Wednesday, January 15, 2014

ජනතා විමුක්ති පෙරමුනේ ටිල්විනුයි සංදානයේ මහ ඇමති මහිපාලයි 18 වංගුවේ කොටු වෙයි.


www.news.mahiyangana.com

2014-01-15 පෙ.ව. 2:59
මහනුවර මහියංගන ඒ 26 මාර්ගයේ 18 වංගුවේ 3 වංගුව හා 4 වංගුව අතර කොටසක් වර්ශාව හේතුවෙන් 15 දින උදැසන 5.30ට පමන මාර්ගය...ේ පස් කන්දක් නායායෑමෙන් මාර්ගයට විශාල ගල් හා පස් පෙරලීම හේතුවෙන් මහනුවර මහියංගන මාර්ගයේ ගමනා ගමනය පැය 5කට නවතා දැමිය.
හසලක පොලිසියේ පොලිස් සථානාධිපති කේ එම් ආර් එස් බී කුමාරසේකර මහතා මැදිහත් වී මාර්ග සංවර්ධන නිළධාරින්ට මේ පිළිබද දැන්නුවද ඩෝසර් රියදුරන් පෝය නිවාඩු හේතුවෙන් නිවාඩුගොස් සිටි නිසා හසලක ප්‍ර දේශයේ පෞගලික අයිති කරුවකුගේ ඩෝසරයක් ගෙන්වා මාර්ගයේ ගල් ඉවත් කර වාහන ගමනා ගමනයට ඉඩ කඩ සැලසීමට සිදු විය. මෙම ඩෝසරය පැමිණිම ප්‍රමාද වීම හේතුවෙන් මාර්ගයේ ගමන් ගත් වාහන දිගු පෝලිමක් එකතු වු අතර වාහන වල සිටි මගින් හා ලොරි රථ රියදුරන් එක් වී මාර්ගයට පෙරලුණු කලු ගල් කුලුගෙඩි මගින් කඩා ඉවත් කිරිමට මහත් පරිශ්‍රමයක් ගත් අතර ඔහුන්ගේ උනන්දුව හේතුවෙන් යතුරුපැදි හා ත්‍රිරෝද රථ සදහා ගමන් කිරිමට මාර්ගය සකසා ගැනීමට හැකි විය.
එකතු වු දිගු වාහන පෝලිමේ දේශපාගනයට සම්බන්ද පුද්ගලයන් දෙදෙනෙක්ද සිටින බවට හදුනා ගත් අතර ජනතා විමුක්ති පෙරමුනේ ටිල්වින් සිල්වා මහතා හා මහා අමාත්‍ය මහිපාල හේරත් මහතාද විය. දෙදෙනාම මහියංගනය ප්‍ර දේශය බලා ගමන් කරමින් සිට ඇත. මාර්ගය ගල් ඉවත් කිරිම ප්‍රමාදය හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුනේ ටිල්වින් සිල්වා මහතා මහියංගනය ප්‍ර දේශයේන වාහනයක් ගෙන්වා ගෙන ඔහුගේ ගමනාන්තය වෙත ගිය අතර ටිල්වින් සිල්වා මහතා වෙනත් වාහනයකින් යනු දැක මහා අමාත්‍ය මහිපාල හේරත් මහතා - ජනතා විමුක්තිපෙරමුනේ ටිල්වින් සිල්වා මෙතනි මොනවාද කිය කියා පයින් යනවා මම දැක්කා. මේ ගල පෙරලිලා තියෙන්නෙත් ආන්ඩුවේ වරදින් කිය කිය යනවා ඇති. ඒ ගොල්ලන්ට ඕනම එකක් පේන්නේ ආන්ඩුවේ වැරදිනේ .... මේ ගමනේ එයාගේ ප්‍රමාදයට හේතුව ආන්ඩුවේ වැරද්ද කියලා කියයි යැයි අමාත්‍ය වරයා ප්‍රකාශ කර සිටියා.
පෞගලික හිමි කරුවකුගේ ඩෝසරය මාර්ගයේ ගල් ඉවත් කිරිමට පැමිණියේ උදැසන 10ට පමන වු අතර 10.30ට පමණ මාර්ගයේ ගමනා ගමනය යතා තත්වයට පත් කිරිමට හැකි විය. මහා අමාත්‍ය මහිපාල හේරත් මහතාද පැය 4ක් පමන මාර්ගලයේ කොටු වී සිට ගමනාන්තය දක්වා ගමන් ගත්තේ මාර්ගය යතා තත්වයට පත් කිරිමෙන් පයුවය. මාර්ගයේ ගල් ඉවත් කිරිම ප්‍රමාද වීම හේතුවෙන් දිගු වාහන පොලිමක් එකතු වී තිබු අතර මගින්ට රස්තියාදු වන්නට සිදු විය.
See More



















වැස්ස 18 වංගුව මාර්ගයේ ගමනාගමනය පැය 5ක් නවතා දමයි

 වැස්ස 18 වංගුව මාර්ගයේ ගමනාගමනය පැය 5ක් නවතා දමයි
1/15/2014 2:53 AM
මහනුවර මහියංගන ඒ 26 මාර්ගයේ 18 වංගුවේ 3 වංගුව හා 4 වංගුව අතර කොටසක් වර්ශාව හේතුවෙන් 15 දින උදැසන 5.30ට පමන මාර්ගයේ පස් කන්දක් නායායෑමෙන් මාර්ගයට විශාල ගල් හා පස් පෙරලීම හේතුවෙන් මහනුවර මහියංගන මාර්ගයේ ගමනා ගමනය පැය 5කට නවතා දැමිය.








Tuesday, January 14, 2014

දෙමල ඉගෙන ගන්න ආපු 280ක් ටයිපෝන්ගල් මහියංගනයේදී සමරති

දෙමල ඉගෙන ගන්න ආපු 280ක් ටයිපෝන්ගල් මහියංගනයේදී සමරති
1/14/2014 10:35 AM
මහියංගන මාපාකඩවැව පොලිස් අභ්‍යාස විද්‍යාලයේ දෙමළ භාෂාව ඉගෙන ගැනීමට පැමිණි පොලිස් නිළධාරින් 280ක් අභ්‍යාස විද්‍යාලයේදී දෙමළ චාරිත්‍රාණුකූලව අද (14) උදැසන ටයිපෝන්ගල් උත්සවය සැමරූහ.
රටට අතිගරු ජනපතිතුමන්ට හා රට වාසින්ට මෙන්ම පොලිස්පතිතුමන්ට, නියෝජ්‍ය පොලිස්පතිතුමන්ට සෙත් පතා අශිර්වාද කිරිම හා දෙමළ භාෂාව ඉගෙන ගන්නා පාඨමාලාභින් හට දෙමළ ජාතින්ගේ චාරිත්‍ර වාරිත්‍ර අධ්‍යනයයට අවස්ථාවක් ලබා දීම මෙම වැඩ සටහනේ අරමුණ වී තිබුනා.
ලංකාව පුරා පිහිටි පොලිස්ථානවල පොලිස් නිළධාරින් 280ක් දෙමළ භාෂා පුහුණු පාඨමාලාව හැදැරිමට මහියංගන මාපාකඩවැව පොලිස් අභ්‍යාස විද්‍යාලයට පැමිණ ඇති අතර 2013-09-30 දින සිට මාස 5ක් මෙම දෙමළ පාඨමාලාව පැවැත්වේ.
මහියංගන මාපාකඩවැව පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සහකාර අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි මාරපන මහතාගේ අධික්ෂණයෙන් මාපාකඩවැව පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්ද්‍රෙස්කර මහතාගේ අදහසකට අනුව හා සංවිධානයෙන් සම්බන්දීකරණ නිළධාරි පොලිස් පරික්ෂක ඉල්ලියාස් මහතා හා අභ්‍යාස විද්‍යාලයේ නිළධාරින් හා දෙමළ භාෂාව හැදැරිම සදහා පැමිණ සිටි පොලිස් නිළධාරින් 280 මෙම අවස්ථාව සදහා සහභාගී වී සිටියා.











උඩදුම්බර - මිනිපේ ප්‍රධාන අධිකරණ සංඝනායක හිමි අපවත් වී ඇත.

 
උඩදුම්බර - මිනිපේ ප්‍රධාන අධිකරණ සංඝනායක හිමි අපවත් වී ඇත.

1/14/2014 2:41 PM

මිනිපේ ප්‍රදේශයට ආගමික, සාසනික, අධාපනික, සංස්කෘතියට මහත් සේවවාක් සිදු කල හසලක  මීගොල්ල පුර්වාරාමයේ වැඩ විසු උඩදුම්බර - මිනිපේ ප්‍රධාන අධිකරණ සංඝනායක විමල කිර්ති ශ්‍රි සද්ධම්භනක විනයාචාරි පණ්ඩිත උඩවත්තේ  ශ්‍රි සෝමරතන හිමියන් 13දින ( ඊයේ  ) සවස ගිලන්ව සිට වසර 101ක් ආයු වලදා අපවත් වුහ.

1955 අගෝස්තු 03 දී හසලක මීගොල්ල ගම්වාසීන්ගේ ආරාධනයෙන් මීගොල්ල පුර්වාරාම විහාරස්ථානය ආරම්භ කර ඇති අතර 1956 පොසොන් පෝය දිනකදී උඩවෙල ධර්මරාජ දහම්පාසල මුස්ලිම් හා බෞද්ධ ළමුන් සහිතව ආරම්භ කර ඇති අතර ඒ වන විට ආරම්භක දහම් පාසලේ මුස්ලිම් දරුවන් 13ක් ද බෞද්ධ දරුවන් 02ක් සිට ඇත. එසේ ආරම්භ කල දහම්පාසලේ ධර්මාචාර්ය විභාගය සමත් මුස්ලිම් දරුවන්  දෙදෙනෙක් ද සමාජයට දායාද කරන්නට උන්වහන්සේට හැකි වී ඇත.

1913 දෙසැම්බර් 24 නුවර එළිය දිස්ත්‍රික්කයේ ගග පළාත කෝරලයේ උඩවත්ත ගම්මානයේ උපත හිමිවන් උපත ලබා ඇති අතර ගබ්බෙල සිරි සුමනාරාමා පුරාණ විහාරාධිපති උඩවෙල ශ්‍රි දේවමිත්ත විහාරාධිපතිවහන්සේගේ ශිෂ්‍යයකු ලෙස 1928 මැයි 27 දින පැවිදි දිවියට ඇතුල් වී ඇති අතර පැවිදි දිවියේ මුලික අධ්‍යාපනය බඹරගල කිර්ති  ශ්‍රි රාජසිංහ පිරිවෙනේ අධ්‍යාපනය ලබා ඇති අතර  1930දී වාද්දුව මොල්ලිගොඩ ප්‍රමචනෝද්‍ය පිරිවෙන මගින් වැඩි දුර අධ්‍යාපනය හදාරා ඇත.
 ශ්‍රි දේහයේ අවසන් කටයුතු ජනවාරි 16 වැනි බ්‍රහස්පතින්දා සවස 2.30ට විහාරස්ථ ආදාහන මලුවේදී සිදු කිරිමට නියමිතයි.



Sunday, January 12, 2014

ඓතිහාසික මහියංගන සමන් දේවාලයේ දේව මන්දිරයේ පිවිසුම් රිදි දොරටුව විවෘත කෙරේ.

ඓතිහාසික මහියංගන සමන් දේවාලයේ දේව මන්දිරයේ පිවිසුම් රිදි දොරටුව විවෘත කෙරේ.
1/11/2014 11:40 PM

ඓතිහාසික මහියංගන සමන් දේවාලයේ බස්නායක නිළමේ තැන්පත් ආනන්ද හීන්කෙන්ද මහතා ගේ මැදිහත් වීමෙන් හා නුවර එලියේ හිටපු නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහ...තා ඇතුළු පවුලේ සැම එක්ව සිදු කල ධන පරිත්‍යාගයෙන් හා සරත් ඉලේපෙරුම මහතා ගේ ධන පරිත්‍යාගයෙන් මහියංගන සමන් දේවාලයේ දේව මන්දිරයේ පිවිසුම් දොරටුව රිදියෙන් තනවා අද දින (11) අස්ගිරි මහා විහාර පාර්ශවයේ අතිගරු මහානායක හිමිපානන් වහන්සේගේ හා උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රි ධම්මදස්සී රතනපාල බද්ධ රක්කිතාභිදාන හිමියන්ගේ ප්‍රදානත්වයෙන් හා බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය එම් කේ ඩි එස් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් විවෘත කෙරිනි.See More