Saturday, April 23, 2016

නිති විරෝධි මත්පැන් වැටලීමට ගිය පොලිස් නිළධාරියාගේ කණ සපා කා සැකකරු ඵලා ගිහින් - පොලිස් නිළධාරිවරයා රෝහලේ


4/23/2016 2:20 PM

නිතිවිරෝධි මත්පැන් ජාවාරම් කරුවෙකු හා ස්ථානයක් වැටලීම සදහා මහියංගන පොලිසියේ දුෂණ මර්ධන හා නඩු මෙහෙයුම් අංශයේ පොලිස් නිළධාරින් කණ්ඩායමක් ඊයේ (22) රාත්‍රි 8.00 පමණ  මහියංගන 48 කණුව සේරාන ප්‍ර දේශයේ වැටලීමක් සිදු කිරිමේදී නිතිවිරෝධි මත්පැන් ජාවාරම් කරු පොලිස් නිළධාරින් විසින් අත් අඩංගුවට ගැනිමෙන් පසු පොලිස් රථයේ සිටියදී නිළධාරිවරයෙකුගේ වම් කණ සපා කා සැකකරු ඵලා ගොස් ඇත.
 
වම් කණ සිරුරෙන් වෙන්වන සේ සපාකෑම හේතුවෙන් තුවාල ලැබු පොලිස් නිළධාරිවරයා ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කරනු ලැබ ඇත. මේ වන විය නිළධාරිවරයා මහියංගන රෝහලේ 08 වාට්ටුවේ නේවාසික ප්‍රතිකාර ලබයි. සිරුරෙන් වෙන්ව ගිය කණ ශල්‍යකර්මයක් මගින් සිරුරට බද්ධ කර ඇති අතර ශල්‍ය කර්මයේ සාර්ථක භාවය තිරණය කිරිමට දින කිහිපයක් ගතවනු ඇතිබ වෛද්‍ය වරුන්ගේ අදහස වී ඇත.
 ඵලා ගිය සැක කරු සොයා පොලිස් මෙහෙයුම් මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර  මහතා ඇතුලු පොලිස් නිළධාරින් විසින් සිදු කෙරේ. 



Friday, April 22, 2016

2016 බක්මහ උළෙල

 මහියංගණ ප්‍රාදේශීය සභාව සහ නෙස්ටමෝල්ට් මගින් 2016-04-22 දින පවත්වනු ලැබු 2016 බක්මහ උළෙල














සල්ලාලයාගේ පිට සපා මව බේරාගත් දිරිය දරුවා


2016 අපේ‍්‍රල් මස 19 12:39:06 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

සිත තුළ නලියමින් කැකෑරෙමින් තිබූ මෙල්ලකරගත නොහැකි කාමුක ආශාවන් දෙදරු මවකගෙන් බලහත්කාරයෙන් සංතර්පනය කරගැනීමට උත්සාහ කළ සල්ලාලයෙක් අන්තිමේදී සල්ලංවී ගියේ අවුරුදු 3 1/2 ක වයසේ පසුවන දරුවකු ඒ සල්ලාලයාව සපාකෑම නිසාය.

සල්ලාලයකුගේ ග්‍රහණයේ සිටි මවගේ ජීවිතය බේරාගත් තුන්හැවිරිදි මේ පුංචි වීරයාගේ නිවහන පිහිටා ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයට අයත් පදියතලාව මරංගල අඹගහවත්ත ගම්මානයේය.

සිය මවට කරන්න යන්නේ කුමක්ද යන්න ගැන හයක් හතරක් නොතේරෙන මේ පුංචි දරු පැටියට වැටහීමක් නොතිබුණත් කිසියම් අනතුරක් කරන්නට යන බව තේරුම් ගොස් ඇත.

ඒ නිසා වැටී සිටි තැනින් නැගිට ඇවිත් මව සමග ඔට්ටු වන සල්ලාලයාගේ ඇඟ මතට නැගුණු පුංචි දරුවා පිට හයියෙන් සපන විට වේදනාව ඉවසාගත නොහැකිව සල්ලාලයා පලා ගොස් ඇත.

පුංචි දරු පැටියා කළ මේ වීර ක්‍රියාව නිසා මව සල්ලාලයාට ගොදුරු කර ගැනීමට නොහැකි විය.

මේ කාන්තාව ඇයගේ අවුරුදු 10 ක දියණිය හා අවුරුදු තුනහමාරක වයසේ පසුවන පිරිමි දරුවාත් සමග අරංගල ඉස්කෝලේ පැවති අවුරුදු උත්සවයකට සහභාගිවී සවස් යාමයේ පාළු පාරක් ඔස්සේ නිවෙස බලා එමින් සිටියදී මෙම අනපේක්ෂිත සිද්ධියට මුහුණපා ඇත.විසි අටවැනි වියේ පමණ පසුවන කාන්තාව සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වීමට පැමිණි පොලිස් කණ්ඩායම සමග පවසා ඇත්තේ මෙවැනි කතාවකි.

“අරංගල ඉස්කෝලේ තිබුණ අවුරුදු උත්සවයට මමයි දුවයි පුතයි ගියා. අවුරුදු උත්සවය ඉවරවෙලා අපි තුන්දෙනා එන්න පිටත්වෙද්දි සවස 6.30 ට විතර ඇති. මගේ අවුරුදු 3 1/2 ක් විතර වයසේ පසුවන පුතා වඩාගෙන ආවේ. අරංගල ඉස්කෝලේ ළඟ ඉඳලා අපේ ගෙදරට කිලෝමීටර් 3 ක විතර දුරක් තියනවා. කැලෑ පාරක්. මිනිස්සු නිතර යන එන පාරක් නොවේ. ජංගම දුරකථනයේ තියන ටෝච් එකේ එළියේ ආධාරයෙන් තමා අපි ආවේ.

අපේ පස්සෙන් කවුරු හරි කෙනෙක් එන බව තේරුණා. අන්ධකාරය නිසා ඔහු කවුද කියන එක පස්ස බැලුවත් හඳුනා ගැනීමට නොහැකිවුණා. පිටිපස්සෙන් ආ පුද්ගලයා ළඟට හයියෙන් හයියෙන් ඇවිත් එකපාරටම වැරෙන් මාව තල්ලු කළා. තල්ලු කළ වේගයට මාවයි පුතාවයි විසිවෙලා ගිහින් පාර අයිනේ තිබුණ මාන පඳුරක් උඩ ඇදගෙන වැටුණා. පුතා මගේ අතින් අත හැරුණා. මාව තල්ලු කළ මනුස්සයා මට නැගිටින්න බැරි විදිහට තදින් අල්ලාගත්තා. මට කරන්න දෙයක් ඉතිරිවෙලා තිබුණේ නැහැ. මම ඌත් එක්ක පොර බැදුවා. එතකොට ඌ මගේ සාරි පොට අරගෙන කෑගහන්න බැරි විදිහට බැන්දා. මේ මනුස්සයා ඇස් දෙක පමණක් පෙනෙනසේ කළු පාට රෙද්දකින් ඇස් බැඳගෙන හිටියා.

මේ වෙනකොට දියණිය බයවෙලා දුවලා ගොස් තිබුණා. මාව දැඩි ලෙස ග්‍රහණය කරගෙන හිටිය පුද්ගලයා එක පාරටම අම්මෝ කියාගෙන මාව අතහැර පලා ගියා. මේ විදිහට එක පාරටම මාව අතහැර පලා ගියේ මොකද කියන එක ගැන හිතාගන්නවත් බැරිව ගියා. පස්සෙ මගේ අවුරුදු 3 1/2 ක් වයසැති පුතා කිව්වා මාමා කෙනෙක් අම්මාට ගහන නිසා මම ඒ මාමාගේ ඇඟට ගොඩවෙලා පිට හයියෙන් හැපුවා කියා. පුතා ඒ මිනිහාගේ පිට හයියෙන් හැපුව නිසා තමා මාව අතහැර දමා පලා ගිහින් තියෙන්නේ කියා පුතාගේ කීමෙන් මම දැනගත්තා. මගේ පුංචි පුතා නිසා තමා මට ඒ සල්ලාලයාගෙන් බේරීමට ලැබුණේ යැයි කාන්තාව කියා ඇත්තේ දරු පැටියා සෙනෙහසින් තුරුල් කරගෙන සිප වැළඳ ගනිමිනි.

අම්මා බිම පෙරළාගෙන හිටිය මාමාගේ පිට උඩට නැගලා මම හැපුවා. මාමා දිව්වා යැයි පුංචි දරු පැටියා සුරතල් ලෙස පවසා ඇත්තේ පොලිසිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කාන්තාව මේ සිද්ධිය ඇයගේ සැමියාටද කියා පසුව පොලිස් 119 හදිසි ඇමතුම් අංශයට පවසා ඇති අතර පොලිස් හදිසි ඇමතුම් අංශය මේ බව පදියතලාව පොලිසියට දැනුම්දීමෙන් පසු කාන්තාවට අතවර කිරීමට උත්සාහ කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය.

කාන්තාවට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයා ගැන පදියතලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඒ.එස්.සී. සතරසිංහ මහතාට ලැබුණු තොරතුරක් මත කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් ඒ ගමේම පදිංචි 18 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

අම්මාට ගහද්දී මම ඒ මාමාගේ පිට හැපුවා යැයි අවුරුදු 3 1/2 ක පමණ වයසේ පසුවන දරුවා කියා තිබූ නිසා අනිවාර්යයෙන්ම සැකකරුගේ පිටේ දත් පාරවල් වැදී තිබිය යුතු නිසා පොලිස් නිලධාරීන් ඔහුගේ පිට ප්‍රදේශය පරික්ෂා කර බලා ඇත.

පොඩි එකාගේ හැපීමේ තරම පොලිස් නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ සැකකරුගේ පිට ප්‍රදේශය පරික්ෂා කර බැලීමේදීය.

කොළඹට නුදුරු ප්‍රදේශයක පිහිටි සපත්තු නිෂ්පාදනය කිරීමේ ප්‍රසිද්ධ සමාගමක සේවය කරන මොහු මීට සති දෙකකට පමණ ඉහතදී පදියතලාවේ ගමට පැමිණ ඇත.

සැකකාර තරුණයා රැකියාව කරන සමාගමට පොලිසිය කතාකර මොහු ගැන දැනුම්දී වැඩිවිස්තර විමසා සිටි අවස්ථාවේ එහි කළමනාකාරවරයා පවසා ඇති කතාවෙන් පොලිස් නිලධාරීන් විමතියට පත්ව ඇති බව කියති.

ඒ වෙන කිසිවක් නිසා නොව පියා මිය ගිය බව පවසා සමාගමෙන් පවුලේ අයකුගේ මරණය වෙනුවෙන් ගෙවන රුපියල් 80,000 ක පමණ මුදලද රැගෙන පියාගේ අවසන් කටයුතුවලට සහභාගිවීමට යන බව කියා නිවාඩුද ලබාගෙන ඔහු පැමිණ තිබීම නිසාය.

සැකකරු සමාගමට කියා ඇත්තේ පට්ටපල් බොරුවකි. ඔහුගේ පියා තාමත් ජීවතුන් අතරය. පුතා පොලිස් අත්අඩංගුවට ගත් බව අසා පියා පොලිසියටද පැමිණ තිබිණි.

පොලිසිය විමතියට පත්ව ඇත්තේ පියා ජීවතුන් අතර සිටි නිසාය.

සැකකරුගේ එක් අතක සුවවූ තුවාල කැළලක් දක්නට ලැබී පොලිසිය ඒ ගැනද ඔහුගෙන් ප්‍රශ්න කර ඇත.

මම කෙල්ලෙක් එක්ක යහළුවෙලා හිටියා. ටික කාලයකට පස්සේ එයා මගෙත් එක්ක තරහවුනා. මම ආයෙත් එයත් එක්ක යහළුවෙන්න කොච්චර උත්සාහ කළත් හරි ගියේ නැහැ. ඊට පස්සේ මම අත කපාගත්තා. ඒ වෙච්ච තුවාලය තමා ඔය හොඳ වෙලා තියෙන්නේ යැයි සැකකරු පොලිසිය ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කියා තිබේ.

සැකකරුගේ පියා පමණක් නොව මවද ජීවතුන් අතර සිටියි.

අටවැනි ශ්‍රේණිය දක්වා පමණක් පාසල් ගොස් ඇති මොහු පාසල් ගමන කඩාකප්පල් කරගෙන ඇත.

මහඔය රෝහලේ වෛද්‍ය ආර්.එම්. රූපරත්න මහතා සැකකරු පරික්ෂා කර බලා වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

දෙහිඅත්තකණ්ඩිය වැඩ බලන මහේස්ත්‍රාත් බී.කේ.එස්.කේ. සුමතිපාල මහතා හමුවට සැකකරු ඉදිරිපත් කරන ලදුව මේ මස 19 වැනිදා දක්වා රිමාන්ඞ් බාරයට පත්කෙරිණි.

මෙසේ රිමාන්ඞ් බාරයට පත්කර ඇත්තේ පදියතලාව මරංගල ගම්මානයේ පදිංචිව සිටි ටිකිරි වන්නිමුදියන්සේලාගේ රංජිත් බණ්ඩාර (18) නමැති තරුණයෙකි.

ජාඇල ප්‍රදේශයේ පිහිටි සපත්තු නිෂ්පාදනය කිරීමේ සමාගමක සැකකරු සේවය කර ඇති නිසා මොහු ගැන තවදුරටත් සොයා බලා විස්තර වාර්තාවක් සපයන ලෙස පදියතලාව පොලිසිය ජාඇළ පොලිසියෙන් ඉල්ලීමක් කර ඇත.

සැකකරු කිසියම් මත්ද්‍රව්‍යයකට ඇබ්බැහිවී සිටින අයෙක්ද යන්න සොයා ගැනීමටද පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

මවට කිසිදු කරදරයක් හිරිහැරයකට ලක්නොවීමට තරම් වාසනාවන්ත වූයේ කටේ කිරි සුවඳවත් නොගිය දරු පැටියාගේ නිර්භීතකම නිසාය.

මේ පුංචි දරු පැටියා සැබෑ වීරවරයෙක් වන්නේද ඒනිසාමය.

අම්පාර කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.ආර්.එල්. රණවීර මහතාගේ උපදෙස් මත අම්පාර සහකාර පොලිස් අධිකාරි කේ.ඩී. චන්ද්‍රපාල මහතාගේ මෙහෙයවීම යටතේ පදියතලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඒ.එස්.සී. සතරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පදියතලාව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් නිරංජලා (3615) මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇත.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

පොලිසිය සමග සාමදානයට අපි කැමතියි – වැදි නායක

6:20 PM 4/22/2016
රතුගල ආදී වාසීන් හා පොලිසිය අතර පසුගිය දා රතුගල ආදීවාසී නායකයාගේ නිවසේ ඇතිවූ ගැටුම පිළිබදව තමන් පරික්ෂනයක් කල බවත් දෙපාර්ශවයේම වැරදි ඇති නිසා සාමදාන වීමට හැකිබවත් වැදිනායක ඌරුවරිගේ වනනිලා ඇත්තෝ මාධ්‍යට ප්‍රකාශ කර තිබේ.
පසුගියදා රතුගල ආදිවාසී නායකයාගේ නිවසේ පැවති සාදයක් අවස්තාවේදී පොලිසිය හා ආදී වාසීන් අතර ඇතිවූ ගැටුමේදී දෙපාර්ශවයම තුවාල ලබා තිබිනි.
පොලිසියද සිද්ධිය පිළිබදව සාමාදාන වීමට කැමති වූ බව ප්‍රකාශ කල ඌරුවරිගේ වන්නිලා ඇතිතෝ මෙවැනි දේ ඉදිරියට නොවන්නට වග බලා ගන්නා ලෙස අදාල වැදි ජනතාවටද උපදෙස් ලබා දුන් බව වැදි නායකයා වැඩි දුරටත් ප්‍රකාශ කලේය.

Thursday, April 21, 2016

News at Mahiangana APP එක දැන් ඔබට Download කර ගත හැක

10:57 PM 4/21/2016
පහසුවෙන් පිවිසෙන්න කියවන්න මහියංගනයේ වතගොත - ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය මගින් News at Mahiangana වෙත පිවිසීම සදහා නවතම APP එකක් ඔබට  දැන් පහත ලින්ක් එක මගින් Download කර ගත හැක. Downlord කර ඉන්ස්ටෝකර ගන්න
http://www.mediafire.com/download/982neejdynpa82k/-News_at_Mahiyangana.apk

බක්‌ පොහොය අදයි


 4/21/2016 2:39 PM
බක්‌ පොහොය ශාසන ඉතිහාසයේ වැදගත්ම පොහොය දිනයකි. බුද්ධත්වයෙන් පස්‌වැනි වර්ෂයේ චූලෝදර - මහෝදර නාරජුන් දෙදෙනා අතර මිණි පළඟක්‌ අරබයා වූ සටන සංසිඳුවීම සඳහා භාග්‍යවතුන් වහන්සේ ලක්‌දිවට වැඩම කරන ලද්දේ අද වැනි බක්‌ පොහොය දිනයකය. මෙය බුදුන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනය. විසි දහසක්‌ මහා සංරඝරත්නය සමඟ උන්වහන්සේ කිඹුල්වත්පුරයට වැඩියේද අද වැනි පොහොය දිනයකය.

බක් පොහොය නිමිති කර ගනිමින් ඓතිහාසික මහිංයගන රජමහා විහාරස්ථානයේ දවස පුරා විවිධ පුණ්‍යකර්ම රාශියක් සංවිධානය කර තිබුනේ අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරී මහියංගණ රජමහා විහාරස්ථානයේ භාරකාර රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙනි.








Wednesday, April 20, 2016

රිදිමාලියද්දේ පහල ඔයගම නාදුනන මල සිරුරක්

4/20/2016 1:41 PM
රිදිමාල්යද්ද, පහලඔයගම, ගොඩමඩ පිටියේ තිබී දිනන ගනනාවක් පැරණි හදුනාගත නොහැ මට්ටමට නරක් වු නාදුනන මළ සිරුරක් ගම්වාසින් විසින් සොයා ගෙන ඇත. ඒ සම්බන්දයෙන් ගම්වාසින් විසින් මහියංගන පොලිසිය දැනුවත් කිරිමෙන් පසු මේ වන විට පොලිස් පරික්ෂණ ආරම්භකල බව මහියංගන පොලිසිය කියයි.
රිදිමාලියද්ද ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශයේ පහලඔයගම ග්‍රාමසේවා වසමේ, ගොඩමඩපිටිය ප්‍ර දේශයේ තිබි මෙම මල සිරුර අද (20) ගම්වාසින් හට හමු වී ඇත. මෙසේ මියගොස් ඇත්තේ කව්රුන්ද යන්න හදුනාගෙන නොමැති අතර මියයෑමට හේතුව කුමක්ද යන්න අනාවරණය වී නොමැත. මහේත්ත්‍රාත් පරික්ෂණ හා මරණ පරික්ෂණ සිදු කිරිමට නියමිතව තිබේ.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා ඇතුලු නිලධාරිහු පරික්ෂණ පවත්වති.


Saturday, April 16, 2016

මහියංගනයේදී මූල්‍ය වංචා කරුවෙකු කොටුවෙයි

11:53 PM 4/16/2016
මහාපරිමාන මුදල් වංචාවකට සම්බන්ධ සැකකරුවෙකු මහියංගනය මැදයාය ප්‍රෙද්ශයේදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රෙද්ශයේ නිවසක සැගව සිටියදී පොලිසියට ලැබුනු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු රුපියල් දහසය ලක්ෂ පනස් අට දාස් තුන්සිය අසු හතරක මුදලක් විවිධ පුද්ගලයන්ගෙන් වංචා කර ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.
පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශය මේ සම්බන්ධව වැඩිදුර පරික්ෂණ සිදු කරති.

ආදිවාසීන් හිසතෙල් ගැල්වති



5:55 PM 4/16/2016
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත‍්‍රය අද (16) පෙරවරුවේ සිදු කෙරුණා. ඒ, පූර්ව භාග 10.41 ට යෙදී තිබූ සුබ නැකතින්. හිස තෙල් ගැල්වීම ආදිවාසී නායකතුමන්ගේ ප්‍රධානත්වයෙන්ආදිවාසි ගම්මානයේදි සිදු කෙරුන අතර නායකතුමාගේ බිරිද වන ඌරුවරිගයේ හිංමැණිකා හා නායකතුමාගේ බාල සහෝදරයෙකු වන ගුණබංඩියා ඇත්තන්ගේ හිස තෙල් ගල්වා හිස තෙල් ගැල්වීම ආරම්භ කෙරින. ආදිවාසී ගම්මානයේ ගම්වාසින් සහ ගම්මානය නැරබීම සදහා පැමිණ සිටි සංචාරකයින් දඹාන, ගුරුකුඹුර, කොටබකිණිය ගම්මානයට හිස තෙල් ගැල්වීම සදහා එක්වී සිටියේය.
අලුත් අවුරුදු චාරිත්‍රවලින් හිස තෙල් ගෑමේ චාරිත්‍රය පමණක් ආදිවාසින් අනුගමනය කරන අතර එහිදි ඔහුන් හැක්ම සදහා බාවිතා කරන ආයුධ, දේව ආභරණ, වස්ත්‍ර සදහා ප්‍රථමයෙන් නානු මිශ්‍ර තෙල් ගල්වා දෙවනුව ආදිවාසි ජනතාවගේ හිස තෙල් ගැල්වීම ආදිවාසි නායක ඌරු වරිගයේ වන්නිලා ඇත්තන් විසින් සිදු කරන ලදි. වසර පුරා රෝග පිඩා වලින් ආරක්ෂා කරදී නිරෝගි සුව ප්‍රාර්ථනා කිරිම මෙම හිස තෙල් ගෑමේ අලුත් අවුරුදු චාරිත්‍රය අනුගමනය කිරිම තුළින් ඔවුන් බලාපොරොත්තු වේ.




Friday, April 15, 2016

නාදුනන පිරිමි මළසිරුරක්


4/15/2016 1:28 PM
හදුනාගැනිමට අපහසු මට්ටමට නරක් වු පිරිමි මළසිරුරක් අද (15) උදැසන මහියංගන බුද්ධගයා අනුරුව ආසන්නයේ තිබියදි හමු බව මහියංගන පොලිසිය පවසති.
මහියංගන ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලය ආසන්නයේ ඉදිවන නව ඌව පළාත්සභා සංචාරක අමාත්‍යාංශයට අයත් ගොඩනැගිල්ල ආසන්නයේ තිබි මෙම මල සිරුර සොයාගත් බව පොලිසිය පවසයි. දැඩි දුර්ඝන්දය හේතුවෙන් ඒ ආසන්නයේ සේවය නියුතු පුද්ගලයෙකු විසින් මම මළසිරුර ප්‍රථම වරට සොයාගෙන ඇත.
අධිකරණ වෛද්‍ය පරික්ෂණ, මරණ පරික්ෂණ, ස්ථානිය පොලිස් පරික්ෂණ සිදු කිරිමට නියමිත බව මහියංගන පොලිසියේ ස්ථානාධිපති තිස්ස කුමාර මහතා ප්‍රකාශ කර සිටි. මියගිය පුද්ගලයා හා ඊට හේතුව මේවන තුරු අනාවරණව වී නොමැත. පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි.




Wednesday, April 13, 2016

අලුත් අවුරුද්ද සමරනවා සේම ජීවිත ද අලුත් කරගත යුතුයි

11:36 PM 4/13/2016
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් ද පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.ඔහු පවසන්නේ සියලු මිනිසුන්ට මෙන්ම වනයේ වෙසෙන සතා සිව්පාවුන්ට සහ ගහ කොළවලට ද සුභ අලුත් අවුරුද්දක් ප‍්‍රාර්ථනා කරන බවයි. රටට දේවාශිර්වාදය ලැබේවායි ද ප‍්‍රාර්ථනා කරන බව ඔහු කියා සිටියා. අලුත් අවුරුද්දක් උදාවද්දී විවිධාකාරයෙන් එය සමරනවා සේම ජීවිත ද අලුත් කරගත යුතු බවයි ආදිවාසී නායකයා කියා සිටියේ. අලුත් අවුරුද්දේද පැරණි වැරදිම සිදුකරන්නේ නම් සැමරුම්වලින් පළක් නොවන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.අලුත් අවුරුද්ද සැමරීමේදී මව්පියන්ට සහ වැඩිහිටියන්ට මෙන්ම භික්ෂූන්වහන්සේට ගරු සත්කාර කිරීම වැනි යහපත් පුරුදුවලට ප‍්‍රමුඛතාව ලබාදිය යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
පවුලම එකතු වී සිය නිවසේදී අලුත් අවුරුදු සැමරීම වඩා ඵලදායී බවයි ආදී වාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් වැඩිදුරටත් පැවසුවේ. සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සැමරීමේදී මත්පැනින් සහ ගැටුම් ඇතිකර ගැනීමෙන් වළකින ලෙස ද ආදිවාසී නායකයා සියලුදෙනාගෙන් ඉල්ලීමක් කළා.

Friday, April 8, 2016

මහියංගනයට වසන්තය ඇවිත්

 9:36 PM 4/8/2016
බක් මාසයේ අවුරුදු සිරියෙන් මුළු රටම වෙලී යද්දී මහියංගනයටත් එය එලෙසම දැනෙන්නට පටන් ගෙන. ඒ වගේම පෙනෙන්නටත් දැන් දැන් පටන් ගෙන.
මහියංගන නගරය පුරා 98 වර්ශයේ ගම්උදාව සදහා සිටු වන ලද මැයි මාර ගස් Yellow Acacia (Robinia pseudoacacia) වල මේ දින වල ගස් වසා, 
නගරය පුරා මල් පිපි මහියංගන පුරවරයට ගෙන දෙන්නේ මහත් අලංකාරයක්. නගරයේ පුරා ස්ථාන රැසක කහ සේලයක් බිම අතුරා ඇත්තා සේ ගෙන එන්නේ නෙතට රසදුනකි.