Friday, December 19, 2014

රන්දෙණිගල සහ රන්ටැඹේ වාන් දමයි

රන්දෙණිගල සහ රන්ටැඹේ වාන් දමයි
2014-12-19 19:52:44 
රන්දෙණිගල සහ රන්ටැඹේ යන ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙනවා. ඇද හැලෙමින් ඇති වර්ෂාවත් සමග ඒවායේ ජලමට්ටම පිටාර මට්ටම ද ඉක්ම යාම ඊට හේතුවයි.

මේවායේන් මුදාහැරෙන ජලය හේතුවෙන් මහවැලි ගෙඟ් ජල මට්ටම ද ඉහල යා හැකි බව වාරි මාර්ග ඉංජිනේරුවන් කියා සිටියා. මීට අමතරව වික්ටෝරියා ජලාශයේ ද ජල මට්ටම පිටාර මට්ටම දක්වා ලගා වෙමින් තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිගේ නිවසට රෑ වෙඩි ප්‍රහාරයක් - පක්ෂ කාර්යාලයේ සිටි පුද්ගලයාට මැර ප්‍රහාරයක්

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිගේ නිවසට රෑ වෙඩි ප්‍රහාරයක් - පක්ෂ කාර්යාලයේ සිටි පුද්ගලයාට මැර ප්‍රහාරයක්

 2014-12-19 ප.ව. 5:49

රිදිමාලියද්දා ප්‍රා දේශිය සභාවේ හිටපු මන්ත්‍රි ඩබ්ලිව් එම් රත්නායක මහතාගේ නිවසට ඊයේ (18) රාත්‍රියේදි වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර සිද්දිය සම්බන්දයෙන් මන්‍ත්‍රිවරයා විසින් මහියංගන පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ජනාධිපති වරණයට සමගාමිව 19 (අද) දින පැවැත් විමට නියමිතව තිබු එක්සත් ජාතික පක්ෂ බළමණ්ඩලය වෙනුවෙන් පක්ෂ කාර්යාලයක් මහියංගන නගරයට ආසන්න රිදිකොටලිය පාලම ආසන්නයේ විවෘත කිරිම සදහා සුදානමින් එම කාර්යාලයේ වැඩකටයුතු සිදු කරමින් සිටි පුද්ගලයෙකු හට මහියංගන ප්‍ර දේශයේ දේශපාලන නායකයෙකුට අදාල පරිසක් විසින් පහර දි ඇති අතර එම පුද්ගගයා මේ වන විය ප්‍රතිකාර ලබාගැනිම සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.
ප්‍රදේශයේ ක්‍රියාකාරි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයෙකු ලෙස වැඩ කටයුතු සිදු කරන  ඩබ්ලිව් එම් රත්නායක මහතාගේ නිවසට වෙඩි ප්‍රහාර එල්ල වුයේ ඉහත සිද්දියට සමගාමිව විය හැකි බව මහියංගන  පොලිසිය විස්වාසය ඵල කර සිටින අතර ඒ සම්බන්දයෙන් මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති එස් බි වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ නිළධාරින් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.
එක්සත් ජාතික පක්ෂයේ වර්ධනය වන ජන රැල්ල දෙස බලාසිටිමට නොහැකි මෙවැනි පිරිස මේ ආකාරයෙන් දේශපාලන නායකයන් හා ගම්වාසි එක්සත් ජාතික පාක්ෂිකයන් බිය ගැනිවිම  සදහා වෙඩි තැබිම් සිදු කරන බවත් එවැනි බියගුලු ප්‍රහාර හෙලා දකිබ බවත් හිටපු රිදිමාලියද්ද ප්‍රා දේශීය සභාවේ මන්ත්‍රි ඩබ්ලිව් එම් රත්නායක මහතා ප්‍රකාශ කර සිටි.

සිද්ධිය සම්බන්දයෙන් පරික්ෂන ක්‍රියාත්මකයි.



මව සහ දියනිය නිදියහනේ ඝාතනය කරලා එක් දියනියකගේ දිවි බේරේ

මව සහ දියනිය නිදියහනේ ඝාතනය කරලා එක් දියනියකගේ දිවි බේරේ

2014-12-19 ප.ව. 2:36

මහියංගන අරාවත්ත ප්‍ර දේශයේ මවක් සහ කුඩා දියනියක් නිදියහනේදිම පෙරේදා (18 ) රාත්‍රියේදි ඝාතනය කර ඇත. නිවසේ නොසිටිම හේතුවෙන් තවත් කුඩාදියණියකගේ දිවි බේරි ඇත.
මෙලෙස  ඝාතනය කර ඇත්තේ 205/2, තරුණ ව්‍යාපාරය, මහියංගනය යන ලිපිනයේ පදිංචිව සිටි බටගල්ලේ ගෙදර චන්ද්‍රා කුමාරි නම් වන වයස 31ක තරුණ මවක් හා කේ ජි හිමාශා කාවින්දි නම් වන වයස අවුරුදු 06ක කුඩා දියනියකි. නිවසේ නිදියහනේ නිදා සිටියදි මෙම ඝාතනය සිදු කර ඇති අතර කියුණු කැපුම් ආයුදයකින් ගෙල ප්‍ර දේශයට එල්ල කරනලද ප්‍රහාරයන් මගින් මෙම ඝාතනය සිදු කර ඇත. ඝාතනය සිදු කරන විට මෙම දෙදෙනා පමණක් නිවසේ සිට ඇති අතර වැඩිමහල් දියනිය සිය මිත්තනියගේ නිවසට සන්ධ්‍යාවේ ගොස් නැවත නොපැමිණිම හේතුවෙන් ඇයගේ දිවි ගැලවි ඇත. මෙසේ දිවි බේරාගෙන ඇත්තේ කේ ජි බුද්ධිකා ප්‍රියදර්ශනි නම් වයස 08ක දැරියකි.
 අසල් වාසි නිවසක කාන්තාවක් විසින් උදැසන මෙම නිවසට ගොස් ඇති  අතර නිවසේ කිසිවකු ගේ ප්‍රතිචාරයන් නොමැති කමින් තවමත් නිවසියන් නිදියමින් සිටින්නේ කුමකටද යන්න පිළිබද සොයාබැලිමේදි ඔහුන් නිදියහනේදිම ඝාතනය කර ඇති බව දැක මහියංගන පොලිස් ස්ථානය වෙත සිද්ධිය සම්බන්දයෙන් දැනුවත් කර ඇත.
ඒ අනුව මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිසියේ ස්ථානාධිපති එස් බි වික්‍රමසිංහ මහතා හා අපරාධ අංශයේ ස්ථානාධිපති එස් චතුරංග මහතා ප්‍රමුඛ නිළධාරින් මෙම ද්විත්ව ඝාතනය සම්බන්දයෙන් පරික්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර සිද්ධියට සම්බන්ද සැක කරුවෙකු අත් අඩංගුවට ගෙන නොමැති අතර  මෙම ඝාතන ද්විත්වයට හේතුව කුමන්ද යන්න පිළිබද අනාවරණය කරගෙන නොමැත.
සිද්ධිය සම්බන්දයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණ හා මරණපරික්ෂණ ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබුනි.





නිදියහනේදිම මව හා දියනිය පස් කන්දට බිලි

නිදියහනේදිම මව හා දියනිය පස් කන්දට බිලි
2014-12-19 ප.ව. 3:36



නිවසේ පිටුපස පස්කන්දක් නායගොස් නිවසේ නිදන කාමරයේ නිදාසිටි මව හා කුඩා දියනියක් මතට නිවසේ බිත්තියක් පෙරලි යෑමෙන් නිදියහනේදිම දෙදෙනා මිය ගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ අංක 36/2,පිරිවෙණ පාර, උඩුදහ, හසලක යන ලිපිණයේ පදිංචිව සිටි අයි ජි නිලන්ති කුමාරි වයස 31 වන මහක් වන අතර ඇය සමග නිදාසිටි ඒ ඒ ජිවන්ති අප්සරා ලක්මාලි නම් වසය 07ක කුඩා දරුවකු අවාසනාවන්ත ආකාරයෙන් මියගොස් ඇත. මියගිය කාන්තාවගේ සැමියා මිට වසර 3කට පමණ  පෙර හැරගොස් ඇති අතර එක් පුත්‍රෙයකු සසුන් ගතවි ඇති අතර සිද්ධිය සිදු වන විට ඔහුන් පමණක් නිවසේ සිට ඇත.
ඊයේ (19) උදැසන මියගිය කාන්තාවගේ යෙහෙලියක් ඔහුන් හමුවිමට නිවසට ගොස් ඇති අතර නිවසේ කිසිවෙකුගේ ප්‍රතිඡාරයක් නොමැති කමින් සොයාබැලිමේදි මෙම අනතුර අනාවරණය කර ගැනිමට හැකි වි ඇති අතර ගම්වාසින් සමග එක්ව නායගිය ස්ථානයේ පස් ඉවත් කර සිරුදෙක හසලක ප්‍රාෙද්ශිය රෝහල වෙත ඇතුලත් කර ඇති අතර රෝහලට ඔහුන් දෙදෙනා මියගොස් ඇති බව වෛද්‍යවරු සදහන් කර ඇත.

හසලක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් කුමාරසේකර මහතා ප්‍රමුඛ පොලිස් නිළධාරින් සිද්ධිය සම්බන්දයෙන් පරික්ෂණ සිදු කරති. 

Tuesday, December 16, 2014

එක්‌සත් ජාතික පක්‍ෂ මහියංගනය සංවිධායක /ඌව පළාත් සභා එජාප මන්ත්‍රී කුට්‌ටිආරච්චි රජයට එක්‌වේ

එක්‌සත් ජාතික පක්‍ෂ මහියංගනය සංවිධායක ඌව පළාත් සභා මන්ත්‍රී ජානක තිස්‌සකුට්‌ටිආරච්චි මහතා සිය පක්‍ෂයෙන් ඉවත්ව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට ඊයේ (15 දා) එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට එක්‌විය.

ඔහු ඊයේ (15 දා) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිමයෙන් කැපවී කටයුතු කරන බව ප්‍රකාශ කර ඇත.

එජාපයෙන් ජනාධිපතිවරණයට අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට හැකියාව තිබුණත් ඒ සඳහා පක්‍ෂය කටයුතු නොකර විවිධ පිරිස්‌වල උගුල්වලට හසුවීමෙන් පක්‍ෂය අද කඩා වැටෙමින් තිබෙන බව පැවැසූ ඒ මහතා ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන ලෙසද සිය පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

Sunday, December 14, 2014

පතරොම් තුවක්කුවක් සමග දඩයමේ ගොස් මුවෙකු මැරු පුද්ගලයා බඩුත් සමග මාට්ටු - තුවක්කුව ගැන පරික්ෂණ

පතරොම් තුවක්කුවක් සමග දඩයමේ ගොස් මුවෙකු මැරු පුද්ගලයා බඩුත් සමග මාට්ටු - තුවක්කුව ගැන පරික්ෂණ
2014-12-14 පෙ.ව. 10:15

රංදෙනිගල ජලාශයට ආසන්න රංදෙනිගල වන රක්ෂිතයේ දඩයමේ ගොස් මුවෙකු මැරු පුද්ගලයෙකු පතරොම් තුවක්කුවක් සමග හසලක පොලිස් නිළධාරින් විසින් ඊයේ (13) අත් අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට පත් පුද්ගලයා දුන්කොලවත්ත,හසලක ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි. ගාතනය කරන ලද මුවා ප්‍රවාහනය කිරිම සදහා යොදාගත් ත්‍රිරෝද රථයද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මෙසේ වෙඩි තබා ගාතනය කර ඇත්තේ වයස අවුරුදු 1ත් 2ත් අතර ප්‍රමාණයේ මුව පැටවෙකු වන අතර අත් අඩංගුවට ගත් පතරොම් තුවක්කුව රුසියාවේ නිෂ්පාදිත එකක් වන අතර ලංකාවේදි එය වැඩිදියුණු කරන ලද එකකි. එම හේතුවෙන් මෙම තුවක්කුව මෙම පුද්ගලයා හට ලැබුනේ කෙසේද යන්න පිළිබද හසලක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් කුමාරසේකර මහතා ප්‍රමුඛ නිළධාරින් පරික්ෂණ සිදු කරති.
අත් අඩගුවට ගත් පුද්ගලයා හා තුවක්කුව සමග ත්‍රිරෝද රථය මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණට වෙත ඉදිරිපත් කිරිමය නියමිතයි.
සහකාර පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක සේනාරත්න මහතා පො.කො. 46513 බස්නායක, 66385 තිළිණ, 35131 රත්නායක, 71705 වසන්ත යන පොලිස් නිළධාරින් සිද්ධිය සම්බන්දයෙන් පරික්ෂණ සිදු කරති.

Friday, December 12, 2014

මහියංගන ප්‍රාෙද්ශිය සභාවේ 2015 වර්ෂය සදහා වු අයවැය වැඩි ඡන්ද 5කින් සම්මතයි

2014-12-12 ප.ව. 11:51
මහියංගන ප්‍රාෙද්ශිය  සභාවේ සභාපති ඩබ්ලිව් එම් සුනිල් මහතා විසින් 2015 වර්ෂය සදහා වු අයවැය වාර්ථාව අද දින මහියංගන ප්‍රාෙද්ශිය සභාවේදි ඉදිරිපත් කල අතර 2015 වර්ෂය සදහා වු අයවැය වනුවෙන් ආන්ඩු පක්ෂයෙන් අයවැය සදහා පක්ෂව ඡන්ද 8ක් ද විපක්ෂව ඡන්ද 3ක් ද ලැබුන අතර විපක්ෂයේ මන්ත්‍රිවරයෙකු ඡන්ද විමසුමේදි සභාගර්භයෙන් පිටත සිට ඇත. ඒ අනුව වැඩි ඡන්ද 5කින් මහියංගන ප්‍රාෙද්ශිය  සභාවේ 2015 වර්ෂය සදහා වු අයවැය සම්මත වි ඇත.

මහියංගන ප්‍රාෙද්ශීය සභාව එක්සත් ජනතා නිදහස් සංධානය යටතේ ක්‍රියාත් මක ප්‍රා දේශීය සභාවක් වන අතර ආන්ඩු පක්ෂ මන්ත්‍රිවර සංඛාව 7ක් වන අතර විපක්ෂ මන්ත්‍රිවරු සංඛාව 4කි.


කැබ් රථය වාහන 3ක් හප්පලා රිය අනතුරෙන් කාන්තාවක් මරුට - 4ක් රෝහලේ


කැබ් රථය වාහන 3ක් හප්පලා රිය අනතුරෙන් කාන්තාවක් මරුට - 4ක් රෝහලේ 
2014-12-12 ප.ව. 8:19

හසලක, පාලමහන්දිය ප්‍රදේශයේ අද සවස 7.30ට පමණ රිය අනතුරක් සිදු වු අතර කැබ් රථයක් මාර්ගයේ ගමන් ගත් වාහන 3ක් අනතුරට පත් කරමින් පාරේගමන් ගත් ත්‍රිරෝද රථයක් හප්පා ඇත.
4 දෙනෙක් ගමන්ගත් ත්‍රිරෝද රථයක කැබ් රථය හැප්පි ත්‍රිරෝද රථයට දැඩි අලාභහානි සිදු වු අතර ත්‍රිරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් මරණයට පත් විය. ත්‍රිරෝද රථයේ ගමන්ගත් කුඩා දරුවෙකු සමග තිදෙනෙකු හා යතුරුපැදි කරුවෙකුද මෙම කැබ් රථයටම හැප්පි තුවල ලබා ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.
මේ වන විට රියදුරු ඵලා ගොස් ඇති අතර රියදුර බිමත් ව සිටි බව සිද්දිය දුටු ප්‍රදේශවාසින් ප්‍රකාශ කර සිටි.
සිද්ධිය සම්බන්දයෙන් හසලක පොලිසිය පරික්ෂණ සිදු කරමින් සිටි.







කාන්තාවක් ගසක් උඩට නැග සමෘර්ධි නිළධාරියාට විරෝදය - පාරත් වහයි

කාන්තාවක් ගසක් උඩට නැග සමෘර්ධි නිළධාරියාට විරෝදය - පාරත් වහයි
2014-12-12 ප.ව. 4:28

මහියංගන ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශයේ දඹාන වේවත්ත ග්‍රාමයේ සමෘර්ධි නිළධාරිවරයාහට හා නිදහස් සංධානයේ වේවත්ත ග්‍රාමයේ ශාඛා සමිති සභාපති වරයාගේ අකටයුතු ක්‍රියා සම්බන්දයෙන් ගම්වාසින් පාරට බැස අද (12) උදැසන මහියංගන පදියතලා මාර්ගය හරස් කරමින් දඹාන වේවත්ත ප්‍ර දේශයේදි විරෝධතාවයක නිරත වු අතර බළධාරින් පැමිණ විසදුම් ලබාදෙන තුරු ගසින් නොබසින බව පවසමින් කාන්තාවක්ද විශාල ගසකට නැග කෑ ගසමින් විරෝධතාවයේ නිරත වුයේය.
දිවිනැගුම ව්‍යාපෘතිය යටතේ රුපියල් 2500 දිමනාව ලබා දෙන බව පවසමින් නිදහස් සංධානයේ වේවත්ත ග්‍රාමයේ ශාඛා සමිති සභාපති වරයා රුපියල් 40ක මුදලක් අයකරමින් අයදුම් පත්‍ර ඡායා පිටපත් විශාල ප්‍රමාණයක් ගමපුරා බෙදා දි ඇති අතර සමෘර්ධි නිළධාරිවරයා හා එක්ව මෙම වංචාව මෙම පුද්ගලය සිදු කර ඇති බව පවසමින් ගම්මාසින් ඔහුන් දෙදෙනාට විරුද්දව මෙම විරෝධතාවය පැය 4කට අධික කාලයක් තිස්සේ සිදු කරන ලදි. ගම්වාසින් පවසන පරිදි සමෘර්ධි ආධාර ලබාගැනිම සදහා ඔහුගේ ගෙවත්තේ හා හේනේ බඩ ඉරිගු සෑදිමට යෑමට සිදු වන අතර වැසිකිලි වලවල් කැපිමට එන ලෙසද ගම්වාසින්ට පැවසු බව ගම්වාසින් චෝදන කරන අතර විශාල වංචාවන් සිදු කරමින් ධනවත් ව්‍යාපාරික පිරිස් සදහා සමෘර්ධි සහනාදාර ලබාදි ඇති බවත් ඒ හේතුවෙන් ගම්මානයේ අසරණ දුප්පත් දුගි ජනතාව මහත් පිඩාවට පත්ව අති බවට ගම්වාසින් තවදුරටත් චෝදන කරති.
මහියංගන පොලිසියේ ස්ථානාධිපති ඒ වික්‍රමසිංම මහතා හා නිළධාරින් පිරිසක් පැමිණ අවහිර කර තිබු මහියංගන පදියතලා ප්‍රධාන මාර්ගය මහත් පරිශ්‍රමයක් යොදා විවෘත කල අතර එම අවස්ථාවේදි ගම්වාසින් සමග ඉතා උණූසුම් තත්වයන් හා ගැටිම් ඇතිවිණ. පොලිස් නිළධාරින් සිටියදි ගම්වාසින් වරින් වර පාරේ වැතිරෙමින් මාර්ගය අවහිර කරන ලදි. වගකියවුතු නිළධාරින් හෝ දේශපාලන නියෝජිතයන් පැමිනෙන තෙක් තම විරෝධතිවය ඉදිරියටම කරගෙන යන බව පැවසු ගම්වාසින් වරින් වර පොලිස් නිළධාරින් සමග බහන් බස් විම් ඇති කර ගන්නා ලදී.
වගකිවයුතු නිළධාරින් හා දේශපාලන නියෝජිතයන්  ගෙන්විම සදහා පොලිස්ථානාධිපති තුමන් දුරකථනයෙන් කථා වරින් වර උත්සාහ කලද ඔහුන් ගෙන්වාගැනිමට විශාල කාලයක් විඩංගු කිරිමට සිදු විය.
ඒ හේතුවෙන් ප්‍රාදේශීය සමෘර්ධි ප්‍රධානින් කිහිප දෙනෙකු ගැටලුව විසදිම සදහා පැමිණි අතර ගම්වාසින් ඔහුන් සමගද ගැටිම් ඇති කර ගත් අතර අවසානයේ ඌව පළාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ මහතාගේ ලේකම් රංජිත් පද්මසිරි යාපා මහතා පැමිණ ගම්වාසින්ගේ ගැටලුව පිළිබද සොයා බැලු අතර ගැටලුව විසදිම සදහා වහාම දඹාන වේවත්ත වසමේ සමෘර්ධි නිළධාරිවරයා වෙනත් වසමකට මාරු කර දෙන ලෙස ප්‍රාදේශීය සමෘර්ධි ප්‍රධානින් හට උපදෙස් දුන් අතර අද දින සිට වේවත්ත වසමේ නිදහස් සංධානයේ ශාඛා සමිති සභාපති වරයා එම තනතුරෙන් නෙරපා දමා ඇති බව ගම්වාසින් හට දැනුම් දුන් පසු විරෝධතාවය නතර කෙරිනි.
ගසේ නැගසිටි කාන්තාව ඉනිමගක් ආදාරයෙන් ගම්වාසින් විසින්   බිමට බස්සවා ගන්නා ලදි.









Thursday, December 11, 2014

වල් අලි පහරින් මියගිය තාත්තාගේ දේහය නිවසේ තබා පුතු සා.පෙළ ලියන්න යයි

වල් අලි පහරින් මියගිය තාත්තාගේ දේහය
නිවසේ තබා පුතු සා.පෙළ ලියන්න යයි

මේ තරම් දුකක්‌ මේ ලොකේ කිසිම පුතෙකුට අත්වෙන්න එපා
සා/පෙළ ලියූ සඳරුවන් අමරසිංහ


දෙහිඅත්තකණ්‌ඩිය - රණතුංග, දිඹුලාගල - ප්‍රසන්න සිල්වා

අරලගංවිල වෙහෙරගල නගරයට පැමිණි අලි තිදෙනෙක්‌ පලවා හැරීමට උත්සහ කළ පුද්ගලයකුට වල් අලි පහරදීමෙන් මියගිය පසු පියාගේ දේහය නිවසේ තිබියදී දහසය හැවිරිදි පුතුට අ.පො.ස. විභාගයට මුහුණ දීමට සිදුවූ ශෝකජනක පුවත සොයාගෙන 9 දින වෙහෙරගලට ගියෙමු. අපි යන විට එම ප්‍රදේශයම එකම ශෝකජනක ප්‍රදේශයක්‌ බවට පත්ව තිබිණි.

අරලගංවිල වෙහෙරගල නගරය මැද වල් අලි ප්‍රහාරයකින් මියගිය එම්. ඒ සරත් අමරසිංහ (43) යන අයගේ වැඩිමහල් පුතා වන සඳරුවන් අමරසිංහ (16) දිවයිනට මෙලෙස අදහස්‌ දැක්‌වීය.

වල් අලි ප්‍රහාරයෙන් මියගිය තාත්තාගේ දේහය ගෙදර තියාගෙන මට අ.පො.ස. විභාගේ ලියන්න යන්න සිදුවීම තරම් දුකක්‌ මේ ලෝකේ තවත් කිසිම පුතෙකුට අත්වෙන්න එපා.

තාත්තා මල්ලිටයි, මටයි, හරිම ආදරෙයි. තාත්තා මියයන විට මම අම්මා ළඟ සිටියා. මම දුරකථනයෙන් තාත්තාට කතා කළා. මම ඉක්‌මනට එනවා කීවා, අලි ප්‍රහාරයකින් මියගිය තාත්තාගේ දේහය බලන්න තමයි මට එන්න සිදුවුණේ. හොඳට ඉගෙන ගන්න කීවා. තාත්තා අලි ගහලා මියගිය නමුත් තාත්තාගේ අවසන් කටයුතු සිදුවුණ 9 දින තාත්තාගේ දේහය ගෙදර තියාගෙන මට අ.පො.ස. විභාගයට මුහුණ දීමට සිදුවීම තරම් දුකක්‌ මට තවත් ඇත්තේ නෑ. මේ වාගේ දුකක්‌ ජීවිතයේ මට හෝ කිසිම කෙනකුට කවදාවත් ඇති වෙන්න එපා. මේ සිදුවීම ජීවිතයේ මට කවදාවත් අමතක වන්නේ නැති බව කීය.

වෙහෙරගල අංක 43 පදිංචි ආර්. පී. ප්‍රේමදාස (59) මහතා අදහස්‌ දක්‌වමින් වෙහෙරගලට ඇවිත් දැනට වසර 23 ක්‌ වෙනවා. නමුත් මේ වාගේ නගරය මැදට ඇවිත් අලි ගහලා ජීවිත විනාශ කරයි කියලා කවදාවත් හිතුවේ නෑ. ජනමාධ්‍යවේදීන් ඇත්ත ලියන්න ඕන. ජනමාධ්‍යවේදීන් තමන්ගේ සමාජ වගකීම යුතුකම වෙනුවෙන් ලියන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

මීට පෙර කවදාවත් අපිට කරදරයක්‌ වුණේ නැහැ. දැන් දැන් අලින්ගෙන් සිදුවන කරදර එන්න එන්නම වැඩිවෙලා තියෙනවා. ලංකාවේ සියලුම මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් මෙහෙට ඇවිත් මොනවාද සිදුවන්නේ කියලා හොඳට හොයලා බැලුවොත් හොඳයි. නැතිනම් අලින්ගෙන් සිදුවන මරණ දවසින් දවස වැඩිවෙන්න පුළුවන්.

අලින්ගෙන් මිනිහෙකුට කරදරයක්‌ වුණොත් කවුරුත් නෑ. අලි වෙඩි නැහැ. නිලධාරීන්ට වැටුප ලැබෙනවා. අපිට ජීවිත නැතිවෙනවා. රටේ අනෙකුත් ප්‍රශ්නවලට දේශපාලන බලවතුන් විසඳුම් දෙනවා අලි ගහන එකට විසඳුමක්‌ නැත්තේ ඇයි කියලා රජයෙන් අපි ප්‍රශ්න කරනවා.

වෙහෙරගල අංක 305 පදිංචි ටී. ටී. ගුණසේකර මහතා- මේ ප්‍රදේශයට අලි ගෙනැවිත් දාලා තියෙනවා. මිනිසුන්ගේ ජීවිත දැන් විශාල අනතුරකට පත්වෙලා තියෙනවා. ළමයෙකුට පාසල් යන්න බැහැ. ගොවිතැනක්‌ කර ගන්න බැරි තරමට අලි ප්‍රශ්න උග්‍රවෙලා තියෙනවා. වනජීවී නිලධාරීන් දෙන්නෙක්‌ හිටියා. එක වාහනයක්‌ දීලා අලි වෙඩි තුවක්‌කු නැතිව එම නිලධාරීන් සිටින බවත් වනජීවී නිලධාරීන්ට දොස්‌ කියන්න බැහැ. මොකද ඒ අයත් තමන්ගේ ජීවිත අලින්ගෙන් බේරා ගන්න ඕනෑ. යුද්ධයට වැඩිය අලින්ගේ ප්‍රශ්නය අද වැඩිවෙලා තියෙනවා.

මහවැලි සී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු රංජිත් පෙරේරා මහතා- අලින්ගේ පහර දීමකින් මියගිය අයගේ ජීවිත නැතිවීම පිළිබඳ ලොකු ඛේදවාචකයක්‌ මෙහි තිබෙනවා. සියලුම මහවැලි නිලධාරීන් සමග මා පුදුම විදියට මරණය ගැන ශෝක වෙනවා. මහවැලි සී කලාපයේ ගොවි ජනතාව අලින්ගෙන් මියයැම දරාගන්න අමාරුයි. මහවැලි කොට්‌ඨාස කළමනාකරුවන් ඒකක කළමනාකරුවන් ගොවි සංවිධාන නිලධාරීන් සමග අලි ප්‍රශ්නයට පුදුම විධියට විසඳුම් ලබාදී ජනතාවට සහන දෙන්න උත්සහ කරනවා.

Wednesday, December 10, 2014

Video 02 >> මහියංගන UNP පක්ෂ සම සංවිධායකගෙන් පිළිතුරු

Video 02 >> මහියංගන UNP පක්ෂ සම සංවිධායකගෙන් පිළිතුරු
www.news.mahiyangana.com මහියංගන UNP සංවිධායක ආන්ඩුවට ගියා කියා 09 දින මාධ්‍යෙය් ඵල වු කථාවට මහියංගණයේ හා රිදිමාලියද්ද ප්‍රාෙද්ශිය සභා මන්ත්‍රිවරු හා මහියංගන පක්ෂ සම සංවිධායකගෙන් පිළිතුරු
 — at Video 02 >> මහියංගන UNP පක්ෂ සම සංවිධායකගෙන් පිළිතුරු.

https://www.facebook.com/video.php?v=601832739946211&set=vb.160815704047919&type=2&theater


Video 01 >> මහියංගන UNP පක්ෂ සම සංවිධායකගෙන් පිළිතුරු

www.news.mahiyangana.com මහියංගන UNP සංවිධායක ආන්ඩුවට ගියා කියා 09 දින මාධ්‍යෙය් ඵල වු කථාවට මහියංගණයේ හා රිදිමාලියද්ද ප්‍රාෙද්ශිය සභා මන්ත්‍රිවරු හා මහියංගන UNP Video >> පක්ෂ සම සංවිධායකගෙන් පිළිතුරු— at Video 01 >> මහියංගන UNP පක්ෂ සම සංවිධායකගෙන් පිළිතුරු.


https://www.facebook.com/video.php?v=601831299946355&set=vb.160815704047919&type=2&theater

Video 04>> මහියංගන UNP පක්ෂ සම සංවිධායකගෙන් පිළිතුරු

Video 04>> මහියංගන UNP පක්ෂ සම සංවිධායකගෙන් පිළිතුරු
www.news.mahiyangana.com මහියංගන UNP සංවිධායක ආන්ඩුවට ගියා කියා 09 දින මාධ්‍යෙය් ඵල වු කථාවට මහියංගණයේ හා රිදිමාලියද්ද ප්‍රාෙද්ශිය සභා මන්ත්‍රිවරු හා මහියංගන පක්ෂ සම සංවිධායකගෙන් පිළිතුරු
 — at Video 04>> මහියංගන UNP පක්ෂ සම සංවිධායකගෙන් පිළිතුරු.

https://www.facebook.com/video.php?v=601836569945828&set=vb.160815704047919&type=2&theater

බැංකුවෙන් පල්ලියට පරිගණකාගාරයක් - අඩු ආදායම් ලාභි හා ගොවි ජනතාවගේ දූ දරුවන්ට පරිගණක අධ්‍යාපනය

බැංකුවෙන් පල්ලියට පරිගණකාගාරයක් - අඩු ආදායම් ලාභි හා ගොවි ජනතාවගේ දූ දරුවන්ට පරිගණක අධ්‍යාපනය

රටේ අනාගතය තොරතුරු තාක්ෂණයෙන් සවිමත් කිරිමේ අරමුණ ඇතිව කොමර්ෂල් බැංකුවේ සමාජ සත්කාරක වගකිම් මෙහෙවර යටතේ සිය 152 වන අංගසම්පුර්ණ පරිගණක අධ්‍යාපන විද්‍යාගාරය මහියංගන උත්ථාන වු කිතු සමිදුන්ගේ දේවස්ථානයේ මීසම් සභාව වෙත පසුගිය 2014-11-28 වන දින උදැසන පරිත්‍යාග කරන ලදී.

ලක්ෂ 10ක මුදලක් වැයකරමින් පරිගණක 5ක් හා ප්‍රින්ටර් වලින් සමන්විත අංගසම්පුර්ණ පරිගණක විද්‍යාගාරයක් කොමර්ෂල් බැංකුව විසින් පරිත්‍යාග කර ඇති අතර එය ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි ගොවිජනතාවගේ දුවාදරුවන් ගේ පරිගණක අධ්‍යාපන දැනුම දියුණු කිරිම සදහා මහත් පිටු වහලක් වන බව මහියංගන උත්ථාන වු කිතු සමිදුන්ගේ දේවස්ථානයේ ප්‍රධානි ගරු ඩිලෙක්ස් ශාන්ත පියතුමා පරිගණක විද්‍යාගාරය විවෘත කිරිමෙන් පසු පැවති සුහද හමුවේදි ප්‍රකාශ කර සිටියේය.

මහියංගන කොමර්ෂල් බැංකු ශාකාවේ කළමණාකාර සාගර තෙන්නකෝන් මහතාගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කොමර්ෂල් බැංකු ශාකා ජාලයේ මධ්‍යම පළාත් ජේෂ්ඨ කළාපිය කළමණාකරු ඩිලක්ෂන් හෙට්ටිආරච්චි මහතා මෙම අවස්ථාව සදහා සහබාගි විය. ගම්වාසි විශාල පිරිසක් හා මහියංගන කොමර්ෂල් බැංකු ශාකාවේ සහකාර කළමණාකාර අමිද්‍ර පෙරේරා හා නිළධාරින් පිරිසක් මෙම අවස්ථාව සදහා එක්ව සිටියේය.





Monday, December 8, 2014

මහියංගනයේ නව එක්සත් ජාතික පක්ෂ සංවිධායක තිස්සකුට්ටි ආරච්චි

මහියංගනයේ නව එක්සත් ජාතික පක්ෂ සංවිධායක තිස්සකුට්ටි ආරච්චි හරසරින් පිළිගැනේ

 එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ හා උපදේශක කමිටුවේ නිර්දේශය පරිදි 2014 වර්ෂය සදහා මහියංගන ආසන සම සංවිධායක ලෙස ඌව පළාත් සභා මන්ත්‍රි සී ජේ තිස්ස කුට්ටි ආරච්චි මහ...ාතා 2014-11-07 දින සිට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර ඇත.
ජනාධිපතිවරණයට සමගාමිව නිළවශයෙන් ඒ මහතාගේ වැඩකටයුතු ආරම්භකිරිම ඊයේ (07) මහියංගනයේදි ආරම්භ කල අතර එම මහතා උණුසුම් ආකාරයෙන් මහියංගන ජාතික පාක්ෂික දේශපාලන නායකයන් හා පාක්ෂිකයන් විසින් පිළිගනු ලැබු අතර දැනට එක්සත් ජාතික පක්ෂ මහියංගන ආසන සම සංවිධායන ලෙස කටයුතු කරන උපාලි සේනාරත්න මහතාද එක්වි සිටියා.
මහියංගන ප්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂික දේශපාලන නායකයන් හා පාක්ෂික කණ්ඩායම් හමුවන් ආරම්භ කරමින් පවසා සිටියේ දැනට රටේ තියෙන දේශපාලන තත්වය බලනකොට අපිට පැහැදිලිවම දිනන්න පුලුවන්. අද සියලුම බළවේග අපිට එකතුවෙලා තියෙන්නේ. බෞද්ධ බලවේග අන්‍යාගමික බලවේග හා දේශපාලන බලවේග අපිට එකතුවෙලා තියෙන්නේ. එදා මහින්ද රාජපක්ෂ වට එකතු වු සියලුම බලවේග අද අපි වටා එකතු වෙලා තියෙන්නේ. ලෙහෙසියෙන්ම දිනන්න පුලුවන් හා ඕන මැතිවරණය මෙම මැතිවරණය මෙය බව පැවසිය

Wednesday, December 3, 2014

අනතුරේ හැටියට ජිවිත බේරුනා පුදුමයි.


ලොරි රථ දෙකක් පැප්පි ලොරියක් කුඹුරට - රියදුරු රෝහලේ  අනතුරේ හැටියට ජිවිත බේරුනා පුදුමයි.

මහියංගන ගිරාදුරුකෝට්ටේ මාර්ගයේ 01 කණුවට ආසන්න මාර්ගයේදි අද (03) උදැසන 5.00ට පමණ ගිරාදුරුකෝට්ට දෙසට (ත්‍රිකුණාමලය දක්වා ) ධාවනය කරමින් තිබු ලොරි රථයක පිටුපසින් පැමිණි   ටිපර් රථයක් ගැටිමෙන් ටිපර් රථයේ රියදුරු තුවාල ලබා මහියංගන මුලික රෝහල වෙත ප්‍රතිකාර සදහා ඇතුලත් කර ඇත.

ත්‍රිකුණාමලයේ විදුලි බලාගාරයක් සදහා දහයියා ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක වැලි පැටවීම සදහා යමින් තිබු ටිපර් රථයක් පසු පසින් පැමිණ ගැටිමෙන් මෙම රිය අනතුර සිදු වි ඇති අතර අධික වේගයෙන් පැමිණිම හේතුවෙන් මෙම අනතුර සිදු වන්නට ඇතැයි මහියංගන පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් සැක ඵල කර සිටි. රිය අනතුරෙන් වැලි ටිපර් රථය විශාල ලෙස හානියට පත් අති අතර එහි රියදුරුගේ ජිවිතය බේරි ඇත්තේ පුරුවෙ පිනකට බව අනතුර සිදු වු ස්ථානයට පැමිනෙන පිරිසගේ අදහස වි තිබේ.
සිද්දිය සම්බන්දයෙන් මහියංගන පොලිස්ථානයේ රථවාහන අශයේ නිළධාරින් පරික්ෂණ කටයුතු ආරම්භ කර තිබේ




Sunday, November 16, 2014

මිනිපේ - මොරයාය ගම්මානයේ මනන්නාඔය පාලම පෙරලි වසර 5කට වැඩියි. හදන පාටක් පේනතෙක් මානයක නෑ Hiru TV News

Minipe Morayaya Mananna Oya Palama - Hiru TV News 16_11_2014

මිනිපේ - මොරයාය ගම්මානයේ මනන්නාඔය පාලම පෙරලි වසර 5කට වැඩියි. හදන පාටක් පේනතෙක් මානයක නෑ
16_11_2014



මිනිපේ ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශයේ මොරයාය ගම්මානයේ කපුවත්ත හා ගගේවත්ත මැදින් ගලාබසිනා මනනන්නාඔය හරහා ඉදිකරමින් තිබු පාලම වැඩ අවසන් කිරිමට ප්‍රථමව පෙරලි මේවන විට වසර 5කට අධික කාලයක් ගතවි ඇතත් මේවන තෙක් ඒපිළිබද සොයාබලා ජනතාවට සහනයක් සලසාදෙන්නට වගකිවයුතු දේශපාලන නායකයෙක් හා රජයේ ආයතනයක් මැදිහත් නොවිම පිළිබද මිනිපේ මොරයාය ප්‍රදේශවාසින් සිටින්නේ මහත් කළකිරුණු ස්වරූපයකිනි.
2010 වර්ශයේ මුල් මාසය වන විට ඉදිකරමින් පැවතුන පාලම ඇදහැලුන ප්‍රථම වර්ශාවටම ඔයට පෙරලි ගියේ ඉදිකරමින් තිබු පාලමේ තාක්ෂණික දෝෂ හේතුවෙන් බව ගම්වාසින් හට අනාවරණය කර ගත හැකි විණි. යකඩ කම්බි නොයොදා, 6-4 කලු ගල් මැදට පුරවා වටින් කොන්ක්‍රිට් බිත්තර කටුවක් සේ යොදා පැති බැමි කොන්ක්‍රිට් කර තිබිම ඔයට පෙරලුන කොන්ක්‍රිට් පැතිබැම්මෙන් දිස්විම තුලින් පාලම් ඉදිකිරිම් කලුගල් තාක්ෂණයේ අපුර්වයය කහටත් වටහා ගත හැකි විනි. පාලම පෙරලිමෙන් පසු ඉදිකිරිම් සිදුකල කොන්ත්‍රාත් කරුවන් හා වැඩ අධික්ෂණ නිළධාරින් හා වගකිවයුතු පුද්ගලයන් පාලම පෙරලිමට හේතුව ස්වාභාව ධර්මයට පවරා වාර්ථා සකසා ලිපි ගොනු රාශියක් පිළියෙල කර නිහඩ පිලිවෙත අනුගමනය කර මේ වන විට වසර පහකට අදික කාලයක් ගතවි ඇත. එවකට ව්‍යපෘතිය සදහා ඇස්තමේන්තු මුදල ලක්ෂ 35කි. පාලම පෙරලෙන විට ඒ සදහා කොන්ත්‍රාත් කරුවන් ලක්ෂ 23ක් ලබාගෙන තිබුනි. පාලම සකසාගන්නට ගම්මානයේ ගම්වාසිනට දැඩි උවමනාව තිබුනද වගකිවයුතු නිළධාරින් හා දේශපාලකයන් ඒ දෙස හැරිවත් බලන්නේනම් නැති බව ගම්වාසින් ප්‍රකාශ කර සිටි.
පාලම පෙරලි සති කිහිපයකට පසු මධ්‍යම පළාත් මහා අමාත්‍ය සරත් ඒකනායක මහතා එම ස්ථානය නිරික්ෂණයට පැමිණි අතර ඉදිකිරිම් වල දෝෂයක් හේතුවෙන් මෙම පාලම පෙරලි ඇති බව එතුමන්ගේ නිරික්ෂණයෙන් පසු මධ්‍ය සදහා අදහස් ප්‍රකාශ කල අතර ඉදිකිරිම් සිදුකල කොන්ත්‍රාත් කරුවන් හට දඩුවම් දි කඩිනමින් මේ පාලම නැවත සකසා දි ජනතාවට සෙත සලසාලන බව ප්‍රකාශ කලේය. එසේ ප්‍රකාශ කර වසර 4කට අධික කාලයක් ගතවි ඇතත් මේ වන තුරු කිසිවක් සිදු වි නොමැති බව ගම්වාසින් පවසති.
පාසල පන්සල රෝහල කඩමණ්ඩිය සදහා මොරයාය නගරය සදහා යායුතු අතර ඒ සදහා ආසන්නම මාර්ගය මෙම මාර්ගය වන අතර වර්ෂා සමයේ පාසැල් දරුවන්, ගැබිනිමව්වරුන්, වයෝවෘද්ද ගම්වාසින් මනන්නාඔයේ පැමිනෙන ජල කඳට එරෙහිව ගඟ තරණය කරන්නට නොහැකිව විශාල පිඩාවන් හට පත් වන අතර මේ වන විට පෙරලිමට ඔන්න මෙන්න ඇති කොන්ක්‍රිට් කණු හරහා යොදා ඇති පරාල කැබලි කිහිපයද මරු කපොල්ලක් වැනිය. පාසැල් දරුවන් කිහිපදෙනෙකුද මෙම මරු කපොල්ලේ ගමන් කිරිමට ගොස් ඔයට වැටි සති ගනන් අත පය කඩාගෙන නිවෙස් වල සිටින්නට සිදු වු බව ගම්වාසින් පවසන්නේ මහත් වු සිත් තැවෙලෙනි.
පාලම් හනන්න ඕන වතුරට ඔරොත්තු දෙන ආකාරයට ඒත් මේ මිනිපේ ප්‍රදේශයේ හදනා පාලම් පළමු වර්ශාවෙන්ම සොදාගෙන යන්නේ උඩසිටිනා දෙවියන්ටත් නොතේරෙන විදායට. ඒ තරමටම ඒවායේ ප්‍රමිතිය ඉහලයි. අධික්ෂණය නියමයි. ගැහිල්ල බොහොමයි. වේදනාව විද දරාගැනිමට නොහැකි තැන ගම්වාසියෙකු සිද්දියේ ඇත්තම තත්වය හා හේතුව වැමැරිය.

රටේ බදු ගෙවනා ජනතා මුදල් මේ ආකාරයෙන් නැති නාස්තිකරන්නට කොන්ත්‍රාත් කරුවනට ඉඩහසර ලබා දෙන්නට දේශපාලන නායකයන් අවස්ථාව සලසා දි ඇත. මෙවැනි වැරදිවලට දඩුවම්ද නොමැත. එම මුදල් නැවත අය කර ගන්නට ද ක්‍රමයක් නොමැත. මෙවැනි වැරදි සිදුකරනා කොන්ත්‍රාත් කරුවනට නිසි දඩුවම් ලබා දෙන්නේනම් ඔහුන් මෙවැනි වැරදි යලි කිසි දින සිදු නොකරනු ඇතැයි අපගේ විශ්වායයි.

Thursday, November 13, 2014

එකම සතියක් තුල සර්ප දෂ්ඨකර ඇතුලත් කල රෝගි 4දෙනාම මියගිහින්

එකම සතියක් තුල සර්ප දෂ්ඨකර ඇතුලත් කල රෝගි 4දෙනාම මියගිහින් 
2014-11-13 පෙ.ව. 11:29

මහියංගන රෝහල සදහා සර්ප දෂ්ඨ කිරිම් හේතුවෙන් ප්‍රතිකාර සදහා ඇතුලත් කරනු ලැබු රෝගින් හතර දෙනාම මියගොස් ඇති අතර එකම සතියක් ඇතුලත මෙම සිදු විම සිදු වි ඇති අතර ඒ හේතුවෙන් සැකය හට ගන්නේ සර්ප විෂ සදහා එන්නත් කල ඇන්ටි වෙනම් සීරම් නැමති ප‍්‍රති විෂ එන්නතේ ප්‍රමිතිය පිළිබදවයි.
මෙලෙස මියගිය රෝගින් හතර දෙනාම රෝහල් ගත කර ඇත්තේ පොළොං දෂ්ට කිරිම් නිසා වන අතර එක් අයෙකු හැර අනික් තිදෙනාම තමන්ට දෂ්ටකල සර්පයා මරා හදුනාගැනිම සදහා රෝහල වෙත රැගෙනවිත් ඇති අතර අනෙක් තැනැත්තාද කියා තිබුනේ දෂ්ට කල සර්පයා පොළගෙකු බව තමන් ස්ථිරවම හදුනාගත් බවය.
ඉහත සර්ප දෂ්ටන හේතුවෙන් ප්‍රතිකාර සදහා රෝහල ගතකල රෝගින් හතර දෙනාම මියගොස් ඇත්තේ මෙම මස මුල් සතිය ඇතුළතදිය.
පදියතව කෙහෙල්උල්ල පදිංචි 65 වියැති ඒ.එම් සුදුබණ්ඩා සර්ප දෂ්ට කිරිම හේතුවෙන් මුලින්ම පදියතලාව රෝහලටද එතැනින් මහියංගන රෝහලවෙත වැඩිදුර ප්‍රතිකාර සදහා මාරු කිරිමෙන් අනතුරුව දැඩිසත්කාර ඒකකයේ දින 4ක් ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස් ඇත. ඌරණිය ගඩුගුඩාව පදිංචි 46 හැවිරිදි ආර් එම් කුමාරිහාමි මහත්මියද පොළොන් දෂ්ට කිරිම හෝතුවෙන් මහියංගන රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස් ඇත. මාපාකඩවැව පදිංචි 34 වියැති ආර් එම් සුමිත්‍රා නැමැති අයද කුඹුරේදි පොළොන් දෂ්ට කිරිමකට ලක් වි මහියංගන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස් ඇත. විල්ගමුව ටොප්පලපිටිය පදිංචි 44 වියැති ඒ ජි ධර්මකුමාර නැමැති අය පොළොන් දෂ්ට කිරිමකට ලක් වි හදුන්ගමුව රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මහියංගන රෝහල වෙත මාරුකර යවා ඇති අතර එහිදි ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස් ඇත.
මියගිය රෝගින්ගේ පව්ලේ ඥාතින් ප්‍රකාශ කරන පරිදි මහියංගන රෝහලේ විශේඥ වෛද්‍ය වරු ඇතුලු සියලු වෛද්‍යවරු රෝහල් කාර්ය මණ්ඩලය මෙම රෝගින්ගේ ජිවිත බේරාගැනිම සදහා විශාල පරිශ්‍රමයක් දැරු බවත් එසේ තිබියදි රෝගින් මිය ගිය බවයි. එසේම රෝහල් කාර්ය මණ්ඩලයේ කිසිදු අතපසුවිමක් පිළිබද මේ වනතුරු එම මරණයන් සම්බන්දයෙන් නොලැබි ඇති අතර සර්ප දෂ්ටයට පෙර ඔහුන් නිරෝගි සුවයෙන් පසු වු බව රෝගින්ගේ පව්ලේ ඥාතින් ප්‍රකාශ කරති.
රෝගින් හතර දෙනා සදහා සර්ප විෂ සදහා එන්නත් කරන ඇන්ටි වෙනම් සීරම් නැමති ප‍්‍රති විෂ එන්නත ලබා දි ඇති අතර ඔහුන්ගේ ජිවිත බේරාගැනිමට නොහැකිව තිබේ. ඒ අනුව සැමගේ සැකය එල්ලවන්නේ ප්‍රතිකාර සදහා ලබාදුන් එන්නත සම්බන්දවයි.

ඒ අනුව මහියංගණය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී සෙනරත් බණ්ඩාර මහතා මේ පිළිබද සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුවයි සෞඛ්‍ය අමාත්‍යංශය අදාළ එන්නත පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ.

මේ අතර සර්ප විෂට ලබාදෙන මෙම ප‍්‍රතිවිෂ එන්නත සම්බන්ධයෙන් ගැටලූ පවතින බව තමන්ටද වාර්තාවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප‍්‍රකාශ කළා. මේ නිසා එන්නතේ කි‍්‍රයාකාරිත්වය සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස තම සංගමයේ සියලූම ශාඛා වෙත දැනුම් දී ඇති බවයි එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා සදහන් කලේය.

Wednesday, November 12, 2014

නංගිලා මල්ල්ලාට අත්වැලක් දිමට අයියලා අක්කලාගේ විද්‍යා ප්‍රදර්ශනය

නංගිලා මල්ල්ලාට අත්වැලක් දිමට අයියලා අක්කලාගේ විද්‍යා ප්‍රදර්ශනය
2014-11-12 පෙ.ව. 11:29

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනි සිටින මහියංගන අධ්‍යාපන කලාපයේ සියලුම පාසැල් දරු දැරියන් වෙනුවෙන් මහියංගන ජාතික පාසලේ උසස් පෙළ විද්‍යා විශය හදරන සිසු සිසුවියන් හා ගුරුමඩුල්ල එක්ක විද්‍යා ප්‍රායෝගික පරික්ෂණ හා ආදර්ශන ඇතුලත් විද්‍යා ප්‍රදර්ශනයක් නොවැම්බර් 12-13-14 වන දින වල සංවිධානය කර ප්‍රර්ශනය කෙරේ.
මහියංගන ජාතික පාසලේ නව විදුහල්පතිනිය වන ජේ ඒ චන්ද්‍රාති මහත්මිය හා විද්‍යා අංශයේ චන්ද්‍රෙස්කර මොරටුවගේ හා එල් ඒ ආර් විමලරත්න යන ගුරුවරුන්ගේ පුර්ණ කැපකිරම මෙම ප්‍රදර්ශනය සදහා ලබා දි තිබුනි.
මෙවර අපොස සාමාණ්‍ය පෙළ විභාගයේ විද්‍යා විශයේ විෂය නිර්දේශයට අදාල සියලුම පරික්ෂණ  සිදුකර ප්‍රායෝගිකව සිදු කරමින් අත් විදිමින් ඉගෙන ගැනිමට මෙම ප්‍රදර්ශනයේදි අවස්ථාව සලසා දි තිබේ. එයින් මෙවර විභාග ඉලක්ක සාර්ථකව ලගා කර ගැනිමට අවශ්‍ය විෂය සමගාමි ප්‍රායෝගික ක්‍රියාකාරම් සියල්ල දැක බලා ගෙන ඉගෙන ගැනිමට අවස්තාව ලැබි ඇතැයි වෙනත් පාසැල් වලින් ප්‍රදර්ශනය දැක බලා ගැනිම සදහා පැමිණෙන දරු දැරියන් පවසති.



මහියංගණය රෝහල පරීක්ෂණයක් ඉල්ලයි.

මහියංගණය රෝහල පරීක්ෂණයක් ඉල්ලයි. 
2014-11-12 පෙ.ව. 11:29

සර්ප දෂ්ඨ කිරීම්වලට ලක්වන රෝගීන්ට ලබාදෙන  ඒ වී එස් හෙවත් ඇන්ටි වෙනම් සීරම් නැමති ප‍්‍රති විෂ එන්නතේ ක‍්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මෙම එන්නත ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙන්. 

මේ සම්බන්ධයෙන්  කරුණු අනාවරණය වුණේ මහියංගණය රෝහලේ අධ්‍යක්‍ෂවරයා  මෙම එන්නත පිළිබඳ පරීක්ෂණයක් ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුකළ දැනුම්දීමක් පිළිබඳ සොයාබැලීමේදියි. සර්පයින් දෂ්ඨ කිරීම හේතුවෙන් පසුගිය මාස 2 තුළ මහියංගණය රෝහලට ඇතුලත් කල රෝගීන් 4 දෙනෙකු මෙම එන්නත ලබාදීමෙන් පසුව මියගොස් තිබුණා. සර්ප දෂ්ඨ කිරීම් නිසා සිදුවන මරණ සංඛ්‍යාව සියයට 3 ක පමණ අවම අගයක් ගන්නා නිසා වෛද්‍යවරුන් සැක කරන්නේ එන්නතේ ක‍්‍රියාකාරීත්වයේ ඇති ගැටළුවක් නිසා රෝගී ජීවිත හානිවන බවටයි.

ඒ අනුව මහියංගණය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී සෙනරත් බණ්ඩාර මහතා මේ පිළිබද සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුවයි සෞඛ්‍ය අමාත්‍යංශය අදාළ එන්නත පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ.

මේ අතර සර්ප විෂට ලබාදෙන මෙම ප‍්‍රතිවිෂ එන්නත සම්බන්ධයෙන් ගැටලූ පවතින බව තමන්ටද වාර්තාවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප‍්‍රකාශ කළා. මේ නිසා එන්නතේ කි‍්‍රයාකාරිත්වය සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස තම සංගමයේ සියලූම ශාඛා වෙත දැනුම් දී ඇති බවයි එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා සදහන් කලේ.