Tuesday, March 15, 2016

මහියංගනයේ අපවිත්‍රම-අපිරිසිදුම කඩේ මෙන් - හැදෙනවානම් ඕන්න දැන්වක් හැදෙන්න

3/15/2016 11:30 PM
මහියංගන නගරයේ වෙළෙදසැල් මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන්ගේ අධික්ෂණයට ඊයේ (14) දිනය පුරා ලක් කල අතර එහිදි වැඩිම වැරදි සංඛාවකට හා අපිරිසිදුම වෙළෙද සැල ලෙස නිතියේ රැහැනට ඉදිරිපත් කල ව්‍යාපාරික ස්ථානයයයි මේ ඔබ දකින්නේ
එහිදී කැරපොත්තන් කැදලිපිටින් සිටි තුනපහ කුඩු විකිනිම
මීයන්ගේ රස බොජුන් බවට පත් වු ආහාර පාන විකිනිම
ගුල්ලො ගැසු පාන්පිටි විකිණිම
සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවලට පටහැනි ලෙස ආහාර පාර ගබඩා කිරිම උඩු මහල
ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිය අපවිත්‍ර හා කසල ගොඩ ගැසුනු ස්ථානයක් ලෙස අපවිත්‍ර ආකාරයෙන් පවත්වා ගනිම ආදියට මෙම ව්‍යාපාරික ස්ථානය වැරදි කරුවන් වු අතර ඉදිරි දින කිහිපය ඇතුලතදී මහියංගන අධිකරනය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
ඔබත් මෙම ස්ථානායෙන් ආහාර පාන, ද්‍රව්‍ය මිළදි ගන්නේනම් ඒවයේ තත්වය පිළිබස සැලකිල්ලක් දැක්වීමට කටයුතු කරන්න . එය ඔබගේ සෞඛ්‍ය ආරක්ෂාවට යෝග්‍ය වේ









පාසැල් යමින් සිටි දියණියට වන අලි පහරදී දියණිය පියා සමග රෝහලේ -


2016-03-15 ප.ව. 1:34
උදැසන පාසැල් යමින් සිටි දැරියකට වන අලි පහරදීමක් හේතුවෙන් අද (15) උදැසන තුවාල ලබා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කරනු ලැබුවා. අය සමග යතුරුපැදියේ ගමන් ගත් පියාද තුවාල ලබා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.
මෙසේ වන අලි පහර දීමෙන් තුවාල ලබා ඇත්තේ මහියංගන, අරාවත්ත, රඹුක්යාය ගම්මානයේ එච් එම් රම්බණ්ඩා හා ඇගේ දියනිය වන එච් එම් හර්ෂණි ලක්මාලි වයස අව්රුදු 13ක් වන ඔරුබැදිවැව විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දියනියකි.
අද (15) උදැසන 6.15ට පමණ පියා සමග යතුරුපැදියකින් පාසැල් යමින් සිටයදී කැලෑරොදක සිට වන අලියා පාරට පැමිණ යතුරු පැදියට පහරදී වන අලියා පියාට හා තමන්ට පහරදුන් බව හර්ෂණි පවසන්නීය. ගම්මානයේ වගා නොකල විශාල ඉඩම් ප්‍රමාණයක් පවතින බවත් එම ඉඩම් කැලෑ බවට පත්ව ඇති බවත් ඒවායේ සිට ගම්මානයේ අතරු මාර්ග වෙත අලි පැමිනෙන බවත් කැලෑ හේතුවෙන් වන අලි මාර්ගයේ ගමන් ගන්නා ගම්වාසින්ගේ ඉදිරියටම පැමිනීම හේතුවෙන් විශාල ගැටලුවක්ව පවතින බවත්, සෑම දිනකම උදැසන හා සවස් කාලයේ අන අලි ගම්වදින බවත් මාර්ග වල ගමන් කිරිම නිසා පාසැල් යෑම ගැටලුවක් ව ඇති බව වන අලි පහරදීමෙන් තුවල ලබා මහියංගන රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබාගන්නා හර්ෂනි ප්‍රකාශ කර සිටියේ.
ගම්මානය මැද පිහිටි අරාවත්ත විද්‍යාලයේ 1 වසරේ සිට 11 වසර දක්වා පන්ති පැවති බවත් පසුගිය රජයේ විද්‍යාල ද්වතීකරන ක්‍රමය හේතුවෙන් අරාවත්ත විද්‍යාලයේ 6 වසරේ සිට පන්ති නතර කර එම දරුවන් ඔරුබැදිවවැ විද්‍යාලය වෙත ඇතුලත් කරන්නට සිදු වීමෙන්, කිලෝමිටර් 8-10ක් ප්‍රමාණයක් දරුවන් පාන්දරින්ම පාසැල් යෑමට සිදු වීම හේතුවෙන් පාසැල් දැරුවන් මෙම වන අලි ප්‍රහාරයන්ට ලක්ව අනතුරු සිදුවීමේ ඉඩ කඩ වැඩි වී ඇති බවත් , නැවත් අරාවත්ත විද්‍යාලයේ ඉවක් කල පංති ස්ථාපිත කර දෙන දෙස ගම්මානගේ දෙමාපියන් වග කිවයුතු බලධාරින්ගෙන් ඉල්ලා සිටී.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා වන අලි ප්‍රහාරයට ලක් වු දැරියගේ සුවදුක් විමසීමට මහියංගන මුලික රෝහල වෙත පැමිණි අතර පසුව අරාවත්ත ගම්මානය වෙත ගොස් ගම්මානයේ මාර්ග දෙපස භුමි එලි පෙහෙලි කර ගන්නා ලෙස දැනුම් දන් අතර ගම්වාසින් ග්‍රාමනිළධාරිවරයා හා අරාවත්ත විද්‍යාලයේ විදුහල්පති වරයාගේ මුලිකත්වයෙන් අද දහවල් මාර්ග දෙපස සුද්ද පවිත්‍ර කර වන අලි රැදි සිටිය හැකි ලදු කැළැ එලි පෙහෙලි කලේය.
සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහාතා විසින් වනජිවි නිළධාරින් දැනුවත් කර මෙම ගම්වදින වන අලි සම්බන්දයෙන් ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ගම්වාසින් හට සහන ලබාදෙන ලෙස දැනුම් දුන්නේය.





Wednesday, March 9, 2016


මහියංගන විහාරාධිපති නාහිමියෝ අපවත් වෙති

2016 මාර්තු මස 09 21:05:56 |
 
ගලගම අත්ථදස්සි අස්ගිරි මහ නාහිමියෝ ( මහියංගන රජමහා විහාරාධිපති ) මීට සුළු මොහොතකට පෙර අපවත්වූ බව රෝහල් ආරංචි කියයි.
උන්වහන්සේ අපවත් වන විට 95 වැනි වියේ පසුවූහ. සියම් මහ නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ගලගම ශ්‍රී අත්ථදස්සි මහා නා හිමියන් උපත ලැබුවේ වන ජන්ම දිනය ජනවාරි 11 වැනිදාය.
කුලතුංග මුදියන්සේලාගේ ඩිංගිරි බණ්ඩා නිළමේතුමා සහ තෙන්නකෝන් මුදියන්සේලාගේ පිංචි අම්මා කුමාරිහාමි මාතාවට දාව උපත ලද ටිකිරි බණ්ඩා කුල කුමරු මාතලේ යටවත්ත වීර පරාක්‍රම මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර 1936 දී උඩුරාවණ ශ්‍රී ධම්මානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට ඇතුළත් විය.
අනුනායක ධූරය දරමින් සිටියදී 2015 මැයි මස 08 වන දින අස්ගිරි පාර්ශවයේ 21 වන මහා නායක ලෙස එම පදවියට උන්වහන්සේ පත්වූයේ විංසත්වර්ගික කාරක සංඝ සභාවේ සමානච්ඡන්දයෙනි.
වර්ෂ 1998 සිට මහානායක පදවියට පත්වන තෙක් උන්වහන්සේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පදවිය හෙබ වූහ. අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික ධූරයට වර්ෂ 1982 දී පත් උන්වහන්සේ 1994 දී ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ධූරයට පත් වූහ. 1981 සිට ශ්‍රී දළදා මාලිගාවේ තේවා කටයුතු භාරව අවස්ථා ගණනාවකදී කටයුතු කළ අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේ මෙරට බෞද්ධ ශාසනය ඔපවත් කරන ශාසන හිතකාමී නිර්මල දිවිපෙවතක් ගත කළ හිමිපාණන් වහන්සේ නමකි.

Friday, March 4, 2016

ඵලායෑමට තැත්කල යතුරුපැදිය අල්ලා වාහන හොරකම් රැසක් මාට්ටු කර ගනී


2016-03-04 ප.ව. 12:43
මහියංගන ගිරාදුරුකෝට්ට මාර්ගයේ රථවාහන පොලිස් නිළධාරින්ගේ අණ නොතකා ධාවනය කල තරුණයෙකු පසු පස හබාගොස් අල්ලා ගැනිමෙන් අනතුරුව සිදු කල ප්‍රශ්න කිරිම් වලින් පසුව එය සොරාගන්නා ලද යතුරුපැදියක් වබට හදුනා ගත් බවත් සැකකරුගෙන් ප්‍රශ්න කිරිමේදි වාහන 4ක් හා රත්‍රංබඩු කොල්ල කෑම් 3ක් පිළිබද තොරතුරු හෙලි කර ගන්නට හැකි වු බව මහියංගන පොලිසිය කියයි
අත් අඩංගුවට ගත් තරුණයා වැල්ලවාය ඇතිලිවැව ප්‍ර දේශයේ පදිංචි කරුවෙකු වන අතර වයස අවුරුදු 18ක තරුණයෙකි.
සැකකරු විසින් රථවාහනන 4ක් සොරකම් කර ඇති බවත් රත්‍රං මාල 3ක් කඩාගෙන ඇති බව ප්‍රශ්න කිරිම් හමුවේ පවසා ඇත. හොරන ප්‍රෙදේශයේදී කලුපැහැති ත්‍රිෙරා්ධරථයක් හා ඩිස්කවරි යතුරුපැදියක් සොරකම් කල බව ප්‍රශ්න කිරිම් හමුවේ අනාවරණය කරගෙන ඇත. අනෙකුත් සොරාගත් වාහන පිළිබද සැකකරු විසින් තොරතුරු හොලි කර ඇත.
මෙම සොරකම් සදහා පුද්ගලයන් තිදෙනෙකු සම්බන්ද බවත් ඔහුන් සොයා පොලිස් පරික්ෂණ ආරම්භ කර ඇති පව පොලිසිය පවසති. සැකකරු මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
ඌව පළාත් නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහතා,බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ගලප්පත්ති මහතා, මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතාගේ උපදෙස් මතමහියංගන පොලිස්ථානයේ ස්ථානාධිපති සරත් කුමාර මහතා හා අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර් ඒ ඩි අයි රාජපක්ෂ මහතා වැඩිදුර පරික්ෂණ පවත්වති. රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක රෝෂාන් සංජිව මහතා හා පො. සැ. 53728 ආරියවංශ, පො. සහයක 2601 කරුණාරත්න විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇත


News update >> හොරුන්ගෙත් හොරු කම්බ හොරු දෙදෙනෙක් පොලිසියට බඩුත් එක්ක මාට්ටු - රැදී සිටි කුලි නිවසේ අයිතිකරුගේ නිවසත් කඩලා


2016-03-04 ප.ව. 12:43

තමන් නැවතී සිටින කුලි නිවසේ අයිතිකරුගේ නිවසත් හොරෙන් කඩා භාන්ඩ හා රත්‍රං සොරකම් කල සොරුන් දෙදෙනෙකු ඊයේ (03) සවස  මහියංගන පොලිසිය සිදු මෙහෙයුමකින් පසු භාන්ඩ සමග අත් අඩංගුවට ගැනීමට හැකි වු බව මහියංගන පොලිසිය පවසනවා. එම නිවසේ රුපියල් 160000 වටිනා රත්‍රන් මාලයක්,මුදු 2ක්, පෙන්ඩනයක් සොරකම් කර ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන්  වයස 19ක හා 21 වන වියේ පසු වන අය වන අතර සෙවන ගල ප්‍ර දේශයේ පදිංචි අය වෙති. ඔහුන් සොරබොර විද්‍යාලය ඉදිරිපිට නිවසක් කුලියට ගෙන නැන්දනිය හා නැන්දනියගේ දුව සම මාස 2ක් පමන කාලයක් එහි සිට ඇත. එක් තරුණයෙකු සොරබොර වැලි තොටක ට්‍රැක්ටර් රථයක රියදුරු ලෙස සේවය කර ඇත.
වැඩිදුර ප්‍රශ්න කිරිමේදී අනාවරනය වු තවත් තොරතුරු වන්නේ මහියංගන මාපාකඩවැව සමුපකාරය කඩා රුපියල් 26852ක භාණ්ඩද, සොරබොර සමුපකාරය කඩා රුපියල් 5782ක භාන්ඩද, මහියංගන පුජානගරයේ ඇලෑවෙල වෙළෙදසැලක් කඩා රුපියල් 35000ක භාන්ඩද සොරකම් කර ඇති බවයි.
ඔහුන් සිටි කුලි නිවස අසල නිවෙස්වල ගස්ලබු, පොල් ආදිය නැතිවෙන්න පටන්ගෙන ඇති අතර ගම්මානයේ නිවාස වෙළෙදසැල් කඩා බඩු, රත්‍රං සොරකම් රැසක් පසුගිය මාස 2 තුලදී සිදු කර ඇත. 03 දින දින උදැසන ඔහුන් රැදි සිටින කුලි නිවෙසේ අයිති කරුගේ නිවසද නිවසේ කිසිවෙකු නොමැති විට කඩා බඩු හා රත්‍රංබඩු සොරකම් කර ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වු මහියංගන පොලිස්ථානයේ නිළධාරින්  පොලිස් බල්ලකු යොදා පරික්ෂණ සිදු කල අතර ඊයේ (03) දින සවස මෙම තරුණයන් දෙදෙනා අත් අඩංගුවට ගත්තා. නිවාස හා වෙළෙදසැල් වලින් සොරකම් කල ද්‍රව්‍ය රැසක් ඔහුන් රැදි සිටි නිවසේ තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී. එහුන් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
ඔහුන්ගේ නැන්දනිය හා දියනිය මේවන විට ප්‍ර දේශයෙන් ඵලාගොස් ඇති අතර සිදු කල ප්‍රශ්න කිරිම් වලදී  නැන්දනියගේ අනුදැනුම හා සහයෝගයෙන් මග පෙන්වීමෙන් මෙම සොරකම් කර ඇති බවයි. සොරකම් නිමවීමෙන් පසු ත්‍රිරෝද රථයකින් නැන්දනිය තරුණයන් හා භාන්ඩ රැගෙන ඒමට පැමිනෙන බව ප්‍රශ්න කිරිම් වලදී අනාවරණය කර ගත හැකි වු බව පොලිය පවසති. ඔහුන් සොයා පරික්ෂණ ආරම්භ කර ඇති බව මහියංගන පොලිසියේ උසස් නිළධාරිවරයෙකු පැවසීය.
ඌව පළාත් නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහතා,බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ගලප්පත්ති මහතා, මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතාගේ උපදෙස් මතමහියංගන පොලිස්ථානයේ ස්ථානාධිපති සරත් කුමාර මහතා හා අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර් ඒ ඩි අයි රාජපක්ෂ මහතා පරික්ෂණ සිදු කරති. 



Thursday, March 3, 2016

හොරුන්ගෙත් හොරු කම්බ හොරු දෙදෙනෙක් පොලිසියට බඩුත් එක්ක මාට්ටු - ගමේ ගෙවල් කඩ රැසක් කැඩු හොරු 2ක් හවස අල්ලයි - තමා සිටි කුලි නිවසේ අයිතිකරුගේ නිවසත් අද අදේ කඩලා

2016-03-03 ප.ව. 7:23
මහියංගන සොරබොර ගම්මානයේ නිවාස, වෙළෙදසැල් රැසක් කඩා සොරකම් කල සොර තරුණයන් 2ක් අද (03) හවස මහියංගන පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තා . වෙනත් ප්‍ර දේශයක සිට පැමිණ සොරබොර පාසැල් මාවතේ නිවසක් කුලියට ගනිමින්, සොරබොර වැලි තොටක ට්‍රැක්ටරයක රියදුරු ලෙස මෙම තරුණයන් දෙදෙනා සේවය කර ඇත.
ඔහුන් සිටි කුලි නිවස අසල නිවෙස්වල ගස්ලබු, පොල් ආදිය නැතිවෙන්න පටන්ගෙන ඇති අතර ගම්මානයේ නිවාස වෙළෙදසැල් කඩා බඩු, රත්‍රං සොරකම් රැසක් පසුගිය මාස 3දි සිදු වී ඇති අතර අද දින උදැසන ඔහුන් රැදි සිටින කුලි නිවෙසේ අයිති කරුගේ නිවසද නිවසේ කිසිවෙකු නොමැති විට කඩා බඩු හා රත්‍රංබඩු සොරකම් කර ඇත. 
ඒ අනුව ක්‍රියාත්මක වු මහියංගන පොලිස්ථානයේ නිළධාරින් පොලිස් බල්ලකු යොදා පරික්ෂණ සිදු කල අතර අද දින සවස මෙම තරුණයන් දෙදෙනා අත් අඩංගුවට ගත්තා. නිවාස හා වෙළෙදසැල් වලින් සොරකම් කල ද්‍රව්‍ය රැසක් ඔහුන් රැදි සිටි නිවසේ තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී. එහුන් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.




පොහොර ෆෝම් පුච්චයි - කිරි ඇල්ලගේ පණිවිඩයක් අරන් පැමිණි ජනතා නියෝජිතයාට හොද හුහු හු හු පාරක්

2016-03-03 ප.ව. 1:31

“ අපි 18 වංගුව රිලව් බවට පත් වෙන්න කැමති නෑ. එදා රිලව් කෑවේ අවර කරලක්. බඩ ඉරිගු කරලක්. ඒවා කාලා ජිවත් උන රිලව්න්ට අද අපේ මිනිස්සු කේක්, බනිස් කන්නදීලා  දීලා රිලව් ඒවාට පුරුදුවෙලා පාරෙ ඉන්නවා. හැබැයි ඒ තත්වෙට අපේ රටේ ගොවිජනතාව පත් කරන්න එපා කියලා මම බළධාරින්ගෙන් ඉල්ලනවා. ගොවිජනතාවට සහන ක්‍රමයක් යටතේ පොහොර දෙන්න ඕන. “ යැයි මිනිපේ ඒකාබද්ද ගොවි සංවිධානයේ සභාපති සුනිල් ගමගේ මහතා ගොවියන්ගේ පොහොර ගැටලුව වෙනුවෙන් හසලක අද උදැසන (03) නගරයේදී පැවති විරෝධතාවයකදී ප්‍රකාශ කරසිටියේය.
ෆෝම් එපා - ෆොටෝ එපා - චක්‍ර ලේඛ තවත් එපා  පොහොර ගැටලුව වෙනුවෙන් මිනිපේ ඒකාබද්ද ගොවි සමිතිය හා සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ සංවිධානයෙන්  හසලක නගරයේදි මෙම විරෝධතාවයක් සංවිධානය කර තිබුනි.
උදැසන 10.00ට පමණ ආරම්භ වු විරෝධතාවය හසලක නගර යේ ගාමිණි කුළරත්න පිළිරුව  අසලින් ආරම්භ වී නගරය වෙත පාගමනින් පැමිනියේය. මහියංගන මහනුවර මාර්ගය හරස් කරමින් පැය 2කට ආසන්න කාලයක් විරෝධතාවයෙ නිරත විය. මාර්ග ගමනාගමනය අඩාල වී දිගු වාහන පොලිම් දක්නට ලැබින.
මේ කන්නයේ වී මිළදී ගැනීම සදහා මිනිපේ මොරයාය, හසලක පල්ලෙවත් , කොළොන්ගොඩ යන වී ගබඩා හිස් කර  අපේ වී මිළදී ගන්න, ගොවියා අපහසුතාවයට පත් කරන ෆොටො / ෆෝම් එපා, 350 ට පොහොර දෙන්න, සහතික මිළට වී මිළදී ගන්න, යන ඉල්ලීම් ගොවිජනාතව විසින් එහිදී රජයෙන් ඉල්ලා සිටියේය.
ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යතුමන්ගේ පණිවිඩයන් රැගෙන එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික සංවිධායක ඩබ්ලිව්  එම් තෙන්නකෝන් මහතා ගොවිජනතාව අතරට පැමිණි අතර “ මාර්තු 20 හැරිසන් ඇමතිතුමයි කෘෂිකර්ම ඇමතිතුමයි මිනිපේ ජනතාවගේ ප්‍රශ්නය ගැන සාකදච්චා කරන්න හසලකට එනවා. ඒ නිසා මේ  විරෝධතාවය නතර කරන්න“ යැයි කිමත් සමග විරෝධතාවයේ නිරත වී සිටි ගොවියන් වීශාල වශයෙන් හු කියමින් කෑ ගසමින් එතුමන් හට විරෝධතාවය ප්‍රකාශ කර සිටි අතර එහිදී උණුසුම් තත්වයක් ඇතිවීමට ගොස් හසලක පොලිසිය මැදිහත් වී එය සමතයතය පත් කලේය.
පොහොර සදහා ලබාදි තිබු ෆෝම් ගිනි බත් කරමින් සහහන නොලැබුනහොත් මෙතැනින් නොනැවතී කොළඹට පිවිසෙන මාර්ග 06ට අවහිර කර දැවැන්ත විරෝධතාවයකට මිනිපේ ගොවිජනතාවද එක් වන බව පවසමින් විරෝධතාවය නිම කලේය. දහවල් 12.00 පමණ විරෝධාවය අවසන් විය.
හසලක පොලිසියේ පොලිස් නිළදාරින් විශාල පිරිසක් ආරක්ෂාව සදහා යොදවා තිබුනි.








Wednesday, March 2, 2016


පාසැල් ගොඩනැගිල්ලට ගිනිතබා විනාශකරයි ගුරුඅත්පොත්,ළමා පොත පත හා ළමා නිර්මාණද ගිනිබත්වෙයි

2016-03-02 ප.ව. 5:03
බදුල්ල . වියලුව අධ්‍යාපන කලාපයට අයත් කන්දකැටිය කන්දකැපුඋල්පොත ප්‍රථමික විද්‍යාලයේ තාවකාලිකව ඉදිකර තිබු පන්ති කාමර ගොඩනැගිල්ලකට අද 3 දා උදෑසන කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි 
මෙම විදුහලේ පවතින ගොඩනැගිලි හිගය නිසා දේමාපියන් හා ප්‍රදේශවාසින් එක්ව ටකරන් සෙවිලි කර ඉටිරෙදි වලින් ආවරණය කර , මෙම ගොඩනැගිල්ල සකස්කර දි තිබු එකක් වන අතර එහි තුන්වන ශ්‍රේණියේ ඒ,බී.සී යන පන්ති තුනක් පවත්වාගෙන ගිය බවත් සිසුන් 98 ක් මෙම පන්තිවල ඉගෙනුම ලැබු බවත් විදුහල්පතිවිරයා පවසයි .
එහි තිබු අල්මාරි කඩා එම අල්මාරි තුල තිබු ගුරු අත්පොත් , ළමා පොත් පත් හා සිසුන්ගේ නිර්මාණ එලියට දමා ගිනි තබා විනාස කර ඇති අතර ඩෙස් පුට් පෙරලා කඩා බිමදමා ඇතැයිද පොලිසිය කියයි . පුටු සහ මේස ඇතුලු ලීබඩු ද ගින්නට හසුව ඇත .මෙම ප්‍රචන්ඩ ක්‍රියාව සිදුකළේ කව්දැයි මෙතෙක් අනාවරණය වි නැති අතර තම පන්ති කාමර අහිමිවීම නිසා පන්ති පැවැත්වීමට තැනක් නැතිව එම සිසුන් තැන් තැන්වල අසරනව සිටි බව දැකගන්නට ලැබිණ
බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ගලප්පත්ති හා සහකාර පොලිස් අධිකාරි උදිත් ලියනගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත කන්දකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක චන්දන හෙරත් මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ