බවත් ඔහු ඉතාම ප්‍රතාපවත් පුද්ගලයකු බවත් දැක්‌වේ. ඒ අතර පැරැණි ග්‍රාම නාම අතර "යක්‌කුරේ" (යක්‌හුරේ)" යකුන්නාව (යකුන්නෑව) වේලාපුර, "රාස්‌සගල", "නාගදීප" ආදිය මේ යක්‍ෂ, නාග ගෝත්‍රිකයින් ගැන කියෑවෙන ස්‌ථාන වේ. එසේම පැරැණි සමාජයේ දේව වන්දනාව මෙන්ම යක්‍ෂ වන්දනාවත්, නාග වන්දනාවත් තිබූ බව පැහැදිලිය. අද මේ වන්දනා ඇතැම් ප්‍රදේශවල පවතී. මේ සාධක පදනම් කරගෙන අපේ "ආදිවාසීන්" වන වැදි ජනතාවගේ ඇදහිලි සහ පුද පූජා පිළිබඳව ගවේෂණය කිරීම පහසුය. මේ ලිපියේ මුඛ්‍ය අදහස ආදිවාසීන්ගේ පුද පූජා ක්‍රම සොයා බැලීමය. ඒ මගින් ඔවුන්ගේ ජීවිතවල ඇති අව්‍යාජත්වය සහ සරල බව වටහාගත හැක. යක්‍ෂයින්, රාක්‍ෂයින්, පරාස්‌සයින් වැනි පන්ති භේදයක්‌ද යක්‍ෂයින් තුළ පවතී. යක්‍ෂයින්ට වඩා රාක්‍ෂයින් භයානක වීමත් පරාස්‌සයින් මේ දෙපිරිසිටම වඩා බලවත් බවත් කියෑ වේ.
කෙසේ වෙතත් මේ ආදිවාසීන් හෙවත් වැදි ජනතාව යක්‍ෂන්ට පුද පූජා පවත්වන ජන කොටසක්‌ බව පැහැදිලිය. ඔවුන් යක්‍ෂයින් සැලකුයේ "නෑයකුන්" ලෙසටය. ඉතිහාසයට අනුව "පාහියන් ලෙන", "පොම්පරිප්පු" වැනි මානව වර්ගයාගේ පැරැණිම සාමාජිකයන් ජීවත් වූ ඈත අතීතයේ සිටම යම්යම් ඇදහිලි හා විශ්වාස පැවැති බව පෙනේ. මෙම ආදිවාසීන්ට "ආගමක්‌" හෝ "දර්ශනයක්‌" තිබූ බව නොපෙනේ. ඔවුන් විශ්වාස කළේ තමාගේ මියගිය ඥතීන් හා තමාගේ ශරීර ශක්‌තිය ගැන පමණි. තමාට ශක්‌තිය හා බලය ලබා දෙන්නේ තමාගේ මියගිය ඥතීන් බවත් ඔවුන් අමනාප කර ගැනීම සෑම අතින්ම අවැඩදායක බවත් ඔවුහු පිළිගත්හ. අප අදත් විශ්වාස කරන බොහෝ දේවල ආරම්භය මෙම ආදිවාසීන්ගෙන් උරුම වූ දේවල්වලින් පැවැතෙන බව විශ්වාසය. උදාහරණයක්‌ අතර "කොළඅත්තක්‌" එල්ලීම මගින් යන එන ගමන් සුබදායක බව විශ්වාස කෙරේ. එසේම මෙරුවන් (අවාගියේ) එන විටද කතා නොකොට ගෙයි දොරකඩ ගසකින් කඩාගත් කොළ අත්තක්‌ එල්ලන්නේ පුරුද්දටය. එබැවින් අපේ ආදිවාසීන්ගෙන් පැවැත එන උද පූජා පිළිබඳව "බිඳක්‌" සාකච්ඡා කිරීම වැදගත් වේ.
මෙම ආදිවාසීන්ට ප්‍රධාන දෙවියකු හෝ යක්‍ෂයකු නැත. උදාහරණ සේ අප විෂ්ණු කතරගම, සමන් වැනි දෙවිවරුන් ඇතුළු දෙවිවරුන් කිහිප දෙනකුට පුද පූජා පැවැත් වුවද ඔවුනට එවැනි දෙවියකු නොමැත. බෞද්ධයින් බුදුන් වහන්සේටත්, කතෝලිකයන් දෙවියන් වහන්සේටත්, ඉස්‌ලාම් භක්‌තිකයන් අල්ලාහ් දෙවියන්ටත්, හින්දුන් ශිව දෙවියන්ටත් නායකත්වය ලබා දුන්නද වැදි ජනතාවට එවැනි විශේෂ දෙවියකු හෝ ආගමික කර්තෘවරයකු නොමැත. ඔවුන් විශ්වාස කරන්නේ තමාගේ මියගිය නායකයකු නැවත ඉපදී තමාට උපකාර කරන බවය. මියගිය ඥතීන් ඉපදීම නිසා ඔවුන් "නෑයකුන්" ලෙස හැඳින්වේ. මෙසේ නෑයකුන් බවට මියයන සියලුම වැදි ජනතාව නොඉපදේ. මෙසේ යළි උපදින්නේ "විශේෂ වූ පුද්ගලයන්" පමණි. එහෙත් "පුනරුත්පත්තිය" පිළිබඳව ඔවුහු නොදනිති. මෙසේ මියගිය ඥතීන් නැවත ඉපදුණු බව ඔවුනට දැනගන්නට හැකියාව පවතී. මියගිය ඥතියා මියගොස්‌ "සතියකින්" (දින හතකින්) හෝ "මාසයකින්" පමණ නැවත ඉපදී තමාට උපකාර කිරීම සිදුකරයි. දඩයම් වැඩි කිරීම, ගඩාගෙඩි වැඩි කිරීම එවැනි එක්‌ දෙයකි. මියගිය ඥතියා අමනාප වී සිටීනම් මියයන්නට පෙර ඉතාම හිතවත් අයකුට තුවාල සෑදීම, උණ සෑදීම, දඩයම් අහිමි කිරීම, වැස්‌ස අඩු කිරීම ආදිය සිදුකරයි. එවිට මියගිය ඥතියා සතුටු කිරීමට "කිරි" කොරහ" නැටීම සිදු කළ යුතු වේ. මෙසේ උපදින්නේ "වරිගයේ" වැදගත් අය පමණි. මේ නිසා ඔවුන්ගේ ප්‍රධානම ආගමික විශ්වාසය "මළගිය ඇත්තන් පිදීමක්‌" සේ බැලූ බැල්මට පෙනේ. (ඇතැම්විට ශ්‍රී ලාංකිකයන් පවුලේ අයකු මිය ගිය විට හත් දවසේ දානය සහ තුන්මාසයේ දානය දෙන්නේ මෙම සිරිතේම විකාශයක්‌ ලෙස විය හැක. මෙය අදහසක්‌ පමණකි. මියගිය ඥතියා කෝපවූ විට පවුලේ එකකුට සර්පයකු දෂ්ට කිරීම ශරීරයේ ගෙඩි හටගැනීම, දරුවන් ගබ්සා කිරීම ආදිය සිදුකරන බව විශ්වාස කෙරේ.
මෙසේ "නෑයෙකකු" ඇතිවූ විට "වරිගේ ඇත්තන්" එක්‌වී "මහහුරා" මුල්කරගෙන "කැලෑ පොඡ්ඡේ" කිරිකොරහ නටති. මෙසේ නැවත ඉපදුණු යක්‍ෂයින් අතර පහත සඳහන් යක්‍ෂයින් සිටින බව සඳහන් වේ.
1. මල්වඩම් රාක්‍ෂ, 2. සේරන් යකා, 3. හබරගල යකා, 4. කන්දෙ යකා, 5. ඉඳිගොල්ලෙ යකා, 6. පාබික්‌ කුමාරි. ඒ අතරවේ. යම් කාන්තාවක්‌ (වැදි කැකුළියක) ගැබ්ගත් විට දරු ප්‍රසූතියට පෙර මෙම නෑ යකුනට භාරදීම සිරිතකි. බෞද්ධ සමාජයේ ගැබිනි කාන්තාවකට "අංගුලිමාල පිරිත" කියවන්නාක්‌ මෙන් ආදිවාසී ජනතාව තම ස්‌ත්‍රීන්ට නෑයකු හට බාරහාර වී පඬුරු ගැට ගැසීමත් කොළ අතු කඩා පෑමත් සිදුකෙරේ. දරු ප්‍රසූතිය සිදුවූ පසු පඬුරු ඔප්පු කිරීම නොවරදවාම සිදුකෙරේ.
"කිරි අම්මා" වරු ඇදහීමට වැදි ජනතාව පුරුදුව සිටිති. මෙම කිරි අම්මාවරුන් කිහිප දෙනකුම සිටී.
1. කුකුළා පොල කිරි අම්මා, 2. මහ කිරි අම්මා, 3. දිවැසි කිරි අම්මා, 4. වෙල්ලස්‌සේ කිරි අම්මා මෙයින් කිහිප දෙනෙකි. කිරි අම්මාවරු ගැන කියෑවෙන ගායනා ද බොහෝ ඇත.
කුකුලා පොළට තලමල පිපුණා වාගෙයි
බින්තැන්නට රජකම ගත්තා වාගෙයි
මරානයන්නට ආ මිනිමරුවකු වාගෙයි
කුකුළා පොළ කිරි අම්මත් ඒ වාගෙයි
මෙම යක්‍ෂයන්ට හෝ කිරිඅම්මාවරුනට "දේවාල" ඉදිකොට නැත. වනාන්තරයේ ඇති මහ විශාල ගස්‌ ඔවුන්ගේ වාසස්‌ථාන වේ. "කිරි කොරහ නැටීම" ඔවුන්ගේ ප්‍රධානම පූජා විශේෂයෙකි. මොවුහු ඇතැම් අවස්‌ථාවල පුද පූජා සඳහා සිංහල ජ්‍යෙdතිෂ මහත්වරුන්ගේ සහාය ද ලබා ගනිති. එසේම මේ වැදි ජනතාව මහනුවර ඇසළ පෙරහැරට වාර්ෂිකව මී පැණි පූජා කිරීම නොවරදවාම සිදුකරති. එසේම මහියංගන පෙරහැර නරඹන විට එහි විශේෂ අංගයක්‌ ඔබ දැක ඇත. ඒ "වැදි නැටුමයි". කතරගම උත්සව සමයේදීත් මේ ආදිවාසීහු නොවරදවාම එහි යති. මේ ජනතාව දැන් දැන් ක්‍රමයෙන් බෞද්ධ දර්ශනය වෙත නැඹුරුවන ප්‍රවණතාවයක්‌ පෙනේ. ඒ අවට ප්‍රදේශවල සිංහල පාසල් ඇතිවීම සහ අසල්වාසී ගම්මානවල සිටින සිංහල බෞද්ධ ජනතාවගේ ඇසුර නිසා විය හැක.
ආදිවාසීන් අදහන යක්‍ෂයින් හෝ කිරිඅම්මාවරු පිටස්‌තර අය නොවේ. තමාගේ පාරම්පරිකව (වරිගයේම) ඇත්තන්ය. අතීතයේදී පණ්‌ඩුකාභය කුමරු ආරක්‍ෂා කළේ "කාලවේල" සහ "චිත්ත" නම් යක්‍ෂයන් දෙදෙනා බව ඉතිහාසයේ සඳහන් වේ. මේ නිසා "දේශීය යක්‍ෂයන්" අදහන ආදිවාසීන් අපේ ඥතීන් වන අතර ඒ ඔවුන් අදහන "නෑ යකුන්ද" අතර ඥතීන් විය යුතුය. යමකු යක්‍ෂයින් නැතැයිද ඔවුන් මිථ්‍යාවක්‌ පමණක්‌ යෑයිද තර්ක කළ හැක. එසේම බෞද්ධයින් යක්‍ෂයින් හෝ දෙවියන් විශ්වාස කළයුතු නැතැයිද තර්ක කළ හැක. සුළඟ අපට නොපෙනේ. එහෙත් සුළඟ සමග එන සිසිලස හෝ උණුසුම අපට දැනේ. මලක සුවඳ ඔබට දැනුණාට එහි හැඩය ඔබට දැකිය නොහැක. යක්‍ෂයින්ද දෙවියන්ද ඔබට දැකීමට නැතිsවූ පළියට ඔවුන් නැතැයි නොසිතන්න ඔවුන් අපේ "නෑ යකුන්" නිසායි.

පාසැල් ගුරුවරයාගේ අපයෝජන තැත වරදී - හතර වසර පාසැල් දැරියක් බේරේ.


2016-09-08 ප.ව. 12:42
හසලක ප්‍ර දේශයේ ජනප්‍රිය ප්‍රාථමික පාසලක හතර වසර දැරියක් පාසල තුලදී අපයෝජනයට ලක්කිරිමට උත්සාහගත් ගුරුවරයෙකු හසලක පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදා හරින ලෙස මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් තිෂානි තේනබදු මහත්මිය අද (08)  නියෝග කරනු ලැබු අතර දැරියට හෝ දෙමාපියන් හට බලපෑම් සිදු නොකරන ලෙසද දැඩි ලෙස අවවාද කරනු ලැබීය.
පාසල නිමවී පාසලේ පැවති ශිෂ්‍යත්ව අමතර පංතිය සදහා සහබාගි වි සිටි හතර වසරෙහි ඉගෙනුම ලබමින් සිටි පාසැල් දැරියක් මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී ඇත. ඈ අමතර පංතියේ විවේක කාලයේදි අත සේදීම සදහා පිටතට ගොස් ඇත.  එසේ යමින් සිටි දැරිය වෙත පාසැලේ වෙනත් පංතියක් තුල සිටි ගුරුවරයෙකු කථාකර දැරිය බලෙන් සිපගෙන ඇත. ඒබව දැරිය දෙමාපියන් වෙත පැමිණිලි කිරිමෙන් පසු දෙමාපියන් විසින් හසලක පොලිසිය වෙත පැමිණි කර ඇත.
ඒ අනුව හසලක පොලිසිය විසින් අදාල ගුරුවරයා සැක පිට අත් අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. මෙසේ අත් අඩංගුවට ගත් ගුරුවරයා වසර 27ක් පාසැල් සේවාවෙහි නියුතු වු වෙකු වන අතර විවාහකයෙක්ද වේ.

සිද්ධිය සම්බන්දයෙන් හසලක පොලිසියේ ස්ථානාධිපති තුමන් හා කාන්තා කාර්යාංශයේ නිළධාරිනියන් විසින් පරික්ෂණ කටයුතු සිදු කරනු ලබයි.

Wednesday, September 7, 2016

ඔබේ නිශ්ශබ්දතාව ඇතුළේ කියැවීමක් තියෙන්න ඕනා - නිශ්ශංක විජේමාන්න

විශේෂාංග - ලිවිසැරිය
ඔබේ නිශ්ශබ්දතාව ඇතුළේ කියැවීමක් තියෙන්න ඕනා
07 සැප් 2016
කාංචනා අමිලානි සුසන්ත විජයගුණසේකර
නිශ්ශංක විජේමාන්න
'තිත්ත සීනි' කෙටිකතා සංග්‍රහය සමඟ සාහිත්‍ය ක්ෂේත්‍රයට සපැමිණි නිශ්ශංක විජේමාන්න, ශ්‍රී ලාංකේය කෙටිකතාවට අලුත් මුහුණුවරක් ලබා දුන්නෙකි. 2010 වසරේ හොඳ ම කෙටිකතා සංග්‍රහය ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඇතුළු සියලු ම සාහිත්‍ය සම්මාන දිනා ගනු ලැබූයේ ඔහුගේ මුවා මැරූ සලමන්' වැලන්ටයින් කුමාරයා සහ තාරා මගේ දෙව්දුව යන ඔහු විසින් විරචිත නවකතා ද්විත්වයයි. 'හඳ පළුව තනි තරුව' ඔහුගේ අභිනව නවකතාවයි. මේ හෘද සංවාදය ඒ නිමිත්තෙනි.
'වැලන්ටයින් කුමාරයා'ගේ සිට 'තාරා මගේ දෙව්දුව' පසුකර 'හඳ පළුව තනි තරුව' වෙත එනකොට අධි යථාර්ථවාදී කතා කලාවේ සිට ඔබ සාම්ප්‍රදායික කතා කලාවටම මාරු වෙලා කියලා මම චෝදනා කළොත් ?
අධි යථාර්ථවාදී ශෛලිය කියන එක ශෛලියම විතරක් නෙවෙයි. ඒක ආකෘතියක්. කතාව ඉල්ලන ආකෘතිය අධි යථාර්ථවාදී වෙන්නත් පුළුවන්. යථාර්ථවාදී වෙන්නත් පුළුවන්. මේ කතාවෙත් යථාර්ථවාදීම නෙවෙයි. යථාර්ථවාදය බිඳගෙන යන ක්‍රමවේදයක් දක්නට ලැබෙනවා. මම පිකෑසෝ රියැලිසම්වල සිට පියුබිසම්වලට ධාවනය යන අතරේ යථාර්ථවාදයට නැවත එනවා. ඒ විදිහෙ අන්තර්ධාවනයක් මේ ඇතුළේ සිද්ධ වෙනවා. මේ මොහොතේ කතාව විසින් ඉල්ලා සිටින දේ තමයි මම ලබා දෙන්නේ.
වර්තමාන පාඨකයා ලේඛකයාට වඩා ඉදිරියෙන් හෝ ඒ හා සමගාමීව ගමන් කරන පෙනුමක් තමයි වර්තමානයේ දකින්න ලැබෙන්නේ. මේ වාතාවරණය ඇතුළේ පාඨකයා දිනා ගැනීම තරමක් අපහසුයි නේද? එහෙව් පාඨකයාව දිනා ගැනීමට ඔබට මොකක් හරි සැලැසුමක් තියෙනවද?
ලේඛකයෙක් විදිහට මගේ ක්‍රමවේදය සහ උපක්‍රමය නම් සවන් දෙන්නෙක් හදා ගැනීමයි. ඒ වෙනුවෙන් සවන් දීමේ ක්‍රමෝපායයන් හොයාගැනීමේ ක්‍රමවේදයක් මට තියෙනවා. යමක් කියන්නට තියෙනවා. ඔවුන් අහන්නෑ. ඒ වෙනුවෙන් මම කරන්නෙ කුමන දේද? මගේ පරීක්ෂණය මොකක්ද කියන එක අත්හදා බැලීම තමයි මම කරන්නේ.
මට සැලැසුමක් තියෙනවා. මේ මොහොතේදී මම භාවිත කරන ක්‍රියාවලිය තමයි කතන්දර කීම. පුරාතන සාහිත්‍යයේ ලක්ෂණයක්නෙ ඒක. කතන්දර කියැවීමේ ක්‍රියාවලිය පවත්වගෙන යාමයි පුරාතනයේ ඉඳන් සිද්ධ වුණේ. 'හඳ පළුව තනි තරුව' ඇතුළේ ඔය කියන ගම්මානය පුරා වගා දිගා වෙන කතන්දර ඇතුළෙන් බොහොම ප්‍රමාණයක් මම එක්කහු කර ගන්නවා. මේ පොතේ ඇතුළේම තියෙන්නේ කතන්දර කීමේ සම්ප්‍රදායක්.
ජනකතාකරුවාගෙන් කතාව අසා ගත් ස්ත්‍රිය තමයි කතන්දරය කියන්නේ. එතකොට මේ කතාව කීමේදී ඇය යම් ප්‍රමාණයකින් කතන්දරය ඇය බවට පත් කර ගන්නවා. එයට ඇතුළු කර ගන්නවා ප්‍රේමය නමැති දේ. සෑම විටෙකම කතන්දරයකට ප්‍රේමය එක්කහු කරගෙන තමයි කියන්න පටන් ගන්නේ. ඒ ප්‍රේමය සරලව පුරුෂයකු හා ස්ත්‍රියක අතර ඇතිවන දෙයක්මත් නෙවෙයි. ඊට වඩා එහායින් යන මානව ප්‍රේමයක් පිළිබඳ ඉඟි ප්‍රකාශ කරමින් තමයි මේ කතාව ගලා යන්නේ.
ඒක තමයි මගේ පරීක්ෂණයේ ක්‍රමවේදය. එහෙමත් නැත්නම් මගේ සැලැසුම.
'හඳ පළුව තනි තරුවෙ' නිශ්ශංක විජේමාන්නත් ඉන්නවා. තමන්ගේ නවකතාවේ තමන්වම චරිතයක් කිරීමට පෙලඹුණේ ඇයි? මේ යම් හැඟවුම්කාරකයක්ද?
මම නෙවෙයි ඒ ඉන්නේ, නිශ්ශංක විජේමාන්න කියලා තව කවුරු හරි මනුස්සයෙක් ඉන්න පුළුවන්. නිශ්ශංක විජේමාන්න කියන ලේඛකයා හා එසේ නොවන කෙනා අතරේ තියෙන වෙනස්කම කාට හරි හොයා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලේඛකයා විසින් ලේඛකයාවම කතාවක චරිතයක් කරන්න පෙලඹෙන්නෙ නැහැනේ. අනිත් එක මේක ප්‍රධාන චරිතෙකුත් නෙවෙයි. මේ චරිතෙට කතාව ඇතුළේ විශාල අගයක් නැහැ. මම ඒක යම් පරීක්ෂණයක් විදිහටයි මං කළේ. කතුවරයා නොවන හෝ ඔහුගේම සන්නාමය දරන පුද්ගලයා එතන ඉන්නවා. ඒත් ඔහු කතාවට කිසි බාධාවක් කරන්නෙ නැහැ. ඔහු විසින් යම් උත්ප්‍රේරණයක් සපයනවා. ඔහු විසින් කතාව කරකවන්නෙ නැහැ. ඔහු ඉන්නවා පමණයි. ඔහු දොරවල් අරින්න යන්නෙ නැහැ. ඔහු ළඟ යතුරක් නැහැ . ඔහු ඔහේ එක තැනක ඉන්නවා. ඒ විදිහට ඕන කෙනකුට කතාවක් ඇතුළේ ඉන්න පුළුවන්. ඒක මහා බරපතළ දෙයක් නෙවෙයි.
ඒත් ඇයි එහෙම දෙයක් කළේ?
'බස් කරත්තය දැක්කූ මිනිසා' කියන කෙටි කතාව ලියන්නේ නිශ්ශංක විජේමාන්න කියන ලේඛකයා. ඒ කියන්නෙ මේ ඔයා ඉස්සරහා ඉන්න මං තමයි ඒක ලියලා තියෙන්නේ. මේ අනිල් කියන කෙනා තමයි රහස් එළි කරන්නේ. තව පාරක් කියවන කොට අනිල් හා අනිල්ගෙ ගුරුවරයා, සත්‍යා සහ නිශ්ශංක විජේමාන්න සහ ඒලාබ්දීන් අතර කුමක් හරි අපි නොදන්නා දෙයක් ධාවනය වෙනවා කියලා දැනෙනවා. ඒ නිසා නිශ්ශංක විජේමාන්න එතන ඉන්නවා. එච්චරයි කියන්න තියෙන්නේ. මම හිතන්නේ ඔයා ඒක කියවලා හොයාගන්න ඕනා දෙයක් කියලයි.
මේ විදිහට ඔබ නිරීක්ෂණය කරපු අලුත් ලේඛක, ලේඛිකාවෝ කවුද?
නම් වශයෙන් කියන එක හොඳද මන්දා. ගයානි අසිංසලා, එච්.පී.ගුණරත්න, මා වඩාත්ම කැමැති , තවම වඩාත් ලොකු අවකාශයක් ගත්තෙ නැති තරංගා රණසිංහ, ඩිල්මා තුෂාරි කොග්ගලගේ, ජස්ටින් පියරත්න. ඒ හැරුණු විට තව ගොඩක් ඉන්නවා. ඉඳහිට මේ අයගේ නිර්මාණ කියවනකොට ඔවුන්ගේ ප්‍රතිභාව පේනවා. අපි කවුරුත් ඉන්නේ සුළු අවකාශයක් තුළනේ. ශ්‍රී ලංකාවෙ විචාරකයෝ ඉන්නෙත් ඒ වගේම පොඩි අවකාශෙක. ඉතිං මේ නව ලේඛක, ලේඛිකාවෝ ගැන පත්තරවල කිසි තැනක වැටෙන්නෑ. ඔවුන් නිකන්ම ඉන්නවා.
ඒ තරුණ ලේඛක, ලේඛිකාවන්ට එහෙම නිකන්ම ඉන්න දීම මහත් අපරාධයක් නේද? ඔවුන් සිටින මේ චූල සාහිත්‍ය ලෝකයෙන් මහා සමාජයට ගෙන ඒමට යම් වැඩපිළිවෙළක් යෝජනා කරන්න පුළුවන්ද?
අපි පටන් ගත්තා ඌව රාජ්‍ය සාහිත්‍ය උත්සවය කියලා එකක්. ඒකට අනුග්‍රහය දක්වන්නේ රජය . ඌව පළාතේ තරුණ ලේඛකයන් ලියන්නේ මොනවද? ඔවුන් අගයන්නේ කොහොමද කියලා අපි බොහොම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා . සාහිත්‍ය උත්සවය යම් ප්‍රමාණෙකින් සාර්ථකයි. ඒත් තවම විවේචන බොහොමයක් තියෙනවා . ඌව රාජ්‍ය සාහිත්‍ය උළෙලින් තමයි එච්.පී. ගුණරත්න පවා එළියට ආවේ. ස්වර්ණ පුස්තක අවසන් වටයට තේරුණ 'හිතුවක්කාරී' ඔහුගේ නවකතාවක්. ඌව රාජ්‍ය සාහිත්‍ය උත්සවයට ඒ පොත් තේරුණාට පස්සෙ තමයි ස්වර්ණ පුස්තකවලට නිර්දේශ වුණේ. මම හිතන්නේ ඒක වාසි සහගත තත්ත්වයක්. කුඩා දූපත්වලදී මෙහෙම ඇගැයීමට ලක් කරනවා නම්, ඒක ඉතා හොඳයි. ඒක එක ක්‍රමයක් විතරයි. හැබැයි මම කියන්නෙ නෑ ඒක තමයි පරම ක්‍රමය කියලා. චින්තක රණසිංහ අපි නොදන්නා ලේඛකයන්ගේ කෘති අගයමින් ලිපි ලියනවා. ඒක හොඳ ප්‍රවණතාවක්. ස්තූති කළ යුතු දෙයක්. බොහෝ විචාරකයන්, යහළුවන්, මිත්‍රයන් සහ මහා අනෙකා ගැන තමයි නිතරම අගයන්නේ. නැවත, නැවත කතා කරන්නේ.
http://www.dinamina.lk/?q=2016%2F09%2F07%2F22032

නමින් ගෙස්ට් හවුස් වුණාට හිටියේ ගණිකාවෝ


Tuesday, September 6, 2016

ශ්‍රවණ ආබාදිතයන්ට පිහිට.


06:40 06/09/2016
මහියංගන අවට ශ්‍රවණ ආබාදිත තත්වයෙන් පීඩා විදි දරුවන් ඇතුලු පිරිසක් වෙනුවෙනු ශ්‍රවණ කට්ටල් බෙදාදීම පසුගිය දා සිදු කෙරුනේ රොටරි සමාජය - මහියංගන ශාඛාවේ මුලිකත්වයෙනි.


Monday, September 5, 2016


බලපත්‍ර නොමැතිවි රජයේ අරක්කු වික්ක කාන්තාව දැලේ


2016-09-05 ප.ව. 1:14

නිතිවිරෝධි ආකාරයෙන් රජයේ අරක්කු බලපත්‍ර නොමැතිව වෙළෙදාම් කල කාන්තාවක් අරක්කු බෝතල් 08ක් සමග මහියංගන 49 කණුව ප්‍ර දේශයේදී ඊයේ (04) මහියංගන පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී.

රජයේ අරක්කු බලපත්‍ර නොමැතිව විකිණිමේ චෝදනාව යටතේ අත් අඩංගුවට පත් වු කාන්තාව මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර  මහතාගේ ප්‍රධානත්වයෙන් මහියංගන පොලිසියේ නිළධාරින් මෙම වැටලීම සිදු කලේය.


මහියංගනයේ ගණිකා නිවසක් වටලා කාන්තාවන් 04ක් අත් අඩංගුවට


2016-09-05 පෙ.ව. 11:59

නිතිවිරෝධි ආකාරයෙන් මහියංගන නගරයේ ඩිපෝව ආසන්නයේ නිවාඩු නිකේතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ඊයේ (04) දින මහියංගන පොලිසිය විසින් වටලා කාන්තාවන් 4ක් හා එය පවත්වාගෙන යනු ලැබු සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගනු ලැබීය

අත් අඩංගුවට ගනු ලැබු කාන්තාවන් රත්නපුර, හසලක, ගිරිබාව, හදගනාව යන ප්‍ර දේශයේ පදිංචි කරුවන් වේ.

අත් අඩංගුවට පත් වු කාන්තාවන් හා ගණිකා නිවාසය පවත්වාගෙන යනු ලැබු පුද්ගයන් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් මහියංගන පොලිසියේ නිළධාරින් මෙම වැටලීම සිදු කලේය.


Sunday, September 4, 2016

වංචනික තරාදි පහසුවෙන් හදුනාගන්නා ආකාරය

2016-09-04 පෙ.ව. 9:37
වංචනික ආකාරයෙන් වෙනස් කරන ලද තරාදි පහසුවෙන් හදුනාගන්නා ආකාරය මිනුම් හා ප්‍රමිති දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ කාර්ය භාර නිළධාරි ඩි දුලිත් අශෝක මහතා මෙසේ පැහැදිලි කලේය. “ මේ ආකාරයෙන් සාදනා තරාදි වලින් නිවැරදිව බර කිරන්නත් හොරට කිරන්නත් පුලුවන් විම විශේෂත්වයක්. ඒ නිසා මුලින්ම ගොවි මහතුන් ඉදිරියේ පළමුව කිරන වි ගෝනි නිසි ආකාරයෙන් කිරා පෙන්වා දෙවනුව ගොවියාට නොතේරෙන ආකාරයෙන් තරාදියේ ගියරය මාරුකර වංචනික ආකාරයට කිරිම සිදු කරනවා. මෙය ගොවියාට පැහැදිලිව හදුනා ගන්න බෑ. මොකද තරාදියේ අභ්‍යන්තරයේ වෙනස් කම් සිදු කර අලුතින් ස්ප්‍රින් එකක් දාලා තියෙනවා. ඒක පිටතට පේන්නේ නෑ.
1. ඒ නිසා තරාදිය මුලින්ම පරික්ෂා කිරිම තුලින් ගොවිමහතුන් හට මෙම වංචනික තරාදිය පිටතින් බලා හදුනා ගැනිමේ ක්‍රමයක් තියෙනවා.
පළමු ක්‍රමය තමයි තරාදියේ පිටුපස මුහුනතේ ඇති කුඩා ඇණ දෙක පරික්ෂා කරන්න. එවිට එය එකම සමාන හා එකම ප්‍රමාණයේ නොවුනහොත් එය වංචනික තරාදියකි. ( එහි එක් ඇණයක් ගලවා අලුතින් දිග ඇණයක් සවිකර තරාදියේ අභ්‍යන්තරයට ස්ප්‍රින් එකක් සවි කෙරේ)
2. දෙවන ක්‍රමය වන්නේ ඡායා රූප අංක 01 හා 03 පරිදි තරාදියේ කොක්ක සවිකරනා කොටස අතින් උඩට එසවිමේදි තරාදියේ කටුව කිලෝ 80 පසු කර (කිලෝ 75-70-65-60 දක්වා) පසු පසට කැරකේ නම් (අවගමණය) එයද වෙනස් කරන ලද හොර තරාදියක් වේ. වෙනස් නොකරන ලද තරාදියක කටුව පිටුපසට කැරකෙන්නේ කිලෝ 80 (ඉතා කුඩා දුරක් ) දක්වා පමණක් වේ.
3. එමෙන්ම තරාදියේ වීදුරු මුහුනත නොමැතිනම් එයද වංචාකාරි ලෙස සකසන ලද්දක් බවත් ඒ සම්බන්දයෙන් පරික්ෂාකාරි වන ලෙසත් ගොවි මහතුන් හට දැනුම් දෙන අතර බර ප්‍රමාණය පෙන්වන කටුවෙහි මුද්‍රාව කඩා (ඡායා රූප අංක 02) ගොවියාහට නොතෙරෙන ආකාරයෙන් කටුවට ඇගිල්ලෙන් ගසා වංචා කෙරේ. ඒය පහසුවෙන් සිදු කල හැක්කේ විදුරු මුහුනත නොමැති තරදිවල පමණකි. එහිදි කටුය ඇගිල්ලෙන් ඕනෑම දිසාවකට කැරකැවිය හැකිනම් එය වංචාකාරි ලෙස සකසන ලද එකකි.
නිවැරදි දුනු තරාදියක් පහසුවෙන් හදානා ගන්නා ආකාරය වන්නේ දුනු තරාදියේ වීදුරු මුහුනත තිබිය යුතුයි. තරාදිය පිටුපස ඇණ දෙකෙහි වෙනසක් නොවි තිබිය යුතු වන අතර තරාදිය වාර්ශිකව ලියාපදිංචි කිරිමේදි යොදන මුද්‍රාවේ සංකේත පලුදු නොවි තිබිය යුතුවේ. එමෙන්ම තරාදියේ බර පෙන්වන කටුව ආපස්සට ලොකු දුරක් ගමන් නොකල යුතු වේ



දහඩිය, කදුල කැප කර ලබාගන්නා ගොවීන්ගේ අස්වැන්න කොල්ලකන හසලක පල්ලේවත්ත හොරුන්ගේ වැඩ ටික මෙන්න - ජාවාරමේ එක්දිනක වරුවක ශුද්ධ ආදායම රුපියල් 33000ක්

2016-09-04 පෙ.ව. 9:37

මෙරට ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන බොහෝ පිරිසක් තවමත් තම ජීවිකාව සරි කරගන්නේ ගොවිතැන හරහායි. ඔවුන්ගේ ලොකුම සිහිනය වන්නේ මාස ගණනාවක් දහදුක් විද ලබාගන්නා තම අස්වැන්නට සාධාරණ මිලක් ලබාගැනීමයි. දහඩිය, කදුල කැප කර අස්වැන්නට මිලක් ලබාගැනීමට වෙරදරනා ගොවීන්ගේ අස්වැන්න කොල්ලකෑමට වෙනස්කරන ලද වංචනික තරාදි සකසා කූට වෙළදුන් දරනා වංචනික ප්‍රයෝගයක් පිළිබදව පසුගියදා මිනිපේ, පල්ලේවත්ත ප්‍ර දේශයෙන් අනාවරණය කර ගන්නට හැකි වු අතර කිරුම් මිනුම් හා ප්‍රමිති දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ නිලධාරින් පසුගියදා කූට වෙළෙදුන් අල්ලා ගැනිම සදහා විශේෂ වැටලීමක් වියලුව ආසනයේ කන්දකැටිය ප්‍ර දේශයේදී සිදු කෙරින.
වී හා බඩ ඉරිගු අස්වනු ලබාගැනීම සදහා සුක්ෂම ලෙස තරාදි වෙනස් කිරීමේ ජාවාරමක් මිනිපේ පල්ලෙවත්ත හා හසලක යන ප්‍රදේශවලින් පැමිණෙන වෙළදුන් විසින් සිදු කරනු ලබන අතර බහුලව මෙම වෙනස්කරන ලද තරාදි භාවිතා කර වී හා බඩඉරිගු තොග වංචනික ලෙස ලබාගන්නා බවයි තොරතුරු අනාවරණය වුයේ.
විශේෂයෙන් මහියංගනයේ සිට බිබිල මොණරාගල , මිගහකිවුල කන්දකැටිය, දඹාන, පදියතලාව, ගිරාදුරුකෝට්ටේ, හෙබරව, ගින්නෝරුව, දිවුලපැලැස්ස හා මහවැලි සි කලාපයේ ප්‍රදේශ ඉලක්ක කරගනිමින් මෙම ජාවාරම ක්‍රියාත්මක වන බවත් වි, බඩඉරිගු, කවුපි, මුං, තල හා ධාන්‍ය බෝග සදහා වැඩි වශයෙන් වංචාව සිදු කරන බවට පැමිණිළි හා තොරතුරු අණාවරණය වි ඇත.

මේ වන විට ප්‍ර දේශ රැසක වි අස්වනු නෙලිම ආරම්ක කර ඇති අතර විශේෂයෙන් එම ප්‍ර දේශ ඉලක්ක කරගනිමින් කුඹුරු වලටම ගොස් ගොවියාගෙන් වැඩි මිළට වි මිළදි ගැනිමට මෙම ජාවාරම් කරුවන් ක්‍රියා කරමින් සිටි.
කිරුම් මිනුම් හා ප්‍රමිති දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ නිලධාරින් වෙනස්කරන ලද වංචනික තරාදි සොයා පසුගියදා (01) විශේෂ වැටලීමක් දියත් කළා. අස්වනු මිළදී ගැනීම සදහා නිවෙස් වෙත පැමිනෙන මෙම ජාවාරම් කරුවන් අල්ලා ගැනීම සදාහ නිවෙස් කිහිපයකම රැදිසිටිමින් කටයුතු කල අතර ජාවාරම් කරුවන් වෙත ගම්මානය තුලින්ම පණිවිඩ ලැබීම හේතුවෙන් ඔහුන් එම නිළධාරින් මගහැර සිටියේය. එම හේතුනේ මෙම ජාවාරම් කරුවන් නිතියේ රැහැනට කොටු කර ගැනීම අසිරු විය. විවිධ උපක්‍රම යොදා අවසානයේ ජාවාරම් කරුවන් කිහිප දෙනෙකු කොටු කර ගැනීමට කිරුම් මිණුම් නිළධාරින්ට හැකි විය.

ඒ අනුව වෙනස් කරන ලද තරාදි ලොරි රථවල රහසිගත ස්ථානවල සගවා තබන බවට ලද තොරතුරු අනුව දැඩි පරීක්ෂාවකට ලක්වුණා. ඒ එක් ලොරි රථයක් පරීක්ෂා කිරිමේදී තරාදි දෙකක් ලොරි රථයේ තිබි යොයාගත් අතර එකක නිවැරදි ලෙස ක්‍රියාකරනා තරාදියක් වන අරත අනෙක ජාවාරම් කරුවන් විසින් සකස් කරන ලද එකක් බවට පරික්ෂාකර බැලිමෙන් අනතුරුව අනාවරණය විය. එය කිලෝ 30ට වැඩි බරක් කිරිමේදී කිලෝ 10ක අඩු අගයක් පෙන්වන අයුරින් සකසා තිබුනි.
ඒ අනුව පරික්ෂාකිරිමට ලක්වු වංචාකරුවෙකුගේ ලොරි රථයේ පටවා තිබු බඩ ඉඩ ඉරිගු තොගයේ කිලෝ 750ක් එදින වංචනික ආකාරයෙන් වැඩියෙන් කිරා ගොවියා හට වංචාකර තිබු මුදල රුපියල් 33000ක් බවට ගනන් බන්බැලින. ඒ ආකාරයෙන් දිනකට ගමන් වාර දෙකක් ‍ගමන් කරමින් ගොවියාට සිදු කරනා වංචාව සුලු පටු නොවේ.
2015 මාර්තු මාසයේදීද මේ ආකාරයෙන් වැටලීමක් සිදු කර මෙම වංචාකරුවන් පිලිබද තොරතුරු මාධ්‍ය මගින් රටටම අණාවරණය සිදු කල අතර එහිදී “ ගියර් සිස්ටම් “ නැමැති කූට ක්‍රමයකට තරාදි සකසා තිබු අතර අවශ්‍ය විටදී තරාදියේ යට හැඩලය අතින් උස්සා දැමු විට ( Manual ) බර අඩුවෙන් කිරාගත හැක. මෙමවර පරික්ෂා කිරිමේදී එම ක්‍රමයට වඩා බෙහෙවින් දියුණු තාක්ෂණයක් එක්කර (Auto) ඉබේම එම සංසිද්ධිය සිදුවන ආකරයෙන් “ ඔටෝ ගියර් සිස්ටම් “ ක්‍රමයට සකසා තිබුනි. තවද තරාදියේ දර්ශක කටුවේ මුද්ද්‍රාව කඩා ගොවියාගේ අවධානය වෙනතක ඇති මොහොත කටුවට ඇගිල්ලෙන් ගසා බර අඩුවෙන් කිරනා ක්‍රමයක් ගැන මේ වන විට තොරතුරු අනාවරණය වේ.
මෙසේ විවිධ වු ආකාරවෙන් දුක්විදින ගොවියාගේ රිරි මංශය උරා බී මුදල් උපයන වංචාකරුවන් රැසක් මේ වන විට බිහිවී තිබීමත් ගොවියා ඒ පිළිබද දැනුවත් නොවීමත් කණගාටුවට කරුනකි. ඒසේම මෙවැනි වංචාකරුවෙකු හට අධිකරණයෙන් නියම කරනා දඩය රුපියල් 5000ක් වැනි සුලු මුදලක් වීමද මෙවැනි වංචාකරුවන් ගේ පැවැත්මට ගැටලුවක් වී නොමැත.

මිනිපේ හසලක ප්‍ර දේශයේ සිට ක්‍රියාත්මක ව්‍යාජ තරාදි වංචාවට අදාළ තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ වී ඇතැයි කිරුම් මිනුම් හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් පවසනවා

මේ වන විට ලොරි රථ නිළධාරින්ගේ පරික්ෂාවට ලක්වන බැවින් කූට වෙළෙදුන්ගේ අලුත්ම ක්‍රමයකට සකස් කරන ලද තරාදි කේෂ්ත්‍රයට ගෙන යයි. ඒ හොර තරාදි ලොරි රථයේ රැගෙන යාමෙන් වැලකි ලොරි රථයේ සහයක මගින් මාර්ගයේ ගමන් ගන්නා බස් රථමගින් ගෙන යෑමයි. එහිදි ඔහුන් බලාපොරොත්තු වන්නේ මහ මගදි සිදුවන වැටලිම් වලින් මිදි වංචාව සාර්ථකව ඉදිරියටම ගෙන ගොස් ඔහුන්ගේ මඩිය තරකර ගැනිම වේ.
වෙළදුන්ගේ කුමණ දහන් ගැට ගැසුවත් ඒ සම්බන්දයෙන් සියලු තොරතුරු කිරුම් මිනුම් හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් හට ලැබෙන බවත් ඒ අනුව අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග හා වැටලිම් නිරන්තරයෙන් සිදු කරන බව බදුල්ල ඒකකයේ කාර්ය භාර නිළධාරි ඩි දුලිත් අශෝක මහතා ප්‍රකාශ කර සිටි.
වංචනික ආකාරයෙන් තරාදි සකසා ගොවින්ගේ අස්වනු වංචා සිදු කරනා වෙළෙදුන් සම්බන්දයෙන් ඉදිරියේදි වැටලිම් රාශියක් සිදු කිරිමට බළා පොරොත්තු වන බවත් මෙවැනි කූට වෙළෙදුනගේ ප්‍ර යෝග වලට හසු විම වැලැක් විම සදහා තමා සතුවට තරාදියක් මිළදි ගන්නා ලෙසත් ඒ සදහා වැය වන්නේ රුපියල් 3000ක් පමණ සුලු මුදලක් බවත් එම තරාදි වාර්ශිකව ලියාපදිංචි කර භාවිතයට ගන්නා ලෙස මිනුම් හා ප්‍රමිති දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ නිලධාරින් ගොවිජනතාවය දැනුම් දෙයි.
මිනුම් හා ප්‍රමිති දෙපාර්තමේන්තුවේ මිණුම් සේවා අධ්‍යක්ෂ කේ ප්‍රේමසිරි කුමාර මහතාගේ විශේෂ උපදෙස් පරිදි හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාගේ අධික්ෂණයෙන් බදුල්ල ඒකකයේ කාර්ය භාර නිළධාරි ඩි දුලිත් අශෝක, මිනුම් සේවා පරික්ෂක කේ සි අමල් පෙරේරා, මිණුම් ප්‍රමිති සහයක කේ පි වසන්ත කුමාර යන නිලධාරින් සහබාගි වි සිටියේය.

https://www.facebook.com/NewsatMahiyangana/






නිවස ඉදිරිපිට පුද්ගල මළසිරුරක්

04/09/2016 21:41
මහියංගන , මාපාකඩවැව, 20 කණුව ප්‍ර දේශයේ ඊයේ (03) උදැසන නිවසක් ඉදිරිපිට පුද්ගල මළසිරුරක් තිබෙන බවට නිවෙස් හිමියන් මහියංගන පොලිසියට දැනුම් දී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 130/1 මාපාකඩවැව ලිපිනයේ සිටි ජයතිස්ස බණ්ඩා නම් වයස 59ක් පුද්ගලයෙකි. ඔහු පෙරේදා (02) රාත්‍රි ත්‍රිරෝධ රථයකින් බීමත්ව නිමසට පැමිණ බවත්, ඔහු එසේ පැමිනෙන විට නිවෙස් හිමි කාන්තාව අධික ලෙස පහර දෙන නිසාත් ඔහු සමග දික්කසාද වී ඇති හෙයින් නිවසේ දොර විවෘත නොකෙරු බවත්, අද උදැසන නිවස ඉදිරිපිට වැටි සිටිනු දැක අසල් වාසින් සමග පරික්ෂා කිරිමේදි මියගොස් සිටි බවත් ඒ පිළිබද පොලිසියට දැන් වු බව නිවෙස් හිමි කාන්තාව ප්‍රකාශ කර සිටී.
ඒ අනුව මහියංගන පොලිසිය සිද්ධිය වු ස්ථානයට ගොස් පරික්ෂණ කටයුතු ආරම්භ කර ඇත. බීමත් කම හේතුවෙන් රෝගි වී මියගිය බවට සැක කෙරෙන අතර මරණ පරික්ෂණය හා මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරිමට නියමිතව තිබේ.
සිද්දිය සම්බන්දයෙන මහියංගන පොලිසිය පරික්ෂණ පවත්වති..


තාත්තගේ අසනීපය වෙනුවෙන් ‘එකවර පතිවත පිදූ’ මාතලේ දියණියන් දෙදෙනා

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යුවතියන් දෙදෙනකුව වයස අවුරුදු 55ක කට්ටඩියකු එකවර දූෂණය කිරීම පිළිබඳ පුවතක් වාර්තා වනවා.
වයෝවෘද්ධ පියාගේ අසනීප තත්ත්වයක් සුව කිරීම සඳහා කට්ටඩියකුගේ සේවය ලබා ගෙන ඇති මෙම යුවතියන් දෙදෙනාට පියාගේ රෝගය වෙනුවෙන් පුජාවක් කළ යුතු බව ඔහු සඳහන් කර ඇතැයි වාර්තා වනවා.
“තාත්තගේ ලෙඩේ සනීප කරන්න තව එක පූජාවක් තියෙනවා.ඔයාලා දෙන්නා එක්ක එකට ඉන්න ඕනේ. මේ පූජාවෙන් පස්සේ තාත්තට සනීප වෙනවා”.යනුවෙන් මෙම කට්ටඩියා ප්‍රකාශ කර තිබෙනවා.
පීතෘ සෙනෙහස හමුවේ සිය පතිවෘතතාව පනස් පස් වියැති අයෙකු හමුවේ පූජා කරන්නට තරම් මේ දැරිවියන් දෙදෙනා පෙලඹුණේ ඒ අනුව බවයි පැවසෙන්නේ.
තාත්තා සුවකරන්නට සිය ආත්මය බිලිගත් කට්ටඩියා යළි දකින්නට නොලැබීමත් සමග මෙම යුවතියන් දෙදෙනා පොලිසියට ගොස් පැමිණිලි කර ඇති බවයි පැවසෙන්නේ.

ත්‍ර්‍රී රෝද රථ පෙරලී තිදෙනෙක් රෝහලේ


22:56 01/09/2016
පදියතලාව මාර්ගයේ 49කණුව ප්‍රදේශයේ 2016.08.31 (ඊයේ) දින සවස 3.30පම්ණ ත්‍රී රෝද රථයක් පදියතලාව දෙස්ට ධාවනය වෙමින් තිබියදී පෙරලී යාමෙන් ත්‍ර්‍රී රෝද රථයේ ගමන් ගත් 3දෙනෙකු බරපතල තුවාල ලබා මජියංගන රෝහලට අතුලත් කිරීමට ගම් වැසියන් පියවර ගත් හ. තුවල ලැබුවන් අතර කුඩා ලමයෙකුද වෙති