Wednesday, September 16, 2015

යුද්ධයේදි ආබාදිත වු රණවිරුවා නිවසින් පැන්නීමට මහවැලි නිළධාරින්ගෙන් බලපෑම්- මේ මස 30 අවසන් දිනයලු

www.facebook.com/NewsatMahiyangana
16/09/2015 19:02

2014දී කොස්ලද්ද නායයෑමෙන් උන්හිටිතැන් අහිමි වු ආබාධිත රණවිරුවෙකු නව පදිංචි ස්ථානයෙන් පන්නා දැමිමට මහවැලි නිළධාරින් මහත් පරිශ්‍රමයක් හා ඇණුම් බැණුම් හා පොලිස් පැමිනිළිද අඩුවක් නොමැති බවත්, ඒ හේතුවෙන් තම පව්ලේ දරුවන් හා බිරිද මේ වන විට දැඩි මානසික කම්පනයට පත් වි ඇති බවත් නව නිවසින් වහාම සැත්තැම්බර් 30 දිනට ප්‍රථමයෙන් ඉවත් වන ලෙස මහවැලියෙන් අස්කිරිමේ දැන්වීම්ද තම නිවසේ අලවාගොස් ඇති බවට යුද හමුදාවේ 01වන ගැමුණු හේවා බළකායේ 415821 වර් ණ සැරයන් සුරේෂ් කුමාර එච් ඒ පුර් ණ (දෙනෙත් නෙපෙනෙන) ආබාධිත සෙබලා චෝදනා කරති. සැරයන් සුරේෂ් දරුවන් තිදෙනෙකුගේ පියෙකි.

2002 වර් ෂයේ යාපනය මුහමාලය ප්‍ර දේශයේ කොටි ත්‍රස්තවාදින් සමග පැවති සටනකදී (2002-12-14 දින) බිම්බොම්බයකට අසුවී දෙනෙත් හානි වීමෙන්   පුර් ණ ආබාදිත තත්වයට පත්ව ඇත. ඇස් රෝහලෙන් ප්‍රතිකාර ලබා රාගම රණවිරු සෙවනේ සිටිමින් පරිගණක ප්‍රඨමාලාවක්, කොහු කර් මාන්තය, දුරකථන ක්‍රියාකරු යන පාඨමාලා සැරයන් සුරේෂ් හදාරා ඇත.

2014-10-29 දිනයේදී දරුණු නායයෑම සිදුවන විට කොස්ලන්ද ප්‍ර දේශයේ කොස්ලන්ද වත්තේ පිහිටි රණවිරු නිවාස දෙකකින් එකක පදිංචිව සිටි සැරයන් සුරේෂ්, ඔහුගේ නිවස පිහිටි භුමියේ කොටසක්ද නාය යෑම හේතුවෙන් නාය යෑමේ අවදානම් කලාපයට පදිංචි නිවස නම් කිරිමත් සමග සිය බිරිද තෙවන දරුවාගේ දරුප්‍රසුතියට දින දෙකක් තිබිම හේතුවෙන් යන එන මන් නොමැතිව දැඩි අසරණ තත්වයකට පත්ව, අවසානයේ යුදහමුදාවේ සහය ලබාගනිමින් නිවසේ උපකරණ හා සියලු දේ රැගෙන මුලු පවුලම මහියංගන ගැමුණුපුර ප්‍ර දේශයේ බිරිදගේ දෙමාපියන්ගේ නිවසට පැමිණ ඇත.

බිරිද තෙවන දරුවා ප්‍රසුත කිරිමෙන් අනතුරුව තම පවුලේ  අසරණ බාවය දන්වමින් ජිවත් වීම සදහා සුදුසු බිමක් ලබා දෙන ලෙස ඉල්ලා රිදිමාලියද්ද ප්‍රා දේශිය ලේකම් කාර් යාලයට සැරයන් සුරේෂ් ලිපියකින් ඉල්ලිමක් සිදු කර ඇති අතර ඒ අනුව ප්‍රාෙද්ශිය ලේකම්වරියගේ උපදෙස් පරිදි මහියංගන නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර් යාලයට ජිවත් වීම සදහා සුදුසු ඉඩමක් ලබා දෙන ලෙස ලිඛිත ඉල්ලිමක් සුදු කර ඇත.

ඒ අනුව එම ඉල්ලීම සැලකිල්ලට ගනිමින් මහියංගන නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර් යාල නිළධාරින් විසින්, රිදිමාලියද්ද ප්‍රාෙද්ශිය ලේකම් කොට්ඨාශයේ, ඌව ගැමුණුපුර ප්‍ර දේශයේ, 5/21බී යන ලිපිනයේ පිහිටි ඉඩමෙහි රූඩ් 01යි පර් චස් 38.7ක බිම් කොයසක් සියලු මැණුම් කටයුතු සිදු කර  නිත්‍යානුකූල ආකරයෙන් ආබාධිත සැරයන් සුරේෂ් හට ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව සැරයන් සුරේෂ් පවසයි.

ඒ අනුව ඔහු මහියංගන නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර් යාලය මගින් නිත්‍යානුකූලව මැන, පෙන්වා, වෙන්කර දෙන ලද ඉඩමෙහි, අපි වෙනුවෙන් අපි වැඩසටහන මගින් යුද හමුදාවෙන් නිවසක් සාදා දෙන තුරු තාවකාලිකව කාමර 2ක කුඩා නිවසක් සාදාගෙන ඇත.

එසේ තාවකාලික කුඩා නිවස සාදාගත් දින සිට මහවැලි අධිකාරියේ නිළධාරන් පැමිණ මෙම බිම් කඩ ඔහුනට අයත් එකක් බවත්, මහවැලි වියානා ඇල රක්ෂිතයට අයත් බවත් පවසමින් සැරයන් සුරේෂ් හා පවුලට ඉවත්වන ලෙස බලපෑම් සිදු කෙරේ. වරින් වර පැමිනෙමින් බියවැද්දවිම්, හා බැන වැදිම් සිදු කරමින් ඉඩමෙන් ඉවත් වන ලෙස බලපෑම් සිදු කරනා බවත් මහියංගන පොලිසියේ වරින්වර පැමිණිලි සිදු කරමින් තමන් මහත් අපහසුතාවයට පත් කිරිම හේතුවෙන් තම පවුලේ දරුවන් හා බිරිද මේ වන විට දැඩි මානසික කම්පනයට පත් වි ඇති බවත් නව නිවසින් වහාම සැත්තැම්බර් 30 දිනට ප්‍රථමයෙන් ඉවත් වන ලෙස මහවැලියෙන් අවසන් අස්කිරිමේ දැන්වීම්ද තම නිවසේ අලවාගොස් ඇති බවට යුද හමුදාවේ 01වන ගැමුණු හේවා බළකායේ 415821 වර් ණ සැරයන් සුරේෂ් කුමාර එච් ඒ පුර් ණ (දෙනෙත් නෙපෙනෙන) ආබාධිත සෙබලා චෝදනා කරති. මහවැලි ඇල රක්ෂිතය මිටර් 100ක් බව මහවැලි අධිකාරිය මගින් ප්‍රකාශ කර ඇති අතර අදාල තාවකාලික ඉදිකිරිම පිහිටා ඇත්තේ මහවැලි ඇලේ සිට මිටර් 180ක් දුරින් බැවින් එය නිළධාරින් පවසන පරිදි ඇල රක්ෂිතයට අයත්ද යන්න ගැටලුක් නොවන්නේද?

බිරිදගේ දෙමාපියන්ගේ ( ඌව ගැමුණුපුර ප්‍ර දේශයේ ) නිවස අසලින් ඉඩමක් ලැබිම ඉතාමත් පහසුවක් වු බවත් දරුවන් තිදෙනෙකුගේ රාජකාරි සිදු කිරිමේදි තමාටත් බිරියටත් එය ඉතාමත් පහසුවක් වී ඇති බවත් සැරයන් සුරේෂ් පවසයි. එම හේතුවෙන් මහියංගන ඉඩම් කොමසාරිස් කාර් යාලය මගින් තමාට ලබාදීමට නියමිත මෙම ඉඩමේ තමා තාවකාලිකව පදිංචිව සිටිනා කොටසින් පන්නාදැමිමට මහවැලි අධිකාරියේ නිළධාරින් ගන්නා උත්සාහය වලකා තමාට සාදාරණයක් ඉටුකරදෙන දෙන ලෙස ඉල්ලා සිටි. තවද ඇල රක්ෂිතයට ඉතා ආසන්නයේ නිවාස රාශියක් හා ගැමුණුපුර ඇගලුම් කම්හල පිහිටා ඇතත් ඒවා සම්බන්දයෙන් මහවැලි අධිකාරිය නිහඩ පිළිවෙතක් අනුගමනය කරනා බවත් තමාට පමණක් කරදර හා හින්සාකාරි ලෙස කටයුතුකරනා බවත්  සැරයන් සුරේෂ් පවසයි.

තම බිරිද වන එල් එච් නිරෝෂා රම්‍යකාන්ති ( වයස 34) තමා හා විවාහ දිවියට පිවිසුනේද ඉතා සුවිශේෂ ආකාරයකට බවත්, තමා රාගම රණවිරු සෙවනේ  සිටි සමයේදි පාලුව තනිකම දුරු කර ගැනිම සදහා නිරන්තරයෙන් රාත්‍රි ගුවන් විදුලි වැඩසටහන් සදහා දුරකථනයෙන් කථාකල බවත් ඒ අනුව ගුවන් විදුලිය සවන්දිමෙන් ඇතිවු ප්‍රේමයක් හේතුවෙන් එවකට ඇගලුම් ආයතනයක සේවය කල තම බිරිය හදුනා ගැනිමට අවස්ථාව උදා ඌ බවත් බිරියගේ දෙමාපියන්ගේ දැඩි විරෝදය තිබියදි දෙදෙනා විවාහ වු බවත් ආබාදිතව අසරණව සිටියදි මෙව් ආකාරයේ යුවතිවකගේ ප්‍රේමයකට, ආදරය ලබන්නට වාසනාවන්ත වු බවත් මේ වන විට දරුවන් තිදෙනෙකුගේ පියෙකු ලෙස මහත් වගකිමක් තමා වෙත පැවරි ඇති බවත් පවුල් ජිවිතය ඉතා සතුටින් සිටිනා බව සැරයන් සුරේෂ් පවසයි.

රටවෙනුවෙන් තම ජිවිත පුජාකරමින් හා සිරුරේ අවයව පුජාකරමින් ආබාධිත වු රණවිරුවන් හා ඔහුනගේ පව්ල් සහ දරුවන් වෙනුවෙන් විවිධ වු සංවර් ධන ව්‍යාපෘති රජය මගින් කියාත්මක කලා වු හා කරනා වකවානුවක තවදුරටත් අප සැමගේ වගකීම වන්නේ ඔහුන් හා ඔහුන්ගේ දරුවන් හා පවුල් ආරක්ෂා කිරිම නොවන්නේද? එසේ තිබිවයදී සමහර රාජ්‍ය ආයතන මගින් ආබාදිත රණවිරුවන් පිඩාවට පත් වන ආකාරයට ක්‍රියා කරන්නේ නම් එය අප කිසිවකු අනුමත නොකරනු නොවනුමායි.











ඌව නව මහ ඇමති චාමර සම්පත් දසනායක වැඩ බාර ගැනීම

10:02 AM 9/16/2015

ඌව නව මහ ඇමති චාමර සම්පත් දසනායක වැඩ බාර ගැනීම






සුනාමි මැෂිම පෙරලා වී ගොනි ටික අලි බීලා - වන අලි හානි වලින් මහියංගනයේ ගම්වාසින්ට පීඩා

මහියංගන, මාපාකඩවැව, අක්කර 50, වෙහෙරගලයාය ගම්මානයේ නිවසක් ඉදිරිපිට නවතා තිබු සුනාමි වි මඩින යන්ත්‍රයක් පෙරලා දමා නිවසේ පිටතින් ගොඩ ගසා තිබු වී මිටි තොගයක් වන අලි විසින් අද පාන්දර (14) කා දමා ඇත.
වී අලෙවි මණ්ඩලය වෙත අලෙවි කිරිම සදහා ගෙනයෑමට සුදානම් කර තිබු වී මිටි තොගයක් මෙලෙස වන අලි විසින් හානි සිදු කල බව ගෙහමියා පවසති. බෙහෝ වෙ‍ෙහසක් දරා වන අලියා පන්නා දැමිමට සිදු වු බව ඔහු පවසන අතර ඉන් අනතුරුව අවට පිහිටි වගා භූමියකට වැදි හානි සිදු කල බව ඔහු වැඩිදුරටත් පැවසිය.
මේ දින වල මහියංගනය අවට ගම්මාන වන මාපාකඩවැව, තිස්සපුර, අරාවත්ත යන ප්‍ර දේශවල වන අලි රංචුපිටින් ගම් වදින අතර වන අලින්ගෙන් සිදු වන පිඩා අවම කර ගම්වාසින්හට සහනයක් ලබාදෙන ලෙස ගම්වාසින් ඉල්ලා සිටි.

Tuesday, September 15, 2015

චාමර සම්පත් දසනායකගේ හිස් වූ අසුන ලක්ෂ්මන් සෙනෙවිරත්නට

9/15/2015 8:09 PM
චාමර සම්පත් දසනායකගේ හිස් වූ අසුන ලක්ෂ්මන් සෙනෙවිරත්නට
ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස චාමර සම්පත් දසනායක මහතා දිවුරුම් දීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාට හිමිවන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.
ඔහුගේ නම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා මැතිවරණ මහ ලේකම් කාර්යාලයට යොමු කිරීමෙන් පසු එය ගැසට් කිරීමට පියවර ගැණෙනු ඇති.
අප කළ විමසීකදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, මැතිවරණයට තරග කර මීළගට මනාප ලබා ගත් ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා ඊට සුදුසුකම් ලබන බව ය.
මේ අතර ඌව පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වීම හේතුවෙන් ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධූරය පුරප්පාඩු විය.
අද එම ධූරයට පත්වූ චාමර සම්පත් මහතා ජනාධිපති තුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී චාමර සම්පත් දසනායක මහතා මනාප 64, 418 ක් ලබා ගනිමින් බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්විය.
චාමර සම්පත් මහතා යළි පළාත් සභාවට පැමිණීමත් සමග ඔහුගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු විය.
ඒ අනුව, මැතිවරණයේ ලබාගත් මනාප අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඉදිරියෙන් සිටින ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාට පාර්ලිමේන්තු අසුන හිමිවනු ඇති.

උෟව මහ ඇමැති චාමර

2015 සැප්තැම්බර් මස 15 10:49:54 

ඌව මහ ඇමැති ලෙස චාමර සම්පත් දසනායක මහතා මීට සුළු මොහොතකට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.


මියගිය ජනාධිපති ආරක්ෂක අංශයේ හසලක සුදාරක නිරෝශන්ගේ මරණය ඊයේ භූමදානය කෙරිනි.

9/15/2015 12:20 PM
ජනාධිපති ආරක්ෂක අංශයේ ඩිෆේන්ඩර් රියක් මිනුවන්ගොඩ මිරිස්වත්තේ දී අනතුරට ලක්වීමෙන් මියගිය හසලක ටී ඒ ජි සුදාරක නිරෝෂන් පොල්ගොල්ල ගේ දේහය ඊයේ (14) සවස හසලක, උඩුදහ පොදුසුසාන භූමියේදි මිහිදන් කරුනේ පොලිස් නිළධාරින්ගේ උත්තමාචාරය හා ප්‍ර දේශවාසින්ගේ සෝසුසුම් සමගිනි.
නම - ටී ඒ ජි සුදාරක නිරෝෂන් පොල්ගොල්ල, ලිපිනය- උඩුදහ, හසලක, උපන්දිනය - 1991.3.15, පොලිස් සේවයට බැදුනේ - 2014-06-09, අවිවාහකයි, පව්ලේ දරුවන් තිදෙනකි. සුදාරක නිරෝෂන් පව්ලේ බාලමයාය. වැඩිමහල් අක්කලා 2ක් සිටි.


උෟව මහ ඇමැති චාමර

උෟව මහ ඇමැති චාමර
2015 සැප්තැම්බර් මස 15 10:49:54 | .







ඌව මහ ඇමැති ලෙස චාමර සම්පත් දසනායක මහතා මීට සුළු මොහොතකට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
2009 වසරේ සිට ඌව පළාත් සභා මන්ති‍්‍රවරයෙකු ලෙස කටයුතු කළ චාමර සම්පත් දසනායක මහතා 2014 වසරේදී ඌව පළාත් කි‍්‍රඩා, යෞවන කටයුතු, විදුලිබල, පේෂකර්ම, කුඩා කර්මාන්ත සහ සමුපකාර අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත.
හිටපු ඌව මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා මෙවර මහ මැතිවරණයේදී වැඩිම මනාප ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වීම නිසා චාමර සම්පත් දසනායක මහතාට මහ ඇමැති ධූරය හිමිවිය.
හරීන් ප්‍රනාන්දු මහතා මහ ඇමැතිවීමට පෙර 2014 වසරේ පැවැති ඌව පළාත් සභා මැතිවරණයේදී බහුතර ආසන දිනාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මහ ඇමැති ධූරයට පත්ව සිටියේය. පසුව ශෂීන්ද්‍ර රාජපක්ෂට විරුද්ධව සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් ඉවත්වීම නිසා වැඩි බහුතර ආසන සංඛ්‍යාවක් එක්සත් ජාතික පක්ෂයට හිමිවිය. ඒ අනුව හරීන් ප්‍රනාන්දු මහතා මහ ඇමැති ලෙස තෝරා ගැනුණි. 
නැවත මන්ත්‍රීවරු සන්ධානයට එක්වීමෙන් පසු වැඩි බහුතර සංඛ්‍යාවක් සන්ධානයට හිමි බැවින් මහ ඇමැති ධූරය සන්ධානයේ චාමර සම්පත් දසනායක මහතාට පිරිනැමිණි.
නව මහ ඇමැති ධූරයට පත්වූ චාමර සම්පත් දසනායක මහතා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටියේය. ඒ අනුව ඔහුගෙන් පුරප්පාඩු වන සන්ධාන පාර්ලිමේන්තු අසුනට මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා තේරී පත්වනු ඇතැයි දේශපාලන ආරංචි පවසයි.

Sunday, September 13, 2015

ප්‍රවෘත්තිය ඵල දරයි - ළමා අයිතින් උල්ලන්ගනය කරමින් පෙරපාසලේ සෙල්ලම් මිදුලේ ඉදිකිරිම් ආම්භකල ග්‍රාම නිළධාරි කාර් යාලයේ වැඩ නතර කරති

ප්‍රවෘත්තිය ඵල දරයි - 
2015-09-13 ප.ව. 9.19

ළමා අයිතින් උල්ලන්ගනය කරමින් පෙරපාසලේ සෙල්ලම් මිදුලේ ඉදිකිරිම් ආම්භකල ග්‍රාම නිළධාරි කාර් යාලයේ වැඩ නතර කරති - ගම්මානයට ග්‍රාමනිළධාරි කාර්යාලයක් අත්‍යාවශ්‍ය සාදකයක්. එහෙත් අටුව කඩා පුටුවක් සාදනවා සේ කුඩා දරුවන්ගේ සෙල්ලම් මිදුල අහිමි කර වැඩිහිටියන්ගේ අවශ්‍යතා සපුරා ගැනිම මේ ගත් උත්සාහය කොතෙක් සාදාරණද???

https://www.facebook.com/NewsatMahiyangana/videos/vb.160815704047919/736823313113819/?type=2&theater

පන්ති යන්න පැමිනි සිසුවා බීමත්ව දියේ ගිලි මියයි

පන්ති යන්න පැමිනි සිසුවා බීමත්ව දියේ ගිලි මියයි
2015-09-13 ප.ව. 8.45

අමතර පන්ති යෑම සදහා මහියංගනයට පැමිණි සිසුන් 5ස් දෙනෙකු පන්ති යෑම පසෙක තබා මත්පැන් පානය කිරිම සදහා පදියතලා මාර් ගයේ 47 කණුව ප්‍ර දේශයේ කුඩාගලයාය ගම්මානයේ වැවක් වෙත ගොස් බිමත්ව දිය නෑමට ගොස් එක් සිසුවෙකු දියේ ගිලි මිය ගොස් ඇත. අද (13) දින සවස 3.00-3.30ත් අතර කාලයේදි මෙම සිදුවිම සිදු වී ඇත.

මෙසේ දියේ ගිලි මිය ගොස් ඇත්තේ රිදිමාලියද්ද, ඌරණිය, 12 කණුව ප්‍ර දේශයේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ චතුරංග සදරුවන් නම් වයස 17 සිසුවෙකි. මේ ආකාරයෙන් දියේ ගිලි මිය ගිය සිසුවාහට පිහිනිමට නොහැකි අතර බිමත්ව සිටිම හේතුවෙන් දියේ දිය නෑමය ගොස් මෙම අවාසනාවන්ත මරණය සිදු වි ඇත. මෙම සිසුවා දියේ ගිලි පිහිනිමට නොහැකි දගලන අවස්ථාවේදි යහලුවන් එක්ව ඔහුව බේරාගෙන ත්‍රිෙරා්ද රථයකින් මහියංගන මුලික රෝහල වෙත රැගෙනවිත් ඇති අතර ඒ වන විටත් සිදුවා මියගොස් සිට ඇත.

සිද්ධිය සම්බන්දයෙන් පොලිස් පරික්ෂණ මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර  මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන අතර මරණ පරික්ෂණය  හෙට දින (14) උදැසන සිදු කිරිමට වෛද්‍යවරු තිරණය කර ඇත.

හොරෙන් විදුලිය අරන් අවසන් ගමන්යති

2015-09-13 ප.ව. 7.54

නීති විරෝධී ලෙස තෙකලා විදුලි රැහැන්පද්ධතියට දුරකථන රැහැන් යොදා සිය නිවසට විදුලිය ලබා ගැනීමට තැත් කළ පුද්ගලයෙකු අද (13වන දින) පෙරවරුවේ විදුලි සැර වැදීමෙන් මිදුලේම වැටී මියගොස් ඇත.මෙසේ මිය ගොස් ඇත්තේ ගිරාඳුරුකෝට්ටේ,විරනගම මහවැලි ගම්මානයේ අංක 16 දරණ නිවසේ පදිංචිව සිටි ඩී.එම්.අබේකෝන් බණ්ඩා නොහොත් බේබි අයියා නමැති 56 හැවිරිදි මහවැලි අධිකාරියේ සේවය කොට විශ්‍රාම ලැබූ තිදරුපියෙකි .

සිදුවීම වූ 13දිනයේ පෙරවරු 10ත් 12 අතර කාළයේදී මෙම අනතුර සිදුවන්නට ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
මීට මසකට පමණ පෙර බිල්පත් නොගෙවීම නිසා මෙම මරණකරුගේ නිවසේ විදුලිය විසන්ධිකර ඇත.එතැන් පටන් ඔහු විටින් වට මෙලෙස සිය නිවසට විදුලිය ලබා ගන්නට ඇතැයි සැක කෙරෙන අතර විදුලි මනුවෙන් විසන්ධිකර තිබුණද සේවා රැහැන ඉවත් කර නොමැත.දුරකථන රැහැන් නිවසේ විදුලි පේනුවකට සම්බන්ධකර ඇති අතර එක් රැහැනක් නිවස අසල මාර්ගයේ ප්‍රධාන විදුලි රැහැනක් මත එල්ලා අනෙක සම්බන්ධ කිරීමට උත්සාහ ගන්නාවිට මෙලෙස විදුලි සැර වදින්නට ඇතැයි ගම්වාසීහු පවසති.

 කෙසේ වෙතත් විදුලි සැර වැදී නොබෝ වේලාවකදී ඔහු මියයන්නට ඇත.පොළිස් හදිසි ඇමතුම් 119ට ලද තොරතුරකට අනුව පොළීසිය එම ස්ථානයට ගොස් ඇත.
 මියගිය අයගේ බිරිඳ විදෙස් ගතව සිටින අතර බාල දියණිය නිවසේ තනිව සිටීමට නොහැකි නිසා අසල පිහිටි සිය සොහොයුරාගේ නිවසේ වාසය කරන්නීය.

මරණකරුගේ දියණිය වන ඩී.එම්.හිමායා සඳමිණි මෙනවිය මෙසේ පැවසුවාය.මිය ගිහින් ඉන්නේ මගේ තාත්තා. අම්මා රට ගිහින් ඉන්නේ.තාත්තා කළින් මහවැලියේ වැඩකළා.වන්දි අරන් අයින් වෙලා හිටියේ.මට ගෙදර තනියෙන් ඉන්න බැරි නිසා මම ඉන්නේ අයියාගේ ගෙදර. මීට මාසෙකට විතර ඉස්සෙල්ලා අපේ ලයිට් කැපුවේ බිල් ගෙවලා නැති නිසා.ඒත් තාත්තා මෙහෙම දෙයක් කරන බව මම දැනගෙන හිටියේ නැහැ.
අයියාලාගේ ගෙවල් ළඟ කට්ටියකගේ ලොයම් කපනවා අයියා මට කිව්වා අපේ ගෙදරින් දෑකැත්තක් ගේන්න කියලා. දවල් ගෙදරට ආවේ දෑකැත්තක් ගෙනියන්න. එතකොට මම දැක්කා තාත්තා වැටිලා ඉන්නවා.බිම වයර් එකක් තිබුණා මම දුවලා ගිහින් අයියාට කිව්වා. අයියා ඇවිත් කට්ටියට අඬගැහැව්වා ඒ වෙනකොටත් ඔක්කොම වෙලා ඉවරයි යනුවෙන් ඇහඬමින්  පැවසුවාය.

 මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය මහියංගණ වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණි පී. රඹකැන්පුර මහතා විසින් පවත්වනු ලැබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගිරාඳුරුකෝට්ටේ දිසා රෝහලේ දිසා වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස නියෝග කළේය.
ගිරුඳුරුකෝට්ටේ පොළීසියේ ස්ථානාධිපති පොළිස් පරීක්ෂක මොහාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත පො.සැ.24978 සුදුසිංහ,පො.සැ.20016 නන්දසේන,පො.කො.45985 සෝමපාල,පො.කො.70969 ජානක,පො.කො.50666 පුෂ්පකුමාර යන නිළධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.


ඌව පළාත් සභාව අකර්මණ්‍ය වෙලා

( නිශාන් ද සිල්වා ) 2015-09-13 12:14:55 

ඌව පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍යවරයා සහ අමාත්‍යවරුන් කඩිනමින් පත් නොකළහොත් ලබන සතියේදී විරෝධතා අරඹන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ පළාත් සභාව මාස 3 ක පමණ කාලයක් තිස්සේ අකර්මණ්‍ය වී ඇති බවයි. ඌව පළාත් සභා මැතිවරණය පවත්වා වසරක කාලයක් ගෙවෙමින් ඇති බවත් මහඇමතිකම් දෙදෙනෙකු අතර මාරු වී ඇති බවත් හෙතෙම පැවසුවා.
ඌව පළාත් සභාව අකර්මණ්‍ය වීමෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින බවයි සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ලිපියකට අත්සන් කිරීමට, චෙක් පතකට අත්සන් කිරීමට මෙන්ම පළාතේ විවිධ ගැටළු සඳහා විසඳුම් ලබා දීමට නොහැකි වීමෙන් මෙම ගැටලුකාරී තත්ත්වයන් පැණ නැගී ඇති බවයි ඔහු පවසන්නේ.

පෙරපාසලේ ඉදිකිරිම් ආම්භකල ග්‍රාම නිළධාරි කාර් යාලයේ වැඩ නවති.



ප්‍රවෘත්තිය ඵල දරයි - ළමා අයිතින් උල්ලන්ගනය කරමින් පෙරපාසලේ සෙල්ලම් මිදුලේ ඉදිකිරිම් ආම්භකල ග්‍රාම නිළධාරි කාර් යාලයේ වැඩ නතර කර කැපු වලවල් දැන් වහලා - හෙට(14) මධ්‍යට හා පෙරපාසැලට විරුද්දව ග්‍රාමනිළදාරිතුමියගේ සංවිධානයෙන් විරෝධතාවයක් මේ වන විට සංවිධානය කරමින් පවති
ළමා අයිතින් උල්ලන්ගනය කරමින් මිනිපේ වේරගම වසමේ සමගි පෙරපාසලේ සෙල්ලම් මිදුලේ ඉදිකිරිම් ආරම්භකල ග්‍රාම නිළධාරි කාර් යාලයේ වැඩ මේ වන විට නතර කර දමා කැපු වලවල් සියල්ල වසා දමා ඇත.
මිනිපේ ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශයේ වේරගම වසමේ පවත්වාගෙන යන මුල් ළමාවිය සංවර් ධන මධ්‍යස්ථානයක් වන සමගි පෙරපාසැල් භුමියේ කුඩා දරුවන්ගේ සෙල්ලම් මිදුලේ සවිකර ඇති උපකරණ ගලවා එම ස්ථානයේ ග්‍රාමනිළධාරි කාර්යයාලයක් ඇතුලු සේවාපියසක් ඉදිකිරිම සදහා පසුගිය උදැසන (09) පෙර පාසැල් ගුරුතුමියගේ අවසරයකින් තොරවයි. මිනිපේ ප්‍රා දේශිය ලේකම් සමන්ති නාගස්තැන්න මහත්මියගේ උපදෙස් පරිදි ලේකම් කාර්යාලයේ නිළධාරින් ඒ සදහා පැමිණ සිටියේය.
ඒ සම්බන්දයෙන් මාධ්‍ය අඅනාවරණයන්ගෙන් පසු පසුගිය 11 දින රාත්‍රි 8.00 පමණ ග්‍රාමනිළධාරිවරිය හා ගම්වාසින් පැමිණ ගොඩනැගිල්ල ඉදිකිරිම සදහා කැපු වලවල් සියල්ල පස් දමා වසා ඉදිකිරිම් සදහා රැගෙන ආ භාණ්ඩ සියල්ල ඉවත් කර ගෙන ගොස් ඇත.
ඉදිකිරිම් සදහා ගැලවු දරුවන්ගේ ඔන්චිල්ලා හානි සිදු කර ඇති අතර ඒවා වෙනත් ස්ථානයක ඔහුන් විසින් සවි කර ඇත. හානි සිදු වු ඒවා පිළිසතර කිරිමට ඔහුන් පියවර ගෙන නොමැත.
මෙම පෙර පාසැල් භූමිය මහියංගන රාජමහා විහාරස්ථානයට අයත් භුමියක් වන අතර සංර් වෝදය ව්‍යාපාරය සදහා නිත්‍යානුකූලව රජමහා විහාරය මගින් ලබා ගෙන ඇති අතර පසුව පෙරපාසැල පවත්වාගෙන යෑම සදහා වසර 10කට අධික කාලයක් තිස්සේ ලිඛිතව හා නිත්‍යානුකු පවත්වාගෙන යයි.
පසුගිය 10 වන දින සර් වෝදය ව්‍යාපාරයේ ප්‍රධාන කාර් යාලයේ නිළධාරින් අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ සංඝ සභික මහියංගණ රජමහා විහාරස්ථානයේ භාරකාර රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ බැහැ දැකිමට පැමිනි අතර එහිදි මෙම ගැටලුව සම්බන්දයෙන් සාකච්චා කෙරිනි.
ප්‍රා දේශිය ලේකම් තුමිය පවසව ආකාරයෙන් කිසිදු අනුමැතියක් ප්‍රා දේශිය ලේකම් තුමියට නොදුන් බව සර් වෝදය නිළධාරින් නායක හිමියන් හට දැනුම් දුන්නේය. ඒ අනුව බලහත් කාරයෙන් හා අවසරයකින් තොරව මහියංගන රජමහා විහාරස්ථානයට හා සර් වෝදය ව්‍යාපාරයට අයත් ඉඩමක ගොඩනැගිල්ලක් සදහා ඉදිකිරිම් සිදු කල රාජ්‍ය නිළධාරින්ට විරුද්ධව හසලක පොලිසියේ 10 දින පැමිණිල්ලක් සර් වෝදය නිළධාරින් හා පෙරපාසැල් ගුරුතුමිය විසින් සිදු කෙරින.
පොලිසියේ පැමිණිල්ල දැමිමෙන් පසු 11 දින රාත්‍රි 8.00 පමණ ග්‍රාමනිළධාරිවරිය හා ගම්වාසින් පැමිණ ගොඩනැගිල්ල ඉදිකිරිම සදහා කැපු වලවල් සියල්ල පස් දමා වසා ඉදිකිරිම් සදහා රැගෙන ආ භාණ්ඩ සියල්ල ඉවත් කර ගෙන ගොස් ඇත.
හෙට සදුදා දින උදැසන (14) මාධ්‍යට හා පෙරපාසැලට විරුද්දව විරෝධතාවයක් ග්‍රාම නිළධාරිතුමිය විසින් මේ වන විට ගම්මානයේ ගෙයින් ගෙට ගොස් සංවිධානය කර මින් පවති.



මහියංගන ඇසළ මහා පෙරහැර විස්තරය


2015-09-13 පෙ.ව. 10.18

ඓතිහාසික මහියංගන රජමහාවිහාරයේ සහ මහියංගන මහා සමන් දේවාලයේ වාර් ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යය සදහා කප් සිටුවිම අද (13) රාත්‍රි 10.21ට යෙදෙන සුභ මොහොතින් සිදු කෙරේ

ඇතුල් පෙරහැර අද (13) සිට 17 දක්වා ද

කුඹල් පෙරහැර 18 දින සිට 22 දින දක්වාද

රංදෝලි පෙරහැර 23 දින සිට 27 දින දක්වා සිදු කෙරේ. අවසන් රංදෝලි මහා පෙරහැර 27 දින රාත්‍රි 9.06ට යෙදෙන සුභ මොහොතින් විදි සංචාරය කිරිමට නියමිතව තිබේ.

ඓතිහාසික වැදි පෙරහැර - 27 දින අවසන් රංදෝලි මහා පෙරහැර සමන් දේවාලයට ගෙවිදීමෙන් අනතුරුව එදින අලුයම යාමයේදි (28 පාන්දර - 4.00ට පමන) දඹාන ආදිවාසි නායක වන්නිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

දිය කැපිම - දිය කැපිම 28 දින පාන්දර 5.29ට යෙදෙන සුභ මොහොතින් මහවැලි ගංතීරයේදි සිදු කිරිමට නියමිතය

ආදිවාසි දොඩම් පෙරහැර - පුරාණ සිංහාසන මණ්ඩපය අසලදී දොඩම් බෙදා දීමෙන් අනතුරුව, 28 දින 9.13ට යෙදෙන සුභ මොහොතින් ආරම්භ කෙරෙන දහවල් පරහැරට එක්වී රජමහා විහාරීය පෙරහැර පෙරටු කරගනිමින් ගමන් කිරිමට නියමිතව තිබේ.


මහියංගන ඇසළ මහා පෙරහැරට කප් සිටුවීම අද රෑ


2015-09-13 පෙ.ව. 10.01

ඓතිහාසික මහියංගන රජමහාවිහාරයේ සහ මහියංගන මහා සමන් දේවාලයේ වාර් ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යය සදහා කප් සිටුවිම අද (13) රාත්‍රි 10.21ට යෙදෙන සුභ මොහොතින් සිදු කෙරේ 

ජනාධිපති ආරක්ෂක අංශයේ ඩිෆේන්ඩර් රිය අනතුරෙන් මරණයට පත් හසලක සුදාරකගේ දේහය නිවසට



9/13/2015 9:48 AM
ජනාධිපති ආරක්ෂක අංශයේ ඩිෆේන්ඩර් රියක් මිනුවන්ගොඩ මිරිස්වත්තේ දී පසුගියදා අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගනිමින් සිටියදී මිය ගිය හසලක ටී ඒ ජි සුදාරක නිරෝෂන් පොල්ගොල්ල ගේ දේහය ඊයේ උදැසන 2.00 (පාන්දර) පමන වන විට ඔහුගේ නිවසට රැගෙනවිත් ඇත.
ඔහුගේ සම්පුර් ණ නම - ටී ඒ ජි සුදාරක නිරෝෂන් පොල්ගොල්ල, ලිපිනය- උඩුදහ, හසලක, උපන්දිනය - 1991.3.15, පොලිස් සේවයට බැදුනේ - 2014-06-09, අවිවාහකයි, පව්ලේ දරුවන් තිදෙනකි. සුදාරක නිරෝෂන් පව්ලේ බාලමයාය. වැඩිමහල් අක්කලා 2ක් සිටි.
අවසන් කටයුතු 14 වන සදුදා උඩුදහ පොදු සුසාන භූමියේදි සිදු කෙරේ






Thursday, September 10, 2015

‘රජයේ ඉඩම් ඥාති සංග්‍රහයට‘ ජනපති කොමිසම ශෂීන්ද්‍රගෙන් ප්‍රශ්න කරයි

2015 සැප්තැම්බර් මස 10 15:47:27 | . , ඉන්දිකා රාමනායක

මහියංගනය නගරයේ රජයට අයත් ඉඩම් තුනක් සිය ඥාතීන් සහ හිත මිතුරන්ට වෙළෙඳසල් ඉදි කිරීමට දුන්නැයි කියන සිද්ධියක් ගැන ඌව හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් ජනාධිපති විශේෂ කොමිසම අද (10) පැය හතරක් ප්‍රශ්න කළ බව කොමිසම කියයි.
පෙරවරු 10ට එහි පෙනී සිටි ශෂීන්ද්‍රගෙන් පස්වරු දෙක දක්වා ප්‍රශ්න කැරිණි.
මහියංගන තැපැල් කන්තෝරුවට අයත් ඉඩමක් ඇතුළු රජයට අයත් වටිනා ඉඩම් තුනක් සිය ඥාතිනට හා හිතවතුනට දීමෙන් වංචාවක් සිදුව ඇති බවට ලද පැමිණිල්ලක් අනුව එම විමර්ශනය ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධයෙන් මහියංගනය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහියංගනය සංවිධායකට එරෙහිවද විමර්ශන ආරම්භ කොට ඇති බව කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Wednesday, September 9, 2015

පෙරපාසැල් දරුව්නගේ සෙල්ලම් මිදුල විනාශ කරලා.

ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරිමට සිටිනා නිළධාරින් විසින්ම ළමා අයිතිවාසිකම් කඩකර පෙරපාසැල් දරුව්නගේ සෙල්ලම් මිදුල විනාශ කර දමයි
9/9/2015 2:11 PM
“හොදම දේ දරුවන්ටයි“ ලෙස කියමනත් ඔබ අසා අති. වත්මන් සමාජයේ හා ජාත්‍යන්තරයේ ද එය එලෙසම ක්‍රියාත්මකව පවති. ඒ අනුව මුල්තැන ලබාදෙන්නේ වැඩිහිටියන්ගේ අවශ්‍යතායවයන්ට පෙර දරුවන්ගේ අවශ්‍යතාවයන් සදහායි. ළමුන්ගේ අයිතිවාසිකම් සදහාය. එහෙත් දරුවන්ගේ අයිතිවාසිකම් හා අවශ්‍යතාවන් යටපත් කරමින් වැඩිහිටි අවශ්‍යතාවයන් සපුරාලිම සදහා ක්‍රියාකල දේශපාලන නායකයන් හා රාජ්‍ය නිළධාරින් පිරිසක් සම්බන්දයෙන් මිනිපේ වේරගම ග්‍රාම සේවා වසමෙන් වාර් ථා වේ. පෙර පාසැල් භූමියක දරුවන්ගේ සෙල්ලම් මිදුලේ ඔන්චිල්ලා ගලවා දමමින්  ග්‍රාමනිළධාරි කාර් යාලයන් තැනිම ආරම්භ කිරිම පුංචි දරුවන්ගේ නෙතගට කදුළුක් එක්කල දුක් මුසු අවස්ථාවක් විය.
මිනිපේ ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශයේ වේරගම වසමේ පවත්වාගෙන යන මුල් ළමාවිය සංවර් ධන මධ්‍යස්ථානයක් වන සමගි පෙරපාසැල් භුමියේ කුඩා දරුවන්ගේ සෙල්ලම් මිදුලේ සවිකර ඇති උපකරණ ගලවා එම ස්ථානයේ ග්‍රාමනිළධාරි කාර්යයාලයක් ඇතුලු සේවාපියසක් ඉදිකිරිම සදහා අද උදැසන (09) පෙර පාසැල් ගුරුතුමියගේ අවසරයකින් තොරවයි.  මිනිපේ ප්‍රා දේශිය ලේකම් සමන්ති නාගස්තැන්න  මහත්මියගේ   උපදෙස් පරිදි ලේකම් කාර්යාලයේ නිළධාරින් ඒ සදහා පැමිණ සිටි අතර පෙර පාසැල් දරුවන්ගේ දෙමාපියන්ද එම ක්‍රියාව පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කලේය.
මේ සදහා මුදල් ප්‍රතිපාදන ප්‍රා දේශිය ලේකම් කාර් යාලය වෙත ලබා දෙනු ලබන්නේ  එක්සත් ජාතික පක්ෂ උඩදුම්බර ආසන සංවිධායක චානක අයිලප්පෙරුම මහතා විසින් විමද විශේෂත්වයක් වන අතර මනාප පොරය වෙනුවෙන් පොරබදින දේශපාලන නායකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ප්‍ර දේශයේ ළමා  අයිතින් සුරකිම සදහා සිය රාජකාරි සිදු කරමින් නිළධාරින් මෙහෙයවන ප්‍රා දේශිය ලේකම් වරියගේ රාජකාරි මට්ටමින් බැහැරව යමින් බලහත් කාරයෙන්  ආරම්භ කරනු ලැබු  මෙම  ඉදිකිරිම් දෙමාපියන් හා පෙරපාසැල් ගුරුවරියන් විසින් හෙලා දකි.
මෙම පෙර පාසැල් භූමිය මහියංගන රාජමහා විහාරස්ථානයට අයත් භුමියක් වන අතර සංර් වෝදය ව්‍යාපාරය සදහා නිත්‍යානුකූලව රජමහා විහාරය මගින්  ලබා ගෙන ඇති අතර පසුව පෙරපාසැල පවත්වාගෙන යෑම සදහා වසර 10කට අධික කාලයක් තිස්සේ ලිඛිතව හා නිත්‍යානුකුල ලබා දි ඇති අතර එවැනි වට පිටාවක දේශපාලන අවශ්‍යතා මත මිනිපේ ප්‍රා දේශිය ලේකම්වරිය විසින් බලහත් කාරයෙන් මෙම ඉදිකිරිම් සිදු කිරිම ආරම්භ කර ඇත. ඒසේම සර් වෝදයට අයත් මෙම භූමියේ නව ඉදිකිරිම් සදහා  නිත්‍යානුකුල ලිඛිත ලියවිල්ලක් ද මිනිපේ ප්‍රා දේශිය ලේකම් තුමියට ලබා දී නොමැති අතර එවැනි වට පිටාවක අවසරයකින් තොරව මෙම ඉදිකිරිම් සිදු කරන බව දරුවන්ගේ දෙමාපියන් පවසති.
පෙර පාසැල් භුමිය ඉතා කුඩා භුමියක් වන අතර දරුවන් සදහා සෙල්ලම් කිරිමට තිබු භූමිය ග්‍රාම නිළධාරි කාර් යාලය  ඉදිකිරිම සදහා යොදා ගැනිම තුලින් දරුවන්ට සෙල්ලම් කිරිම සදහා ඉඩ කඩ සිමා සහිත විම, පෙර පාසැල ඉදිරියෙන් ඇති මාර්ගයේ නිරන්තරයෙන් වැලි පැටවු බරවාහන ගමනා ගමනය කිරිම හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාවටද විශාල තර් ජනයක් වි ඇති බව දෙමාපියන් හා පෙරපාසැල් ගුරුතුමිය චෝදනා කරති. ( ග්‍රාමනිළධාරි කාර්යාලයට සේවා ලබාගැනිම සදහා පැමිනෙන පිරිස වෙනුවෙන් පෙරපාසැලේ ගේට්ටුව විවෘතව තැබිමට සිදු වන අතර කුඩා දරුවෙකු  ගේට්ටුවෙන් පිටතට ගොස් අනතුරු සිදුකර ගැනිමේ අවදානම වැඩි බව දෙමාපියන් පවසති)
මේ සම්බන්දයෙන් මිනිපේ ප්‍රා දේශිය ලේකම් සමන්ති නාගස්තැන්න මහත්මියගෙන් විමසු විට දැක්වුයේ මෙවන් අදහසක්.  “ ඔය පෙර පාසැල් භුමිය මහියංගන රජමහා විහාරයට අයිති එකක්. එම ඉඩම සර් වෝදයට නිත්‍යානුකුලව පන්සලෙන් අරගෙන තියෙන්නේ. ඊයේ (08) සවස සර් වෝදයේ නිළධාරින් අපිට එකග උනා සේවා පියස හදන්ඩ යැකි කියා සිටියේය. එවිට සර් වෝදය මගින් ලිඛිත අවසරය ලබාදුන්නේද යන්න පිළිබද මාධ්‍ය මගින් විමසු විට ප්‍රකාශ කර සිටියේ ලිඛිතව අවසරය ලබා දි නොමැති බවත් වාචිකව පමනක් එකග වු බවයි. ඉදිරියේදි ලිඛිතව අවසරය ලබාගැනිම සදහා පියවර ගන්නා බව මාධ්‍ය වෙනුවෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.
තම රාජකාරි මට්ටම ඉක්මවායමින් දේශපාලකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාකරන මෙවන්  නිළධාරින් සම්බන්දයෙන් හා කුඩා දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරිම සදහා පිරවර ගන්නා ලෙස කුඩා දරුවන්ගේ දෙමාපියන් බළධාරින්ගෙන් ඉල්ලා සිටි.










Sunday, September 6, 2015

“මගේ ගමන ඔය මඩ ප‍්‍රචාරයන්ගෙන් නතර කරන්න බැ“ - සමන්ත විද්‍යාරත්නගේ චෝදනාවලට අනුර විදානගමගේ ගෙන් පිළිතුරු


2015-09-06 ප.ව. 8.59
ඌව පළාත් සභාවේ ප‍්‍රධාන අමත්‍ය තනතුරට තමන් සුදුසු කම් ලබා තිබෙන හෙයින් එයට ක්‍රෝධයෙන් වෛරයෙන් ඉරිසියාවෙන් පෙලෙන පිරිසක්  සුක්ෂම ලෙස එය තමන්ගෙන් ඉවත් කිරිමට  ඉතා අසාර්ථක ප‍්‍රයතනයක යෙදි ඇති බවත් ඒ සදහා උපයෝගි කරගෙන ඇති මඩ ප‍්‍රචාරය තමන් හෙළාදකින බවත් ඌව පළාත් සභා අමාත්‍ය ශ‍්‍රිලංනිප මහියංගන ආසන සංවිධායක අනුර විදානගමගේ මහතා පැවසිය
මහියංගනය නගරය සංවර්ධනය කොට වසර හතරක පමණ කාලයන් ගතවි ඇති අතර මෙම සංවර්ධන වැඩසටහන ආරම්භ කරණ දිනවල හ`ඩ නොනැගු පිරිස් සිහිනෙන් අවදි වි ඇතිවාසේ දැන් හ`ඩ නගන්නට පටන්ගෙන ඇත්තේ එක එක්කෙනාගේ මුදලට හා පදයට යටත්ව තමන් ඌව පළාතේ ප‍්‍රධාන ඇමති වරයා බවට පත්විම පිළිබ`දව පවතින ඉරිසියාවෙන් බවත් තමන් විශ්වාස කරන බව ද ඇමති වරයා ස`දහන් කළේය
 අමාත්‍ය අනුර විදානගමගේ මහතා මෙම අදහස් පලකළේ මහියංගනය නගරය සංවර්ධනය කිරිමේදි අක‍්‍රමකතා රාශියක් සිදුවුවා යැයි කියමින් ජවිපේ ඌව පළාත් සභා මන්ත‍්‍රි සමන්ත විද්‍යාරත්න මහතා විසින් දැඩි මුල්‍ය වංචා ඒකකයට පැමිනිලි කිරිමෙන් පසු අනුර විදානගමගේ මහතා ගේ නම ස`දහන් කරමින් මාධ්‍ය හරහා කරන ලද ප්‍රකාශයට පිලිතුරු ලබා දිම ස`දහා ඉකුත් 06 වෙනි දින මහියංගන සොරබොර ගෙදර හෝටලයේ පැවති මාධ්‍යය දැනුවත් කිරිමෙ’ හමුවකදිය
මෙම හමුව ස`දහා මහියංගන ප‍්‍රාදේශි සභාවේ හිටපු සභාපති ඩබ් එම් සුනිල් රිදිමාලියද්ද ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපති කරු විරරත්න යන මහත්වරුන් ද එක්විය.
මෙහිදි තව දුරටත් සිය අදහස් පළ කළ අමාත්‍ය වරයා මෙසේ ද පැවසිය මෙයට දින දෙකකට කලින් මට අභියෝගාත්මක පණිවිඩයක් මාධ්‍ය තුලින් දැනගන්නට ලැබුනා එයින් සදහන් වුනේ මහියංගනය සංවර්ධනය කිරිමේදි සිදුවු වා යැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිනිල්ලක් කර ඇති බවයි.  මේ පිළිබ`දව විශේෂයෙන් කිව යුතු කාරනයක් තමයි ඌව පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය තනතුර පිළිබදව. මේ තනතුරට මම සුදුසු කම් ලබා සිටිනවා නමුත් මේ තනතුරට තවත් පිරිසක් සුදානම් වෙලා සිටිනවා. ඒ කට්ටියගේ උවමනාව මත සමන්ත විද්‍යාරත්න මහතා මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමනිල්ලක් කර තිබෙනවා මම ඉල්ලා සිටින්නේ මෙම පැමිනිල්ල අපක්ෂපාතිව ඉතා ඉක්මනින්ම පරික්ෂණ කරලා සාධාරණ තින්දුවක් ලබා දිමට පියවර ගන්නා ලෙසයි.
මම පැහැදිවම කිවයුතු කාරණයක් තිබෙනවා. යම් කිසි ආකාරයකින් ඌව පළාත් සභාවේ අමාත්‍ය වරයෙකු වශයෙන් අවුරුදු 4 කට වැඩි කාලයක් සේවය කර තිබෙනවා. මේ කාලය තුල යම් කිසි ආකාරයකින් මුදල් වංචාවක් එහෙම, නැතිනම් රජයේ මුදල් අවභාවිතයක් කර තිබෙනවා, මං කොල්ල කාලා කියලා තියෙනවා, එහෙම නැතිනම් මහජනතාව භිය වද්දලා රජයේ මුදල් මහජන මුදල් කොල්ල කා තිබෙනවා කියලයි චෝදනා කරන්නේ ඒ නිසා. මේ ගැන පරික්ෂණ පවත්වලා රුපියලක හෝ වංචාවක් කරලා තියෙනවානම්, ඒ වර`දට දිය යුතු ඉහළම ද`ඩුවම වන මරණ ද`ඩුවම ලබාදෙන්න කියා ඉල්ලා සිටිනවා.  එහෙම නැතිනම් ජිවිතාන්තය දක්වා සිර ද`ඩුවම් ලබා දෙන්න කියලා මම නිතියෙන් අනිවාර් යෙන්ම ඉල්ලා සිටිනවා.
මේ පිළිබ`දව මම දේශපාලඥයෙක් විදිහට පැහැදිලි ප‍්‍රකාශයක් කළ යුතුයි මගේ දරුවන් මගෙන් නගන ප‍්‍රශ්ණයක් තියෙනවා. මම පියෙක් විදිහට මේ අය උසස් අධ්‍යාපනය ලබන අය. තාත්තා බුදුන් වැඩිය දේශයේ සිටින කෙනෙක්. අපිට මතකයි ඔබ අපිව මහියංගන සමන් දේවාලයට රුගෙන ගිහිල්ලා අපි ඉදිරියේ ඔබ ප‍්‍රකාශයක් දුන්නා මහජන මුදල් කොල්ල කලා ඒ මුදලින් මගේ දරුවන්ට කන්න අ`දින්න දුන්නොත් මට සාපවෙනවා කියලා. ජනතාව ඉදිරියේ දි පොරොන්දුවක් දුන්නානේද කියලා ඇහුවා. මම තමයි තමන්ගේ දරුවන්ගේ හිස මත අත තියලා ජනතාවට පොරොන්දුවක් දුන්න එකම දේශපලනඥයා. මම සතුටු වෙනවා එහෙම පොරොන්දුවක් දිලා මහියංගනය ඉතා දර්ශණිය අන්දමින් අලංකාර අන්දමින් ගොඩනගන්න මට පුලුවන් උනා.  
අද ඔබ දකිනවා එදා මහියංගනයත් අද මහියංගනයත්. එදා ගවයන් ලගින මඩ ගොහොරුවක් ව තිබු නගරය අද සිය`ථ පහසුකම් වලින් සමන් විත අලංකාර නගරයක් වි තිබෙනවා මෙම නගර සංවර්ධනයට ඉරිසියා කරණ අය අපිට මඩ ප‍්‍රචාර කරමින් විවිධ උපක‍්‍රම යොදමින් අපි ව විනාශ කරන්න උත්සහා ගන්නවා. නමුත් මහියංගනයේ ජනතාව දන්නවා අපි නිවැරදි දර්ශණයක් තුලින් විනිවිධ භාවයකින් යුතුව කටයුතු කළා කියන්න. ඒ නිසයි පසුගිය මැතිවරණයේ දිත් අපිව ජයග‍්‍රහණය කරලා පළාතේ ඉතිරි සංවර්ධන කරන්න කියා මනාපය දුන්නේ.
 මම කියා සිටිනවා මට එරෙහිව චෝදනා ඉදිරිපත් කරණ අයට පදනම් විරහිත චෝදනා ගෙනල්ලා අපිව විනාශ කරන්න බැහැ කියලා. කොපමණ මඩ ගැහුවත් කොපමණ අවලාද කිව්වත් අපි ගැන ජනතාව දන්නවා. ඒ වගේම අපිට ඇගිල්ල දිගු කරන අය ගැනත් ඒ අයගේ කෙරුම් ගැනත් ජනතාවත් ඉහළ දෙශපාලන නායකත්වයත් පැහැදිලිව දන්නවා.

අමාථ්‍යමණ්ඩලය දිව්රුම් දීමේදි මීට දින දෙකකට කලින් ගරු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා හොද ප්‍රකාශයක් කලා. බුදුරජානන්වහන්සේ රහසින්වත් පව් නොකල සේක. ඒක ඉතාමත්ම වැදගත් ප්‍රකාශයක්. ඒ කෙන් එතුමා අදහක් කලේ යමෙක් මහජන මුදල් කොල්ල කනවානම් රජයේ දේපල කොල්ල කනවාද මැරෙන මෙහොතේ හරි ඒක විදවනවා නැත්නම් කරුවෝ හරි විදවනවා කියන එක තමයි. මගේ දේශපාලන දිවියේ අහපු වැදගත්ම කථාව තමයි එතුමාගේ ඒ කථාව. මේ රට ආසියාවේ දැවැන්ත සංවර් ධිත රට බවට පත් කරන්නම් බුදුන්ගේ ඒ ධර්ම දේශනය ඉතා වැදගත්. දේශපාලන නායකයන්ට රාජ්‍ය නිළධාරින්ට ඒ ප්‍රකාශ ඉතා වැදගත් වෙනවා මහජනතාවට සේවය කිරිමේදි.


 ඒ නිසා මම කියනවා මගේ ගමන ඔය මඩ ප‍්‍රචාරයන්ගෙන් නතර කරන්න බැහැ කියලත් කියන්න කැමතියි යැයි ද පැවසියි

Video >> 01
https://www.facebook.com/NewsatMahiyangana/videos/vb.160815704047919/733073616822122/?type=2&theater

Video >> 02
https://www.facebook.com/NewsatMahiyangana/videos/vb.160815704047919/732906026838881/?type=2&theater

Saturday, September 5, 2015

ටෙන්ඩර් පටිපාටිය කඩලා

(වීඩියෝ දසුන් සහිතයි)
2015 සැප්තැම්බර් මස 04 17:21:23 | . , ඉන්දිකා රාමනායක, ඡායාරූප හා වීඩියෝ ජයමාල් චන්ද්‍රසිරි
ටෙන්ඩර් පටිපාටියකින් තොරව මහියංගන නගරයේ වෙළදසල් ඉදිකිරීම සහ බෙදා දීමෙන් රුපියල් කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතා සිදුකර ඇති බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහියංගන සංවිධායක සහ ඌව පළාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ මහතාට එරෙහිව සිදුකළ පැමිණිලි ගැන උෟව පළාත් සභා ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සමන්ත විද්‍යාරතනගෙන් අද (4) දෙපැයක් පුරාවට ප්‍රකාශයක් සටහන් කරගත් බව පොලිසිය කියයි.
මහියංගන නගරයේ රජයට අයත් ඉඩම් දේශපාලන බලය මත පවරාගෙන ටෙන්ඩර් පටිපාටියෙන් තොරව කඩ ඉදිකිරීම සහ ඒවා ඥාතීන් හා හිතවතුන් වෙත ලබාදීම,ඉදිකර තිබූ පැරණි වෙළදසැල් කඩා ඉවත් කොට එම වෙළදසැල් හිමිකරුවන්ගෙන් මුදලක් ලබාගෙන නැවත ඉදිකිරීම, ඇතුලු වංචා - දූෂණ පැමිණිලි, සමන්ත විද්‍යාරතන මහතා ඉකුත් ජූනි මස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ඉදිරිපත් කර තිබූ බව පොලිසිය පවසයි.
http://www.lankadeepa.lk/index.php/articles/345531

Friday, September 4, 2015

ජනපතිතුමන්ගේ 64වන ජන්ම දිනයට මහියංගනයේ අටවිසි බෝධිපුජාවක් ලක්ෂ්මන් සෙනෙවිරත්නගේ සංවිධානයෙන්


9/4/2015 9:56 AM
අතිගරු ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ 64වන ජන්ම දිනය නිමිත්තෙන් රටට, ජනපතිතුමන්ට, රණවිරුවන් හට සෙත් පතා ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේදි අටවිසි බෝධිපුජාවක් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතගේ සංවිධානයෙන් ඊයේ (03) සවස පැවැත් වින.
මහියංගන රජමහාවිහාරස්ථානයේ තේවාව භාර පුජ්‍ය යටියන රතන හිමි විසියන් විසින් බෝධිපුජාව මෙහෙය වු අතර ඒ සදහා වියලුව ආසනයේ හා මහියංගන ප්‍ර දේශයේ දේශපාලන නියෝජිතයන් හා ගම්වාසින් විශාල පිරිසක් එක්වි සිටියේය.