බලපත්‍ර නොමැතිව මහියංගන දම්බරාව ඔයේ වැලි ගොඩ දැමු පිරිසක් සොයා මහියංගන පොලිසියේ නිළධාරින් පිරිසක් අද(30) උදැසන වැලීමක් සිදු කරනු ලැබීය. එහිදි දම්බරාව ඔයේ නිති විරෝධි ආකාරයෙන් වැලි ගොඩ දමමින් සිටි ජාවාරම් කරුවන් තිදෙනෙකු ඵළා ගියා. එහෙත් ඔහුන්ගේ ජංගම දුරකතන, මුදල් පසුම්බි, හැදුනුම්පත් හා වැලි කැණිම සදහා බාවිතා කල උපකරණ පොලිස් අත් අඩංගුවට පත්විය. පසුව වැලි ගොඩදමමින් සිටි ජාවාරම් කරුවන් දෙදෙනෙකු අද සවස පොලිසියට බාරවිය.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා මැදිහත්වීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති එම් බී ජි ජි සුදේශ් චතුරංග මහතාගේ ප්‍රධානත්වයෙන්, පො. කො. 28533 සෙනෙවිරත්න,54192 උපාලි, 39390 ප්‍රියන්ත, 35757 නිශාන්ත යන නිළධාරින්ගේ යහයෙන් මෙම වැටලීම සිදු කෙරිනි.
No comments:
Post a Comment