Friday, May 8, 2015

අසැබි සිඩි තැටි විකිනු මහියංගන නගරයේ සිඩි කඩ තුනට පොලිසිට පනි

2015-05-08 ප.ව. 11:02
මහියංගන නගරයේ අසැබි සිඩි තැටි විකිනු සිඩි කඩ තුනක් අද (08) දින මහියංගන පොලිසිය විසින් වටලනු ලැබු අතර එහිදි අසැබි දසුන් සහිත සිඩි විශාල ප්‍රමාණයක් අත් අඩංගුවට ගැනිමට හැකි වු මහියංගන නව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තිස්ස කුමාර මහතා ප්‍රකාශ කර සිටි.
මෙම වෙළෙදසැල් තුනම එකම පුද්ගලයෙකුට අයත් බව පොලිසිය පැවසිය. සිඩි වෙළෙදසැල් තුනෙහි සේවකයන් තිදෙනෙකු මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුන් හෙට දිනයේ මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

පුද්ගල මලසිරුරක් බස් හෝල්ට් එකේ

2015-05-08 ප.ව. 11:02
මහියංගන නගරයේ 51 කණුව දක්වා ගමන් කරන බස් රථ නතර කරනා බස් නැවතුමේ තිබි අද දහවල් 3.00ට පමණ පුද්ගල මළසිරුරක් හමු විය.
මෙසේ මිය ගොස් සිටි පුද්ගලයා මහියංගන ප්‍ර දේශයේ බේකරි කිහිපයක සේවය කල සේවකයෙකු බවත් ඇදුම රෝගයෙන් කලක් පිඩා විදි රෝගිව සිටි පුද්ගලයෙක් බවත් මේ වන විට හදුනා ගෙන ඇති අර මිය යෑමට හේතුව අනාවරණය වි නොමැත. පොලිසිය අනුමාන කරන්නේ හදිසි හෘදයාබාදයකින් මිය යන්නට ඇති බවයි. මෘත ශරිරය මහියංගන මුලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර මරණ පරික්ෂණය සිදු කිරිමට නියමිත අතර එහිදි මිය යෑමට හේතුව හදුනාගන්නට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.

මහියංගණ රාජ මහා විහාරයේ විහාරාධිපති අස්ගිරි මහා නාහිමි පදවියට


2015 මැයි මස 08 16:06:14
සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ නව මහා නායක ලෙස ගලගම අත්තදස්සී අනුනායක හිමියෝ (95) අස්ගිරි කාරක සංඝ සභාව විසින් ඒකඡන්දෙන් අද පත්කර ගනු ලැබූහ.
මහා නායක පදවිය සඳහා වෙනත් හිමි නමක් ඉදිරිපත් නොවීම නිසා අත්තදස්සී හිමියන් ඒකමතිකව පත් කර ගත් බව අස්ගිරි කාරක සංඝ සභාව නිවේදනය කරයි.
නව මහා නායක හිමියෝ පිච්චමල් බඳුනක් දොහොතින් රැගෙන මහ පිළිම වහන්සේට පූජා කර තෙරුවන් පිදූහ. එය නව මහ නා හිමියන්ගේ මුල්ම චාරිත්‍රය විය.
ඒ හිමියන්ගේ පුරප්පාඩුවෙන් හිස් වූ අනුනායක ධුරය පසුව පිරවීමට නියමිතය.
කුලතුංග මුදියන්සේලාගේ ඩිංගිරි බණ්ඩා නිළමේතුමා හා තෙන්නකෝන් මුදියන්සේලාගේ පිංචි අම්මා කුමාරිහාමි මහා නාහිමියන්ගේ මවුපියෝ ය.
කුලතුංග මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා යන නමින් 1922 වසරේ ජනවාරි 11 වැනි දින මාතලේ දිස්ත්‍රික්කයේ අස්ගිරි පල්ලේසිය පත්තුවේදී එතුමෝ උපත ලදහ.
මාතලේ යටවත්ත වීරපරාක්‍රම මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ එතුමෝ 1936 වසරේදී උඩුරාවණ ශ්‍රී ධම්මානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවැදි දිවියට ඇතුළු වූහ.
1937 දී මාතලේ ශ්‍රී ධර්මාරාජ පිරිවෙණෙන් අධ්‍යාපනය ලදහ. 1942 දී අස්ගිරි මහා විහාරයේදී උපසම්පදාව ලැබූහ.
1947 දී පාලි, දෙමළ හා සංස්කෘත විෂයයන් වලින් විශිෂ්ට සාමාර්ථ ලද උන්වහන්සේ ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම හා අවසාන වසරේ පණ්ඩිත උපාධියද හිමිකරගත්හ.
විද්‍යොදය පිරිවෙනේ ත්‍රිපිටක ධර්ම පරීක්ෂණාගාරයේදී සද්ධර්මාචාර්ය උපාධියද 1950 වසරේදී අභිනවාචාර්ය උපාධියද, ත්‍රිපිටකාචාර්ය උපාධිය ද හිමි කර ගත් එතුමෝ 1982 වසරේදී වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැටියගනේ රාජමහා විහාරාධිපති ධූරයට පත්වූහ.
උන්වහන්සේ ඓතිහාසික මහියංගණ රාජ මහා විහාරයේ විහාරාධිපති තනතුරටද පත්වූහ. 1999 වසරේ දෙසැම්බර් 13 දින ඵෙතිහාසික අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක ධූරයට පත්වූහ.
විද්‍යාලංකාර පිරිවෙණ මගින් ස්ථවිර වංශාලංකාර ශාසන සෝභන ගෞරව උපාධියද උන්වහන්සේට පිරිනැමීය.

ආදිවාසි කත සිදාදියේ දි ගුටි කයි


2015 මැයි මස 08 15:56:20 | . , රවීන්ද්‍ර වෙලගෙදර
දෙහිඅත්තකණ්ඩිය හෙන්නානිගම ආදිවාසි උප නායක උරුවරිගේ පුංචි බණ්ඩාගේ මිණිබිරිය වන චාන්දනිට (24) බුලත්කොහුපිටියේ පැලැන්පිටිය ජනපදයේ දි කාන්තාවන් තිදෙනෙකු විසින් පහර දෙන ලදැයි කියති. ඇය එම ගමේ අයෙකු (45) සමඟ විවාහ වි සිටි.
ඇගේ සීයා ද ඇය බැලිමට කරවනැල්ල රෝහලට පැමිණියේය. සැකකාරියෝ තිදෙනා තංගල්ල මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා විසින් ලබන 14 දා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.

වනජිවි නිළධාරින් අලි මරණය ගොඩ ගනිදිදී අලි කෙදි ගලවන්න ගම්වාසින්ගේ තරගයක් - අලියෙකුගේ මෘත ශරිරයක් වැවේ

 12:02 PM 5/8/2015

මහියංගන  මාපාකඩවැව, මැදයාය වසමේ, තලාව කොටසේ හෑපොල වැවේ මැද ජලයේ පාවෙමින් තිබු අලියෙකුගේ මෘත ශරිරයක් පෙරේදා (07) උදැසන ගම්වාසින් විසින් සොයා ගැනුනා.
ඒ සම්බන්දයෙන් ගම්වාසින් විසින් රාජ්‍ය නිළධාරින් හා වන ජිවි නිළධාරින් දැනුවත් කිරිමෙන් පසු අද දින සවස ඩෝසරයක් මගින් අලියාගේ මෘත ශරිරය ජලයේ සිට ගොඩ ගනු ලැබිය.
මිය ගිය අලියාගේ මෘත ශරිරය ගොඩ ගැනිම සදහා ගම්වාසින් වනජිවි නිළධාරින් හට බොහෝ සේ උදව් උපකාර සිදු කල අතර එසේ උදව් උපකාර සිදු කල ගම්වාසින් විසින්ම අලියාගේ වලිගයේ අලි කෙදි රජයේ නිළධාරින් හා වන ජිවි නිළධාරින් ඉදිරියේ ගලවාගනු ලැබිය.
මෙසේ මිය ගොස් ඇති අලියාගේ වයස අව්රුදු 10-15 ත් අතර ප්‍රමාණයේ එකෙකු වන අතර මිය යෑමට හේතුව සොයා ගැනිම සදහා වනජිවි දෙපාර්තමේනතුවේ පශු වෛද්‍යවරයා විසින් මරණ පරික්ෂණය අද ඊයේ (08)  සිදු කිරිමට නියමිතව තිබේ. ඉන් අනතුරුව මෘතදේහය වලදැමිමට නියමිතව තිබින.






Thursday, May 7, 2015

මාර්ග ආරක්ෂණ සතියට ජනතාව දැනුවත් කිරිමට පොලිසිය පාරට බසි

 5/8/2015 10:34 AM

මාර්ග භාවිතයේදි දරුවන් ආරක්ෂාව තේමාව කර ගනිමින් එක්සත් ජාතින්ගේ ලෝක මාර්ග ආරක්ෂණ සතිය සැමරිම වෙන්වෙන් මහියංගන පොලිසියේ රථවාහන අංශය  හා මහියංගන මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරින් එක්ව ගම්වාසින් , පදිකයන් , වාහන රියදුරන් දැනුවත් කිරිමේ වැඩසටහනක් අද (07) උදැසන මහියංගන නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කල අතර දැනුවත් කිරිමේ විස්තර පත්‍රිකා බෙදා දිම සිදු කරන ලදි. ඒ අතරම මගි ජනතාව කොටස් වශයෙන් ගෙන බාර්ගය බාවිතතයේදි පවතින නිති රිති හා තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නේ කෙසේද වන්න පිළිබද දැනුවත් කිරිම සිදු කරන ලදි. මහියංගන පොලිස්ථානයේ රථවාහන අංශයේ ප්‍රධානි සි එම් ඒ කුමාරතුංග මහතා හා සෙසු නිළධාරින්ගේ ප්‍රධානත්වයෙන් මෙම දැනුවත් කිරිමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරිනි.
ලොව දිනෙන් දින ඉහල යන මාර්ග අනතුරු හා දරුවන් රිය අනතුරුවලට බාජනය වි මියෑම අවම කිරිමේ අරමුණ ඇතිව මාර්ග ආරක්ෂණ සතියක් මේ වන විට නම් කර ක්‍රියාත්මක කරමින් ඇති අතර එය මැයි 4 සිට මැයි 10 දක්වා ක්‍රියාත්මකව පවති.




Wednesday, May 6, 2015

දඹානේ වන්නිලා ඇත්තන් විදෙස්ගත වෙයි

දඹානේ වන්නිලා ඇත්තන් විදෙස්ගත වෙයි
10:53 PM 5/7/2015

ආදිවාසි නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් ආදිවාසි  පරිසර සමුලුවක් සදහා අද(06) උදැසන තායිලන්තය බලා දින දෙකක සංචාරයක් සදහා පිටත්ව ගියේ ඔහුගේ භාෂා පරිවර්ථක දඹාන රේඩියෝවේ නිවේදකයෙකු ලෙස කටයුතු කරන විමලරත්න ද සමගිනි.

පැවැත්වෙන මෙම පරිසර සමුලුව සදහා රටවල් 42ක ආදිවාසින් සහබාගි විමට නියමිතව තිබේ.

වෙසක් එකට පොලිසියෙනුත් මහා පාන් දන්සැලක්

වෙසක් එකට පොලිසියෙනුත් මහා පාන් දන්සැලක්
10:59 AM 5/7/2015
ඌව පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිසිපති නන්දන මුනසිංහ මහතාගේ සංකල්පයකට අනුව බදුල්ල කොට්ඨාශයේ පොලිස්ථාන වලින් සංවිධානය කරනු ලැබු මහා පාන් සමග සිනි සම්බෝල දන්සැල ඊයේ (05) සවස මහියංගන රාජමාහා විහාරස්ථානයේ වෙසක් කාලාපයේ එනම් විල්ලුව වැව අභියසදි පැවත් වින
නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්ද, ජේෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ගලප්පත්ති, මහියංගන සහකාර පොලිස් අධිකාරි උදිත් ලියනගේ, මහියංගන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තිස්ස කුමාර යන මහත්වරුන්ගේ පුර්ණ අනුග්‍රහයෙන් මෙම පාන් දන්සැල සංවිධානය කර තිබුනි.
මේ සදහා පාන් 3000ක් දන්සැලේදි බෙදා දිම සිදු කෙරින. පාන් ගෙඩිය කොටස් තුනකට කපා සිනි සම්බෝල තවර පාර්සල් කර පාන් බෙදාදිම මෙහිදි සිදු කෙරින.
වෙසක් කලාපය නැරබිම සදහා පැමිණි විශාල ජනතාවක් සහ ධාතු වන්දනාව සදහා පැමිණි විශාල පිරිසක් දිගු පොලිම් සහිතව පැමිණ සහබාගි වි සිටිනු දක්නට ලැබින මෙම අවස්ථාව සදහා මහියංගන රජමහා විහාරස්ථානයේ බාරකාර පුජ්‍ය පණ්ඩිත උරුලෑවත්තේ ධම්මරක්කින නාහිමියන් හා බදුල්ල දිස්ත්‍ර්ක්කයේ පොලිස්ථානාධිපතිවරු හා ජේෂ්ඨ පොලිස් නිළධාරින් සහබාගි වි සිටියේය










වෙසක් එකට විකුණන්න ගෙනා ගංජා කිලෝ 10 අල්ලයි

වෙසක් එකට විකුණන්න ගෙනා ගංජා කිලෝ 10 අල්ලයි
11:57 PM 5/6/2015
වෙසක් පෝයට  විකිණිම සදහා ගෙනා ගංජා කිලෝ 10ක් වි‍ශේෂ කාර්ය බළකා නිළධාරින් විසින් ඊයේ (04) සවස අත් අඩංගුවට ගෙන ඇති අතර
සැකකරුවන් දෙදෙනෙක්ද අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපක් කර ඇත

Tuesday, May 5, 2015

රාජ්‍ය වෙසක් උත්සවය මහියංගනයේ දී

රාජ්‍ය වෙසක් උත්සවය මහියංගනයේ දී

2015 මැයි මස 04 18:16:45 | . , රොමේෂ් ධනුෂ්ක සිල්වා මහියංගනයේ සිට

2015 රාජ්‍ය වෙසක් උත්සවය මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඊ යේ (04) ඓතිහාසික මහියංගනය රාජ මහා විහාරස්ථානයේ දී පැවැත්විණි.
මහියංගනය රාජමහා විහාරයේ භාරකාර උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි බුද්ධ ශාසන අමාත්‍යංශය මේ වැඩසටහන සංවිධානය කර තිබිණි.
රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් නිර්මාණය කළ සමරු මුද්දරය තැපැල් ඇමැති එච් එම් හලීම් මහතා ජනපතිට පිරි නැමීය.
කොටි ත්‍රස්තවාදීන්ගේ අරංතලාව භික්ෂූ ඝාතනයේ දී දිවි ගලවා ගත් එකම ස්වාමීන්වහන්සේ වන ආඳාඋල්පත බුද්ධසාර හිමියන්ගේ අසනීප තත්ත්වයට ප්‍රතිකාර ගැනීම සඳහා ජනපති මුදල් පරිත්‍යාගයක් ද කළේය.
ඇමැති කරු ජයසූරිය, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, ඌව මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් ද උත්සවයට පැමිණ සිටියහ.










Sunday, May 3, 2015

ජාතික වෙසක් මංග්‍ය ඓතිහාසික මහියංගන පින් බිමේදි

2015-05-03 පෙ.ව. 8:42

තිලෝගුරු බුදුරජානන්වහන්සේගේ තෙමගුල සමරන වෙසක් පුන්පොහොය අදයි (03) . ඒ නිමිති කර ගනිමින් රාජ්‍ය වෙසක් මංගල්‍ය, රාජ්‍ය අනුග්‍රහයෙන් ඓතිහාසික මහියංගන රාජ මහා විහාරස්ථානයේදි පැවැත්විමට රජය පුර්ණ අනුග්‍රහය ලබා දි තිබේ.
අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරී මහියංගණ රජමහා විහාරස්ථානයේ භාරකාර රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ ප්‍රධානත්වයෙන් උදැසන ආගමික වතාවත් සිදු කෙරිනි.
බුද්ධශාසන හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අමාත්‍ය කරු ජයසුරිය මහතා හා එම මැතිනිය, බුද්ධශාසන හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම් වසන්ත ඒකනායක මහතා හා බෞද්ධ  කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍ර ප්‍රේම ගමගේ මහතා අද උදැසන සිට ආගමික වතාවත් සදහා සහභාගි වි සිටි.
දිවයිනේ විවිධ ප්‍ර දේශ වලින් පැමිණි උවැසි උවැසියන් ඓතිහාසික මහියංගන රාජමහා විහාරස්ථානයේ සිල් සමාදන් වි විවිධ ආගමක වතාවත් වල නියැලෙමින් සිටි. අද දිනය පුරා ධර්ම දේශනා , කවි බණ වැඩසටහන් , ධාන සිල භාවනා වැඩ සටහන් රාශියක් මහියංගන පුණ්‍ය භුමිය තුලදි සිදු කිරමට සංවිධානය කර ඇත.
 සිද්ධාර්ථ බෝසතානන් වහන්සේගේ ඉපදීම, සම්බුද්ධත්වයට පත්වීම සහ සම්බුද්ධ පරිනිර්වාණය අදවන් වෙසෙක් පුරපසලොස්වක පොහෝ දිනයක සිදුවූ බවයි ශාසනික ඉතිහාසයේ දැක්වෙන්නේ.
තුසිත දෙව්ලොවින් නික්මී මහමායා දේවියගේ කුසෙහි පිළිසිදගත් බෝසතාණෝ උපත ලබන්නේ ශාක්‍ය ජනපදයෙහි ලූම්බිණි සල් උයනේදීයි. බෝසතානන් වහන්සේ ඇසතු බෝ රුක මුලදී සියලූ කෙලෙස් නසා අදවන් දිනක සම්මා සම්බෝධිය අවබෝධ කරගත් බවද ශාසන ඉතිහාසයේ සදහන්. 45 වසරක් පුරා සකල ලෝකවාසීන්ගේ හිතසුව පිණිස සිය ජීවිතය ගතකළ බුදු පියාණන් වහන්සේ 80 වන වියේදී අදවන් වෙසක් පොහෝ දිනක කුසිනාරානුවර මල්ල රජ දරුවන්ගේ උපවත්වන සල් උයනේදී පිරිනිවන් පෑ බවද ශාසන ඉතිහාසයේ දැක්වෙනවා. 
මේ අතර බුදුපියාණන් වහන්සේගේ තෙවන ලංකා ගමන සිදුවූයේද අදවන් වෙසක් පුරපසලොස්වක පොහෝ දිනකයි. විජය කුමරුගේ ලංකා ගමනද අදවන් දිනක සිදුවු බවයි වංශ කතාවල දැක්වෙන්නේ. දේවානම් පියතිස්ස රජු දෙවන රාජාභිශේකය සිදුකළේද, දුටුගැමුණු මහරජතුමා රුවන් වැලිසෑයේ ඉදිරිකිරීම් ආරම්භ කිරීමද වෙසක් පොහෝ දිනක සිදුවූ බව වංශ කතාවල සදහන්.