2016-12-14 ප.ව. 1:19
මහියංගන මහවැලි ගඟේ මාස කිහිපයක් තිස්සේ බලපත්‍ර නොමැතිව වැලි කැනීම් සිදු කල වැලි තොටුපලක් අද (14) උදැසන විශේෂ කාර්යය බළකා නිළධාරින්ගේ (STF) විශේෂ වැට ලීමකට ලක් කොරිනි.
මහියංගණ, පුජානගරයේ විල්ලුපිටිය ප්‍ර දේශයේ මාස කිහිපයක් තිස්සේ බලපත්‍ර නොමැතිව මෙම වැලි තොටුපල පවත්වාගෙන ගොස් ඇති අතර ලද තොරතුරක් මත එම තොටුපලක් වැටලීමට ලක් කෙරිනි.
මහියංගණ, පුජානගරයේ විල්ලුපිටිය ප්‍ර දේශයේ මාස කිහිපයක් තිස්සේ බලපත්‍ර නොමැතිව මෙම වැලි තොටුපල පවත්වාගෙන ගොස් ඇති අතර ලද තොරතුරක් මත එම තොටුපලක් වැටලීමට ලක් කෙරිනි.
එහිදි සැකකරුවන් 04ක්, ට්‍රැක්ටර් 02ක්, ෆයිබර් බෝට්ටු 02ක්, සවල් 08ක්, බාල්දි 08, අලවංගු 02ක් අත් අඩංගුවට ගන්නා ලදී.
විශේෂ කාර්යය බළකා නිළධාරින් විසින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් හා භාණ්ඩ මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සදහා මහියංගන පොලිසිය වෙත බාරකරන ලදී.
අම්පාර විශේෂ කාර්යය බළකා අණදෙන නිළධාරි පොලිස් අධිකාරි රත්නපිටිය මහතාගේ හා විශේෂ කාර්යය බළකා අම්පාර සේනාංකයේ එම් එල් ආර් චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් පරිදි මහඔය දෙවන කඳවුරේ අණ දෙන නිළධාරි ඩී හේවාපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පො.සැ. 26221 බන්දුල, 53734 අත්තනායක, පො.කො. 79394 ගාල්ලගේ, 78959 චාමර, 38966 දේවගේ, පො.කො.රි. 80789 කුමාර යන නිළධාරි කණ්ඩායම විසින් මෙම වැටලීම සිදු කරන ලදි.
No comments:
Post a Comment