Sunday, January 12, 2014

මහියංගන ජාතික පාසලේ ප්‍රධාන පිවිසුම් දොරටුව විවෘත කෙරේ - නාම පුවරුවට රාත්‍රි ප්‍රහාරයක්

මහියංගන ජාතික පාසලේ ප්‍රධාන පිවිසුම් දොරටුව විවෘත කෙරේ - නාම පුවරුවට රාත්‍රි ප්‍රහාරයක්
2014-01-11 පෙ.ව. 2:53
මහියංගන ජාතික පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ සහය ඇතිව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පලාත් සභා මන්ත්‍රි ප්‍රතිපාදන මගින් ලක්ෂ 13.5ක් වැය කර අභ...ිනවයෙන් හා අලංකාර වුත් මහත් අභිමානවුත් ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදි කර විවෘත කිරිම ඊයේ (10) දින උදෑසන විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරින.
මෙම අවස්ථාව සදහා ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති සුදත් බලගල්ල මහතාගේ ආරාධනයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වුද හිටපු මන්ත්‍රිවරයෙකු වු සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වී පිවිසුම් දොරටුව විවෘත කරන ලදී.
මෙම පිවිසිම් දොරටුවේ විවෘත කිරිමට තිබු නාම පුවරුව ඊට පෙරදින රාත්‍රි (09) කිසියම් පිරිසක් විසින් යකඩ පොලු වැනි ද්‍රව්‍යක් උපයෝගී කරගෙන කඩා බිද දමා ඇත. මහියංගන ජාතික පාසලේ අභිමානය ඔප්නැන්වෙන ආකාරයෙන් සිදු කල මෙම නිර්මාණයට මෙලෙස හානි සිදු කිරිම පාසැල් නොගිය පිරිසකගේ පහත් ක්‍රියාවක් යැයිද පාසලට සිදු කල අපකිර්තියක් යැයිද පැමිණ සිටි විද්වත් පිරිසගේ පොදු මතය වු අතර පාට පක්ෂ කුමක් වුවත් පාසලේ අභිමානය ඔප්නැන්වෙන ආකාරයෙන් නිම කල මෙම නිර්මාණය බොහෝ පිරිසකගේ ඇගයිමට ලක් විය.
See More









ස්වර්නවාහිණියෙන් බජාජ් ඩිස්කවරියක් මහියංගනයට

 2014-01-11 පෙ.ව. 1:36
ස්වර්නවාහිණි ස්වර්ණ තුන්පැ නරබා ලක්ෂ 2ක් වටිනා බජාජ් ඩිස්කවරි වර්ගයේ යතුරුපැදියක් දිනාගන්නට මහියංගන පදියතලා මාර්ගයේ 50 කණුව ප්‍රදේශයේ පවුලක් 10 දින සවස සමත් විය.






Tuesday, January 7, 2014

මහියංගන පොලිසියේ අල්ලස් ගත් නිළධාරියා 17 දින දක්වා රක්ෂිත බන්දනාගාරයට


2014-01-07 ප.ව. 11:30

මහියංගන පොලිසියේ උසාවි කටයුතු සම්බන්දයෙන් රාජකාරි නියුතු  පොලිස් නිළධාරිවරයෙකු උසාවි භුමිය තුළදී පුද්ගලයෙකුගෙන් රුපියල් 4000ක අල්ලසක් ලබා ගනිද්දී 06 දින දහවල් අල්ලස් හා දුෂණ නිළධාරින් විසින් අත් අඩංගුවට ගත් අතර ඔහුව හසලක පොලිසිය වෙත බාරදීමෙන් පසුව අද (07) දින ඔහුව අල්ලස් හා දුෂණ නිළධාරින් විසින් දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අතුරුව 17 දින දක්වා පොලොන්නරුව රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා විසින් නියෝග කර අති අතර 17 දින කොළඹ අධිකරණයක් වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

අයියා එකකුසේ උපන් නංගිව දුෂණය කරලා

2014-01-07 ප.ව. 11:02
රිදිමාලියද්ද කුරුවිතැන්න ගම්මානයේ බුබුල වසමේ කෝන්ගස්තලාව ප්‍රදේශයේ වයස අවිවාහක 18 තරුණියක්ව තම එක්කුස උපන් සහෝදරයා (අයියා) විසින් දුෂණය කිරිමේ සිදුවීමක් ඊයේ උදැසන 9.45ට පමණ වාර්ථා වී ඇති අතර දුෂණය සිදු කල පුද්ගලයා මේවන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇත. ඔහුව අත් අඩංගුවට ගැනීම සදහා මේ වන විට මහියංගන පොලිසියේ නිළධාරින් ක්‍රියා කරමින් සිටි.
අතවරයට ලක...් වු තරුණියගේ මව ඒ වන විට කන්දේගම ප්‍රදේශයේ ඥාති නිවසකට ගොස් සිට ඇති අතර එසේ යෑමට පෙර එම තරුණියට සිය අත්තම්මාගේ නිවසේ හෝ යෙහෙලියකගේ නිවසේ රැදි සිටින ලෙස අවවාද කර පිටව ගොස් ඇත. ඒ අනුව ඇය සිය අත්තම්මාගේ නිවසට ගොස් සිටියදී එම තරුණියගේ අයියා පැමිණ අත්තම්මාගේ ගෙදරට ආවේ ඇයි ??? යාලුවාගේ ගෙදරට නොගියේ ඇයි දැයි ප්‍රශ්ණ කරමින් නැගනියට පහර දී ඇති අතර නැගනිය බයිසිකලයේ නන්ගාගෙන නිවසට රැගෙන ගොස් ඇත. එසේ යන අතර මගදීද නැගනියට පහර දීම හේතුවෙන් ක්ලාන්තය දමා වැටී ඇති අතර සිහිය නැවත ලැබෙන විට තම එකකුස උපන් සහෝදරයා (අයියා) ඇයව දුෂණය කරමින් සිට ඇති අතර සිරුරේ ඇදුම් කිසිවක් තිබී නොමැත. ඒ මොහොතේ පටන් මෙම පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු ඒ වන විට කොළඹ ප්‍රදේශයේ නිවාස ඉදිකිරිම් සිදු කරනා ස්ථානයක කම්කරුවකු ලෙස සේවයේ යෙදි නිවාඩුව සදහා නිවසට පැමිණ සිට ඇත.
සහකාර පොලිස් අධිකාරි ඇතුලත්මුදලි මහතා, මහියංගන පොලිස්ථානාධිපති එස් බී වික්‍රම සිංහ මහතා හා අපරාධ අංශයේ ස්ථානාධිපති එම් බී ජි ජි එස් චතුරංග මහතාගේ ප්‍රධානත්වයෙන් පරික්ෂණ කටයුතු සිදු කරන අතර ප්‍රදේශයෙන් පලා ගොස් සිටිනා සැකකරු අත් අඩංගුවට ගැනීම සදහා පරික්ෂණ කටයුතු සිදු කරමින් සිටි.

උසාවියේදී අල්ලස් අරගෙන මහියංගන පොලිස් නිළධාරියෙක් මාට්ටු

2014-01-06 ප.ව. 4:04
මහියංගන පොලිසියේ උසාවි කටයුතු සම්බන්දයෙන් රාජකාරි නියුතු පොලිස් නිළධාරිවරයෙකු නඩු කටයුත්තක් සදහා උසාවි භුමිය තුළදී පුද්ගලයෙකුගෙන් රුපියල් 4000ක අල්ලසක් ලබා ගනිද්දී 06 දින දහවල් අල්ලස් හා දුෂණ නිළධාරින් විසින් අත් අඩංගුවට ගැනිට හැකි වී ඇත.
අසභ්‍ය විඩියෝ දර්ශන ඇතුලත් ජංගම දුරකථනයක් ලග තබා ගත් තරුණයෙකු මුදා හැරිම සදහා රුප...ියල් 5000ක අල්ලසක් මෙම පොලිස් නිළධාරිවරයා ඉල්ලා ඇති අතර මීට පෙර රුපියල් 1000ක් ලබාගෙන ඇති අතර ඉතිරි මුදල ඊලග නඩු වාරයේදී ලබා දෙන පවසා ඇත. ඒ අනුව ඉතිරි හිග මුදල ලබා දෙන මොහොතේ දී මෙම පොලිස් නිළධාරිවරයා අත් අඩංගුවට ගැනීමට මිට අල්ලස් හා දුෂණ නිළධාරින්ට හැකි විය.
අත් අඩංගුවට පත් මහියංගන පොලිසියේ නිළධාරිවරයා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර පරික්ෂණ කටයුතු අල්ලස් හා දුෂණ නිළධාරින් විසින් සිදු කරමින් සිටී.

මහියංගන හද්දත්තාව ද්ව්තීක පාසලේ නිළඇදුම් පලහිලව්ව 2

මහියංගන හද්දත්තාව ද්ව්තීක පාසලේ නිළඇදුම් පලහිලව්ව 2
http://www.youtube.com/watch?v=FibhB7pXJLM&feature=youtu.be

මහියංගන හද්දත්තාව ද්ව්තීක පාසලේ නිළඇදුම් පලහිලව්ව

මහියංගන හද්දත්තාව ද්ව්තීක පාසලේ නිළඇදුම් පලහිලව්ව
 http://www.youtube.com/watch?v=OlXkT6K7Bkw&feature=youtu.be

2014 නව වසරට මහියංගන නගරයේ නව පෙනුමක්


2014-01-01 ප.ව. 11:38
මහියංගන නගරයේ දින 3ක් වැනි ඉතා කෙටි කලකින් නව පෙනුමකට නව වෙනසකට බදුන් වී ඇති අතර උදාවු 2014 නව වර්ෂයේ මහියංගන ලංගම බස්නැවතුමේ මගින් සදහා හා නගරට පිවිසෙන ජනතාව සදහා විවේක සුවයෙන් ගිමන් නිවන්නට අභිනවයෙන් උද්‍යානයක්... විවේකාංගනයක් සකස් කරන්නට ඌව පළාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ මහතා හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතාගේ සංකල්පයකට අනුව හැකි වී තිබේ. එම උද්‍යානය තුල බේකරි නිෂ්පාදන අලෙවිසැල් 3ක්ද ඉදි කර වඩාත් පිරිසිදු ආහාර පාන ජනතාවට මිළදි ගන්නට අවස්ථාව සලසා ඇත.See More























ලක්ෂ 23ක වියදමින් කෘෂිකාර්මික සත්වපාලන හා ධිවර කටයුතු සදහා උපකරණ

2014-01-01 ප.ව. 11:19
ඌව පළාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ මහතා හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතා ගේ සංකල්ය අනුව 4 වන වතාවටත් සංවිධානය කල සෑම වසරකම ජනවාරි 01 දින ක්‍රියාත්මක කරන කෘෂිකාර්මික සත්වපාලන හා ධිවර කටය...ුතු සදහා උපකරණ බෙදාදීමේ 2014 වර්ෂයේ උත්සවය අද දින (01) මහියංගන ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාල භුයේ ශ්‍රවනාගාරයේදී සංවිධානය කර තිබුනි.
එහිදී මහියංගන රිදිමාලියද්ද කන්දකැටිය යන ප්‍රාෙද්ශිය ලේකම් කොට්ඨාශ වල ජීවත්වන ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු ප්‍රධානය කිරිම හා කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන යටතේ කමත් අතුරන වතුර මෝටර් විසිරුම් ජලසම්පාද පද්දති බිම්මල් වගා කිරිම සදහා බාවිතා කරන බැරල් ජංගම අලෙවිසැල් ධාන්‍ය ඇබරුම් යන්ත්‍ර ද මිරිදිය ධිවර සංවර්ධන යටතේ ධිවරයන් සදහා ජීවිතාරක්ෂක කබා, ධිවර සමිති සදහා අධිශිතකරන යන්ත්‍ර, මත්ස්‍ය අලෙවිසැල්, යතුරුපැදි, දැල් කුඩු ද සත්ව නිෂ්පාදන සංවර්ධන වැඩසටහන යටතේ දියර කිරි අලෙවි මධ්‍යස්ථාන සදහා උපරණ, බිත්තර නිෂ්පාදනය සදහා මසක් වයසැති කිකිලි පැටවුන් බෙදාදීම සිදු කරන ලදී. ඌව පළාත් කෘෂිකර්ම ගොවිජන සංවර්ධන සත්ව නිෂ්පාදන අමාත්‍යාංශය මගින් මේ සදහා මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති අතර ඒ සදහා ලක්ෂ 23ක් වැය කර ඇත. මෙම අවස්ථාව සදහා විශාල පිරිසක් සහභාගී වී සිටියා.
See More

















සුභ නව වසරක් ෙව්වා !!!