උපුටා ගැනීම http://www.33000.lk/2013/
●▬ හෙළ ඉතිහාසයේ ජීවමාන සාක්ෂියක් අමු අමුවේ මරා දමයි ▬●
පොළොන්නරුව රාජධානියේ පරාක්‍රමබාහු රජ සමයේ විසූ සුගලා දේවියගේ දේහය තැන්පත් කර තිබූ විශාල ගල් පර්වතය පුපුරුවා හැර දේහයේ තිබූ ස්වර්ණාභරණ පැහැරගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.
මහවැලි “සී” කලාපයේ මීවත්පුර ගම්මානයේ විශාල ගල් පර්වතයක් මත සුගලාදේවියගේ දේහය ගල් ගුහාවක තැන්පත් කොට තිබූ බව පැවසෙන අතර, එය ගඩොල් බිත්තියකින් ආවරණය කර තිබූ බවට තොරතුරු හෙළිවී තිබේ.
මීවත්පුර ප්‍රදේශයේ ගල්කොරියක් පවත්වාගෙන යන මුවාවෙන් මේ දේහය සොයාගෙන ඇති අතර, අඩි 8ක් පමණ දිගින් යුත් ගල් පෙට්ටියක සුගලාදේවියගේ දේහය තිබූ අතර, එය වනාන්තර පෙදෙසකට ගෙන ගොස් පුළුස්සා දමා ඇතැයි පොලිසියට තොරතුරු ලැබී ඇත.
මීට අමතරව මෙම ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථානයේ ඇති අනගිබවනීය වටිනාකම පිළිබඳ කතිකාවතක් ගොඩනැගෙමින් පවතී.එවැනි එක් හෙළිදරව්වවක් 33000.lk බෙබ් අඩවියෙන් මෙසේ උපුටා දක්වන්නෙමු.
ගල පුපුරවා හැරීමේදී ගඩොල් බිත්තියකින් ආවරණය කර තිබූ අඩි 8 ක් පමණ දිගින් යුත් ගල් පෙට්ටියක් හමුවූ බවත්, එය විවෘත කිරීමේදී කාන්තා මළසිරුරක් තිබු අතර එය දිරාපත් නොවූ බව පෙනෙන්නට තිබු බවත් පොලීසියට තොරතුරු ලැබී ඇත.
එය රහසක් වශයෙන් තබාගත් ගල් කොරියේ හිමිකරුවා එය වනාන්තර පෙදෙසකට ගෙන ගොස් පුළුස්සා දමා එහි වූ රන් ආභරන විකුණා ඉඩකඩම්, වාහන, කඩපේළි මිලට ගෙන ඇති බවටද ආරංචි පවතී. ඇතමෙක් පවසන්නේ එම මමිය "සුගලා දේවිය" ගේ බවයි. එය සත්යයක් නම් එය දකුණු ආසියාවේ පැරැණිම මමිය වේ.
සුගලා දේවිය යනු ක්‍රි.ව. 12වන සියවසේ දක්කිණ දේශයේ සහ රුහුනේ රජ කල මාණභරණ රජ ගේ මවයි. රණකාමී වීර කතක් වූ ඇය විසින් දළදා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ ආරක්‍ෂාකොට පුතුවූ මාණාභරණ රජ වෙත භාරදී ඇත.
මාණභරණ රජගේ මරණින් පසු රජරට රජකල පළමුවන පරාක්‍රමබාහු රජ රුහුණ ආක්‍රමණය කර සුගලා දේවිය ජීවග්‍රහයෙන් අල්වා දළදා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ තම භාරට ගෙන ඇත. පසුව සුගලා දේවිය පොළොන්නරුවට රැගෙනගොස් සිරකාරියක ලෙස එහි ජීවත් විමට සැලැස්සු අතර මරණින් පසු දේහය ගෞරව සහිතව පොළොන්නරුව මීවත්පුර ගම්මානයේ විශාල ගල් පර්වතයක් මත තිබූ ගල් ගුහාවක තැන්පත් කල බව ජනප්‍රවාදයේ සඳහන්ය.
ඇත්තටම එම මමිය පිලිස්සුවා නම් එය පරම්පරා ගාණක ශාපයට ලක්වන්නා වූ අපරාධයකි. "තැම්රොක් මැටල්" නම් මෙම ගල් කොරිය පිහිටියේ රූස්සමලේ කන්ද පුරාවිද්‍යා රක්ෂිතයක නිසා එක් අතකින් සැබැවින්ම එහි අපරාධකරුවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. මක් නිසාද යත් පුරාවිද්‍යාත්මක සාක්ෂි පිරි මෙම භූමියේ ගල් කොරියක් පාත්වාගන යාම සඳහා සඳහා අවසර ලබාදී තිබෙන්නේ ඔවුන්ය.
අක්කර එකහමාරක ප්‍රදේශයකට බලපත්‍රයක් ලබාගෙන ඇති මෙහි හිමිකරු මේ වනවිට අක්කර 10 ක පමණ ප්‍රදේශයක පිහිටි ගල් පර්වතය විනාශයට පත්කර ඇත.
මෙම ගල් පර්වතයේ ගල් කැඩීම සිදුකරනු ලබන්නේ විදුලි බලයෙන් ක්‍රියා කරන යන්ත්‍රයක් මඟිනි. එක් වරකට වෙඩි 100 ක් පමණ යොදා පර්වතය පුපුරුවා හරිනු ලබයි.
මමිය හමුවූවා යැයි කියනා ගල් කොරිය පවතින ස්ථානයද පුරාවිද්‍යාත්මක වටිනාකම්වලින් හෙබි ස්ථානයකි. මෙහි පැරැණි පොකුණක් හා පැරැණි ස්තූපයක් තිබී ඇති අතර මේ වන විට ඒ කිසිවක් හඳුනාගත නොහැකිය. ඉතිරිව ඇත්තේ අඩි සිය ගණනක් යටට හෑරුණු ගල් වළක් පමණි.
මෙහි රූස්සමලේ ගල්ලෙන නමින් හඳුන්වන ස්ථානයේ ඇති ගල්ලෙන පූර්ව බ්‍රාහ්මී අක්ෂර සහිත ශිලා ලිපිවලින් යුක්තය. ඒ අසල ඇති ඉපැරැණි ස්තූප නටබුන්, පාදම් ගල් ආදිය එහි ඇති පුරාවිද්‍යාත්මක සාක්ෂි සේම, පුරාවෘත්තවල එන පරිදිත් ප්‍රදේශවාසීන් පවසන පරිදිත් මෙම ලෙන තුළ සිට නුවරගල සුගලා දේවි රජමහා විහාරය දක්වා දිවෙන උමඟක්ද වේ.
මෙම උමඟ දිවෙන්නේ ඉහත කී "තැම්රොක්" මැටල් ගල් කොරිය පිහිටි භූමිය හරහාය. එය සත්යයක් නම් අද වන විට ඒ උමඟ විනාශ වී හමාරය. ඒ වෙනුවට ගල් වළක් පමණක් ඉතිරිව ඇත.
ගල් කොරිවල සිදුවන පුද පූජා දොළ පිදේනි නිධන් ගැනීමේ පරමාර්ථයෙන් සිදුකරන නමුත් ඒ පිළිබඳව විමසීමේදී ඒවායේ හිමිකරුවන් පවසන්නේ "මේ සියලු පුද පූජා කරන්නේ සෙත් ශාන්ති කරන්නේ ගලට ඇස්වහ කටවහ එනවට" යනුවෙනි.
මෙම බලපත්‍ර ලබා දුන්නේ කුමන පුරාවිද්‍යා නිලධාරියාද? දිගින් දිගටම පලුදෙණිය ගමේ තැනින් තැන සිදුවන ගල් කොරි බලපත්‍ර දීම කවර බලපෑම් මත සිදුවන්නක්ද? දේශපාලන බලතල මෙන්ම අල්ලස් දීමෙන් ලබාගන්නා බලපත්‍ර විසින්ම වනසනු ලබන උරුමය පිළිබඳ වගකියන්නේ කවරෙක්ද? යන්න සොයා බැලිය යුතුය.
ගල් පෙට්ටිය හමුවීමට පෙර තිබූ ගඩොල් බිත්ති වල වූ ගඩොල් ගොඩගසා තිබෙන ආකාරය පොලීසිය විසින් පරීක්ෂා කරන අයුරු හා ගල් කොරිය පිහිටි ස්ථානයේ ජායාරූප කිහිපයක් ඉහතින් දක්වා තිබේ.
රටපුරා ක්‍රියාත්මක පුරාවිද්‍යා මංකොල්ල කෑම් සම්බන්ධව ජාතික උරුමයන් අමාත්‍යංශය හා පුරා විද්‍යාදෙපාර්තමෙන්තුව සිටිනුයේ දැඩි නිද්‍රාවකය.හෙට අනිද්දාට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවද බෝර දමා කුඩු කලත් ඔවුන්ට ගානක් නැත.නමුත් නූපන් පරපුර වෙනුවෙන් මේ සාහසික අපරාධ වැළක්වීමට පෙරට ආයුතු කාළයක් බව සැමට සිහිපත් කරන්නෙමු.
No comments:
Post a Comment