Wednesday, January 18, 2017

මෘත දේහයක් මෘත ශරීරාගාරයට නොයවා පැය දහයකටත් වැඩි කාලයක් වාට්ටුවක තබා ගෙන


19:11 06/12/2016
රෝහලේදි මිය ගිය කාන්තාවකගේ මෘත දේහයක් මෘත ශරීරාගාරයට නොයවා පැය දහයකටත් වැඩි කාලයක් රෝහල් වාට්ටුවක තබා ගෙන සිටිම පිළිබ`දව හසලක කොළොංගොඩ ප‍්‍රදේශවාසිහු සිය අප‍්‍රසාදය රෝහල් බලධාරින් වෙත පලකර සිටිති.
හසලක, මැදමීගොල්ල ප‍්‍රදේශයේ හැත්තැපස් හැවිරිදි වයෝවෘධ මවක්වු වයි. එම්. ඒ. ජි. පේ‍්‍රමාවති යන අයට වැළදුණු උණ සහ වමනේයෑම රෝගි තත්වය හේතුවෙන් පවුලේ ඥාතිහු ඇයව ඉකුත් 04 වෙනි දින පස්වරු 1.30 ට පමණ කොළෙංගොඩ රෝහලට ප‍්‍රතිකාර ගැනිමට රැුගෙන ගොස් තිබේ. ඇයගේ රෝගි තත්වය පරික්ෂාකළ වෛද්‍යවරුන් ඇයට ප‍්‍රතිකාර ලබාදිම සදහා රෝහලේ අංක 02 වාට්ටුවට ඇතුලත්කර තිබේ.
මෙසේ නේවාසිකව ප‍්‍රතිකාරගනිමින් සිටි මෙම මාතාව( පසුදින * 05 වෙනි දින අ`ථයම 2.10ට පමණ මිය ගොස් ඇත. මැය මිය ගිය පසු මෘත දේහය මෘතශරීරාගාරය වෙත ගොස් තබනවා වෙනුවට මැයගේ මරණයේ මරණ පරිකෂණය නිමවෙනතුරු එම දේහය රෝහලේ ඇය සිටි වාට්ටුවේම 05 වෙනි දින දහවල් 3.30 දක්වා තබා ගෙන සිට ඇති බවට උල්පතගම හදිසි මරණ පරික්ෂක කේ. බි. හේරත් මහතා සදහන් කරයි.
මෙම අයගේ දේහය තබා තිබු වාට්ටුවේ ඒ වෙනවිටත් තවත් රෝගි කාන්තාවන් දෙදෙනෙකු නේවාසිකව සිටිබව බව වාර්තාවේ. රෝගයකින් මියගිය අයෙකුගේ මෘත දේහයක් පැය දහයකට අධික කාලයක් රෝගින් සිටින වාට්ටුවක තබා තිබිමෙන් එම දේහයේ තිබෙන විෂබීජ පැතිරයෑම වැලක්විමට නොහැකි වෙන බවද මෙය ඉතා කණගාටුදායක තත්වයක් බවද ගම්වාසිහු පවසති.
මෙම දේහය මෙසේ තබා ගැනිමට හේතුවි ඇත්තේ රෝහලේ ඇති මෘත ශරීරාගාරයේ පවතින අබලන් තත්වය නිසා මෘත දේහයක් එහි තැබිමට සුදුසු තත්වයේ නොමැති බව රෝහල් ආංරචි මාර්ග සදහන් කරයි.
මෙවැනි තත්වයන් නිසා රෝගින් ගම්වාසින් සහ මෘත දේහයන්ගේ භාරකරුවන් පත්වෙන අපහසුතාවයෙන් ඔවුන් මුදවා ගැනිමටනම් රෝහලේ ඇති මෘත ශරීරාගාරය වහා ප‍්‍රතිසංස්කරණයක් කිරිම සුදුසු බවද මරණ පරික්ෂක මහතා පෙන්වා දෙයි.

මහියංගනයට අංගසම්පුර්ණ කායවර්ධන හා ශරිර සුවතා ඒකකයක් VRA FAMILY FITNESS CENTER Grand Opening Ceremony


23:40 03/12/2016

“VRA FAMILY FITNESS CENTER“ නමින් අංගසම්පුර්ණ කායවර්ධන හා ශරිර සුවතා ඒකකයක් මහියංගන නගරයේ පසුගිය 01 දින සිට ආරම්භ කරනු ලැබු අතර එය මහියංගන නගරයේ සම්පත් බැංකු ගොඩ නැගිල්ලේ ඉහල මාලයේ පිහිටා ඇත. 
සොරබොර ගෙදර හෝටලයේදී උත්සවාකාරයෙන් පසුගිය දා “ VRA FAMILY FITNESS CENTER“ ආරම්භ කරනු ලැබීය.




සුපෝකභෝගි වාහන කුලියට ගනිමින් ගවයන් ප්‍රවාහනය කල 05ක් අත් අඩංගුවට

 13:53 03/12/2016
සුකෝපභෝගි වාහන කුලියට ගනිමින් නිතිවිරෝධි ආකාරයෙන් ගවයන් ප්‍රවාහනය කල 05ක් අත් අඩංගුවට 
මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලට අනුයුක්ත දිශා අපරාධ හා මෙහෙයුම් ඒකකය මගින් රංදෙනිගල රජ මාවතේ මාඔය පාලම අසලදී මෙම අත් අඩංගුවට ගැනිම සිදු කරනු ලැබු අතර
එහිදී ගවයන් ප්‍රවාහනය කරනු ලැබු සුපෝකභෝගි වෑන් රථ දෙකක් හා සැකකරුවන් 05ක් අත්අඩංගුවට ගනු ලැබීය. ඉතා හිංසාකාරි ලෙස ගවයන් 08ක් වැන් රථ දෙකේ රදවාසිට ඇති අතර පැටවුන් ලැබීමට සිටි ගවයන්ද සිට ඇති අතර 
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරිමේදි හෙලිවී ඇත්තේ ගවයන් ඝාතනය කිරිම සදහා දෙහි අත්තකන්ඩිය සිට මහනුවර දෙල්තොට දක්වා ප්‍රවාහනය කල බව හෙලි වී ඇත.
ඡායාරූප - Anusha Rathnayake



පෞගලික බස් රථ සහ ත‍්‍රීරෝද රථ රියදුරන් මහියංගන නගරයේ විරෝධතාවක

20:59 02/12/2016

රුපියල් විසි පන්දහසේ දඩයට විරෝධය පළ කරමින් රට පුරා ක්‍රියාත්මක පෞද්ගලික බස් රථ හිමියන් සහ ත‍්‍රීරෝද රථ රියදුරන් ගේ විරෝධයට සහය දක්වමින් අද (03) දිනය පුරා මහියංගන නගරයේ සිය ධාවන කටයුතු වලින් ඉවත් ව සිටියේය.
මහියංගන ත්‍රිරෝධරථ සංගම් සාමාජිකයන් අද මහියංගන ලංගම ඩිපෝව ඉදිරිපිට දහවල් ත්‍රිරෝධ රථ පොලිමට නවතා ලමින් පොස්ටර් ප්‍රධර්ශනය කරමින් විරොධතාවයේ නිරත විය. ඒ සදහා ත්‍රිරෝධ රත විශාල පිරිසක් එක්ව සිටියේය.




වැලි ටිපර් එක පාලමේ ඇන්ද ගලවයි

20:39 02/12/2016
මහියංගන ගිරාදුරුකේට්ටේ මාර්ගයේ 2 කණුව ප්‍ර දේශයේ පාලමක අද (02) පාන්දර වැලි ටිපර් රථයක් ගැටි අනතුරට පත් වු අතර ටිපර් රථය ඇලට නොවැටී බේරි ඇත්තේ පුරුවෙ සිදු කල පිනකට බව ගම්වාසින් පවසති.

වාරි ජලය අහිමිව ගොවින්ට පීඩා


නිළධාරින් සමග හැප්පෙන්න ගොස් ඌව මහ ඇමති ඇන ගනී

14:56 29/11/2016
අවංක රාජ්‍ය නිළධාරිනියක වූ ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ( මූල්‍ය ) තම පදයට නැටුවේ නැතැයි කියා එම තනතුරෙන් ඇය ඉවත් කොට ඊට පහල තනතුරකට පත්කර පළිගැනීමක් සිදු කිරීමට ගිය ඌව ප්‍රධාන අමාත්‍ය වරයා හට රාජ්‍ය නිළධාරින්ගෙන් එල්ල වූ විරෝධතාවය හමුවේ එය හකුලා ගැනීමට සිදුව තිබේ.
අදාල නිළධාරිනිය මාරු කිරීමට එරෙහිව පළාත් සභාවේ නිළධාරින් ඊයේ ( 28 දා ) 2017 වර්ෂය සදහා ඉදිරිපත් කල අයවැය විවාදයට සහභාගී නොවීම හේතුවෙන් දැඩි උණුසුම් කාරී තත්වයක් උඩ විවාදය අතරමැද නතර කරන්නට සිදුවිය.
මේ හේතුවෙන් දැඩි ලෙස අසරණ වූ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය වරයා පසුව ඌව ආණ්ඩුකාරවරයාට දන්වා අදාල නිළධාරිනිය ඊයේ රාත්‍රියේම නැවත ඇය සිටි තනතුරටම පත් කර තිබේ. ඊයේ රාත්‍රී 8 ට පමණ ඇගේ නිවසටම පත්වීමේ ලිපිය ගෙනත් දීමට තරම් පළාත් සභාවේ ලොක්කන් අසරණතාවයට පත්ව තිබේ.
කෙසේ වෙතත් මහ ඇමති වරයාගේ මෙම අත්තනෝමතික ක්‍රියාවේදි ඔහුගේ සහයට ඇතැම් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු සිටීම පිළිකුල් සහගත බව උසස් පළාත් සභා නිළධාරියෙකු පැවසීය.

ඌව සබේ අයවැය විවාදය කල් යයි සභා ලේකම් ඇතුළු පිරිසක් විරෝධයක

2016 නොවැම්බර් මස 28

2017 වසර සඳහා ඌව පළාත් සභාවේ අයවැය විවාදයට ගැනීමේ අවස්ථාවට සභා ලේකම් සහභාගි නොවීම නිසා අඟහරුවාදා (29) තෙක් සභාව කල් තැබිණි.
සභාපති ඒ.එම්.බුද්ධදාස මහතා එසේ සභාව කල් තැබූ අතර ඌව සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මූල්‍ය නිලධාරිනය හදිසියේ එම තනතුරින් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරුන් මාණ්ඩලික නිලධාරීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සභා ලේකම් ඇතුළු පිරිසක් අද (28) අයවැය විවාදයට ගැනීමේ අවස්ථාවට සහභාගි නොවුහ.

නිලධාරීන් ඌව පළාත් සභාව වටලයි

28 November 2016 12:42 
ඌව පළාත් සභාවේ 2017 අයවැය ලේඛනය අද (28) ඉදිරිපත්කල අතර පළාත් සභාවේ සියලුම මාණ්ඩලික නිලධාරීන් එය වර්ජනය කර පළාත් සභාව වටකර සිටීමෙන් බරපතල තත්වයක් උද්ගතව තිබු බව වාර්තා වේ.
අද (28) දින පෙරවරු 11.00 පමණ වනවිට මහ ඇමතිවරයා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු සමග විශේෂ සාකච්ඡාවක් පවත්වමින් අයවැයට සහයෝගය ලබාගැනීමේ විශේෂ උත්සාහයක යෙදුන බව වැඩිදුරටත් හෙළි වේ. 
පළාත් සභාවේ මුදල් ලේකම්වරිය මහ ඇමතිවරයාගේ දේශපාලන පලිගැනීමක් වශයෙන් සේවයෙන් පහත හෙළීම නිසා එයට එරෙහිව පළාත් සභාවේ සියළුම නිලධාරීන් පළාත් සභාව වටකල බව අනාවරණටය වේ.

කඩාගෙන ගිය මිනිපේ වාරි ඇලේ පැති බැම්ම ප්‍රතිසංස්කරණය ඉබිගමනේ... මහකන්නේ ගොවිතැන් පටන් ගැනීඹට නොහැකිව මිනිපේ ගොවි ජනපදයම අමාරුවේ.

2016-11-28 ප.ව. 2:01
ශ්‍රිලංකාවේ දිගම වාරි ඇල ලෙස සැලකෙන මිනිපේ යෝද ඇලේ පැති බැම්මක් පසුගියදා කැඩි යාම හේතුවෙන් නවතා දැමු වාරි ජලය හේතුවෙන් මේ වන විට මුලු මිනිපේ ගොවිජනපදයේ ගොවියන් විශාල වශයෙන් පිඩාවට පත්ව සිටින අතර බිදිගිය ස්ථානයේ පිළිසතර කිරිම් ඉබි ගමනින් සිදු කිරිම හේතුවෙන් මහකන්නයේ වී ගොවිතැන ආරම්භ කිරිමට නොහැකි තත්වයක් උදාවී ඇතැයි මිනිපේ ගොවි සමිති නායකයන් චෝදනා කරති.

එම ස්ථානය නිරික්ෂණය සදහා පසුගිය 18 දින උදැසන පැමිණි මධ්‍යම පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂක කේ එම් ඒ පී කරුණානායක මහතා ප්‍රකාශ කර සිටියේ පැය 24ම තම සේවක මණ්ඩලය යොදා එම ස්ථානය පිළිසතර කර ගොවි ජනතාව වෙත මාස් කන්නය ආරම්භ කිරිම සදහා කඩිනමින් වාරි ජලය සපයන බවත් ය. එහෙත් සති 02ක් ගතව ඇතත් එම ස්ථානයේ පිළිසතර කිරිම් ඉබිගමනින් සිදු කෙරෙනා බව ගොවි සමිති නායකයන් චෝදනා කරන අතර මෙසේ මාස්කන්නය මගහැරුනහොත් සිංහල අව්රුදු කෑමටත් නොහැකි තත්වයක් උදවන ඇති බව ගොවිහු පවසති.

ශ්‍රිලංකාවේ දිගම වාරි ඇල (74Km) ලෙස සැලකෙන මිනිපේ යෝද ඇලේ පැති බැම්මක් පසුගිය 17 සවස වර්ෂාවත් සමග, හදගනාව ප්‍ර දේශයේදී කඩාගෙන යෑම හේතුවෙන් මිනිපේ යෝද ඇලේ ජල සැපයුම තාවකාලිකව නවතා දමාන ලදී.

මාස්කන්නය සදහා මිනිපේ ගොවිජනපදයට 17 දින වාරිජලය මුදාහැරිම සිදු කල අතර සවස අධික වර්ෂාවත් සමග වාරි ඇලේ පැති බැම්මක් කඩගෙන හානියට පත් විය . මෙම ගැටලුව හේතුවෙන් වී ගොවිතැන සදහා මිනිපේ 01 පියවර, 02පියවර, 03 පියවර, 04 පියවර සදහා ජලය සපයාගැනීමට නොහැකිව ඇත. මේ හේතුවෙන් මිනිපේ ගොවි ජනපදයේ කුඹුරු අක්කර 25000ක් පමණ වගා කටයුතු මේ වන විට අඩාලව ඇත.

වසර 50කට පමණ පෙර ඉදිකරන ලද කොන්ක්‍රිට් බැමි කොටසක් හා පස් බැම්ම මෙලෙස හානියට පත්ව ඇත. අඩි 15ක පමණ විශාල කොටසක් හානියට පත්ව ඇත.
ගොවි ජනතාවගේ මෙම චෝදනා සම්බන්දයෙන් මධ්‍යම පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂක කේ එම් ඒ පී කරුණානායක මහතා ගෙන් විමසු විට ගොවිසමිති නායකයන්ගේ චෝදන නිවැරදි නොවන බවත්, දිවා රාත්‍රි තම සේවකයන් එම ස්ථානයේ වැඩ කරමින් කඩිනමින් පිළිසතර කිරිම් නිම කරන බවත් දින කිපයක් තුලදී මිනිපේ ගොවි ජනපදයට වාරි ජලය නිකුත් කිරිමට හැකි බවත්ය.

සොරබොර ගුරුමඩ ගම්මානයට අලි පනිති

 20:50 27/11/2016
මහියංගන,සොරබොර ගුරුමඩ ගම්මානයට සති කිහිපයක් තිස්සේ වන අලි පැමිණ විශාල වශයෙන් බවබෝග හානි සිදු කරනා බවත් පාරක තොටක ගමනාගමනය ඉතා අවදානම් තත්වයටකට පත්ව ඇති බවත්, රාත්‍රියට පමණක් නොව දහවලටද මෙම වන අලි කරදර වලට ගම්වාසීන් හට මුහුණ පාන්නට සිදුව ඇති බවට ගම්වාසින් චෝදනා කරති. අද (27) දින සොරබොර, ගුරුමඩ ගම්මානයේ රැදි සිටි වන අලියා හේතුවෙන් ගම්වාසින් මහත් අසිරුතාවයකට පත් වු අතර ගම්වාසින්ගේ දෛනික කටයුතුද අඩාල විය.









ඌවේ මහ ඇමති මාර්ග නීති පිළිපදින හැටි මෙන්න..!!

November 25, 2016 

මහාමාර්ග වල සිදුවන මාර්ග අනතුරු දවසින් දවස ඉහල යන යුගයක පළාතක ප්‍රධාන පුරවැසියෙක් මහ දවල් මාර්ග නීති කඩ කරන්නේ නම් එය කෙතරම් වැරදිද..?

බදුල්ල නගරයේ රෝහල අසල ඇති අනතුරු දායක වංගුව අසලදී අද (25) දහවල් මහා හඬින් හෝන් නාදකරගෙන පැමිණ ඉදිරියෙන් එන වංගුවද නොතකමින් ඔහුගේ පරිවාර රථ සමග ධාවනයේ යෙදුන අන්දම ඔබට පහත පින්තුර වලින් දැකිය හැක.

රටේ සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කරමින් මාර්ග අනතුරු අවම කිරීමට යැයි කියා අධික ලෙස බදු ගසන මෙවන් වකවානුවක ඌවේ මහ ඇමතිට එරෙහිව පොලිසිය ගන්නාඋ ක්‍රියා මාර්ගය දෙස අපේ රටම බලා සිටින්නෙමු..!

http://aperata.net/ඌවේ-මහ-ඇමති-මාර්ග-නීති-පිළ/

වෙළෙඳ සැලක් කඩාගෙන වැලි ටිපර් එක ඇතුලේ

වෙළෙඳ සැලක් කඩාගෙන වැලි ටිපර් එක ඇතුලේ
20:52 25/11/2016
මහියංගණ ,විරානගම,10 කනුව අනතුරු බහුල මාරක වංගුවේ අද (25) සවස ටිපර් රථයක් වෙළෙඳ සැලක් කඩාගෙන අනතුරට ලක්වි ඇත. වෙළෙදසැලේ සිටි කාන්තාවන් දෙදෙනෙකු දිවි බේරාගෙන ඇත්තේ බොහෝ අසිරුවෙන් වන අතර රියදුරු බීමත්ව සිටින්නට ඇතැයි සැක ඵල කෙරේ .

අලි රංචු පිටින් ගම්වදිති

21:27 24/11/2016
මේ දිනවල මහියංගන අවට ගම්මාන රැසකට වන අලින්ගේ තර්ජනයට ලක් වෙලා. දිනපතා වන අලි රංචුපිටින් ගම්වැදීම් සිදුකර බවබෝග දේපල විනාශ කරති.
පසුගියදා (21දින) ගැමුණුපුර ප්‍රදේශයේ රාත්‍රිෙය් වන අලි රංචුවක් ගම්වැදී පසුදා උදැසන ට්‍රැක් 15 කොටසෙහි පාලමකින් පිටව යන ආකාරය News at Mahiyangana බින්තැන්නේ වං හුං පිටුවෙහි නිත්‍ය සාමාජිකයකු වන සුගත් රොෂාන් (Sugath Roshan) කැමරා කාචයේ සටහන් කර අප වෙත යොමු කර ඇත.
වගකිවයතු නිළධාරින් හා බළධාරින් කොතෙකුත් දැනුවත් කලද මෙම ගැටලුව සදහා ස්ථිරසාර විසදුමක් ලබාදෙන්නට නොහැකි වීම තුල මහියංගන අවට ගම්මාන රැසක ගොවිජනතාව, අඩු ආදායම්ලාභින් රැසක් පිඩාවට පත්ව සිටි.

ඡායාරූප - සුගත් රොෂාන් (Sugath Roshan)


අපේ උරුමයන් පිළිබද ගවේෂණාත්මකව සොයා බැලීම - රිදිමාලියද්ද ඓතිහාසික සෙනසුන්ගල රජමහා විහාරය ජාතික රූපවාහිනිය - Sri Lanka Rupavahini (TV) Corporation 2016-11-14

අපේ උරුමයන් පිළිබද ගවේෂණාත්මකව සොයා බැලීම - රිදිමාලියද්ද ඓතිහාසික සෙනසුන්ගල රජමහා විහාරය ජාතික රූපවාහිනිය - Sri Lanka Rupavahini (TV) Corporation 2016-11-14

https://www.youtube.com/watch?v=jBisBL1lM6A

ගිරාදුරුකෝට්ටේ වැවක් හාර නිදන්හොරු නිදන් සොයති


මේ දිනවල මහියංගන අවට ගම්මාන රැසකට වන අලින්ගෙන් තර්ජන හා ගම්වැදීම් සිදුවන අතර අද උදැසන මහවැලි ගඟ ආශ්‍රිතව සැරිසැරූ වන අලි කිහිප දෙනෙකු සිටින අයුරු දැකගත හැකි වින.

November 23, 2016
මේ දිනවල මහියංගන අවට ගම්මාන රැසකට වන අලින්ගෙන් තර්ජන හා ගම්වැදීම් සිදුවන අතර අද උදැසන මහවැලි ගඟ ආශ්‍රිතව සැරිසැරූ වන අලි කිහිප දෙනෙකු සිටින අයුරු දැකගත හැකි වින.

ඡායාරූප - දමුණුමුල්ලේ රතනජෝති පොඩි හාමුදුරුවෝ

මහනුවර ප්‍රසිද්ද පාසලක සිසුවෙකුට මේ පහර දෙන්නේ මහියංගණයේ කිහිප දෙනෙක් - බලන්න ඔබ ඔහුන්ව හදුනනවාද කියා........

මහනුවර ප්‍රසිද්ද පාසලක සිසුවෙකුට මේ පහර දෙන්නේ මහියංගණයේ කිහිප දෙනෙක් - බලන්න ඔබ ඔහුන්ව හදුනනවාද කියා........

http://www.hirunews.lk/sinhala/148158/%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%A7-%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92-%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A

ආදිවාසී ක්‍රිකට් ජාතික තලයට ගන්න තල්ලුවක් ඉල්ලයි


19 November 2016.

ආදිවාසී ක්‍රිකට් කණ්ඩායම තම හැකියාවන් වැඩි දියුණු කර ගැනීමට උදව් කරන්නැයි දඹානේ ආදිවාසී ක්‍රිකට් කණ්ඩායම රජයෙන් හා ක්‍රීඩා සංවිධානවලින් ඉල්ලා සිටිනවා.

කිසිඳු ගුරුවරයෙක් නොමැතිව මේ වන විට ක්‍රිකට් තරගවලට සහභාගී වී ජයග්‍රහණ රැසක් ලබා ගෙන ඇති බව ද ආදිවාසී නායක උරුවරිගේ වන්නියලැ ඇත්තෝ පවසනවා.

රටක් ලෝකයක් දියුණු වන විට රැහේ අය ද ඊට අනුගත වීම වැළැක්වීම නොහැකි බව ප්‍රකාශ කරන ආදිවාසී නායකයා ආදිවාසී තරුණයන් ආදිවාසී ආචාර ධර්මවලට හානි නොවන ආකාරයෙන් මෙම කටයුතු සිදුකරන බවත් ආදිවාසී නායක උරුවරිගේ වන්නියලැ ඇත්තෝ ප්‍රකාශ කරනවා.

මිනිපේ වාරි ඇලේ පැති බැම්මක් පෙරලෙයි - මහකන්නයට වාරි ජලය නොලැබී ගොවිතැන අඩාල වේ යැයි බියක්


2016-11-18 ප.ව. 1:03

ශ්‍රිලංකාවේ දිගම වාරි ඇල (74Km) ලෙස සැලකෙන මිනිපේ යෝද ඇලේ පැති බැම්මක් ඊයේ(17) සවස වර්ෂාවත් සමග, හදගනාව ප්‍ර දේශයේදී කඩාගෙන යෑම හේතුවෙන් මේ වන විට මිනිපේ යෝද ඇලේ ජල සැපයුම තාවකාලිකව නවතා දමා ඇත. මාස්කන්නය සදහා මිනිපේ ගොවිජනපදයට ඊයේ (17) වාරිජලය මුදාහැරිම සිදු කල අතර සවස අධික වර්ෂාවත් සමග වාරි ඇලේ පැති බැම්ම කඩගෙන ගොස් ඇත. මෙම ගැටලුව හේතුවෙන් වී ගොවිතැන සදහා මිනිපේ 01 පියවර, 02පියවර, 03 පියවර, 04 පියවර සදහා ජලය සපයාගැනීමට නොහැකිව ඇත.

වසර 50කට පමණ පෙර ඉදිකරන ලද කොන්ක්‍රිට් බැමි කොටසක් හා පස් බැම්ම මෙලෙස හානියට පත්ව ඇත. අඩි 15ක පමණ විශාල කොටසක් හානියට පත්ව ඇත.

මේ වන විට එම ස්ථානයේ අලුත් වැඩියාකටයුතු වාරිමාර්ග දෙපාර්ථමේන්තුව විසින් අරබා ඇති අතර අලුත් වැඩියා කටයුතු හේතුවෙන් කුඹුරු සදහා ජල සැපයුම සම්පුර්ණයෙන්ම නවතා දමා ඇත. වී ගොවිතැන සදහා වර්ෂාවද මේ වන විට යහපත්ව නොලැබීම හේතුවෙන් ඇල කඩිනමින් ප්‍රති සංස්කරණය කර ගොවිතැන සදහා වාරි ජලය නිකුත් කරන ලෙස මිනිපේ ගොවිජනතාව ඉල්ලා සිටී.

අද (18) උදැසන මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාද එම ස්ථානය නිරික්ෂණය සදහා පැමිණි අතර, ගොවිජනතාවට කඩිනමින් වාරි ජලය ලබාදීම සදහා කැඩි ගිය ස්ථානය කඩිනමින් පිළිසතර කරන ලෙස අදාල නිළධාරින් සදහා උපදෙස් ලබාදී ඇත.
මධ්‍යම පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂක කේ එම් ඒ පී කරුණානායක මහතා “ ඊයේ මිනිපේ වාරි ඇලේ ගොවියන් හට අපි වතුර දෙන්න සුදානම් කරලා තිබුනේ. වතුර දෙනවාත් එක්කම ප්‍රධාන ඇලේ 15 කිලෝමීටරයේදී ජල පැන්නුම් නිර්මිතයට පහල පැත්තෙන් ඇති පැති බැම්මක් කඩාගෙන ගිහින් අඩි 15ක් පමණ ප්‍රමාණයක් පස්බැම්මත් එක්ක හෝදගෙන ගිහින් තියෙනවා මේ වන විට. දැනට අපි ප්‍රධාන ඇලේ ජලය නවත්තලා තියෙන්නේ. කඩාගෙන ගිහින් තියෙන පස් බැම්ම පුරවාල, කොන්ක්‍රිට් බැම්මත් සාදලා ඉතා ඉක්මනින් ජලය ලබාදෙන්න අපි බලා පොරොත්තු වෙනවා. ඒ සදහා දිවා රාත්‍රි අපි කටයුතු කරන්න සුදානමින් ඉන්නේ“ යැයි පැවසීය