Saturday, August 13, 2016

දළදා සමිඳුන්ට මී පැණි පොජ්ජක්



13-08-2016 20:08 අතීතයේ දන්ත ධාතුන් වහන්නේ ඝණ කැලෑ ගුහා ආදියෙහි සඟවාගෙන රැගෙන එන අතර තුර මී පැණියෙන් ධාන්‍ය යෙන් අල වර්ගයන්ගෙන් පුද පූජා පැවැත්වීම සිහි ගැන්වීම පිණිස අදටත් වැදි ජනතාව මී පැණි පූජාව වාර්ෂිකව පවත්වනු ලබයි.

දළදා පෙරහරේ ප්‍රථම රන්දෝලි පෙරහර දිනයේ උදෑසන ඔහුන් මෙම පුජාව සිදු කරනු ලබන අතර දළදා සමිඳුන්හට කිලෝග්රෑම් 50 කට අධික මී පැණි ප්‍රමාණයක් රැගෙන විත් පූජා පවත්වති. 

ආදීවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ආදීවාසී සාමාජිකයින්ද සමඟ වාර්ෂික අඛන්ඩව මෙම මීපැණි පුජාව සිදු කරති.අතීතයේ සිටම ආදිවාසීහු නුවර ඇසල පෙරහර සමයේ දළදා සමිඳුන්ට මී පැණි පුදති.ආදීවාසි නායකයා දියවඩන නිළමේ නිලංග දෑල මහතාද හමු විය.








මහවැලි වියානා ඇළට කැබ්රථයක් පෙරලී අතුරුදහන් වු පුද්ගල මල සිරුරු වැවක තිබී හමුවෙයි.


 2016-08-13 පෙ.ව. 10:25
මහවැලි වියානා ඇළට 11දින රාත්‍රි 11.30ට පමණ මහියංගන තිස්සපුර ප්‍ර දේශයේදි කැබ්රථයක් පෙරලී එහි  අතුරුදහන් වු පුද්ගලයාගේ මල සිරුර අද (13) උදැසන දියබානා වැවේ තිබී ගම්වාසින් විසින් සොයාගන්නා ලදී. අනතුර සිදු වු ස්ථානයේ සිට කිලෝමිටර් 5ක් පමණ දුරට සිරුර ඇළ දිගේ ගසාගෙන ගොස් තිබිනි.

මෙලෙස මියගොස් ඇත්තේ කැබ්රථයේ හිමිකරු වන කේ පී ගයාන් ඉන්දික බංඩාර නම් වයස 31ක් වන අයෙකි. ඔහු 11 කණුව, බෝගහකුඹුර, ඌරණිය , රිදිමාලියද්ද යන ලිපිනයේ පදිංචි අයෙකි. ඔහු විවාහක එක් දරු පියෙකි.

ගම්වාසීන් හා මහියංගන පොලිසිය ඒක්ව මහවැලි වියානා ඇලට පෙරලී තිබු කැබ්රථය ඊයේ (12) උදැසන ගොඩගත් අතර එහි ජංගම දුරකථනයකින් පටිගත කරන ලද දර්ශන එවා ඇත.

මළසිරුර සොයා දියබානා වැවට හා  උල්හිටිය ජලාශයට ගසාගෙන යන්නට ඇති බවට සැකකර ඊයේ දවස පුරා ගම්වාසින් හා මහියංගන පොලිසිය මෙහෙයුම් සිදු කළෝය. සිරුර පිළිබද මහේස්ත්‍රාත් පරික්ෂණ හා මරණ පරික්ෂණ සිදු කිරිමට නියමිතව තිබේ.

සිද්දිය පිළිබද වැඩිදුර පරික්ෂණ මහියංගණ පොලිස් නිළධාරින් විසින් සිදු කෙරේ.






මේ හොරා දන්නවානම් ගිරාදුරුකෝට්ටේ පොලිසියට දන්වන්න

මේ හොරා දන්නවානම් ගිරාදුරුකෝට්ටේ පොලිසියට දන්වන්න
00:01 13/08/2016
2016-08-10 දින රාත්‍රි ගිරාදුරුකෝට්ටේ බතලයයා හංදියේ ව්‍යාපාරික ස්ථාන 06ක් කිසියම් පුද්ගලයෙකු විසින් මංකොල්ලකා ඇති අතර එහි එක් ව්‍යාපාරික ස්ථානයක සවිකර තිබු CCTV කැමරා දර්ශණ අප වෙත ලැබී ඇත. මොහු පිලිබද කිසියම් හෝඩුවාවක් ඇත්නම් ගිරාදුරුකෝට්ටේ පොලිසිය දැනුවත් කරන්න 0272254222

https://www.facebook.com/NewsatMahiyangana/videos/912945988834883/

Friday, August 12, 2016

සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාව


මහවැලි වියානා ඇළට කැබ්රථයක් පෙරලී පුද්ගලයෙකු අතරුදහන්


2016-08-12 ප.ව. 3:37
මහවැලි වියානා ඇළට ඊයේ (11)රාත්‍රි 11.30ට පමණ මහියංගන තිස්සපුර ප්‍ර දේශයේදි කැබ්රථයක් පෙරලී එහි ගමන් ගත් රියදුරු අතුරුදහන්ව ඇත.
මෙලෙස අතුරුදහන්ව ඇත්තේ කැබ්රථයේ හිමිකරු වන කේ පී ගයාන් ඉන්දික බංඩාර නම් වයස 31ක් වන අයෙකි. ඔහු 11 කණුව, බෝගහකුඹුර, ඌරණිය , රිදිමාලියද්ද යන ලිපිනයේ පදිංචි අයෙකි. ඔහු විවාහක එක් දරු පියෙකි.
ගම්වාසීන් හා මහියංගන පොලිසිය ඒක්ව මහවැලි වියානා ඇලට පෙරලී තිබු කැබ්රථය අද උදැසන ගොඩගත් අතර රියදුරු ජලයේ ගසාගෙන යන්නට ඇතිබවට සැකකර රියදුරුසොයා මෙහෙයුම් අද සවස් වනතුරුසිදු කෙරිනි. අද සවස 6.00දක්වා සිදු කරනු ලැබු මෙහෙයුම් වලදී අතුරුදහන් පුද්ගලයා සොයාගැනීමට නොහැකි වින. මළසිරුර දියබානා වැවට හො උල්හිටිය ජලාශයට ගසාගෙන යන්නට ඇති බවට සැක කෙරෙන අතර මෘත දේහය සොයා මෙහෙයුම් දිගගටම සිදු කෙරේ.
සිද්දිය පිළිබද වැඩිදුර පරික්ෂණ මහියංගණ පොලිස් නිළධාරින් විසින් සිදු කෙරේ.










Thursday, August 11, 2016

කෙසෙල් කැන් හා වී ප්‍රවාහනය කරන ආකාරයෙන් රැගෙන ගිය ලක්ෂ 85කට අධික වටිනා හොර දැව තොගයක් අත්අඩංගුවට

21:03 11/08/2016
බිබිල, මහියංගනය, රිදීමාලියද්ද, ආඳාඋල්පොත ප්‍රදේශ වෙතින් කෙසෙල් කැන් හා වී ප්‍රවාහනය කරන ආකාරයෙන් සුක්‍ෂම ලෙස කිසිඳු බලපත්‍රයක් හෝ අවසරයකින් තොරව ඉරා සකස් කරන ලද කුඹුක් හා තේක්ක දැව තොගයක් අකුරණ ප්‍රදේශයට රැගෙන ගොස් නිවසක සගවා තිබියදී, මහනුවර අධිකරණය මගින් ලබා ගත් වරෙන්තුවකට අනුව ඊයේ (10) දින පස්වරු කාලයේ අකුරණ බුලුගොහොතැන්න ප්‍රදේශයේ නිවසක ගෙවත්තක් පරික්ෂාකල මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් එක් සැකකරුවෙකුද සමඟින් ලි තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වී ප්‍රවාහනය කරන ආකාරයෙන් ලොරියක පසුපස හා රියදුරු අසුනට පෙනෙන ඉදිරිපස කොටසේ වී ගෝනි අතුරා සුක්‍ෂම ආකාරයෙන් කුඹුක් දැව තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදී ඉකුත් 10 වැනිදා දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගත් අතර එම ලොරියේ සිටි සැකකරුගෙන් ලබා ගත් තොරතුරු අනුව දැව ගබඩා කොට තිබු ස්ථානය වටලා මෙම දැව තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට පත් සැකකරුවන් සන්තකයේ තිබී ව්‍යාජ දැව මුද්‍රාවක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක මහතාගේ උපදෙස් මත දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත චන්ද්‍රසේකර මහතා විසින් සිද්ධිය පිළිබඳව වැඩි දුර පරීක්ෂණ පවත්වයි.
මෙම සම්පුර්ණ දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 85ක් පමණ වන බවයි පොලිසිය පවසන්නේ.

ආදිවාසි දින සැමරුම දඹාන කොට බකිනිය ගම්මානයේදි


ලෝක ආදිවාසි දින සැමරුම


වන අලි ගොවිබිම් වලට වැදී සිදුකරන හානි උග්‍රවී ඇති බවට මැසිවිලි

වන අලි ගොවිබිම් වලට වැදී සිදුකරන හානි උග්‍රවී ඇති බව මහියංගන සොරබොර මීගහපිටිය ගම්වාසීන් මැසිවිලි නගති.
2016-08-10 ප.ව. 1:03

 මහියංගන අවට ගම්මාන රැසකට තවමත් වන අලින්ගෙන් සිදුවන කරදර මෙන්ම හානි අඩුවක් වී නොමැති බවත් මේදින වල ගොවිබිම් සියල්ල අස්වනු නෙලීමට ආසන්නව පවතින බවත් වන අලි රංචු පිටින් ගොවිබිම්වලට වැදීම හේතුවෙන් වගා බිම් සම්පුර්ණයෙන්ම විනාශයට පත් කිරීම හේතුවෙන් තමන් මහත් ආර්ථික අපහසුතාවයන් වලට පත්ව සිටින බවට ගම්වාසින් චෝදනා කරති.

සොරබොරවැව සිට සොරබොර වැව අවට ගම්මාන රැසකට මේදනවල වන අලි 07ක් පමණ සිටිනා රංචුවක් පැමින කුඹුරු අස්වනු, වගාභූමි පාලු සිදු කරන බවත් අස්වැන්න නෙලා නිවෙස් වලව ගත් පසු නිවාස කඩා දේපල හානිකර වන අලි අස්වැන්න අහාරයට ගන්නා බව ගම්වාසින් පවසති.

මෙම කරදර කාරී වන අලි රංචුව  මහියංගන ‍සොරබොර වැව, මාපාකඩවැව, දම්බරාව වැව  වැනි වැව් වල කැලෑ කුට්ටිවල රැදී සිටිමින් දිවාකාලය ගත කරන බවත් රාත්‍රියට ගම්වැදී සාමාන්‍ය ජන ජිවිතය අවුල් ජාලයක් බවට පත් කරන බවත් ගොවියන් ගිනිමැලගසා විදුලි බුබුලු ගොවිබිම්වලට යොදා රාත්‍රිය නිදිවරා කුඹුරු ආරක්ෂා කරගැනීමට සිදුව ඇතැයි ගොවිජනතාව පවසනවා.

කඩිනමින් මේ සදහා වගකිවයුතු නිළධාරින් මැදිහත්ව ගොවිජනතාව හට සහනයක් සලසාදෙන ලෙස ඉල්ලා සිටී.





Wednesday, August 10, 2016

Tuesday, August 9, 2016

වනාන්තරයේ ඇත්තන්ගේ දිනය අදයි -News Video

 දිනෙන් දින වෙනස්වන තාක්ෂණික ලෝකය තුළ තම අනන්‍යතාවය හා උරුමය රැක ගැනීමේ සටනක නිරත වන පාරම්පරික ආදිවාසීන් හෙවත්, වනාන්තරයේ ඇත්තන්ගේ දිනය අදයි

News Video - https://www.facebook.com/Tv1NewsLK/videos/284219255286711/

ඌව මහ ඇමති අන්ධ වෙයි

ඌව මහ ඇමති අන්ධ වෙයි 2016-08-090328 ඌව මහ ඇමති චාමර සම්පත් දසනායක අද (09) පැවැති උත්සවයකට සහභාගී වුයේ ආබාධ සහිත පුද්ගලයෙක් ලෙසයි. ඒ මොණරාගල දිස්ත්‍රික් ආබාධ සහිත තරුණ තරුණියන්ගේ සම්මේලනය සඳහායි. ඌව මහ ඇමති එලෙස අන්ධ වුයේ මොහොතකට පමණි.



ආදිවාසි දින සැමරුම දඹාන කොට බකිනිය ගම්මානයේදි

 2016-08-09 ප.ව. 4:37
ලෝක ආදිවාසී දින සැමරුම නිමිත්තෙන් අද (09) ආදිවාසී ගම්මාන රැසක ආදිවාසින් එක්ව දඹාන කොටබකිනිය ගම්මානයේදී රාජ්‍ය අනුග්‍රහයෙන් සැමරීය.
ඒ නිමිත්තෙන් ඔවුන්ට ආවේනික වරිග සභාව ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) රාත්‍රියේ දඹාන, මොරබැද්දේදි රැස්වු අතර එහිදි ඔහුන්ට ඇතිවි ඇති ගැටලු සම්බන්දයෙන් ප්‍රධාන ආදිවාසී නායක දඹාන වන්නිලා ඇත්තන් සමග සාකච්චා කෙරිනි. එම ගැටලු රජයේ අවධානය සදහා යොමු කිරිම සදහා අද (09) අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් අශෝක සිරිවර්ධන මහතාට හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා වෙ දඹානේදි බාර දෙන ලදී. එහි කරුණු 11ක් රජයේ අවදානය යොමු කරන ලෙස ආදි වාසින් ඉල්ලා සිටි.
මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මෙවර ලෝක ආදිවාසි දිනට සමගාමිව ශ්‍රිලංකාවේ ආදිවාසි ජන කොට්ඨාශයන් සහබාගි කර ගනිමින් දඹාන කොටබකිනිය ගම්මානයේදී අද (09) උදැසන 10.30ට ආදිවාසි නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ගේ ආරාධනයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් අශෝක සිරිවර්ධන මහතාගේ සහබාගිත්වයෙන් හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. ඒ සදහා මහියංගන ප්‍රාෙද්ශිය ලේකම් පී.එස්. පී. අබේවර්ධන මහතාගේ හා කාර්යය මණ්ඩලයේ සහයෝගය නොමසුරුව ලබාදී තිබුනි.
මෙවර ලෝක ආදිවාසි දින සැමරුම දඹාන, කොටබකිනිය ගම්මානය මුලික කරගනිමින් පැවැත්වෙන අතර ඒ සදහා ලංකාව පුරා විසිරි සිටින ආදිවාසින්ගේ ගම්මාන 06ක වැදි ජනතාව සහබාගිවිය.
මීට සමගාමිව ආදිවාසි ජනයාගේ අධ්‍යාපනයට ඇති අයිතිය වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ආදිවාසි ගම්මාය කේන්ද්‍ර කරගනිමින් පාසැල් පුස්ථකාල ප්‍රවර්ධනය කිරිමේ ප්‍රථම අධියර ලෙස ආදිවාසී කලාපයට අයත් පාසැල් 07කට පොත් බොදාදිම සිදු කරනලද අතර නොමිලේ වෛද්‍ය සායනයක් හා වියලි ආහාර සලාක බෙදාදීම සිදු කෙරිනි. මෙම අවස්ථාව සදහා රාජ්‍ය නිළධාරින්, ආදිවාසින් , ගම්වාසින් රැසක් සහබාගී වි සිටියෝය. ආදිවාසී ජන ගී හා කිරිකොරහා ශාන්ති කර්මය ආදි ඔහුනට ආවේනික සංස්කෘතික අංගවලින් මෙම අවස්ථාව වර්ණවත් විය.
ආදිවාසි ගම්මාන රැසක් මේ වන විට මත් රකුසාගෙන් වෙලාගෙන ඇති බවත් ඒ හේතුවෙන් ආදිවාසි පවුල් වල දරිද්‍රතාවය හා අසමගිය ඉහල ගොස් ඇතිබව ආදිවාසී කාන්තාවන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය. විශේෂයෙන් දඹාන ආදිවාසි ගම්මානයේ මෙම ගැටලුව උග්‍රබවත් ආදිවාසි ගම්මාන මත් රකුසාගෙන් බේරා දෙන ලෙස වගකිවයුතු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව කාන්තාවන් ඉල්ලා සිටියේය.