Monday, July 13, 2015

මහියංගණ රාජමහා විහාරාධිපති අස්ගිරි මහනායක හිමි මහියංගණ පුරවරයේ ජනතාව මහත් ගෞරවපුර්වකව පිළිගනි

 
7/13/2015 10:59 PM

මහියංගණ රාජමහා විහාරාධිපති හා ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අභිනව මහනායක අති පූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්ස්‍යාභිධාන මහනාහිමියන් අක්තපත්‍ර පිරි නැමීමේ පූජෝත්සවයයෙන් අනතුරුව සිය ප්‍රථම විහාර සංචාරය ලෙස උන්වහන්සේ විහාරාධිපතිත්වය දරන ඓතිහාසික මහියංගන රාජමහා විහාරස්ථානයට ඊයේ ( 12) සවස වැඩම කරනු ලැබු අතර උන්වහන්සේ පිළිගැනිම සදහා අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරී මහියංගණ රජමහා විහාරස්ථානයේ භාරකාර රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ හා මහා සංඝරත්නය විශාල සංඛ්‍යාවක් හා මහියංගන රාජමහා විහාරස්ථානයේ සතරපේරුවේ දායක දායිකාවන් හා ප්‍ර දේශවාසින් රැසක් එක්ව දිර්ඝ රිය පෙරහරකින් මහියංගන පුරවරය සදහා වැඩම කරවනු ලැබු අතර  ඉන් අනතුරුව මහත් අභිමානවත් හා අලංකාර පෙරහරකින් මහියංලන රාජමහා විහාරස්ථානයට වැඩම කරවනු ලැබිය.

විහාරස්ථානයේ සුදර්ශනි සදහම් මැදුරේ විශේෂ පිළිගැනිමේ උත්සවයක් උන්වහන්සේ වෙනුවෙන් සංවිධානය කර තිබු අතර     අභිනව අනු නායක පදවියෙන් පිදුම් ලද අස්ගිරි පාර්ශ්වයේ ඓතිහාසික බදුලු මුතියංගණ රාජමහා විහාරාධිපති වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන්ට සහ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ඓතිහාසික පොළොන්නරු සොළොස්මස්ථානාධිපති, මහනුවර අසගිරිය ගෙඩිගේ රාජමහා විහාරාධිපති වෙඬරුවේ ශ්‍රී උපාලි හිමියන් මෙම අවස්ථාව සදහා වැඩම කර සිටියහ.

අස්ගිරි පාර්ශ්වයේ අභිනව මහනායක හිමියන් පිළිගැනිම සදහා මහියංගනය අවට වෙහෙර විහාරස්ථාන රැසක හා මෙහෙනි ආරාම රැසක මෙහෙනින් වහන්සේලා විශාල පිරිසක් හා දේශපාලන නායකයන් ප්‍ර දේශවාසින් ප්‍රභූ පුද්ගලයන් රාශියක් එක් වි සිටියේය









Sunday, July 12, 2015

ඊයේ රෑ මහියංගන එක්සත් ජාතික පක්ෂ කාර්යාලයට පෙට්රල් බෝම්බ දෙකකක් ගහලා - පත්තු නොවිමෙන් සිදු විමට ගිය විශාල හානියක් වැලකි ඇත.


2015-07-12 ප.ව. 7:29
මහියංගන නගරයේ මාස කිහිපයකට ඉහතදි ආරම්භකරනු ලැබු එක්සත් ජාතික පක්ෂ කාර්යාලයට ඊයේ රෑ (11) පෙට්රල් බෝම්බ දෙකකක් ගසා ඇති අතර එය ක්‍රියාත්මක නොවිම හේතුවෙන් සිදුවිමට ගිය විශාල විනාශයක් වැලකි ඇත.

යම් හෙයකින් මෙම පැට්රල් බෝම්බ දෙක පුපුරා ගියේ නම්
ඉහල මහලක පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලය හා එම ගොඩනැගිල්ල  ව්‍යාපාරික ස්ථාන කිහියටක්ම ගින්නේන දැවි විනාශ වන්නට හැකි වි තිබුනි.
අද (12)  දිනයේ මහියංග නගරයේ සාප්පු සට්ටන් නිතිය ක්‍රියාත්මක වන බැවින් එක්සත් ජාතික පක්ෂ කාර්යාලයද දවස පුරා වසා තිබි ඇත. අත්‍යවශ කාර්යක් සදහා කාර්යාලයට ගියු පුද්ගලයෙකු හට අද (12) සවස කාර්යාල දොරකඩ ඉදිරිපිට පෙට්රල් බෝම්බ දෙක තිබෙනු දැක ඇති අතර එය අර්ධයක් පිලිස්සි ක්‍රියාත්මක නොවි ඇති බව දැක ඇති අතර මේ සම්බන්දයෙන් මහියංගන පොලිසිය දැනුවත් කිරිමට කටයුතු කර ඇත.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතාගේ අධික්ෂණයෙන්  මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර  මහතා ඇතුලු නිළධාරින් සිද්දිය සම්බන්දයෙන් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.
විශේෂ කාර්ය බළකායේ මැදිහත් විමෙන් විශේෂ පරික්ෂනයක්ද මේ සම්බන්දයෙන් සිදු කරිමට නියමිතව තිබේ




Tuesday, July 7, 2015

හිටපු පාර්ලිමේනතු මන්ත්‍රි තේනුව විදානගමගේ මහතා මහියංගන උසාවියට බාර වේ - ජුලි 14 දක්වා රක්ෂිත බන්දනාගාර ගත කෙරේ


7/7/2015 12:24 PM
පෝස්ටර් අලවමින් සිටි මහියංගන එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවන් පිරිසකට පසුගිය 29දින මහියංගන නගර මධ්‍ය යේදි මැර ප්‍රහාරයක් එලවු අතර ඒබ සම්බන්දයෙන් චෝදනා ලැබ හිටපු බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහ හා තවත් ආධාරකරුවෙකු වන සම්පත් වික්‍රමසිංහ යන අය අද උදෑසන (07) මහියංගන මහේත්‍රාත් අධිකරණයට බාරවිමෙන් අනතුරුව මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ගිතානි විජේසිංහ මෙනවිය විසින් ජුලි 14 දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස නියෝග කරනු ලැබිය.
පහර දිමට සම්බන්ද සැක කරුවෙන් දෙදෙනෙකු පසුගිය 01 දින
හා ඊට පසු දිනයක තවත් සැක කරුවෙකු අධිකරණයටඉදිරිපත්
කිරිමෙන් පසු ජුලි 07 දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරනු
ලැබු අතර ඔහුනට අද (07) දිනයේ ඇප ලබාදිම සිදු නොකල අතර
ඔහුන්ද ජුලි 14 දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරන මහේස්ත්‍රාත්තුමිය විසින් නියෝගකරනු ලැබිය.
29 වනදින රාත්‍රි පෝස්ටර් අලවමින් සිටි එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවන් 06 දෙදෙනෙකුට පහර දි ඇති අතර එක් අයෙකු තියුණු කැපුම් ආයුධයකින් පහර දිමෙන් කැපුම් තුවාල ලබා ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කරනු ලැබිය.
මෙසේ තුවාල ලබා ඇත්තේ අංක 128, මිගහපිටිය, සොරබොර යන ලිපිනයේ පදිංචි එච් ඊ අජිත් චාමර වන අතර ඔහු වයස 32ක තරුණයෙකි.
හිටපු බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේනතු මන්ත්‍රිවරයෙක් මෙන්ම මහියංගන ප්‍ර දේශයේ මන්ත්‍රිවරයෙකුගේ ආධාර කරුවන් පිරිසක් පැමිණ තමන්ට හා තම සගයන් හට ප්‍රහාර එල්ල කල බවත් තියුණ කැපුම් ආයුද උපයෝගි කර ගනිමින් ප්‍රහාර එල්ල කල බවත් නගරයේ කොළ පාටින් සරසන ලද කොඩිවැල් කපා දැමුබවත් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් මහියංගන මුලික රෝහලේ ප්‍රතිකාර ලබන අජිත් චාමර ප්‍රකාශ කර සිටියේය.
එක්සත් ජාතික පක්ෂයේ රට පුරා ක්‍රියාත්මක වු පෝස්ටර් ව්‍යාපාරයේ යෙදුන මහියංගනතරුණයේ 06 දෙනෙකු මහියංගන නගරයේදි මෙසේ ප්‍රහාරයට ලක් වි ඇත.
2015 මහ මැතිවරණය ප්‍රකාශයට පත් කර සුලු දින කිහිපයක් ගත වන්නට මත්තෙන් ප්‍රථම දිවයිනේ ප්‍රථම මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියාව මහියංගන නගරයෙන් වාර්ථාවිය.
මේ වන විට සිද්දිය සම්බන්දයෙන් මහියංගන සහකාර පොලිස්
අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති
ප්‍රධාන පොලිස් පරික්ෂක තිස්ස කුමාර මහතා ගේ ප්‍රධානත්වයෙන්
පොලිස් පරික්ෂණ ක්‍රියාත්මක යි















Monday, July 6, 2015

තම පෙම්වතියගේ නව ප්‍රේම පලහිගව්වට පෙම්වතා කාර්යාලයටම ඇවිත් නව පෙම්වතාට පහර දිලා



2015-07-06 ප.ව. 11:06
කාර්යාල පුහුණුව සදහා ගිය තම ප්‍රේම වන්තිය කාර්යාලයේ තරුණයෙකු සමග ප්‍රේම සම්බන්දතාවයක් පටංගැනිම හේතුවෙන් උරණ වු මුල් ප්‍රේම වන්තයා කාර්යාලය තුලට ගොස් නව පෙම්වතාට පහර දිමේ සිද්ධියක් මහියංගණ නියෝජ්‍ය ඉඩම් කාර්යාලයෙන් පසු ගිය දා වාර්ථා වු අතර ගුටි බැට හුවමාරුවෙන් නව පෙම්වතාට රෝහල් ගතවන්නට සිදු වි ඇති අතර මේ වන විටත් ඔහු මහියංගන මුලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි.
සිද්දිය සැකෙවින් මෙසේය... මහියංගණ නියෝජ්‍ය ඉඩම් කාර්යාලයේ පුහුණුය සදහා තරුණියක් පැමිණ ඇති අතර එසේ පැමිණෙන විටත් මිනිපේ ප්‍ර දේශයේ තරුණයෙකු සමග ඇයගේ ප්‍රේම සම්බන්දයක් තිබි ඇත. ටික කලෙකින්  ඇය කාර්යාලයේ තරුණයෙකු සමග ප්‍රේම සම්බන්දයක් ආරම්භ කර ඇති අතර මේ සම්බන්දයෙන් පෙර ප්‍රේම  වන්තයාට වටින් ගොඩින් ආරංචි ලැබි ඇත‍. මේ ආරංචිවලින් කෝපයට පත් පෙර ප්‍රේම වන්තයා පසුගිය දිනක මහියංගණ නියෝජ්‍ය ඉඩම් කාර්යාලයට කාර්යාල වේලාව තුලදි කඩාවැදි තම පෙම්වතියගේ නව ප්‍රේම වන්තයාට යතුරුපැදි හෙල්මටයෙන් පහර කිහිපයක් ගසා ඇත. රංඩුව බේරිමට ගිය කාර්යාලයේ අනෙකුත් කාර්යාල නිළධාරින්ටද ඔහු පහර දෙන්නට පටන් ගැනිම හේතුවෙන් කාර්යාල සේවකයන් එක් වි මුල් පෙම්වතාට හොදටම පහර දි ඇත.
මෙම ආරව්ල සම්බන්දයෙන් මුල් පෙම්වතාගේ නිවසට ආරංචි වී ඇති අතර පොලිස් නිළධාරියෙකු වු ඔහුගේ පියා පැමිණ  මහියංගණ නියෝජ්‍ය ඉඩම් කාර්යාලයෙන් රැගෙන ගොස් ඇත.
සිද්ධිය සම්බන්දයෙන් මහියංගණ නියෝජ්‍ය ඉඩම් කාර්යාලයේ නිළධාරින් මහියංගන පොලිසියේ පැමිණිලි කර ඇති අතර සිද්දිය සම්බන්දයෙන් විමර්ශණ  කටයුතු මේ වන විට සිදු කෙරේ.
නියෝජ්‍ය ඉඩම් කාර්යාලයේ ප්‍රහාරයට ලක්වු තරුණ නිළධාරිවරයා ප්‍රතිකාර ලබා ගැනිම සදහා මහියංගන මුලික රෝහලට ඇතුලත් වි ඇති අතර පහර  දිම සිදු කල පෙම්වතාද කාර්යාලයේ නිළධාරින් තමට පහර දුන් බව පවසමින් රෝහල් ගත වී ඇත.

Sunday, July 5, 2015

මහියංගන පොලිසියේ 12කට හදිසි ස්ථාන මාරු

මහියංගන පොලිසියේ 12කට හදිසි ස්ථාන මාරු
2015-07-05 ප.ව. 10:15
මහියංගන පොලිස්ථානයේ පොලිස් නිළධාරි 12කට  දින දෙකක් ඇතුලතදි හදිසි ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවත් ඒ සදහා නව නිළධාරින් පත් කර අති බවත් මහියංගන පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරති.
ඌව පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ලබාදි ඇති මෙම ස්ථාන මාරු සම්බන්දයෙන් හේතුවක් පැහැදිලි නොමැති බවත් ආසන්නතම හේතුව වී ඇත්තේ පසුගිය දා මහියංගන නගරයේ පෝස්ටර් අලවමින් සිටි එක්සත් ජාතික පාක්ෂියන්ට මැර ප්‍රහාර සිදු කල මහියංගනයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු හා ඔහුගේ ආධාර කරුවන් අත් අඩංගුවට නොගැනිම බවයි පොලිස් අභ්‍යන්තර මාර්ග තොරතුරුවලින් හෙලි වන්නේ.
ස්ථාන මාරුවිම් වෙනුවෙන් පත්විම් ලබා පැමිනෙන නව පොලිස් නිළධාරින් ප්‍ර දේශයේ ගම්මාන හා පුද්ගලයන් හදුනාගැනිමට අපහසු වීමෙන් පොලිස් සේවාවන්ද නිසි ආකාරයෙන් සිදු කර ගැනිම අපහසු වි ඇති බව පොලිස් අභ්‍යන්තර මාර්ග තොරතුරුවලින් හෙලි වේ.
ලංකා ඉතිහාසයේ පොලිස්ථානයක වැඩිම පොලිස් නිළධාරින් සංඛ්‍යාවක් එක වැර ස්ථාන මාරු සිදු කරනු ලැබුවේත් මහියංගන පොලිස්ථානයේ වන අතර ඒම නිළධාරින් සංඛ්‍යාව 100 කට අධික වේ.

2015 ලෝක ආදිවාසීදින සැමරුම් බිබිල රතුගලදි නොව දඹානේදි.


05-07-2015 22:10
මෙවර රතුගල ආදීවාසී ගම්මානයේදී පැවැත්වීමට නියමිතව තිබූ 2015 ලෝක ආදිවාසීදින සැමරුම්(වරිග සභාව)උළෙල ගැටලු රාශියක් පැන නැගීම හේතුවෙන් දඹාන ආදීවාසි ගම්මානයේදීම පැවැත්වීමට පසුගියදා දඹානට රැස්වූ ආදීවාසි නායකයින් තීරණය කළ බව ආදීවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගයේ වන්නියලැත්තෝ පැවසීය.
ආදිවාසී නායකයා එලෙස පැවසුවේ පසුගියදා දඹාන ආදිවාසී කෞතුකාගාරයේදී පැවැති නායක හමුවේදීය.තවදුරටත් අදහස් දැක්වූ වන්නියලැත්තෝ, පසුගිය 2014 ලෝක ආදීවාසි දිනයේදී වසරින් වසර ගමින් ගමටගොස් අපේ ආදීවාසී දින උළෙල පැවැත්වීමටයි අපි තීරණය කරලා තිබුනේ. එවිට එම අවස්ථාවන්ට රටේ නායකයින් , රාජ්‍ය නිළධාරීන් ඇතුලු විවිධ අංශවල නිළධාරීන් එම ගම් වලට එනවා.ඔවුන් එම තැන්වල තිබෙන අඩුපාඩුකම් දකිනවා, දැකලා ඊට පිළියම් යොදන්න කටයුතු කරනවා.එවිට අපේ අයගේ ගම්මාන වලත් අඩුපාඩු ටිකින් ටික නැතිවෙලායනවා. අපේ ආදිවාසී ගම්මානත් එවිට සංවර්ධනය වෙනවා.
අගෝස්තු 8සහ 9 යන දෙදින තුල අපේ උත්සවය සමරනවා.එදාට මුලු ලෝකෙම ආදිවාසීන් මෙම උත්සවය සමරනවා.අපේ රටේ ඡන්දය 17වෙනිදා.එතකොට රාජ්‍ය උත්සවයක් හැටියට අපට මේක පවත්වන්න බැරි වෙනවා.ඊට රාජ්‍ය අනුග්‍රහය ගන්න අමාරු වෙනවා.පසුගිය වසර වලදී ප්‍රවාහන පහසුකම් ඇතුලු යම් ප්‍රමාණයක උදව් අපට ලැබුණා. මෙවර එලෙස රාජ්‍ය අනුග්‍රහය ගත්තොත් කෙනෙක් කියාවි ඡන්දෙගන්න කප්පමක් දුන්නා කියලා.ඡන්ද නීති කැඩුවා කියලා කියාවි. හැබැයි මේක එහෙම එකක් නෙවෙයි,මේක ජාතික උත්සවයක්.මුලු ලෝකෙම සමරන මේ උත්සවය සුලුවෙන් හරි සමරන්න ඕන.අඩුතරමින් ආහාර වේලක් භුක්ති විඳලා හරි අපි මේ දවස සමරනවා.රාජ්‍ය මැදිහත්වීමක් තියෙයි කියලා මා තවම විශ්වාස කරනවා.අමාත්‍යාංශයට ගිහින් ලේකම්තුමා ඇතුලු නිළධාරීන් සමග සාකච්ඡා කරනවා.රජයේ වියදමින් කෞතුකාගාරයේ ඇතුලත සංවර්ධන කටයුතු කරලා තියෙනවා.එය මෙවර උළෙලේදී මහජනතාව සඳහා විවෘත කරන අදහසක් තියෙනවා.ඒ සඳහාකව්ද එන්නේ කියලා තවම තීරණයක් නැහැ.රාජ්‍ය නායකයාද වෙන කව්රු හරිද කියලා තවම හිතලා නැහැ.
මෙම අවස්ථාවට රතුගල,හෙනානිගල,පොල්ලේබැද්ද.දලුකාන,වාක‍රේ යන ආදිවාසී නායකයින් එක්ව සිටියහ

පූජ්‍ය දඹර අමිල හිමියෝ මෙසේ පැවසූහ......


පූජ්‍ය දඹර අමිල හිමියෝ මෙසේ පැවසූහ......
05-07-2015 22:07
හිටපු අග විනිසුරුවරයා මේ මෑතකදී එනම් ජනවාරි අට වෙනිදාට පෙර ඉතාමත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා.හෙල්පින් හම්බන්තොට ගිණුම සම්බන්ධව තිබිච්ච නඩුවේදී මහින්ද රාජපක්ෂ ඇත්තටම ඒ වංචාව සිදු කරලා තියෙන බව.ඒ වගේම ඒක ඔප්පුවුන බවත් ඔහුකීවා.තමා තමයි එම නඩුව ඇසුවේ,විමසුවේ,ඒකෙදි පැහැදිලිව ඔප්පුවුනාය කියලා ඔහු කව්වා, නමුත් තමා ඊට විරුද්ධව තීන්දුව දුන්නේ  නැහැයි කියලා කිව්වා.ඒ කියන්නේ ඔහුව නිදොස් කොට නිදහස් කරන ස්ථාවරයක් අරගෙන ඔහු මහින්ද රාජපක්ෂව නිදහස් කළා කියලා කිව්වා. බැරි වෙලාවත් මම නිවැරදි තීන්දුව දුන්නොත් එහෙම මහින්ද රාජපක්ෂ මෙලහකටත් හිර ගෙදර තමයි ඉන්නේ කියලා ඔහු කිව්වා.එතකොට එහෙම කිව්වා කියලා කියනකොට හරි පැහැදිලියි මහින්ද රාජපක්ෂ චූදිතයෙක් නෙවෙයි වරදකරුවෙක්බවට,ඇත්තටම,එම ප්‍රකාශය මගින් පැහැදිලි වෙනවා,ඒ කියන්නේ වංචාවක් කළා ,හොරකමක් කළා,ජාතිය සතු සම්පත් හොරා කෑවා කියන කථාව තමයි ඒකෙන් කියැවෙන්නේ.ඒ කියන්නේ,කෙටියෙන් කියනවානම් මහින්ද රාජපක්ෂ වංචාකාරයෙන්,හොරෙක් කියන එක ඉතාමත්ම පැහැදිලියි.එහෙම නම් එවැනි අයට කොහොමද මේ නාම යෝජනා දෙන්නේ කියන ප්‍රශ්නයපැන නගිනවා යනුවෙන් පූජ්‍ය දඹර අමිල හිමියෝ පැවසූහ.උන් වහන්සේ එසේ ප්‍රකාශ කළේ  මහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එළැඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්  නාමයෝජනා ලබාදීමට එරෙහිව පසුගිය සෙනසුරාදා(04දා) පස්වරුවේ මහියංගණය නගරයේදී මාධ්‍යෙව්දීන් කිහිප දෙනෙකු අමතමිනි.

 තව දුරටත් අදහස් දැක්වූ පූජ්‍ය දඹර අමිල හිමියෝ,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් මේවෙන කොට තීරණය කරලා තිබෙනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ලබාදෙන්න මේ ඉදිරි මැතිවරණයට තරඟ කරන්න. එතකොට ප්‍රශ්නයක් පැන නගිනවා මෛත්‍රීපාල සිරිසේන මහතා පෙනී සිටියේ යහ පාලනය වෙනුවෙන්.ඒ කියන්නේ සොරකම් වලට,වංචා වලට,  දූෂණවලට විරුද්ධව ඒවගේම එතනෝල් කාරයින්ට,ව්‍යාපාරිකයින්ට,කුඩුකාරයින්ට,සූදුකාරයින්ට එරෙහිව මේ රටේ යහපත් පාලනයක්,යහපත් සමාජයක් ඇති කරන්න ඕනෑ කියලායි.ඒ වෙනුවෙන් තමයි විවිධ බලවේග ඇත්තටම පෙනී ඉඳලා අට වෙනිදා එය ජයග්‍රහණය කළේ.එම අභිලාශයවෙනුවෙන් තමයි පෙනී හිටියේ.අදත් අපේ රටේ ඉදිරි මැතිවරණය වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ ඉතාමත්ම වැදගත් මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න.එතනෝල් කාරයෝ නෙවෙයි,වංචාකාරයෝ නෙවෙයි,හොරු නෙවෙයි,රටේ සම්පත් මංකොල්ලකාපු අයනෙවෙයි,මිනීමරුවෝ නොවන අය පාර්ලිමේන්තුවට යවන්න තමයිතීරණයක් අරන් තිබෙන්නේ ඉන්නේ බලාපොරොත්තු  තියං ඉන්නේ.
 ඒවගේම මාර්තුදොළොස්(12)වෙනිදා ප්‍රසිද්ධ ප්‍රකාශයක් මගින් සියලුම දේශපාලන පක්ෂ නායකයෝ අත්සන් කරලා තිබෙනවා ඉදිරි මැතිවරණයට මොනම හේතුවකින්වත් අර කියන වර්ගයේ හොරු මංකොල්ලකාරයෝ,දූෂණකාරයෝ,මිනීමරුවන්ට නාම යෝජනා දෙන්නේ නහැ කියලා.ඒ පක්ෂ නායකයෝ හැටියට බැඳීසිටින ලිඛිත ගිවිසුම්ගත ස්ථවරයකට එහෙම ඇවිල්ලා තිබෙනවා.ඉතින් එවැනි තත්වයක් ඇතුලේමහින්ද රාජපක්ෂට ආපසු නාම යෝජනා දෙන්න තීන්දුවක් ගත්තා කියලා කිව්වහාම ප්‍රශ්න ගනනාවක්ම පැන නගිනවා.

 ඒ තමයි,ඔබ අපි කව්රුත් දන්නා දෙයක්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂමහතා පසුගිය ජනාධිපතිවරණයේදී හිටියේ හොරුත් එක්ක කියන එක අපි ඉතා පැහැදිලිව කිව්වා.ඒ අනුව ඒක තේරුම් අරගෙන තමයි මේරටේ ජනතාව ඔහුව පරාජයට පත් කළේ.දැන් ඔහුආපහු පෝස්ටරයක් ගහලා තිබෙනවා හොරුම සමග මම සූදානම් කියලා.

 ඉතින් මෙතැනදී අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපත්වරයාගෙන් ඉල්ලා සිටිනවා දැන් හොරුත් සමග ඔබතුමාට පෙළ ගැසෙන්නට බෑ.ඔබතුමා පෙනී සිටියේ සම්පූර්ණයෙන්ම යහ පාලනයක් වෙනුවෙන් හොරුන්ට එරෙහිවූ පාර්ශවය තමයි ඔබතුමා නියෝජනය කළේ.ඒ නිසා දැන් වහාම එක්සත් ජනතා නිදහස් සන්ධානය අතහැරලා ඊට නායකත්වය දෙන එකෙත් ඔබතුමා ඉවත්වෙන්න ඕනි.මොකද ඔබතුමාට හොරුන්ට,වංචාකාරයින්ට නායකත්වය දෙන්න පුලුවන් කමක් නැහැ.ඔබ වෙනුවෙන් පෙනී සිටි අපි එවැනි ස්ථාවරයකට යන්න නෛවෙයි.ඒ නිසා ඔබතුමා එක්සත් ජනතා නිදහස් සන්ධාන සාමාජිකත්වයෙන් අයින් වෙලා,සභාපති ධූරයෙන් අයින් වෙලා ස්වාධීන වෙලා,ඒ වගේම මහින්ද රාජපක්ෂ පෙනීඉන්න එම එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණයට ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ නැතිව,ඒවායේ වේදිකාවට නගින්නේ නැතිව ඉන්න ඕනෑය කියන අවධාරණය අපි කරන්න කැමතියි.
 ඉතින් අපි අවධාරණය කරන්න කැමතියි,ජාතික බලවේග යහ පාලනය වෙනුවෙන් පෙනී හිටපු කණ්ඩායම් එකදශමයකුදු වෙනස් වෙන්නේ නැතිව ඉන්නවා.ඒ වගේම අනෙකුත් සියලු තවත් බලවේගත් එකතු කරලා එදා ජනවාරි අටවෙනිදාට පෙර තිබූ මහින්ද සංස්කෘතියට යන්න මේ සමාජයට ආපසු ඉඩතියන්නේ නැහැ.ඒ වෙනුවට යහපාලනයට ආපු ගමන් මාවත තව දුරටත් ඉස්සරහට යන්නට අපි ක්‍රියා මාර්ග ගන්නවා.ඒ සඳහා සියලු බලවේග එකතු කර ගෙන ඒ මහින්ද රාජපක්ෂ ඇතුලු ඒ හොරු කණඩායම ආපසු එන එක වැලැක්වීම සඳහා අවශ්‍යකරන සියලු ක්‍රියා මාර්ග ගන්නා බවට විශේෂයෙන්ම රටේ පුරවැසියන්ට අවධාරණය කරන්න කැමතියි යනුවෙන් පැවසීය.

කන්දකැටිය දිසා රෝහල් වෛද්‍යයවරයෙකු රෝහල් භූමියේ සැරිසරමින් සිටි වන අලියෙකු සිරුරේ හැපීමෙන් ඇද වැටී බරපතල තුවාල ලබා අද (05) උදෑසන බදුලූ රෝහලට ඇතුලත් කර ඇත


05-07-2015 22:01
කන්දකැටිය දිසා රෝහල් වෛද්‍යයවරයෙකු රෝහල් භූමියේ සැරිසරමින් සිටි වන අලියෙකු සිරුරේ හැපීමෙන් ඇද වැටී බරපතල තුවාල ලබා අද (05) උදෑසන බදුලූ රෝහලට ඇතුලත් කර ඇතැයි රෝහල් කාර්්‍යය මණ්ඩලය පවසති .
අද (05) උදෑසන 4.45 ට පමණ සිද්දීය වී ඇත
කන්දකැටිය දිසා රෝහලේ සේවය කරන ලියාපදිංචි වෛද්‍යය නිලධාරියෙකු වන එස් එම් පී බී කපුගෙදර ( 62) මහතා අනතුරින් තුවාල ලබා මෙසේ රෝහල් ගත කර ඇත. 
කිසියම් අවශ්‍යයතාවක් සදහා උදෑසන 4.45 ට පමණ වෛද්‍යයවරයා තම නිල නිවසින් පිටතට පැමිනෙද්දී රෝහල් බිමේ සැරිසරමින් සිටි මෙම අලියාගේ සිරුරේ වෛද්‍යයවරයා හැපී ඇති අතර බියට පත් වන අලියා රෝහලේ කම්බි වැටද පෙරළාගෙන කැලෑවට වැදී පලා ගොස් ඇති අතර වෛද්‍යයවරයා එම ස්ථානයේ ඇද වැටී ඇත
අනතුරින් වෛද්‍යවරයාගේ හිසට හා ස්ථෘන කීපයකටද තුවාල සිදුව ඇත

Wednesday, July 1, 2015

මහියංගන නගරයේ රතිඤ්ඤා පත්තුකර මහින්දට සුබ පතයි

 7/1/2015 8:16 AM
ලබන මැතිවරණයෙන් පසු ආණ්ඩුවක් පිහිටුවන බවට මහින්ද රාජපක්ෂ මහතා අද (01) උදැසන මැදමුලනේ දී කළ ප්‍රකාශයෙන් පසු මහියංගන නගරයේ ස්ථාන කිහිපයක පාක්ෂිකයන් විසින් රතිඤ්ඤා දල්වමින් සතුට පළ කලේය.






පිරිසිදු දේශපාලනයක් උදෙසා මාර්තු 12 ව්‍යාපාරයේ අත්සන් දසදහසක් ලබාගැනිමේ වැඩසටහනේ මහියංගන චාරිකාව - ආදිවාසි නායක තුමන්ද තම එකගතාවය ප්‍රකාශ කර අත්සන් තබයි

2015-07-01 පෙ.ව. 2:17
පිරිසිදු දේශපාලනයක් උදෙසා මාර්තු 12 ව්‍යාපාරයේ අත්සන් දසදහසක් ලබාගැනිමේ වැඩසටහනේ රට පුරා ගමන්ගන්නා චාරිකාවේ රථ පෙලපාලිය අද (01) උදැසන මහියංගනනගරයට සේනදු විය.
එහිදි මහියංගන නගරයේ ජනතාවගෙන් අත්සන් ලබා ගැනිම සිදු වු අතර ඒ සදහා මහියංගන ප්‍ර දේශයේ ජනතාවගේ විශේෂ උනන්දුවක් දක්නට ලැබුනි. පත්‍රිකා බෙදා දෙමින් ජනතාව දැනුවත් කිරිම මෙහිදි සිදු කෙරින.
එහිදි පිරිසි දේශපාලනයක් උදෙසා
අපරධ කරුවෙක් නොවන , අල්ලස් හා දුෂණයෙන් තොර , සමාජ විරෝධි ව්‍යාපාරයන්ගෙන් තොර , පරිසර හිතකාමි, බලය අවභාවිතා නොකරන , අයුතු මුල්‍ය ගිවිසුම් වලින් තොර , ඡන්ද දායකයන්ට සමිප හා ප්‍රමාණවත් කාන්තා හා තරුණ නියෝජනයට ඉඩ සලසන දේශපාලන නායකයෙක් තෝරා පාර්ලිමේන්තුවට යවන්නට කටයුතු කරන ලෙස ජනතාව දැනුවත් කරන ලදි.
ඉහත යොජනා සම්බන්දයෙන් තමන්ද එකග වන බව පවසමින් විශ්ව කිර්ති වනස්පති දඹාන ආදිවාසි නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ද අත්සන් ලේඛනයේ අත්සන් තැබිම ඉතාමත් සුවිශේෂි අවස්ථාවක් වේ.






මෙවර 2015 මහ මැතිවරණයේ ප්‍රථම ප්‍රචන්ඩ ක්‍රියාව මහියංගනයෙන්


මෙවර 2015 මහ මැතිවරණයේ ප්‍රථම ප්‍රචන්ඩ ක්‍රියාව මහියංගනයෙන්
















මෙවර 2015 මහ මැතිවරණයේ ප්‍රථම ප්‍රචන්ඩ ක්‍රියාව මහියංගනයෙන්

Tuesday, June 30, 2015

රක්ෂණ වන්දිය නොගෙව්වා යැයි පවසමින් ව්‍යාපාරිකයෙක් රක්ෂණ සමාගමේ සේවකයන් පලවා හැර ආයතනයට ඉබි යතුරු දමයි.


2015-06-30 පෙ.ව. 7:33

පසුගිය වර්ශා සමයේ තම ව්‍යාපාරික ස්ථානය ගංවතුරට යටවිම හේතුවෙන් රක්ෂණ ආයතනයකින් තමන් හට ලැබිමට තිබු මුදල් ලබාදිම පැහැර හැරිම හා ප්‍රමාද කිරිම හේතුවෙන් ව්‍යාපාරිකයා විසින් අදාල රක්ෂණ සංස්ථාවේ සේවකයන් එම ස්ථානයෙන් පන්නා දමා  එම ව්‍යාපාරික ගොඩනැගිල්ලට ඉබියතුරු දැමිමේ සිද්දියක් අද (2015-06-30) උදැසන මහියංගන නගරයේදි සිදු වි ඇත.
සිද්ධිය සම්බන්දයෙන් රක්ෂණ ආයතනය විසින් මහියංගන පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර  පාර්ශව දෙක පොලිසිය වෙත ගෙන්වා සිද්ධිය සම්බන්දයෙන් විමර්ෂණ සිදු කිරිමේදි ව්‍යාපාරිකයාහට ගෙවිමට තිබු රක්ෂණ වන්දි මුදල වන ලක්ෂ 38 මුදල ගෙවිමට කළමණාකාරිත්වය එකගතාවය ඵල කිරිමෙන් පසු සිද්ධිට සමතයකට පත්ව ඇත.
මහියංගන නගරයේ මහනුවර මාර්ගයේ ඇති රක්ෂණ සමාගමක් මෙම අකර තැබ්බයට මුහුන පා ඇති අතර ව්‍යාපාරිකයා මහියංගනයේ කලුගල් හා හෝටයක් සහ වාහන සේවා ස්ථානයක් හිමි ව්‍යාපාරිකයෙකි.



මෙවර 2015 මහ මැතිවරණයේ ප්‍රථම ප්‍රචන්ඩ ක්‍රියාව මහියංගනයෙන්

6/29/2015 11:02 PM
පෝස්ටර් අලවමින් සිටි මහියංගන එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවන් පිරිසකට ඊයේ රාත්‍රි (29) මහියංගන නගර මධ්‍ය යේදි මැර ප්‍රහාරයක් එලවි ඇති අතර තියුණු කැපුම් ආයුධයකින් පහර දිමෙන් එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවෙකු කැපුම් තුවාල ලබා ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති අතර ඔහු මේ වන විට ශ්‍යල්‍ය වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි.
මෙසේ තුවාල ලබා ඇත්තේ අංක 128, මිගහපිටිය, සොරබොර යන ලිපිනයේ පදිංචි එච් ඊ අජිත් චාමර වන අතර ඔහු වයස 32ක තරුණයෙකි.
හිටපු බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේනතු මන්ත්‍රිවරයෙක් මෙන්ම මහියංගන ප්‍ර දේශයේ මන්ත්‍රිවරයෙකුගේ ආධාර කරුවන් පිරිසක් පැමිණ තමන්ට හා තම සගයන් හට ප්‍රහාර එල්ල කල බවත් තියුණ කැපුම් ආයුද උපයෝගි කර ගනිමින් ප්‍රහාර එල්ල කල බවත් නගරයේ කොළ පාටින් සරසන ලද කොඩිවැල් කපා දැමුබවත් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් මහියංගන මුලික රෝහලේ ප්‍රතිකාර ලබන අජිත් චාමර ප්‍රකාශ කර සිටියේය.
එක්සත් ජාතික පක්ෂයේ රට පුරා ක්‍රියාත්මක වු පෝස්ටර් ව්‍යාපාරයේ යෙදුන මහියංගනතරුණයේ 06 දෙනෙකු මහියංගන නගරයේදි මෙසේ ප්‍රහාරයට ලක් වි ඇත.
2015 මහ මැතිවරණය ප්‍රකාශයට පත් කර සුලු දින කිහිපයක් ගත වන්නට මත්තෙන් ප්‍රථම මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියාව මහියංගන නගරයෙන් වාර්ථාවේ.
මේ වන විට සිද්දිය සම්බන්දයෙන් මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තිස්ස කුමාර මහතා ගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරික්ෂණ ක්‍රියාත්මක අතර පහර දිමට සම්බන්ද සැක කරුවෙකු මහියංගන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

Monday, June 29, 2015

මාර්ග නිති රිති පිළිබද පාසැල් සිසුන් දැනුවත් කෙරේ

 2015-06-29 පෙ.ව. 7:49

මහියංගන පොලිස්ථානයේ රථවාහන අංශය හා ශ්‍රිලංකා ‍පොලිසියේ දෙපාර්ථමේන්තුවේ රථවාහන මුලස්ථානයේ නිළධාරින් මැදිහත්ව මහාමාර්ග වල දිනෙන් දින සිග්‍රෙයන් ඉහල යන මාර්ග අනතුරු සම්බන්දයෙන් මහියංගන අවට පාසැල් දරු දැරියන් දැනුවත් කර මාර්ග අනතුරු අවම කර ගන්නා ආකාරය පිළිබද දැනුවත් කිරිමේ වැඩ සටහනක් අද උදැසන මහියංගන රජ මහා විහාරස්ථානයේ රැස්විම් ශාලාවේදි හා දහවල් මහියංගන නගර මධ්‍යයේ සිදු කෙරින.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා රථවාහන අංශයේ ප්‍රධානි පොලිස් පරික්ෂක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් හා සංවිධානයෙන් මෙම දැනුවත් කිරිම ඉතාමත් ආකර්ශනිය ආකාරයට සංවිධානය කර තිබුනි.








කොන්දේසි උල්ලන්ගනය කර වැලි ගොඩදැමු 13කට වැඩ වරදි - එස් ටි එෆ පැන අල්ලයි - උසාවියේදි 10000 බැගින් දඩ

2015-06-29 පෙ.ව. 2:15

ගිරාදුරුකොට්ටේ පොලිස් බල ප්‍ර දේශයේ අලුත්තරම ගම්මානයේ මහවැලි ගග ආශ්‍රිතව වැලි බලපත්‍ර කොන්දේසි උල්ලන්ගනය කරමින් වැලි ගොඩදැමු පිරිසක් පසුගියදා (26) දින අරලගංවිල වි‍ශේෂ කාර්ය බලකා හමුදා නිළධාරින්ගේ විශේෂ වැටලිමක් මගින් අත් අඩංගුවට ගෙන ගිරාදුරුකෝට්ටේ පොලිසිය වෙත බාර දිමෙන් පසු අද (29) මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
එහිදි මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් වයි බී අබේරත්න මහතා විසින් එක් අයෙකුට රුපියල් 10000 බැගින් 13 දෙනෙකුට දඩ ගෙවන ලෙස නියෝග කර ඇත.