Saturday, July 30, 2016

පොලිසියෙන් තේ පැන් සංග්‍රහයක්


969 සංවිධානයවෙනුවෙන් ඉන්දියාවේ හයිද්‍රාබාද් විශ්ව විද්‍යාලයේ හිටපු පර්යේෂණ කතිකාචාර්ය, බෞද්ධ ජාත්‍යන්තරයේ අධ්‍යක්ෂ ආචාර්ය චමිල ලියනගේ මහතාගේ කථාව 02 කොටස

Video 04 >> 969 සංවිධානයවෙනුවෙන් ඉන්දියාවේ හයිද්‍රාබාද් විශ්ව විද්‍යාලයේ හිටපු පර්යේෂණ කතිකාචාර්ය, බෞද්ධ ජාත්‍යන්තරයේ අධ්‍යක්ෂ ආචාර්ය චමිල ලියනගේ මහතාගේ කථාව >> ශ්‍රි ලංකාවේ බුදු දහම ආක්‍රමණිකයාගෙන් බේරාගැනීම සදහා ප්‍රථම වරට “969 සංවිධානය “ මියුගුණ පරවරයෙන් දොරට වඩි

https://www.facebook.com/NewsatMahiyangana/videos/904068469722635/

969 සංවිධානයවෙනුවෙන් ඉන්දියාවේ හයිද්‍රාබාද් විශ්ව විද්‍යාලයේ හිටපු පර්යේෂණ කතිකාචාර්ය, බෞද්ධ ජාත්‍යන්තරයේ අධ්‍යක්ෂ ආචාර්ය චමිල ලියනගේ මහතාගේ කථාව 01 කොටස

https://www.facebook.com/NewsatMahiyangana/videos/903878919741590/

Video 03 >> 969 සංවිධානයවෙනුවෙන් ඉන්දියාවේ හයිද්‍රාබාද් විශ්ව විද්‍යාලයේ හිටපු පර්යේෂණ කතිකාචාර්ය, බෞද්ධ ජාත්‍යන්තරයේ අධ්‍යක්ෂ ආචාර්ය චමිල ලියනගේ මහතාගේ කථාව >> ශ්‍රි ලංකාවේ බුදු දහම ආක්‍රමණිකයාගෙන් බේරාගැනීම සදහා ප්‍රථම වරට “969 සංවිධානය “ මියුගුණ පරවරයෙන් දොරට වඩි

969 සංවිධානය ලේකම් පුජ්‍ය අලුකැටියාවේ සිලවංශ හිමියන් ගේ හඩ

https://www.facebook.com/NewsatMahiyangana/videos/903781933084622/

Video 02 >>969 සංවිධානය ලේකම් පුජ්‍ය අලුකැටියාවේ සිලවංශ හිමියන් ගේ හඩ - ශ්‍රි ලංකාවේ බුදු දහම ආක්‍රමණිකයාගෙන් බේරාගැනීම සදහා ප්‍රථම වරට “969 සංවිධානය “ මියුගුණ පරවරයෙන් දොරට වඩි

Friday, July 29, 2016

Video >> 01 ශ්‍රි ලංකාවේ බුදු දහම ආක්‍රමණිකයාගෙන් බේරාගැනීම සදහා ප්‍රථම වරට “969 සංවිධානය “ මියුගුණ පරවරයෙන් දොරට වඩි

Video >> 01 ශ්‍රි ලංකාවේ බුදු දහම ආක්‍රමණිකයාගෙන් බේරාගැනීම සදහා ප්‍රථම වරට “969 සංවිධානය “ මියුගුණ පරවරයෙන් දොරට වඩි 2016-07-29 පෙ.ව. 10:29 -https://www.facebook.com/NewsatMahiyangana/
මියෙන්මාර් ආධ්‍යාත්මික නායක අශින් වීරතු හිමි විසින් මුස්‌ලිම් ආක්‍රමණිකයාගෙන් බුදු දහම බේරාගැනීම සදහා ආරම්භකරන ලද 969 සංවිධානයේ සාමාජිකත්වය දරන“ 969 හොළ සදහම් සංවිධාන“ නම්න් ශ්‍රිලංකාවේ ප්‍රම වරට 969 සංවිධානය - මහියංගණය ප්‍රදේශයෙන් පසුගියදා බළ මුලු ගැන්වුනු අතර එහි දොරට වැඩුම 2016-07-28 දින සවස මහියංගන නගරයේ සංස්කෘතික මධ්‍යාස්ථානයෙදී මියුගුණ පුරවරයේ වෙහෙර විහාරස්ථාන රැසක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.
මහියංගන පුරවරයේ වෙළෙද ව්‍යාපාරිකයන්, තරුණ පිරිස ඒ සදහා ශ්‍රමය ශක්තිය එක් කර තිබුනි. ඉන්දියාවේ හයිද්‍රාබාද් විශ්ව විද්‍යාලයේ අධ්‍යාන හා පර්යේශණ අංශයේ හිටපු කථිකාචාර්ය, බෞද්ධ ජාත්‍යන්තරයේ අධ්‍යක්ෂක චමිල ලියනගේ මහතා ප්‍රධාන දේශනය සදහා ආරාධනා ලැබ පැමිණ සිටියේය.
මුස්‌ලිම් ආක්‍රමණිකයාගෙන් බුරුම බෞද්ධයෝ පීඩාවට ලක්‌ව සිටි මොහොතක මුස්‌ලිම් ආක්‍රමණිකයාගෙන් බුදු දහම බේරාගැනීම සදහා 969 නම් සංවිධානයක්‌ විරතු හිමියෝ විසින් පිහිටුවා ගන්නා ලදී.
මෙම සංවිධානයේ නමේ තේරුම වන්නේ, පළමු නවයේ ඉලක්‌කමෙන් බුදු ගුණ නවයද ඊළඟ හයේ ඉලක්‌කමෙන් ධර්මයද, අවසාන නවයේ ඉලක්‌කමෙන් සංඝයා ද ලෙසය. විරාතු හිමියන්ගේ චෝදනාවේ පදනම වන්නේ සංස්‌කෘතිය, ශිෂ්ඨාචාරය ගොඩනැඟූ ජාතියට පිටින් පැමිණි පිරිසක්‌ කරන හිරිහැර සම්බන්ධය.

Thursday, July 28, 2016

ශ්‍රි ලංකාවේ බුදු දහම ආක්‍රමණිකයාගෙන් බේරාගැනීම සදහා ප්‍රථම වරට “969 සංවිධානය “ මියුගුණ පරවරයෙන් දොරට වඩි

21:36 28/07/2016 - https://www.facebook.com/NewsatMahiyangana/
මියෙන්මාර් ආධ්‍යාත්මික නායක අශින් වීරතු හිමි විසින් මුස්‌ලිම් ආක්‍රමණිකයාගෙන් බුදු දහම බේරාගැනීම සදහා ආරම්භකරන ලද 969 සංවිධානයේ සාමාජිකත්වය දරන
“ 969 හොළ සදහම් සංවිධාන“ නම්න් ශ්‍රිලංකාවේ ප්‍රම වරට 969 සංවිධානය - මහියංගණයප්‍රදේශයෙන් පසුගියදා බළ මුලු ගැන්වුනු අතර එහි දොරට වැඩුම අද (28) දින සවස
මහියගන නගරයේ සංස්කෘතික මධ්‍යාස්ථානයෙදී මියුගුණ පුරවරයේ වෙහෙර විහාරස්ථාන රැසක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.
මහියංගන පුරවරයේ වෙළෙද ව්‍යාපාරිකයන්, තරුණ පිරිස ඒ සදහා ශ්‍රමය ශක්තිය එක් කර තිබුනි. ඉන්දියාවේ හයිද්‍රාබාද් විශ්ව විද්‍යාලයේ අධ්‍යාන හා පර්යේශණ අංශයේ හිටපු කථිකාචාර්ය, බෞද්ධ ජාත්‍යන්තරයේ අධ්‍යක්ෂක චමිල ලියනගේ මහතා
ප්‍රධාන දේශනය සදහා ආරාධනා ලැබ පැමිණ සිටියේය.
මුස්‌ලිම් ආක්‍රමණිකයාගෙන් බුරුම බෞද්ධයෝ පීඩාවට ලක්‌ව සිටි මොහොතක මුස්‌ලිම් ආක්‍රමණිකයාගෙන් බුදු දහම බේරාගැනීම සදහා 969 නම් සංවිධානයක්‌ විරතු හිමියෝ විසින් පිහිටුවා ගන්නා ලදී.
මෙම සංවිධානයේ නමේ තේරුම වන්නේ, පළමු නවයේ ඉලක්‌කමෙන් බුදු ගුණ නවයද ඊළඟ හයේ ඉලක්‌කමෙන් ධර්මයද, අවසාන නවයේ ඉලක්‌කමෙන් සංඝයා ද ලෙසය. විරාතු හිමියන්ගේ චෝදනාවේ පදනම වන්නේ සංස්‌කෘතිය, ශිෂ්ඨාචාරය ගොඩනැඟූ ජාතියට පිටින් පැමිණි පිරිසක්‌ කරන හිරිහැර සම්බන්ධය.
++++969 සංවිධානයේ පරමාර්ථ ලෙස එහිදී ප්‍රකාශයට පත් කරන ලද්දේ ++
1- සද්ධර්මය සදාචාරය වර්ධනය හා ඉගෙනිමට පහසුකම් සැලැස්වීම
2- බුදු දහම ප්‍රා යෝගිකව පිළිපැදීමට උනන්දුව ඇති කිරිම හා ඇති කරවීම
3- ප්‍ර දේශවාසී බොදු ජනතාව අතර සමගිය හා සහයෝගය දියුණු කිරිම
4- බෞද්ධයන් තුළ සදාචාර,සංස්කෘතික, ශාරිරික හා සමාජමට සංවර්ධණ ප්‍රගුණ කිරිම
5- බුදු සමය සුරැකීම සහ වර්ධනය කිරිම
6- බෞද්ධයන් අන්‍ය ආගමිකයන්ගෙන් මුදවාගැනීම
7- බෞද්ධයන් සතු නිශ්චර,චංචල දේපල ආරක්ෂා කිරිමට හා රැකගැනීමට උදව් කිරිම;
8- අකර්මණ්‍ය හා විනාශවෙමින් පවතින සිංහල ව්‍යාපාර නගා සිටුවීම ආරක්ෂා කිරිම හා නව නිෂ්පාදන සදහා යොමු කිරිම
9- ස්වාභාවික සම්පත් හා පරිසරය ආරක්ෂා කිරිම
10- කෘෂි ජිවනෝපාය නගා සිටුවීම හා ගව සම්පත ආරක්ෂා කිරිම
11- සිංහල බෞද්ධයන්ට සිදුවන අසමාන හා අසාධාරණතාවයන්ගෙන් වළක්වා ගැනීම
12- සාමාජිකයාගේ දුෂ්කරතා වලදී මුල්‍ය ආධාර පිරිනැමීම වේ.
“ 969 හොළ සදහම් සංවිධාන“ මහියංගණ - නිළධාරි මණ්ඩලය ලෙස, සභාපති පුජ්‍ය අම්බාලේ රතන හිමියන්ද, උප සභපති ඊ එච් එම් එම් සමන් මහතාද, ලේකම් පුජ්‍ය අලුකැටියාවේ සිලවංශ හිමියන්ද,උප ලේකම් ලෙස ඉශාන්ත දිසානායකද,
භාණ්ඩාගාරික සම්පත් ඒකනායක ,ප්‍රදාන සංවිධායක එම් ඒ සි ප්‍රියදර්ශන, ප්‍රධාන අනුශාසක කන්ද කැපු උල්පත හොබරියාවේ රතන හිමියන් හා කේ පී එස් ගුණවර්ධන යන අය කරටයුතු කරනු ලැබේ..

































බෞද්ධ කොඩි ගිනි තැබු මුස්ලිම් තරුණයන් 08 දෙනා යලි 11 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කෙරේ.

21:53 28/07/2016
පසුගිය වෙසක් පොහොය දින පගරගම්මන මුස්ලිම් ගම්මානයේ බෞද්ධ කොඩි හා වෙසක් කූඩු ගිනිතැබු සිද්ධියට අදාලව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මුස්ලිම් තරණයන් 08 දෙනාගේ නඩුව අද (28) දින මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයේ යලි විභාගයට ගත් අතර
එහිදී මහියංගන මහේස්ත්‍රාත් තිෂානි තේනබදු මහත්මිය ඔහුන් ලබන මස 11 දින දක්වා යලි රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස නියම කරන ලදී.

Wednesday, July 27, 2016

කැබ් රථය කඩේ ඇතුලට රිංගයි

19:12 27/07/2016
බදුල්ල මහියංගන මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ දී අද (27) කැබ් රථයක් ලිස්සා ගොස් මාර්ගය අසල තිබූ වෙළද සැලකට කඩා වැදී අනතුරට පත්ව තිබේ.

කැබ් රථයේ ගමන් ගත් එකම පවුලේ තිදෙනාට තුවාල සිදුවී නොමැති අතර අනතුරින් කැබ් රථයට හා වෙළද සැලට දැඩි හානි සිදුව තිබේ. කැබ් රථය මාර්ගයේ ලිස්සා යෑමෙන් මෙම අනතුර සිදුව ඇති අතර වෙළද සැලේ සිටි පිරිස ඉවතට පැන බේරි තිබේ.


Tuesday, July 26, 2016

නගරයේ පෝස්ටර් ඇලවු පස් දෙනා පොලිසිටය බාර වෙති - ලබන 4 දක්වා රක්ෂිත බන්දනාගාර ගත ‍කෙරින

22:18 26/07/2016

පසුගිය වෙසක් පොහොය දින පගරගම්මන මුස්ලිම් ගම්මානයේ බෞද්ධ කොඩි හා වෙසක් කූඩු ගිනිතැබු සිද්ධියට අදාලව ඊට විරෝධය පා මහියංගන නගර‍ය් පොස්ටර් ඇලවු තරුණයන් හා ව්‍යාපාරිකයන් 05 දෙනා අද දින (26) නිතිඥයෙකු මාර්ගයෙන් මහියංගන පොලිසිය වෙත බාරවීමෙන් පසු මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මහියංගන මහේස්ත්‍රාත් තිෂානි තේනබදු මහත්මිය ඔහුන් ලබන මස 04 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස නියම කරන ලදී.
CCTV දර්ශන මගින් නගරයේ පෝස්ටර් ඇල වු පිරිස පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීම සදහා කටයුකු කරනු ලැබු අතර මෙම පිරිස මාස කිහිපයක් පොලිසිය මගහැර සිට මෙලෙස අද දින පොලිසිය වෙත බාරවිය. මෙම සිද්ධියට අදාලව මීට පෙර මෙම පස් දෙනාට අමතරව තවත් මහියංගන නගරයේ තරණයන් දෙදෙනෙක්ද රක්ෂිත බන්දනාගාර ගත කරනු ලැබ සිටි.

මහියංගණ පොලිසියෙන් ලොකු පිංකමක් කර ගනී

 21:46 26/07/2016
පසුගිය පෝය දිනට යෙදී තිබු මහියංගන රෝහලේ බාහිරි රෝගි සායනය නොපැවැත්වීම හේතුවෙන් එදින සයනයේ රෝගින් හා අද (26) දින සායනය සදහා පැමිණිම හේතුවෙන් රෝහලේ සායන පැවැත් වෙන භූමිය එකම රෝගින්ගේ හිස්ගොඩක් ව පැවති අතර විශාල පිරිසක්  නිරාආහාරව සායන සදහා පැමිණ සිටීම හේතුවෙන් ක්ලාන්ත තත්වයට පත් විය.  පසුගිය අගහරුවාදා දින සායනයේ රෝගින් හා අද(අගහරුවාදා) දින සායනයේ රෝගින් ප්‍රමාණය 800කට වඩා ඉක්මවා තිබුනි.
ඒ සම්බන්දයෙන් මහියංගන පොලිසිය දැනුවත් වීමත් සමගම මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ හා මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර  මහතාගේ මැදිහත් වීමෙන් කඩිනමින් රෝහලේ සායනික රෝගින් සදහා උදැසන තේපැන් සංග්‍රහයක් ලබාදීමට කටයුතු කිරිමෙන්  සායනය සදහා පැමිණ සිටි වයස්ගත රෝගින්, නිරාආහාරව සිටි විශාල පිරිසකට සහනයක් ලැබුනි.  පොලිසියේ කඩිනම්
මැදිහත්වීමෙන්  ලැබු සහනය රෝගින් රැසකකගේ පැසසුමට ලක් විය. එලැබෙන 150 වන පොලිස් දිනට සමගාමීව පොලිසිය ජනතාව අතරට ගොස් වඩාත් සමීපව මහජන සේවාවක් සිදු කිරිම මෙහි අරමුණ බව සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා පැවසීය. මෙම සංග්‍රහය සදහා මහියංගන පොලිසියේ නිළධාරින් හා  නිළධාරිනියන් විශාල පිරිසකගේ දායකත්වය ලැබුනි.