Tuesday, April 7, 2015

හැමදේටම විසඳුම හසලක ගාමිණීගේ මතකය ඉවත් කරන එකද? තීරණය ගන්න අද බැලුම්ගල අහන්න.

හැමදේටම විසඳුම හසලක ගාමිණීගේ මතකය ඉවත් කරන එකද? තීරණය ගන්න අද බැලුම්ගල අහන්න. 
http://nethfm.com/article/63303

හසලක ගාමිණීගේ මතකය - විරුවන් මතකයි තවමත් අපට

හසලක ගාමිණීගේ මතකය - විරුවන් මතකයි තවමත් අපට

http://nethfm.com/article/63454

මිනිපේ සිසුවෙක් සුනාමි යන්ත්‍රයට මැදිවි මියයි

 2015 අපේ‍්‍රල් මස 07
මිනිපේ, මොරයායේ, 39 ඇළ වෙල් යායේදී ගොයම් කපා ස්වයංක්‍රීයව පාගා මලුවලට පුරවන සුනාමි නමින් හැඳින්වෙන යන්ත්‍රයකට අසුවීමෙන් අවුරුදු 15 ක පාසල් දරුවකු ‍‍‍‍ඊයේ (06) දහවල් 11ට පමණ මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මිනිපේ වේරගන්තොට, නුවරගෙදර පදිංචි ඒ.ජී.නාමල් මධුෂංක ජයවීර නමැති එම දරුවා කුඹුරු වැඩවල නිරතව සිටි පිරිස අතර සිටියදී දරුවා හිස හා උරහිස මත දමා සිටි රෙදි කඩ සුනාමි යන්ත්‍රය හා ට්‍රැක්ටරය සම්බන්ද කරන යකඩ කරකැවෙන ලිවරයෙහි එතිම හේතුවෙන් දරුවා යන්ත්‍රය වෙත ඇදි ගොස් එම යන්ත්‍රයට හසුවී ඇති අතර හිසට සිදු වු බරපතල තුවාල හේතුවෙන් මිය ගිය අතර ඔහු මිනිපේ මොරයාය සංඝබෝධි මහා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ සිසුවෙකි.










Monday, April 6, 2015

විල්ගමුවේ සභපතිගේ වාහනයට පුද්ගලයෙක් බිලි - 4ක් රෝහලේ


2015-04-06 පෙ.ව. 7:19

ගිරාදුරුකෝට්ටේ හෙබරව 10 කණුව ප්‍ර දේශයේදි ඊයේ (5) රාත්‍රි 11.00ට පමණ විල්ගමුව ප්‍රාෙද්ශිය සභාපති ගමන්ගත්    රථයක් අනතුරට පත්විමෙන් එක් පුද්ගලයෙක් මියගොස් හතර දෙනෙත් තුවාල ලබා ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත‍.

බසයක් නොමැතිව නිවෙස් බලා යාමට නොහැකිය හසලක බස්නැවතුමේ රැදි සිටි පිරිසක් නුවර දෙස සිට පැමිණි සභාපතිගේ කැබ් රථයේ පිටුපසට හසලක ප්‍ර දේශයේදි නැග ඇති අතර එසේ නැගි පිරිසෙන් එක් අයෙකු මියගොස් හතර දෙනෙකු මෙම අනතුරින් තුවාල ලබා ඇත‍.
සිද්දිය සම්බන්දයෙන් ගිරාදුරුකෝට්ටේ පොලිස්ථානාධිපති ප්‍රධාන රථවාහන අංශයේ නිළධාරින් පරික්ෂණ පවත්වති.

දම්බරාව ඔයට රෑ කාර් එක පෙරලි 01 මරුට - 3ක් රෝහලට

2015-04-04 ප.ව. 2:55
මහියංගනය දෙසට ධාවනය කරමින් තිබු කාර් එකක ඊයේ (03) රාත්‍රි 11.00ට පමණ දම්බරාව ඔයට පෙරලි එහි ගමන් කරමින් සිටි හතර දෙනාගෙන් අයෙකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා මහියංගන මුලික රෝහල වෙත ප්‍රතිකාර කිරිම සදහා ඊයේ (03) රාත්‍රි ඇතුලත් කරනු ලැබ ඇත.
මෙසේ මියගොස් ඇත්තේ දුම්මලසුරිය, උඩුබද්දාව, මහඅගාර යන ලිපිනයේ පදිංචිව සිටි සේනාරත්න මුදියන්සේලාගේ චන්ද්‍රාසේනාරත්න, වයස 53ක් වන අයෙකි.
රථය ඔයට පෙරලිමට පෙර පාලමේ ගැටි ඉන් අනතුරුව ඔයට පෙරලි ඇත. විශාල ශබ්දයක් ඇතිම හේතුවෙන් ප්‍රදේශවාසින් ඒ සම්බන්දයෙන් පරික්ෂාකිරිමේදි ඔයට පෙරලි තිබු කාර් එක සොයාගෙන ඇති අතර තුවාල කරුවන් කඩිනමින් ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කිරිමට පියවර ගෙන ඇත.
අනතුර සම්බන්දයෙන් මහියංගන පොලිසියේ රථවාහන අංශය පරික්ෂණ සිදු කෙරේ


රාජ්‍ය වෙසක් උළෙල මහියංගණයේ


රාජ්‍ය වෙසක් උළෙල මහියංගණයේ
2015 අපේ‍්‍රල් මස 01 19:26:08
රාජ්‍ය වෙසක් උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් මහියංගණ රාජමහා විහාරස්ථානයේදී පැවැත්වෙන බව බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය මහතා පවසයි.
එයට පෙරදින එනම් මැයි 3 වැනිදා වෙසක් පොහොය දිනයේදී මහියංගණ රාජමහා විහාරස්ථානයේදී 12,000කට අධික දහම් පාසල් සිසුන් හා සැදැහැවතුන් පිරිසක් සිල් සමාදන් කරවීමේ වැඩසටහනක්ද පැවැත්වේ.
වෙසක් සමරු මුද්දරයක් අප්‍රේල් 20 වැනිදා නිකුත් කිරීමටද නියමිතය.

ඌව මහ ඇමතිට මඩ පෝස්ටරයක්


ඌව මහ ඇමතිට මඩ පෝස්ටරයක් - මෝඩයන්ගේ දිනයේ පෝසටර් ගහපු අයට මහ ඇමතිගෙන් තුති
ඌව මහ ඇමති හරින් ප‍්‍රනාන්දු මහතාව මැදිකරගෙන ඌව පළාත්සභාවේ අමාත්‍ය අනුර විිදානගමගේ මහතා සහ ඌව පළාත් සභා මන්ත‍්‍රි උපාලි සේනාරත්න යන මහත්වරු සිටින ජායාරූපයක් සමග මුද්‍රණය කල මඩ පොස්ටරයක් බදුල්ල නගරයේ අප්‍රේල් 01 දින අලවා තිබුණි. මාධ්‍යවෙිදින් හමුවේ මහ ඇමතිවරයා පැවසුවේ මෙය මෝඩයාගේ දිනයේ කිසිවෙක් විසින් කරන ලද මෝඩ ක‍්‍රියාවක් බවයි .

ලැජ්ජනැතිකම මැති ඇමතිකම් වලටත් වඩා ලොකුයි ???

 අද දින (01-04-2015) උදැසන මහියංගනය හා අවට ගමමාන රැසක ස්ථාන රැසක මෙම පොස්ටරය අලව තිබු අතර සැමගේ අවදානයට ලක් විය
මේ සම්බන්දයෙන් ඔබේ අදහස කුමක්ද????


Sunday, March 29, 2015

දහඩිය, කදුල කැප කර ලබාගන්නා ගොවීන්ගේ අස්වැන්න කොල්ලකන මහියංගනය / හසලක පල්ලේවත්ත/ මිනිපේ හොරුන්ගේ වැඩ ටික මෙන්න - බදුල්ල කිරුම් මිණුම් ඒකකයෙන් හොරු ටික අල්ලයි

 2015-03-29 පෙ.ව. 10:05

මෙරට ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන බොහෝ පිරිසක් තවමත් තම ජීවිකාව සරි කරගන්නේ ගොවිතැන හරහායි. ඔවුන්ගේ ලොකුම සිහිනය වන්නේ මාස ගණනාවක් දහදුක් විද ලබාගන්නා තම අස්වැන්නට සාධාරණ මිලක් ලබාගැනීමයි. දහඩිය, කදුල කැප කර අස්වැන්නට මිලක් ලබාගැනීමට වෙරදරනා ගොවීන්ගේ අස්වැන්න කොල්ලකෑමට වෙනස්කරන ලද වංචනික තරාදි සකසා කූට වෙළදුන් දරනා වංචනික ප්‍රයෝගයක් පිළිබදව පසුගියදා මහියංගනය ප්‍ර දේශයෙන් අනාවරණය කර ගන්නට හැකි වු අතර කිරුම් මිනුම් හා ප්‍රමිති දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ නිලධාරින් පසුගියදා කූට වෙළෙදුන් අල්ලා ගැනිම සදහා විශේෂ වැටලීමක් මහියංගන නගරයේදි සිදු කෙරින.

වී අස්වනු ලබාගැනීම සදහා සුක්ෂම ලෙස තරාදි වෙනස් කිරීමේ ජාවාරමක්  මහියංගනය, හසලක, පල්ලෙවත්ත හා මිනිපේ යන ප්‍රදේශවලින් පැමිණෙන වෙළදුන් විසින් සිදු කරනු ලබන අතර  බහුලව මෙම වෙනස්කරන ලද තරාදි භාවිතා කර වී තොග වංචනික ලෙස ලබාගන්නා බවයි තොරතුරු අනාවරණය වුයේ.
විශේෂයෙන් මහියංගනයේ සිට බිබිල මොණරාගල , මිගහකිවුල කන්දකැටිය, දඹාන, පදියතලාව, ගිරාදුරුකෝට්ටේ, හෙබරව, ගින්නෝරුව, දිවුලපැලැස්ස හා මහවැලි සි කලාපයේ ප්‍රදේශ ඉලක්ක කරගනිමින් මෙම ජාවාරම ක්‍රියාත්මක වන බවත් වි, බඩඉරිගු, කවුපි, මුං, තල හා ධාන්‍ය බෝග සදහා වැඩි වශයෙන් වංචාව සිදු කරන බවට පැමිණිළි හා තොරතුරු අණාවරණය වි ඇත.

මේ වන විට ප්‍ර දේශ රැසක වි අස්වනු නෙලිම ආරම්ක කර ඇති අතර විශේෂයෙන් එම ප්‍ර දේශ ඉලක්ක කරගනිමින් කුඹුරු වලටම ගොස් ගොවියාගෙන් වැඩි මිළට වි මිළදි ගැනිමට මෙම ජාවාරම් කරුවන් ක්‍රියා කරමින් සිටි.

කිරුම් මිනුම් හා ප්‍රමිති දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ නිලධාරින් වෙනස්කරන ලද වංචනික තරාදි සොයා පසුගියදා (21) විශේෂ වැටලීමක් දියත් කළා. වෙනස් කරන ලද තරාදි ලොරි රථවල රහසිගත ස්ථානවල සගවා තබන බවට ලද තොරතුරු අනුව දැඩි පරීක්ෂාවකට ලක්වුණා.ලොරි රථයක් පරීක්ෂාකරන අතරතුර පැමිණි පිරිස රථය ද රැගෙන පළාගොස් තිබුනේ ව්‍යාජව සකසන ලද තරාදිය පමණක් නිලධාරින් අතේ තිබියදී.
ඔවුන්ගේ පළායාමත් සමග මුලින් පරීක්ෂා කළ ලොරියේ සිටි තරුණයා පැවසුවේ තමන් සතු තරාදියද පළාගිය ලොරියේ සිටි පුද්ගලයෙකුගෙන් ලබාගත් එකක් බවයි. පළාගිය ලොරි රථය හා පුද්ගලයින් පිළිබදව මහියංගනය පොලිසියේද සහයෙන් මේ වනවිට පරීක්ෂන ආරම්භ කර තිබෙනවා.
මහියංගනයේ ව්‍යාජ තරාදි වංචාවට අදාළ තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ වී ඇතැයි කිරුම් මිනුම් හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් පවසනවා. එම දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ නිලධාරීන් පැවසුවේ තරාදි පරීක්ෂාවේදී ලොරි රථය ද රැගෙන පළා ගිය පුද්ගලයා පසුව තම කාර්යාලයට පැමිණ භාර වූ බවයි. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තරාදි වංචාව පිළිබඳ තොරතුරු රැසක් අනාවරණ කර ගැනිමට හැකි වී තිබෙනවා. තොරතුරු අනුව ඉදිරියේදි වැටලිම් රැසක් සිදු කිරිම සදහා මේවන විටත් පියවර ගනිමින් සිටින බව ඔහුන්  අප සමග ප්‍රකාශ කර සිටියේය.

කූට වෙළෙදුන්ගේ අලුත්ම ක්‍රම වේදය වන්නේ කේෂ්ත්‍රයට හොර තරාදි ලොරි රථයේ රැගෙන යාමෙන් වැලකි ලොරි රථයේ සහයක මගින් මාර්ගයේ ගමන් ගන්නා බස් රථමගින් ගෙන යෑමයි.  එහිදි ඔහුන් බලාපොරොත්තු වන්නේ  මහ මගදි සිදුවන වැටලිම් වලින් මිදි වංචාව සාර්ථකව ඉදිරියටම ගෙන ගොස් ඔහුන්ගේ මඩිය තරකර ගැනිම වේ. වෙළදුන්ගේ කුමණ දහන් ගැට ගැසුවත් ඒ සම්බන්දයෙන් සියලු තොරතුරු කිරුම් මිනුම් හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් හට ලැබෙන බවත් ඒ අනුව අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග හා වැටලිම් නිරන්තරයෙන් සිදු කරන බව බදුල්ල ඒකකයේ  කාර්ය භාර නිළධාරි ඩි දුලිත් අශෝක මහතා ප්‍රකාශ කර සිටි.
වංචනික ආකාරයෙන් වෙනස් කරන ලද තරාදි පහසුවෙන් හදුනාගන්නා ආකාරය දුලිත් අශෝක මහතා මෙසේ පැහැදිලි කලේය. “ මේ ආකාරයෙන් සාදනා තරාදි වලින් නිවැරදිව බර කිරන්නත් හොරට කිරන්නත් පුලුවන් විම විශේෂත්වයක්. ඒ නිසා මුලින්ම ගොවි මහතුන් ඉදිරියේ පළමුව කිරන වි ගෝනි නිසි ආකාරයෙන් කිරා පෙන්වා දෙවනුව ගොවියාට නොතේරෙන ආකාරයෙන් තරාදියේ ගියරය මාරුකර වංචනික ආකාරයට කිරිම සිදු කරනවා. මෙය ගොවියාට පැහැදිලිව හදුනා ගන්න බෑ. මොකද තරාදියේ අභ්‍යන්තරයේ වෙනස් කම් සිදු කර අලුතින් ස්ප්‍රින් එකක් දාලා තියෙනවා. ඒක පිටතට පේන්නේ නෑ. ඒ නිසා තරාදිය  මුලින්ම පරික්ෂා කිරිම තුලින් ගොවිමහතුන් හට මෙම වංචනික තරාදිය පිටතින් බලා හදුනා ගැනිමේ ක්‍රමයක් තියෙනවා.
පළමු ක්‍රමය තමයි ඡායා රූප අංක 02 පරිදි තරාදියේ පිටුපස මුහුනතේ ඇති කුඩා ඇණ දෙක පරික්ෂා කරන්න. එවිට එය එකම සමාන හා එකම ප්‍රමාණයේ නොවුනහොත් එය වංචනික තරාදියකි. ( එහි එක් ඇණයක් ගලවා අලුතින් දිග ඇණයක් සවිකර තරාදියේ අභ්‍යන්තරයට ස්ප්‍රින් එකක් සවි කෙරේ)
දෙවන ක්‍රමය වන්නේ ඡායා රූප අංක 01 පරිදි තරාදියේ කොක්ක සවිකරනා කොටස අතින් උඩට එසවිමේදි තරාදියේ කටුව කිලෝ 80 පසු කර (කිලෝ 75-70-65-60 දක්වා) පසු පසට කැරකේ නම් (අවගමණය) එයද වෙනස් කරන ලද හොර තරාදියක් වේ.  වෙනස් නොකරන ලද තරාදියක කටුව පිටුපසට කැරකෙන්නේ කිලෝ 80 (ඉතා කුඩා දුරක් ) දක්වා පමණක් වේ.
වංචනික ආකාරයෙන් තරාදි සකසා ගොවින්ගේ අස්වනු වංචා සිදු කරනා වෙළෙදුන් සම්බන්දයෙන් ඉදිරියේදි වැටලිම් රාශියක් සිදු කිරිමට බළා පොරොත්තු වන බවත් මෙවැනි කූට වෙළෙදුනගේ ප්‍ර යෝග වලට හසු විම වැලැක් විම සදහා තමා සතුවට තරාදියක් මිළදි ගන්නා ලෙසත් ඒ සදහා වැය වන්නේ රුපියල් 3000ක් පමණ සුලු මුදලක් බවත් එම තරාදි වාර්ශිකව ලියාපදිංචි කර භාවිතයට ගන්නා ලෙස මිනුම් හා ප්‍රමිති දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ නිලධාරින් ගොවිජනතාවය දැනුම් දෙයි.
මෙම වැටලිම සදහා මහියංගන පොලිස්ථානයේ නිළධාරින්ගේ සහය ලබාගත් අතර මිනුම් හා ප්‍රමිති දෙපාර්තමේන්තුවේ මිණුම් සේවා අධ්‍යක්ෂ කේ ප්‍රේමසිරි කුමාර මහතාගේ විශේෂ උපදෙස් පරිදි හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාගේ අධික්ෂණයෙන් බදුල්ල ඒකකයේ  කාර්ය භාර නිළධාරි ඩි දුලිත් අශෝක, මිනුම් සේවා පරික්ෂක කේ සි අමල් පෙරේරා, මිණුම් ප්‍රමිති සහයක කේ පි වසන්ත කුමාර යන නිලධාරින් සහබාගි වි සිටියේය.
ඡායාරූප
ඡායාරූප 01 හොර තරාදි හදුනා ගන්නා ක්‍රමය 01
ඡායාරූප 02 හොර තරාදි හදුනා ගන්නා ක්‍රමය 02
ඡායාරූප 03 වෙනස් කරන ලද තරාදියේ ඇතුලත ස්වරූපය එහි අංක 01 දිස් වන්නේ අලුතින් සවිකරන ලද දිග ඇණය වන අතර අංක 02 අලුතින් සවි කරණ ලද ස්ප්‍රින් එක 





















කූට වෙළදුන්ගේ වංචනික හොර තරාදි හදුනා ගන්නා ක්‍රමය - හැකි තාක් පිරිස් දැනුවත් කිරිමට Share කරන්න


 3/29/2015 10:54 PM
පළමු ක්‍රමය තමයි ඡායා රූප අංක 02 පරිදි තරාදියේ පිටුපස මුහුනතේ ඇති කුඩා ඇණ දෙක පරික්ෂා කරන්න. එවිට එය එකම සමාන හා එකම ප්‍රමාණයේ නොවුනහොත් එය වංචනික තරාදියකි. ( එහි එක් ඇණයක් ගලවා අලුතින් දිග ඇණයක් සවිකර තරාදියේ අභ්‍යන්තරයට ස්ප්‍රින් එකක් සවි කෙරේ)
දෙවන ක්‍රමය වන්නේ ඡායා රූප අංක 01 පරිදි තරාදියේ කොක්ක සවිකරනා කොටස අතින් උඩට එසවිමේදි තරාදියේ කටුව කිලෝ 80 පසු කර (කිලෝ 75-70-65-60 දක්වා) පසු පසට කැරකේ නම් (අවගමණය) එයද වෙනස් කරන ලද හොර තරාදියක් වේ. වෙනස් නොකරන ලද තරාදියක කටුව පිටුපසට කැරකෙන්නේ කිලෝ 80 (ඉතා කුඩා දුරක් ) දක්වා පමණක් වේ.
ඡායාරූප 03 වෙනස් කරන ලද තරාදියේ ඇතුලත ස්වරූපය එහි අංක 01 දිස් වන්නේ අලුතින් සවිකරන ලද දිග ඇණය වන අතර අංක 02 අලුතින් සවි කරණ ලද ස්ප්‍රින් එක


පාසැල් යන නැගනිය මගදි අල්ලාගෙන කැලේට ගෙන ගොස් අයියාගේ යාලුවාට අපයෝජනය කරන්ඩ දි අයියා නැගනියගේ යාලුවා ලිංගික අපයෝජනය කරයි - වසරකට වඩා වැඩි කාලයක් පාසල් පැමිණිම දුර්වල විමෙන් විදුහල්පතිට මේ සෙල්ලම මාට්ටු


3/29/2015 12:54 PM
පාසැල් යන කුඩා දැරියන් දෙදෙනෙක් හා කුඩා පිරිමි දරුවෙකු මග සිට රැක ලදු කැළයට රැගෙන ගොස් බර පතල ලිංගික අලයෝජනය කර ඇති අතර තමාගේ නැගනිය යාලුවා හට අපයෝජනය කිරිමට ලබා දි නැගනියගේ යෙහෙලිය තමා විසින් අපයෝජනය කල අයියා කෙනෙකු හා තවත් අයෙක් මහියංගන පොලිසිය විසින් පසුගිය 26 දින සොරබොර, පැරකුම්පෙදෙසෙන් අත් අඩංගුවට ගත් බව මහියංගන පොලිසිය පවසනවා. අත් අඩංගුවට පත් සැක කරුවන් දෙදෙනා පාසැල් නොයන, බාල වයස්කා, වයස 15 හා 14 පසුවන දෙදෙනෙක් වේ.

සැකකරුවන් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරිමෙන් පසු මහේස්ත්‍රාත් ගිතානි විජේසිංහ මෙනවිය විසින් බාල වයස්කාර සැක කරුවන් දෙදෙනා කැප්පෙටිපොළ ළමා රැදවුම් නිවාසයේ අප්‍රේල් 9 දින දක්වා රදවන ලෙස නියෝග නිකුත් කර ඇත.

‍ඉහත සිද්දියට මුහුණ දුන් කුඩා දැරියන් දෙදෙනා වයස 12 හා වයස 10 පසු වන අතර දරුවා වයස 12ක් වේ. ඔහුන්ගේ   පාසැල් පැමිණිම ඉතා දුර්වල විම හේතුවෙන් ඔහුන්ගේ ගුරුවරු හා විදුහල්පති කාර්යාලයට ගෙන්වා කරුණු විමසිමේදි මෙම සිද්ධිය අණාවරනය කරගෙන ඇත. වසරකට අධික කාලයක් තිස්සේ මෙම හිංසනයට මෙම දරුවන් ගොදුරුවි ඇති බව ප්‍රශ්න කිරිම් වලදි අනාවරනයවේ. උදැසන කැලය තුලට රැගෙන ගොස් පාසැල නිම වන වේලාවට දරුවන් නිදහස් කර ඇති අතර එම දරුවන්ගේ දෙමාපින් ඒ සම්බන්දයෙන් කිසිවක් නොදැන සිට ඇත. අත් අඩංගුවට ගත් සැක කරුවන් විසින් වෙනත් පාසැල් දරුවන් අපයෝජනය කර ඇත්තේද යන්න පිළිබද සැකයක් පවතින අතර ඒ සම්බන්දයෙන් මහියංගන පොලිසිය පරික්ෂණ කරමින් සිටි.

මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර  මහතා හා අපරාධ අංශයේ ස්ථානාධිපති එම් බි ජි ජි සුදේශ් චතුරංග ප්‍රමුඛ නිළධාරින් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.

ඔබ මෙහෙමත් කුකුල් බිත්තර දැකලා තියෙනවාද???




Saturday, March 28, 2015

මහියංගනය නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලයේ කැබ් රථය කුඹුරේ - රථයේ ඉදිරිපස ටයර් කම්බි පෑදෙන තුරු ගෙවිලා

මහියංගනය නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලයේ කැබ් රථය කුඹුරේ - රථයේ ඉදිරිපස ටයර් කම්බි පෑදෙන තුරු ගෙවිලා
2015-03-28 ප.ව. 11:32
මහියංගනය නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලයට අයත්ය තිබු නවින පන්නයේ නව කැබ් රථය ඊයේ (27) දහවල් වර්ශාවත් සමග දම්බරාව පාසල ආසන්නයේ මාර්ගයේදි වේගය පාලනය කිරිමට නොහැකිව දුරකථන රැහැන් කුණුවක් ද කුඩු කරමින් මාර්ගයෙන් ඉවතට පැණ කුඹුරේ පෙරලි ඇත.
රථයේ ඉදිරිපස ටයර් කම්බි පෑදෙන තුරු ගෙවි තිබිම හේතුවෙන් වර්ශාවත් සමග තිරින්ග ක්‍රියාත්මක කිරිමේදි ලිස්සා යන්නට ඇතැයි එම ස්ථානයට පැමිණ සිටි පිරිසගේ අදහස විනි.







හොර තරාදි තවත් මාට්ටු

හොර තරාදි තවත් මාට්ටු
27 MARCH 2015 - 20:45

හිරු සී.අයි.ඒ. හරහා හෙළි කළ මහියංගනයේ ව්‍යාජ තරාදි වංචාවට අදාළ තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ වී ඇතැයි මිනුම් ප්‍රමිති සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ නිලධාරීන් පැවසුවේ තරාදි පරීක්ෂාවේදී ලොරි රථය ද රැගෙන පළා ගිය පුද්ගලයා පසුව තම කාර්යාලයට පැමිණ භාර වූ බවයි.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තරාදි වංචාව පිළිබඳ තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

Wednesday, March 25, 2015

ගියර් දමා හොරට කිරීම ඇස්පනාපිට ඔප්පු වෙන හැටි - ගොවීන්ගේ අස්වැන්න කොල්ලකන මහියංගනය / හසලක පල්ලේවත්ත/ මිනිපේ හොරුන්ගේ වැඩ ටික මෙන්න

3/25/2015 11:23 PM

හිරු සී.අයි.ඒ හරහා ඊයේ (24) අප හෙළිකලේ ගොවීන්ගේ වී අස්වනු ලබාගැනීම සදහා සුක්ෂම ලෙස තරාදි වෙනස් කිරීමේ ජාවාරමක් පිළිබදවයි.
මහියංගනය හසලක පල්ලෙවත්ත හා මිනිපේ ප්‍රදේශවලින් පැමිණෙන වෙළදුන් බහුලව මෙම වෙනස්කරන ලද තරාදි භාවිතා කර වී තොග වංචනික ලෙස ලබාගන්නා බවයි හිරු සී.අයි.ඒ වෙත තොරතුරු වාර්තා වුයේ.

වෙනස්කරන ලද  වංචනික තරාදි සොයා මිනුම් ප්‍රමිති දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ නිලධාරින් පසුගියදා විශේෂ වැටලීමක් දියත් කළා.
වෙනස් කරන ලද තරාදි ලොරි රථවල රහසිගත ස්ථානවල සගවා තබන බවට ලද තොරතුරු අනුව දැඩි පරීක්ෂාවකට ලක්වුණා.

ලොරි රථයක් පරීක්ෂාකරන අතරතුර පැමිණි පිරිස රථය ද රැගෙන පළාගොස් තිබුනේ ව්‍යාජව සකසන ලද තරාදිය පමණක් නිලධාරින් අතේ තිබියදී.
ඔවුන්ගේ පළායාමත් සමග මුලින් පරීක්ෂා කළ ලොරියේ සිටි තරුණයා පැවසුවේ තමන් සතු තරාදියද පළාගිය ලොරියේ සිටි පුද්ගලයෙකුගෙන් ලබාගත් එකක් බවයි.
පළාගිය ලොරි රථය හා පුද්ගලයින් පිළිබදව මහියංගනය පොලිසියේද සහයෙන් මේ වනවිට පරීක්ෂන ආරම්භ කර තිබෙනවා.

Tuesday, March 24, 2015

වෙසක් බලන්න මහියංගණයට එන්න - රාජ්‍ය වෙසක් උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් සිදු කිරිමට යයි.

2015-03-24 ප.ව. 9:19
මෙවර වෙසක් උත්සවය උත්කර්ෂවත්ව පැවැත්වීමට රජය විධිවිධාන යොදා ඇත. ඒ සම්බන්දයෙන් රාජ්‍ය නිළධාරින් සමග සාකච්චාවක් මහියංගන රජමහා විහාරස්ථානයේ පසුගිය දා පැවැත් වු අතර මේ සඳහා කැබිනට් අනුකාරක සභාවක් ද දැනටමත් පත්කර තිබේ.
ප්‍රධාන වෙසක් උත්සවය ඓතිහාසික මහියංගණ පුදබිම කේන්ද්‍රකරගනිමින් පැවැත්වේ. ඊට සමගාමීව දිවයින පුරා වෙසක් උත්සව පැවැත්වීමටද කටයුතු යොදා ඇතැයි බුද්ධශාසන කටයුතු භාර අමාත්‍ය කරූ ජයසූරිය මහතා පවසයි.
මෙම අවස්ථාව ජාතික රූපවාහිනිය මගින් සජිවිව විකාශනය කිරිමටද මේ වන විට කටයුතු සම්පාදනය කරමින් පවති.




දහඩිය, කදුල කැප කර ලබාගන්නා ගොවීන්ගේ අස්වැන්න කොල්ලකන මහියංගනය / හසලක පල්ලේවත්ත/ මිනිපේ හොරුන්ගේ වැඩ ටික මෙන්න

3/24/2015 11:12 PM
මෙරට ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන බොහෝ පිරිසක් තවමත් තම ජීවිකාව සරි කරගන්නේ ගොවිතැන හරහායි. ඔවුන්ගේ ලොකුම සිහිනය වන්නේ මාස ගණනාවක් දහදුක් විද ලබාගන්නා තම අස්වැන්නට සාධාරණ මිලක් ලබාගැනීමයි. දහඩිය, කදුල කැප කර අස්වැන්නට මිලක් ලබාගැනීමට වෙරදරනා ගොවීන්ගේ අස්වැන්න කොල්ලකෑමට කූට වෙළදුන් දරනා වංචනික ප්‍රයෝගයක් පිළිබදවයි අද සී.අයි.ඒ. හෙළිදරව්ව.

Sunday, March 22, 2015

මහියංගනේ හිටපු තනි අලියට නියෝජ්‍ය ඇමතිකමක් - (අද දිවුරුම් දුන් ඇමැතිවරු )

2015-03-22
නව කැබිනට් අමාත්‍යවරුන් 11 දෙනෙකු රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු අද දිවුරුම් දුන්නා. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. මෙලෙස අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් සියලූ දෙනා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකයින් වනවා.

ලක්‍ෂමන් සෙනෙවිරත්න මහතා ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද දිවුරුම් දුන්නා.