Tuesday, November 10, 2015

දරුවන් පණ මෙන් සරුකින්න - ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරිමේ ප්‍රජාව දැනුවත් කිරිමේ විශාල පාගමනක් හා විදි නාට්‍ය මහියංගන නගරයේදි - පාසැල් දරු දැරියන් 1000කට අධික ප්‍රමාණයක් පාගමනින් නගරයට

11/9/2015 1:33 AM
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දරුවන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් 2015 නොවැම්බර් 02 සිට 09 දින දක්වා “ ළමා සුරක්ෂිතතා සතිය“ ලෙස නම් කර ඇත.
ඒ නිමිති කර ගනිමින් දරුවන් පණ මෙන් සුරුකිමු යන තේමාව යටතේ දෙමාපියන් හා ප්‍රජාව දැනුවත් කිරිමේ පා ගමනක් හා විදි නාට්‍ය දර් ශනයක් මහියංගන ජාතික පාසැලේ විදුහල්පතිනිය ජේ ඒ චන්ද්‍රාවතී මහත්මියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලිය ගුරු මණ්ඩලය හා දරුවන් සහබාගිත්වයෙන් අද (09) උදැසන සංවිධානය කර තිබුනි. ඒ සදහා පාසැල් දරු දැරියන් 1000කට අධික ප්‍රමාණයක් සහබාගිවි සිටියේය.
මහියංගන ජාතික පාසැලේ සිට මහියංගන නගරය දක්වා පාසැල් දරු දැරියන් ප්‍රජාව දැනුවත් කිරිම සදහා පුවරු අතැතිව මහියංගන නගරය දක්වා පා ගමනින් පැමිණි අතර නගර මධ්‍ය යේ විදි නාට්‍යක්ද පවත්වා දරුවන් පණ මෙන් සුරකින ලෙසත්, දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරිමට මුල් වන ලෙස ප්‍රජාව දැනුවත් කිරිම සිදු කරන ලදී.




Saturday, November 7, 2015

යොවුන් පාර්ලිමෙන්තුවට මහියංගණයෙන් නිශ්ශංක ප්‍රසන්න

09:20 PM 11/7/2015

තුන්වන යොවුන් පාර්ලිමෙන්තුව වෙනුවෙන් අද (07) දින උදැසන සිට මහියංගන ප්‍රා දේශීය ලේකම් කාර් යාලයේදි පැවති ඡන්ද විමසීමෙන් ඉදිරිපත් වු තරග කරුවන් අතරින් නිශ්ශංක ප්‍රසන්න ඡන්ද 181ක් ලබාගනිමින් ප්‍රථම ස්ථානය දිනාගනිමින් තේරි පත් විය.
ඒ අනුව තුන්වන යොවුන් පාර්ලිමෙන්තුව වෙනුවෙන් මහියංගණය අසනය නියෝජනය කිරිම සදහා සුදුසුකම් ලබන්නට ඔහුට හැකි වින
අරුණ මුධුශංක  ඡන්ද 41ක් ලබාගනිමින් දෙවන ස්ථානය දිනා ගත්තේය. ඡන්ද ප්‍රකාශ කිරිම සදහා සුදුසුකම් ලැබා සිටියේ ලියාපදිංචි යෞවන සමාජ සාමාජිකයන් වේ.

බදුල්ල - මහියංගනය මාර්ගයේ රිය පැදවීම බලාගෙනයි- බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය

2015 නොවැම්බර් 06 02.59 p.m

මෙි දිනවල බදුල්ල දිස්ති‍්‍රක්කයට ඇදහැලේන ධාරානිපාත වර්ෂාව සමග බදුල්ල මහියංගන මාර්ගයේ දුන්හිද සිට තල්දෙන දක්වා මාර්ගයට ගල් කඩා වැටීම්, පස්කදු නායයාම සිදුවන බැවින්  රිය පැදවිමේ දී රියදුරන් විමසිලිමත්වන  ලෙස  බදුල්ල දිස්ත‍්‍රික් ආපදා කලමණාකරන ඒකකය පවසයි.
බදුල්ල මහියංගණ මාර්ගයේ තල්දෙන ප‍්‍රදේශයේ  (05දින) රාත්‍රී පස්කන්දක් මාර්ගයට කඩා වැටී එක මංතීරුවක් අවහිර වී ඇති බව බදුල්ල පොලිසිය පවසයි.
දුන්හිද වංගුව ආශි‍්‍රත ප්‍රදේශයේ හා මෙම මාර්ගයේ තැනින් තැන ස්ථාන කීපයකම  මාර්ගය පස්කදු හා ගල් කඩාවැටී නාය ගොස් මාර්ගය අවහිර වි ඇත.
මාර්ග සංවර්ධන අධිකාරියට අයත් සේවකයින් හා බැකෝ යන්ත‍්‍ර භාවිත කරමින් මර්ගයෙ ඇති නාය ගිය පස් හා ගල් ඉවත්කරමින් පවතින බවත් තවමත් පවතින වැසි සමග මාර්ගයේ ඉතා විමසිලිමත්ව රිය පදවන ලෙස බදුල්ල පොලිසිය රියදුරන්ට  අවවාද කරයි.

මහියංගනය ශ‍්‍රී සුමන සමන්දේවාලයේ අභිනවයෙන් බස්නායක නිලමේ වරයෙක් පත්වෙයි


2015 නොවැම්බර් 06 04.05p.m
මහියංගණය ශ‍්‍රී සුමන සමන් දේවාලයේ අභිනව බස්නායක නිලමේ ලෙස නීතිඥ මහතේකු වන ගයාන් හෂිල හීන්කෙන්ද මහතා පසුගිය (06) දා පැවති නිල තරගයෙන් පත්විය.
ඒමහතා මහනුවර නාථ දේවාලයෙ බස්නායක නිලමේ වරයා වශයෙන්ද කටයුතු කරයි.
ඔහුගේ පියා එම දෙවාලයේම හිටපු බස්නායක නිලමේ ආනන්ද හීන්කෙන්ද මහතාට හිමි ධුර කාලය අවසන්වීම හෙතුවෙන් බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් කරයාලයේ දී මහනුවර බෞද්ධ කටයුතු පිලිබඳ කොමසාරිස් වරයා වන පරාක‍්‍රම ජයවර්ධන මහතා ඉදිරියේ මෙම රැස්වීම පැවති අතර බදුල්ල කතරගම දේවාලයේ බදුල්ල පත්තිනි දේවාලයේ සහ සොරගුනේ නම් දේවාලයේ බස්නායක නිලමේවරු සුමන සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ හා බදුල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශිය ලේකම්වරුද මෙම අවස්ථාවට සහභාගි වුහ.

Wednesday, November 4, 2015

පාසැල් ක්‍රිඩාපිටියේ කළාප අධ්‍යාපන කාර් යාලයක් හදනවා - දෙමාපියෝ දේශපාලකයන් දරුවන් විරෝධය පා පාරට බසී

 පාසැල් ක්‍රිඩාපිටියේ කළාප අධ්‍යාපන කාර් යාලයක් හදනවා - දෙමාපියෝ දේශපාලකයන් දරුවන් විරෝධය පා පාරට බසී
11/2/2015 4:39 AM
“ මම ඇත්තටම කණගාටුවෙනාව...මොකද රටේ දැනුමෙන් පෝශිත ඉහල නිළධාරින් ඉන්න තැනක් තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉන්නේ..ළමයෙකුගේ ක්‍රිඩා කෞශල්‍යන් විනාශ කර දමමින්, දියාරු කරමින් ඒ අයගේ අරමුණු ටික ඉටු කර ගන්න ක්‍රිඩා පිටියේ ගොඩනැගිල්ලක් හදනාව.. ඒ ගැන අපිට දුකයි. සමස්ථ ලංකා මට්ටමේ ජයග්‍රහ ගෙනදුන් ක්‍රිඩා පිටියක් තමයි මේ විනාශ කර දමන්නේ“ යැයි ක්‍රිඩාපිටිය හානි වන අන්දමින්ක්‍රිඩාපිටියේ කාර් යාල ගොඩ නැගිල්ලක් ඉදිකිරිම සම්බන්දයෙන් රිදිමාලියද්ද, ආදාඋල්පත ජාතික පාසැල ඉදිරිපිට විරෝධතාවයේ යෙදි සිටි සුසුවෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.
රිදිමාලියද්ද, ආදාඋල්පත ජාතික පාසැලේ ක්‍රිඩාපිටියේ, ක්‍රිඩා පිටියට හානිවන අන්දමින් කළාප අධ්‍යාපන කාර් යාලයක් සෑදිම සදහා මේ වන විට ආරම්භ කර තිබිම හේතුවෙන් පාසැල් දරුවන්ගේ ක්‍රිඩා කටයුතු සදහා තිබු කුඩා බිම් කඩද අහිමි වන බව පවසමින් පාසැල් දරුවන්, දේශපාලන නායකයන්, ගම්වාසින් පාසැල ඉදිරිපිට අද (04) උදැසන විරෝධතාවයක නිරත විය.
රිදිමාලියද්ද ප්‍රා දේශීය ලේකම් කාර් යාලය මගින් ආදාඋල්පත නගරයේ කළාප අධ්‍යාපන කාර් යාලයක් සදහා නිත්‍යානු කුලව බිම් කොටසක් වෙන්කර අධ්‍යාපන ඉහල බළධාරින් නිත්‍යානු කූල ආකාරයට දැනුවත් කර තිබියදි හිතුවක්කාර ආකාරයෙන් පාසැල් සංවර් ධන සමිතියේ, ප්‍ර දේශවාසින්ගේ විරෝධතාවය, ප්‍රා දේශිය දේශපාලන නායකයන්ගේ විරෝධතාවය හා පාසැල් දරුවන්ගේ විරෝධතාවය තිබියදි ක්‍රිඩා පිටියේ කොනක කළාප අධ්‍යාපන කාර් යාලය ඉදිකිරිම මේ වන විට ආරම්භ කර ඇති අතර ඉදිකිරිම් සදහා විශාල මුදලක් වියදම් කර ඇත. මේ සදහා අධ්‍යාපන දෙපාර් ථමේන්තුවේ නිළධාරින් කිහිප දෙනෙකුගේ අත්තනෝමතික මැදිහත්විම්තුලින් මෙම ඉදිකිරිම් සිදුවන බව විරෝධතාවයේ යෙදි සිටි පිරිසගේ අදහස විය.
ක්‍රිඩාපිටියේ යම් හෙයකින් නව ගොඩනැගිල්ලා ඉදි කලහොත් ඒ සදහා ගමන් කිරිමට මාර් ගයක් , වැසිකිලි සදහා ඉඩකඩ ලබා ක්‍රිඩාපිටියේ කොටසක ලබදිමටත්, රථ ගාලක් සදහා, වතුර ටැංකියක් සදහා , ගබඩාවක් සදහා ඉඩකඩ ක්‍රිඩා පිටියේ භුමියෙන් ලබාදිමට සිදුවන බව විරෝධතාවයේ යෙදි සිටි දෙමාපියන් හා දේශපාලන නායකයන් ගේ අදහස විය.‍
අධ්‍යාපන නිළධාරින්ගේ මෙම අත්තනෝමතික ක්‍රියාව සම්බන්දයෙන් අධ්‍යාපන අමාතාංශය ඉසුරුපාය, ඌප පළාත් මහා අමාත්‍යවරයා, ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක, ඌප පළාත් අධ්‍යාපන ලේකම් හා පහල අධ්‍යාපන නිළධාරින් දැනුවත් කර තිබියදි මෙම ගොඩනැගිල්ල එම ස්ථානය සදහා අනුමත කල අධ්‍යාපන නිළධාරින් හයදෙනෙකුගේ රැකියාව රැක ගැනිම හේතුවෙන් මේ වන තුරු ඉදි කිරිම් සිදු කරනා බව විරෝධතාවයේ යෙදි සිටි ජනතා විමුක්ති පෙරමුනේ ඌව පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න, එක්සත් ජාතික පක්ෂ මහියංගන ආසන සංවිධායක හා ඌව පළාත් සභා මන්ත්‍රි උපාලි සේනාරත්න මහතා හා දේශපාලන නායකයන් විද්‍යාලිය දරුවන් ,දෙමාපියන් රාශියක් ප්‍රකාශ කර සිටියේය .මෙම විරෝධතාවය විශාල පිරික් සදහා සහබාගි වි සිටියේය.
පාසැලේ විදුහල්පතිවරයා විසින් විරෝධතාවය සදහා එක් වු දරුවන්ගේ පොත් බෑග් සියල්ල කාර්යාලය වෙත ගෙන ගොස් දමා තිබිමත්, දරුවන්ට ලබාදිමට ප්‍රමාද කිරිම හේතුවෙන් දෙමාපියන් හා උණුසුම් තත්වයක් ඇති විමට ගොස් පසුව එය සමතයකට පත් විය.
කාර්ය යාල භුමිය ඉදිකිරිම නතර නොකලොත් ඉදිරියේදි විශාල විරෝධතාවයක් සිදු කරනා බව දෙමාපියන් පවසා සිටියේය.








Monday, November 2, 2015

ආදිවාසින්ගේ ඇස් අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන්ගේ පරික්ෂාවට


10/31/2015 1:17 AM
දඹාන ආදිවාසි ගම්මානයේ ආදිවාසි පවුල් හා ගම්මානයේ වැසියන්ගේ ඇස් විශේෂඥ අක්ෂි වෛද්‍යවරුන්ගේ පරික්ෂාවට ලක්කල විශේෂ අක්ෂි සායනයක් ඊයේ (01-11-2015) උදැසන දඹාන ආදිවාසි ගම්මානයේ දඹාන කණිෂ්ඨ විද්‍යාලයේදි පැවැත් වින.
අක්ෂි රෝග රැසක් තිබියදි ආර් ථික අපහසුකම් රැසක් හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබාගන්නට ඉදිරිපත් නොවන හා යොමු නොවන අදිවාසි ගම්වාසින් ඉලක්ක කර ගනිමින් මෙම අක්ෂි සායනය පැවැත් වු අතර සායනය සදහා ගම්මානයේ 300කට අධික පිරිසක් පැමිණ සිටියේය.
විශ්ව කිර් ති වනස්පති දඹාන ආදිවාසි නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ද මෙම අක්ෂි සායනය සදහා සහභාගි වි අක්ෂි පරික්ෂාවක් සුදු කර ගත් අතර නව උපැස්යුවලක්ද ලබා ගත්තේය‍ෙ.
මහනුර මහ රෝහලේ අක්ෂි ඒකකයේ විශේෂඥ අක්ෂි වෛද්‍ය දමයන්ත බැමිනිවත්ත මහත්මියගේ අදහසකට අනුව, මෙම අක්ෂි සායනය විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රිලංකා අක්ෂි පදනම මගින්, මහියංගන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ වෛද්‍ය සි පි ලොකුගිගන මහතා හා නිළධාරින්, දඹාන ග්‍රාමිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය වසන්ත කුමාර මහතා සහ මහියංගන පොලිස්ථානයේ ප්‍රජාපොලිස් ඒකකය මගින් සංවිධානය කරන ලදී.
ශ්‍රිලංකා අක්ෂිපදනම මගින් ඇස් කන්නාඩි හා කාච නොමිලේ ලබාදිම සිදු කරන ලදී.
මෙහිදි ඇසේ සුද ඒමෙන් පෙනිම දුර්වල වු පුද්ගලයන් හා අනෙකුත් රෝග ඇති රෝගින් විශාල පිරිසක් හදුනා ගත් අතර ප්‍රතිකාර සදහා මහියංගන හා මහනුවර රෝහල් වෙත යොමු කරන ලදී. සායනයේදි ප්‍රතිකාර ලබාදිය හැකි සැම රෝගියෙකු හටම විශේෂඥ වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාදිම මෙහිදි සිදු කෙරිනි.




මහියංගන රජමහාවිහාරයේ ආවාසෙට හොරු පැනලා - ලොකු හාමුදුරුවෝ ජනාධිපති සමග තායිලන්ත සංචාරයේ - ලක්ෂ 8කට අධික මුදල් හා වටිනා කැමරාවක්ද අතුරුදහන් වු භාණ්ඩ අතර වේ.

10/31/2015 12:48 AM
ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ හිමිවරු වැඩසිටින ආවාස ගෙයිහි ඊයේ (01) රාත්‍රි මුදල් අස්ථාන ගතවි ඇති බවට මහියංගන පොලිසිය වෙත විහාරස්ථානයේ හිමිවරු පැමිණිලි කර ඇත. මෙසේ අස්ථාන ගතවී ඇති මුදල් ප්‍රමාණය ලක්ෂ 8කට අධික වන අතර වටිනා කැමරාවක්ද අතුරුදහන් වු භාණ්ඩ අතර වේ.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ජයතිලක මහතා ඇතුලු අපරාධ ස්ථාන පරික්ෂණ අංශය (SOCO) බදුල්ල කාර් යාලයේ නිළධාරින් සිද්ධිය සම්බන්දයෙන් පරික්ෂණ මේවන විට ආරම්භකර ඇත.
මහියංගණ රජමහා විහාරස්ථානයේ භාරකාර, අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ මේ වන විට අති ගරු ජනාධිපතිතුමන් සමග තායිලන්ත සංචාරයේ යෙදි සිටින විට මෙම සිද්ධිය සිදුවී තිබිව
මහියංගන රජමහා විහාරස්ථානයේ සිට සර්වඥධාතූන් වහන්සේ 5 නමක් 01 දින තායිලන්තය වෙත ජනපතිතුමන් සමග වැඩම කරවිම සිදු කල අතර තායිලන්ත පුත්තමන්තෝන් විහාරස්ථානයේ තැන්පත් කෙරෙන සර්වඥධාතූන් වහන්සේ හෙට සිට ලබන 16 වැනිදා දක්වා මහජනතාව සඳහා ප්‍රදර්ශනය කෙරෙයි



Sunday, November 1, 2015

මහියංගන රජමහා විහාරස්ථානයේ සර්වඥධාතූන් වහන්සේ 5නමක් තායිලන්ත පුත්තමන්තෝන් විහාරස්ථානයේ ලබන 16 වැනිදා දක්වා මහජනතාව සඳහා ප්‍රදර්ශනය කෙරෙයි.

මහියංගන රජමහා විහාරස්ථානයේ සර්වඥධාතූන් වහන්සේ 5නමක් තායිලන්ත පුත්තමන්තෝන් විහාරස්ථානයේ ලබන 16 වැනිදා දක්වා මහජනතාව සඳහා ප්‍රදර්ශනය කෙරෙයි.
10:02 AM 10/30/2015
සිව්දින නිල සංචාරයක් සඳහා තායිලන්තයට පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරට ස්වර්ණ භූමි ගුවන්තොටුපොළ වෙත අද (01) ළඟා වී තිබේ.
ගුවන්තොටුපලේ දී හමුදා උත්තමාචාර මාධ්‍යයේ තායිලන්ත උප අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස මහත් හරසරින් පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මහා සංඝරත්නය විසින් මහියංගන රජමහා විහාරස්ථානයේ සිට වැඩම කරවන ලද සර්වඥධාතූන් වහන්සේ 5නමක් වෙනුවෙන් ස්වර්ණ භූමි ගුවන්තොටුපලේ විශේෂ ආගමික වතාවත් සංවිධානය කර තිබු අතර ඒ සඳහා ජනාධිපතිවරයා සහභාගී වී තිබේ.
අනතුරුව තායිලන්ත හිමිවරුන්ට පිරිකර පුජා කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සර්වඥධාතූන් වහන්සේගේ ආශිර්වාදයෙන් දෙරට අතර පවතින සබදතා තවදුරටත් ශක්තිමත් වන බව ප්‍රකාශ කර තිබේ.
තායිලන්තයට පැමිණෙන ලෙස තමාට සිදුකළ ආරාධනයට ද ජනාධිපතිවරයා එහිදී තායිලන්ත රජයට ස්තූතිය පල කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
එහිදී තායිලන්ත ජනතාවට සර්වඥධාතූන් වන්දනා කිරීමේ දුර්ලභ අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ස්තූතිය පල කර ඇති තායිලන්ත උප අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාව සහ තායිලන්තයේ සංස්කෘතික බැඳීම මෙයින් තවදුරටත් පෝෂණය වන බව ප්‍රකාශ කර තිබේ.
තායිලන්ත පුත්තමන්තෝන් විහාරස්ථානයේ තැන්පත් කෙරෙන සර්වඥධාතූන් වහන්සේ හෙට සිට ලබන 16 වැනිදා දක්වා මහජනතාව සඳහා ප්‍රදර්ශනය කෙරෙයි. මහියංගන රජමහා විහාරස්ථානයේ සිට සර්වඥධාතූන් වහන්සේ 5නමක් ඊයේ (31) සවස තායිලන්තය සදහා වැඩම කරවිම වෙනුවෙන් අස්ගිරි විහාරස්ථනය සදහා වැඩම කරවනු ලැබිය

Tuesday, October 27, 2015

රංටැඹේ ජලාශයේ දොරවල් 2ක් දැන් විවෘත කරනවා - මහවැලි ගග පහල මහවැලි ගග පරිහරණය කරන ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස මහවැලි නිළධාරින් දැනුම් දේ


10/27/2015 7:48 PM


අද(27)  දිනය පුරා මහවැලි ජලාශවලට ඉහල ප්‍ර දේශ සදහා වැඩි වර් ශාපතනයක් ලැබිම හේතුවෙන් රංටැඹේ ජලාශයේ දොරවල් 2ක් මිටර් 2 බැගින් (රාත්‍රි 8.00 පමණ වන විට) දැන් විවෘත කරනවා යැයි මහවැලි නිළධාරින් දැනුම් දෙන අතර මහවැලි ගග පහළ මහවැලි ගග පරිහරණය කරන ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස වැඩිදුරටත් මහවැලි නිළධාරින් දැනුම් දේ.

Monday, October 26, 2015

වන අලි ප්‍රහාරයෙන් ආදිවාසියෙක් ජිවිතක්ෂයට



2015-10-26 ප.ව. 3:19
දඹාන ගුරුකුඹුර ගම්මානයේ  අද (26) පාන්දර 4.00ට පමණ වන අලි ප්‍රහාරයට ලක්වී ආදිවාසි පුද්ගලයෙකු  රෝහල් ගත කිරිමෙන් අනතුරුව මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ මහියංගන, දඹාන, කොට බකිනිය ගම්මානයේ ඌනෑපාන වරිගයේ ඉන්දික  නම් වසය අවුරුදු 34ක් වන ආදිවාසි එක් දරු පියෙකි. බිරිද රැකියාවක් සදහා විදෙස් ගතවි සිටි.

දඹාන ගුරුකුඹුර ගම්මානයේ වනජිවි කාර්යාලයට ආසන්නයේදි (300-400 මිටර්) මෙම වන අලියාගේ ප්‍රහාරයට ලක්වි ඇති අතර ඒ ආසන්නයේ වු විදුලි වැට කඩාගෙන වන අලියා ගම් වැදි ඇත.

විදුලි වැටේ විදුලිය නොමැති කමින් නිරන්තරයෙන් අලි ගම් වදින බවත් මාස 2ක් තිස්සේ එක්තරා දරුණු වන අලියෙකු ගම් වැදි නිරන්තර ගම්මානයේ නිවාස හා දේපල හා වගා භුමි විනාශ කරන බවත් මේ ඉතා කෙටි කාලය තුල ආදිවාසි ගම්මානයේ නිවාස 15ක් පමණ කඩා දමා විනාශ කර ඇති බව ආදිවාසි නායක විශ්ව කීර්ති  වනස්පති  වන්නිලා ඇත්තෝ ප්‍රකාශ කර සිටි. තවද මෙතෙක් කල් නොසිටි දරුණු මෙම අලියා කොහෙන් හෝ ගෙනවිත් දමාන්නට ඇති ඇති බව ආදිවාසින් ප්‍රකාෂ කර සිටි. අක්‍රිය විදුලි වැට හේතුවෙන් වන අලි නිරන්තරයෙන් ගම් වදින බවත් ආදිවාසි ගම්මානයේ තවත් මෙවන් ජිවිත හානි හා දේපල හානි සිදු කිරිමට පෙර කඩිනමින් මේ සදහා විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටි.



Saturday, October 24, 2015

කෙසෙල්පොත, රබකැන්පුර විහාරාධිපති බින්තැන්න පත්තුවෙ ප්‍රධාන අධිකරන සංඝනායක දූරයෙන් පිදුම් ලබයි

8:16 PM 10/24/2015
කෙසෙල්පොත,රබකැන්පුර විහාරාධිපති තැන්පත් කනුගොල්ල රතනජොති ස්වාමින්වහන්සේ බින්තැන්න පත්තුවෙ ප්‍රධාන අධිකරන සංඝනායක දූරයෙන් පිදුම් ලැබීම වෙනුවෙන් පැවති පිලිගැනීමෙ උත්සවය අද දින (24) සවස එම විහාරස්ථානයේදී පැවැත්වින.




අවුරුදු11ක් දුවපු සීටිබි බස් ගමන් වාරයට ඇමති බලේ පෙන්නා පෞගලික බසයක් දමයි-ඒ මදිවට ඩිපෝවට මැරයොටිකක් කඩාවැදි සේවකයන්ට තර්ජනට කරලා - එයට විරෝදය පා සේවකයෝ පාරට බසි.

අවුරුදු11ක් දුවපු සීටිබි බස් ගමන් වාරයට ඇමති බලේ පෙන්නා පෞගලික බසයක් දමයි-ඒ මදිවට ඩිපෝවට මැරයොටිකක් කඩාවැදි සේවකයන්ට තර්ජනට කරලා - එයට විරෝදය පා සේවකයෝ පාරට බසි.
10/19/2015 3:34 PM
වසර 11ක් ධාවනය කල මහියංගන බිබිල සීටිබි බස් ගමන් වාරයට ඇමති බලේ පෙන්නා පෞගලික බසයක් යෙදිමට පුද්ගලයෙකු කටයුතු කර ඇති අතර එයට ලංගම සේවකයන් විරෝධය පෑමත් සමග ඊයේ (22) වාහන කිහිපයකින් පැමිණ මැර පිරිසක් මහියංගන ඩිපෝ කාර් යාලයට බලහත් කාරයෙන් ඇතුලුවී සේවකයන් හට තර් ජනය කර ඇත.
අද (23) උදැසන 9.00-9.15 ලංගම බස්රථය ධාවන කරනා කාලසටහනට එම පෞගලික බසර රථය ලංගම බස්රථ නැවතුමට බලහත් කාරයෙන් ඇතුල් කරිමත් සමග ඊට විරෝධය පා ලංගම ඩිපෝවේ නිළධාරින් හා කාර් ය මණ්ඩලය සියල්ල ලංගම බස් නැවතුමට පැමිණ විරෝධව පෑ අතර විරෝධයත් සමග පෞගලික බස්රථය බස් රථ නැවතුමෙන් ඉවත් කර ගැනින.
බිබිල මහියංගන මාර් ගයේ බස් රථ ධාවනය වන්නේ පෞගලික හා ලංගම බස් රථ ඒකා බද්ද කාල සටහනකට අනුවය.
හිටපු ප්‍රවාහණ අමාත්‍යවරයෙක් වුද මොණරාගල ප්‍ර දේශයේ දේශපාලන නායකයෙකුගේ ආරක්ෂක අංශයේ සේවය කරනා පුද්ගලයෙකුට අයත් බස් රථයක් මෙලෙස බලහත් කාරයෙන් වසර 11ක් ගමන් ගත් ලංගම බස් රථ කාලසටහනට ඇතුත් කර ඇත.
මහියංගන ඩිපෝකාර්යයාලයට පැමිණ මැරවරයෝ පිරිසක් කඩාවැදි සේවකයන්ට තර්ජනට කිරිම සම්බන්දයෙන් සේවකයන් සිය බලවත් අප්‍රසාදය ප්‍රකාශ කරන අතර එයට විරෝදය පා සේවකයෝ සියල්ල අද උදැසන (23) ලංගම බස්නැවතුමට පැමිණ විරෝධය දැක්විය.
ඒ අනුව මහියංගන ඩිපෝකාර්යයාල නිළධාරින් හා සේවකයන් මේ සම්බන්දයෙන් මහියංගන පොලිසියේ පැමිණිලි සිදු කර අතර පෞගලික බස් රථහිමියාද පොලිසියේ පැමිණිලි සිදු කර ඇත.
පොලිසිය හට මේ සම්බන්දයෙන් ක්‍රියා කල නොහැකි බැවින් 26 වන සදුදා බදුල්ල මාර් ගස්ථ මගි ප්‍රවහන අධිකාරියේ කාර් යාලය වෙත පැමිනෙන ලෙස පාර් ශව දෙකටම දැන්වීය.
මාස ගනන් පඩි නොලබමින්, තම පවුලට දරුවන්ට කණ්ඩ අදින්න දීමට නොහැකිව, පාසැල් අවශ්‍යතා සපුරා දිමට නොහැකිව කල් ගෙවනා ලංගම සේවකයන්හට මේ ආකාරයෙන් ධාවන කාල සටහන් පෞගලික බස්රථ සදහා දේශපාලන බළය පෙන්නා කොල්ල කෑමට දීමෙන් ලංගම කවදානම් ගොඩ ගැනිමට හැකි වේදැයි සේවකයන් ප්‍රශ්න කරන අතර රජයේ වගකිවයුතු නිළධාරින් මේ සදහා මැදිහත් වන ලෙස ඉල්ලා සිටි.

News 3 >>Hiru CIA 2015-10-21 උප්පැන්නෙට අල්ලස් ගන්නා මහියංගනයේ රෙජිස්ටාර් නෝනා

News 3 >>Hiru CIA 2015-10-21 උප්පැන්නෙට අල්ලස් ගන්නා මහියංගනයේ රෙජිස්ටාර් නෝනා
https://www.youtube.com/watch?v=gKPtVYKy4SE

Wednesday, October 21, 2015

පුත්‍රයාත්-රෙජිස්ට්‍රාර්-කරන-500ක්-ඉල්ලන-නෝනා-හිරු-cia

පුත්‍රයාත්-රෙජිස්ට්‍රාර්-කරන-500ක්-ඉල්ලන-නෝනා-හිරු-cia

උපතක් හෝ මරණයක් ලියාපදිංචි කිරීමේදී නිකුත් කරනා මුල් සහතිකය රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන්නේ නොමිලේ සිදුකරනා සේවාවක් ලෙසයි. එවැනි මුල් ලියාපදිංචියක් සඳහා මුදල් අය කිරීම සපුරා තහනම්.

යම් හෙයකින් රෙජිස්ට්‍රාර්වරයෙකු එවැනි සහතිකයක් නිකුත් කිරීම සදහා මුදල් ලබා ගන්නේ නම් එය සැලකෙන්නේ අල්ලස් ලබා ගැනීමක් ලෙසයි. 
අද සී.අයි.ඒ. වෙන්වන්නේ එවැනි මුල් ලියාපදිංචි සහතික සදහා රුපියල් 500 බැගින් අල්ලස් ලබා ගන්නා මහාපරිමාණ වංචාවක් හෙළි කිරීම සඳහායි.

මහියංගන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ උපත් හා මරණ රෙජිස්ට්‍රාර්වරියගේ නිවස පිහිටා ඇත්තේ මහියංගනය පූජා නගරය ආසන්නයේ.
දිනපතා අලුයම හතරේ පමණ සිට ජනතාව  රෙජිස්ට්‍රාර්වරියගේ නිවස අසළ පෙළ ගැසී සිටින්නේ උදෑසන 10 ට ඇය සිය රාජකාරී ආරම්භ කරනා තුරුයි.
 
අලුත උපන් තම කිරිකැටියන් දෑත දරා මව්පියන් අසීරුවෙන් රැදී සිටින්නේ උප්පැන්න සහතිකය ලබාගෙන තම ගම්බිම් කරා යෑම සඳහායි.
 
උදෑසන 10 ට රෙජිස්ට්‍රාර්වරියගේ නිවසට ප්‍රවේශ වුවද තවත් පැය භාගයකට ආසන්න කාලයක් ඔවුන්ට එහි ගත කිරීමට සිදුවන බව අපකළ නිරීක්ෂණයේදී දක්නට ලැබුණා.
  
දිනපතා පැමිණෙන මුල් උප්පැන්න ලියාපදිංචි අයදුම් පත්‍රය මෙම ස්ථානයේදී සම්පූර්ණ කරනා රෙජිස්ට්‍රාර්වරිය අත්සන් කිරීමට බව පවසා නිවස තුළට පුද්ගලයන් රැගෙන යන අයුරු අප කැමරා කාචයේ සටහන් වුණා.

ඇය ගිය පසු රෙජිස්ට්‍රාර් ලෙස පෙනී සිටින්නේ ඇයගේ පුත්‍රයායි.
 
නිවස තුළදී උප්පැන්න සහතිකය නිකුත් කිරීමට රෙජිස්ට්‍රාර්වරිය රුපියල් 500 ක අල්ලසක් ඉල්ලා සිටිනවා.

මහියංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාල වාර්තා අනුව දළ  වශයෙන් මසකට මේ ප්‍රදේශයේ උපත් 350 ක් පමණත් මරණ 40 ක් පමණත් වාර්තාවනවා.
 
ඒ අනුව 
උප්පැන්න සහතික නිකුත් කිරීම මගින් රෙජිස්ට්‍රාර්වරිය මසකට උපයා ගන්නා අල්ලස් මුදල රුපියල් 175000 ක්.
මරණ සහතික නිකුත් කිරීම හරහා උපයා ගන්නා අල්ලස් මුදල 20000 ක්.

ඒ අනුව  මාසිකව රුපියල් 195000කට ආසන්න මුදලක් මැය නීති විරෝධීව උපයා ගන්නවා. 

හිරු සී.අයි.ඒ. කණ්ඩායම මෙම රෙජිස්ට්‍රාර්වරියගේ අල්ලස් ලබා ගැනීම පිළිබදව තවත් තොරතුරු රැසක් හෙළි කරගෙන අවසන්.
To see the Video >>>
http://www.hirunews.lk/sinhala/118822/%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A-%E0%B6%BB%E0%B7%99%E0%B6%A2%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1-500%E0%B6%9A%E0%B7%8A-%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1-%E0%B6%B1%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F-%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94-cia