2016-09-04 පෙ.ව. 9:37
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjjkHyHOgOejwQrtoC1yeQFLaUN19sLsITvcZ3G2rQxFOtpjyg7eDpZNLtvIEaOfAcb7xLrz4NinuEd71hKjI8qrx59g9jUAXK3FU-VK4Nw_iRcUxO4rbZud6ZHGoHb81mPrCogTcXq_7U/s320/Image+%25282%2529+copy.jpg)
වංචනික ආකාරයෙන් වෙනස් කරන ලද තරාදි පහසුවෙන් හදුනාගන්නා ආකාරය මිනුම් හා ප්‍රමිති දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ කාර්ය භාර නිළධාරි ඩි දුලිත් අශෝක මහතා මෙසේ පැහැදිලි කලේය. “ මේ ආකාරයෙන් සාදනා තරාදි වලින් නිවැරදිව බර කිරන්නත් හොරට කිරන්නත් පුලුවන් විම විශේෂත්වයක්. ඒ නිසා මුලින්ම ගොවි මහතුන් ඉදිරියේ පළමුව කිරන වි ගෝනි නිසි ආකාරයෙන් කිරා පෙන්වා දෙවනුව ගොවියාට නොතේරෙන ආකාරයෙන් තරාදියේ ගියරය මාරුකර වංචනික ආකාරයට කිරිම සිදු ක
රනවා. මෙය ගොවියාට පැහැදිලිව හදුනා ගන්න බෑ. මොකද තරාදියේ අභ්‍යන්තරයේ වෙනස් කම් සිදු කර අලුතින් ස්ප්‍රින් එකක් දාලා තියෙනවා. ඒක පිටතට පේන්නේ නෑ.
1. ඒ නිසා තරාදිය මුලින්ම පරික්ෂා කිරිම තුලින් ගොවිමහතුන් හට මෙම වංචනික තරාදිය පිටතින් බලා හදුනා ගැනිමේ ක්‍රමයක් තියෙනවා.
පළමු ක්‍රමය තමයි තරාදියේ පිටුපස මුහුනතේ ඇති කුඩා ඇණ දෙක පරික්ෂා කරන්න. එවිට එය එකම සමාන හා එකම ප්‍රමාණයේ නොවුනහොත් එය වංචනික තරාදියකි. ( එහි එක් ඇණයක් ගලවා අලුතින් දිග ඇණයක් සවිකර තරාදියේ අභ්‍යන්තරයට ස්ප්‍රින් එකක් සවි කෙරේ)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgr8sbX9YB-hFzSAqDuFylaQ46hl09hKkZnb_rZFVVirI2lFQ5w3RwFFYbxmsHliLDYY10SHceKf6qZbfU8xP2yqmevamirdTfj0nYI7QXAVScDMV1W4s40eiCzaSEu1Sp2ZfqEjwGMR6c/s320/Image+%25283%2529+copy.jpg)
2. දෙවන ක්‍රමය වන්නේ ඡායා රූප අංක 01 හා 03 පරිදි තරාදියේ කොක්ක සවිකරනා කොටස අතින් උඩට එසවිමේදි තරාදියේ කටුව කිලෝ 80 පසු කර (කිලෝ 75-70-65-60 දක්වා) පසු පසට කැරකේ නම් (අවගමණය) එයද වෙනස් කරන ලද හොර තරාදියක් වේ. වෙනස් නොකරන ලද තරාදියක කටුව පිටුපසට කැරකෙන්නේ කිලෝ 80 (ඉතා කුඩා දුරක් ) දක්වා පමණක් වේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhKV9aP5B4YaSlrqlieFEbw6mh7bnw1RJPSZ6RfPOrpyVxO6mYFsUfxrRcDJHDPuTzYlsI0c5WI8S1wQB3NpEGl0MeNVC5D3GRH4mbiV-XUMhzi71Fk0SPquaC6rnhfpLGYwK35iPnT92w/s320/Image+%25285%2529+copy.jpg)
3. එමෙන්ම තරාදියේ වීදුරු මුහුනත නොමැතිනම් එයද වංචාකාරි ලෙස සකසන ලද්දක් බවත් ඒ සම්බන්දයෙන් පරික්ෂාකාරි වන ලෙසත් ගොවි මහතුන් හට දැනුම් දෙන අතර බර ප්‍රමාණය පෙන්වන කටුවෙහි මුද්‍රාව කඩා (ඡායා රූප අංක 02) ගොවියාහට නොතෙරෙන ආකාරයෙන් කටුවට ඇගිල්ලෙන් ගසා වංචා කෙරේ. ඒය පහසුවෙන් සිදු කල හැක්කේ විදුරු මුහුනත නොමැති තරදිවල පමණකි. එහිදි කටුය ඇගිල්ලෙන් ඕනෑම දිසාවකට කැරකැවිය හැකිනම් එය වංචාකාරි ලෙස සකසන ලද එකකි.
නිවැරදි දුනු තරාදියක් පහසුවෙන් හදානා ගන්නා ආකාරය වන්නේ දුනු තරාදියේ වීදුරු මුහුනත තිබිය යුතුයි. තරාදිය පිටුපස ඇණ දෙකෙහි වෙනසක් නොවි තිබිය යුතු වන අතර තරාදිය වාර්ශිකව ලියාපදිංචි කිරිමේදි යොදන මුද්‍රාවේ සංකේත පලුදු නොවි තිබිය යුතුවේ. එමෙන්ම තරාදියේ බර පෙන්වන කටුව ආපස්සට ලොකු දුරක් ගමන් නොකල යුතු වේ
No comments:
Post a Comment