Tuesday, June 23, 2015

යතුරුපැදියේ ගිය කොස්තාපල් රිය අනතුරකින් මරුට - අනතුර සිදු කල වාහනය පලා ගිහින්


2015-06-15 ප.ව. 6:32
මහියංගන මහනුවර මාර්ගයේ හුන්නස්ගිරිය දෙකේ වංගුව අසලදි පොලිස් කොස්තාපල්වරයෙකු ගමන් කල යතුරුපැදියක් අනතුරට පත්විමෙන් කොස්තාපල් වරයා එම ස්ථානයේදිම ඊයේ (14) උදැසන මරණයට පත් වි ඇත
මෙසේ මියගොස් ඇත්තේ බුත්තල පොලිසියට අනුයුක්තව සේවය කල මහියංගන පුජානගරය , ගොවිපල පිටුපස, අංක 2/10 නිවසේ පදිංචිව සිටි වයස 52ක් වන පොලිස් කොස්තාපල් (54191) ඩබ්ලිව් එම් ගුණසිංහ බංඩා ලෙස හදුනා ගෙන ඇත.
අනතුර සිදු කර පලාගිය වාහනය හා රියදුරා පිළිබදව අනාවරණය කර ගැනිම සදහා උඩදුම්බර පොලිසිය පරික්ෂණ සිදු කෙරේ.

වෙළෙදසැල් සේවිකාව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් තිදෙනෙකු විසින් දුෂණය කරලා - තරුණිය නුවර රෝහලේ


වෙළෙදසැල් සේවිකාව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් තිදෙනෙකු විසින් දුෂණය කරලා - තරුණිය නුවර රෝහලේ
2015-06-07 පෙ.ව. 11:12
මහියංගන නගරයේ වෙළෙදසැලක සේවය කරන වයස අවුරුදු 20ක සේවිකාවක් බලහත්කාරයෙන් ත්‍රිරෝදරථයක නන්වාගෙන සපුගිය 05 දින සවස පැහැරගෙන ගොස් තිදෙනෙකුවිසින් දුෂණය කර තමන් මහ මග දමා ගිය බවට තරුණියක් විසින් මහියංගන පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.
වෙළෙදසැලේ සේවය නිමවි තමන් නිවෙස්බලා යෑමට මහියංගන නගරයේ රැදි සිටියදි ත්‍රිරෝදරථයකියන් පැමිණි තරුණයන් තිදෙනෙකු තමන් බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයේ නන්වාගෙන ආදාඋල්පත ප්‍ර දේශයට රැගෙන ගොස් කාමරයකදි සමුහ දුෂණය කල බවත් පසුව තමන් ආදාඋල්පත ජාතික පාසැල ආසන්නයේ මහ මගට රාත්‍රිෙය් එම පිරිස විසින් ගෙන දැමු බවත් පැසැලේ මුර කරු දැක තමන්හට රෝහලට පැමිණිමට උදව් කල බව පැමිණිල්ලේ සදහන්ව ඇති අතර සිද්දියේ බොහෝ සිදු විම් තමට මතක නොමැති බවත් ඒ මොහොතේ තමා සිහි මද ගතියකින් සිටි බවත් තමන් හට සිහි නැති කිරිමට තරුණයන් විසින් කුමක් හෝ සිදු කර ඇති බවත් ඇය පවසන්නිය.
මෙම තරුණිය මහියංගන මුලික රෝහල වෙත ප්‍රතිකාර සදහා ඇතුලවත්ව අති අතර වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර රෝහල වෙත මාරුකර යවා ඇත.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා අපරාධ අංශයේ ස්ථානාධිපති එම් බි ජි ජි සුදේශ් චතුරංග මහතා ප්‍රමුඛ නිළධාරින් පරික්ෂණ සිද්දිය සම්බන්දයෙන් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.

Friday, June 5, 2015

දිස්ත්‍රික් ලේකම්තුමාගේ කථාවෙන් වැලි සංගම් කිපෙයි ගැටුමක් සිදු නොවි නුලෙන් බේරෙයි.

2015-06-05 ප.ව. 12:18
“පරිසරයේ රිරිමාංශය උරාබොන්නේ මේ වැලි කණින්නෝ.. හෙට අනිද්දා අපිට කියන්නවෙන්නේ බුදු හාමුදුරුවො එදා කිව්ව කථාවට වඩා වෙනස් කථාවක් .. බදුල්ලේ නාය නොගිය තැනකින් පස් මිටක් හොයා ගෙන එන්න කියන්නයි වෙන්නේ. නාය නොයන තැනක් හොයා ගන්න බැර තරමට හෙට අනිද්දා වෙනකොට නාය යන්න පටන් ගනියි මේ තරමට මහවැලි ගගේ වැලි යක්ෂයෝ වැලි ගොඩ දානවා. එක නිසා පරිසරය රැක ගන්න අපි හැමොගෙම අවදානය‍ොදන්න ඕන“ යැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා ලෝක පරිසර දිනය නිමිත්තෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන උත්සවය අමතමින් මහියංගන මහවැලි ගං නදිය අසබඩ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මහියංගන වන අඩවි කාර්යාලයේ වන ව්‍යාප්ති අංශය මගින් සංවිධානය කර තිබු උත්සවයකදි පැවසිය.
2015 ජගත් පරිසර දිනයට සමගාමිව මහියංගන වන අඩවි කාර්යාලයේ වන ව්‍යාප්ති අංශය හා භූ විද්‍යා පතල් කාර්යාංශය හා මහියංගන වැලි කැණිම් හිමියන්ගේ සංගමය එක්ව මහියංගන මහවැලි ගංගාව දෙපස ඉවුරු සංසරක්ෂණය කිරිමේ වැඩසටහනක් ලෙස කුඹුක් පැල සිටුවිමේ වැඩසටහනක් සංවිධානය කාර තිබුනි. “ ජිවන ගංගාවේ ලයාන්විත ආයාචනය“ නමින් ජනතාව දැනුවත් කිරිමේ අත් පත්ත්‍රිකා බෙදාදිමේ වැඩ සටහනක් ද මහිංයගන නගරයේ ක්‍රියාත්මක කෙරින.
දිස්ත්‍රික් ලේකම් තුමන්ගේ කථාවත් සමග උත්සවය සදහා සහබාගි විසිටි වැලි කැණීම් හිමියන්ගේ සංගමයේ සාමාජිකයන් අතර නොසන්සුන් තාවයක් ඇති වු අතර එහි එක් සාමාජිකයෙක් ශබ්ද නගා “ඔය කියන නිළධාරින්ම තමයි මේවාට පෝමිට් දෙනේනේ .. තව හෙට අනිද්දා තවත් පෝමිට් 800ක් දෙන්න යනවා කියලා ආරංච්. අපි මේ වැඩේට දවස් කිපයක් ඉදලා මහන්සි අනේ “ යැයි ආවේග ශිලිව කෑගැසිය. වහා වන සංරක්ෂණ නිළධාරින් හා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිළධාරින් එක්ව කෑ ගැසු ව්‍යාපාරිකයා සමග කථා කර මෙම උත්සවය අවුල් නොකරන ලෙස දැන්විය. එහිදි විශාල වශයෙන් වංචනික ලෙස මහවැලි ගගේ වැලි ගොඩ දැමිම් හා නිතියට පිටින් බළය පාවිච්චිකර වැලි ගොඩ දමන බවත් පුලුවන්නම් ඒවා නතර කරන ලෙස ව්‍යාපාරිකයා නිළධාරින්ට පැවසිය. වැලි සංගම් විසින් ඒ සම්බන්දව දිස්ත්‍රික් ලේකම් තුමන් ලිකිතව දැනුවත් කරන බව එහිදි කියා සිටියේය.
2015 ජගත් පරිසර දිනය නිමිත්තෙන් මහියංගනයේ පැවති උත්සවය සදහා අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරී මහියංගණ රජමහා විහාරස්ථානයේ භාරකාර රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ
හා විශ්ව කිර්ති වනස්පති දඹාන ආදිවාසි නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ද, භූ විද්‍යා පතල් කාර්යාංශයේ ටි එම් ඩබ්ලිව් බංඩාර මහතා, බදුල්ල දිසා වන නිළධාරි ආර් එම් විජයපාල මහතා, මහියංගන අඩවි වන නිළධාරි රොෂාන් බි වීරසුන්දර මහතා හා මහියංගන අඩවි වන නිළධාරි කාර්යාල නිළධාරින් හා ගම්වාසින් පිරිසක් සහබාගි වි සිටියේය.

Thursday, June 4, 2015

මහියංගනයේ රජ හොරු දෙදෙනෙක් මාට්ටු.

මහියංගනේ හා වේවත්තේ හොරු දෙදෙනෙක් රට පුරා ප්‍ර දේශ රැසකදි විෂ පොවා සුද්දෙ දාන හොර කල්ලියක් අම්බලන්ගොඩදි පොලිසියට මාට්ටු - 
2015-06-04 ප.ව. 6:35
ප්‍රශ්න කිරිම් වලදි අම්පාර ඇල්ල ඇහැලියගොඩ අවිස්සාවේලල වැලිමඩ ඇඹිලිපිටිය බණ්ඩාරවෙල මොණරාගල බිබිල බුත්තල හසලක 
හෙට්ටිපොල බදුල්ල පොලොන්නරුව කන්දකැටිය යන ප්‍ර දේශවල මහමගදි මුදල් ඇති පුද්ගලයන් සමග මිතුරුවි විෂ යෙදු බිම බිමට ලබාදි ඹහුන් සතු රත්‍රන් හා මුදල් දේපළ මෙලෙස කොල්ල කා ඇති බවට ප්‍රශ්න කිරිම් හමුවේ අත්අඩංගුවට පත් සොරුන් තොරතුරු පොලිසියට හෙලි කර ඇත මෙම කල්ලියේ ප්‍රධාන සැක කරු කළක් විදේශ ගතව සිට මහියංගනයේ ෆුඩ් සිටි සහිත ගොඩනැගිල්ලේ උඩු මහලේ හා සිටිබි බස්නැවතුමේ Max Mobile නම් ජංගම දුරකථන හලක් 2ක් පවත්වාගෙන යන අයෙකි

කපා කොටා ගාථනය කල හදුනා නොගත් මළසිරුරක් මහියංගනයේ කුඹුරක


2015-06-04 ප.ව. 1:10
මහියංගන, ගිරාදුරුකෝට්ටේ මාර්ගයේ හද්දත්තාව, 12 ඇල ප්‍ර දේශයේ කුඹුරක කපා කොටා ගාතනය කල මළසිරුරක් අද උදැසන කුඹුරට පොහොර ගැසිම සදහා ගිය යුවලකට හමුවි ඇති අතර පසුව ඔහුන් ගම්වාසින් දැනුවත් කර මහියංගන පොලිසිය දැනුවත් කර ඇත.
මළ සිරුර වයස අවුරුදු 30 - 40 අතර ප්‍රමාණක පුද්ගලයෙකුගේ වන අතර නිරුවත්,මුනින් අතට වැටි ඇති, හිසේ හා සිරුරේ ස්ථාන රැසක කැපුම් තුවල ඇති එකකි. සිරුර ආසන්නයේ ඇල මාර්ගයක තිබි ඩිජිටල් කැමරාවක්ද ගම්වාසින්ට හමුවි ඇති අතර එය පොලිසියට බාර දි ඇත. මේ වන තුරු මළසිරුර හදුනා ගෙන නොමැති බව මහියංගන පොලිසිය සදහන් කරති.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා අපරාධ අංශයේ ස්ථානාධිපති එම් බි ජි ජි සුදේශ් චතුරංග මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානයේ නිළධාරින් සිද්ධිය සම්බන්දයෙන් පරික්ෂණ කටයුතු සිදු කරන අතර මහේත්‍රාත් පරික්ෂණ හා මරණ පරික්ෂණ සිදු කිරිමට නියමිතව තිබේ.

පොසොන් පෝය දින රෝහලේ ලෙඩ්ඩු බඩගින්නේ - රොගින් කුසගින්නේ සිටියදි පාලන අධිකාරිය හා කාර්ය මණ්ඩලයෙන් ලක්ෂ 2ක් වියදම් කර අයිස් ක්‍රිම් දන්සැලක්


2015-06-02 පෙ.ව. 02:17
පොසොන් පෝය දින දෙහිඅත්තකන්ඩිය මුලික රෝහලේ නේවාසික රෝගින් හට උදැසන ආහාර වේල නොලැබිමෙන් කුස ගින්නේ සිටිමට සිදු වු පුවතක් දෙහිඅත්තකන්ඩිය ප්‍ර දේශයෙන් වාර්ථාවන අතර රොහලේ රෝගින් කුසගින්නේ සිටියදි රෝහලේ පාලන අධිකාරිය හා සේවකයන් එක්ව රුපියල් ලක්ෂ 2ට ආසන්න මුදලක් වැය කර රෝහල ඉදිරිපිට අයිස්ක්‍රිම් දන්සැලක් පැවැත් වු බව වාර්ථාවේ.
රෝහලේ සුලු සේවකයන් හිගයක් පවතින බව පවසමින් මුලුතැන්ගේ රාත්‍ර සේවා මුරය කප්පාදු කල වත්මන් පාලන අධිකාරිය ඊට පිළියමක් ලෙස උදැසන ආහාර වේල සදහා පිටතින් ගෙන්වන ලද පාන් ලබාදිම ආරම්භ කර ඇති අතර, පොසොන් පෝය නිමිත්තෙන් බේකරි සියල්ල වසාදැමිම හේතුවෙන් දෙහිඅත්තකන්ඩිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන රෝගින් 80ක් හට පොසොන් පෝය දින උදැසන ආහාර වේල අහිමි වි පිඩා විදිමට සිදු වි ඇත. නේවාසික ප්‍රතිකාර ලබන භික්ෂුන්වහන්සේ නමකටද මෙමගින් පිඩා විදිමට සිදු වි ඇත. පසුව රෝහලේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු විසින් උන්වහන්සේට උදැසන දානය පිලිගන්නා ඇති අතර අනෙකුත් රෝගින් හට කුස ගින්නේ සිටිමට සිදු වි ඇත.
රෝහල් වල රෝගින් සදහා සැම දිනම පාන් ලබාදිම රජයේ චක්‍ර ලේකයක් මගින් නතර කර දමා ඇති ඒ සදහා ධාන්‍ය වර්ග තම්බා ලබාදිම සිදු කෙරේ. දෙහිඅත්තකන්ඩිය මුලික රෝහලේ වත්මන් පාලන අදිකාරියේ ඒ චක්‍රෙල්ක විධිවිධානයන් උල්ලන්ගනය කරමින් අත්තනෝමතික තිරණ අනුව මේ වන විට උදැසැන රෝගින් සදහා සතියේ දින හතේම පාන් ලබාදිම සිදු කෙරේ.
මේ සම්බන්දයෙන් දෙහිඅත්තකන්ඩිය මුලික රෝහලේ ප්‍රධානි දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි වෛද්‍ය සුසන්ත ගුණසිංහ මහතාගේ ජන්ගම දුරකථනට ඇමතුමක් ලබාදුන්නද සම්බන්දතාවය විසන්දිකර තිබිම හේතුවෙන් සම්බන්ද කර ගැනිමට නොහැකි විය.

මහියංගන නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලයේ සුභ සාධක සංගමය විසින් පළමු වරට සංවිධානය කරන ලද අයිස් ක්‍රීම් දන්සල






මහියංගන ජාතික පාසලේ 2006 හා 2009 වර්ෂයේ උසස් පෙළ හැදැරු පිරිස විසින් සංවිධානය කර තිබු පාන් - පරිප්පු දන්සල






පොල් රොටි දන්සල ගිරාදුරුකෝට්ටේ



පොසොන් බැති ගී ප්‍රසංගය - ගිරාදුරුකෝට්ටේ මැදි මහා විදුහල


පොසොන් පොහොය නිමිති කර ගනිමින් මහියංගන නගර මධ්‍යෙය් (සමනල හා මුනසිං ෆඩ්සිටි ඉදිරිපිට) 8 වන වරටත් සංවිධානය කර තිබු අයිස් ක්‍රිම් දන්සැල






2015 වර්ෂ පොසොන් පොහොය නිමිති කර ගනිමින් මහියංගන මාපාකඩවැව 17 කණුව ප්‍ර දේශයේදි සංවිධානය කර තිබු රසකැවිලි දන්සල




පොසොන් පොහොය නිමිති කර ගනිමින් මහිංයගන ජනාධිමන්දිර ආරක්ෂක අංශය හා කාරයය මණ්ඩලය එක්ව පැවැත් වු බෙලිමල් ඔසු දන්සල





2015 වර්ෂ පොසොන් පොහොය නිමිති කර ගනිමින් මහියංගන ගොවිජන සේවා කාර්යාලයේ නිළධාරි මණ්ඩලය විසින් සංවිධානය කර තිබු කඩල දන්සල





මාපාකඩවැව 20කණුව පහල තරුණ කැල විසින් 12 වන වරටත් සංවිධානය කල සිසිල් පැන් දන්සල










මහියංගන ජාතික පාසලේ 11 වසරේ සිසු සිසුවියන් විසන් සංවිධානය කල තෙල් මල් පහන් සුවද දුම් තිර දන්සල



පොසොන් පෝය අදයි - මහියංගනයට මහ සෙනගක්

 June 2 at 10:00am

පොසොන් දිනයේ මහියංගන රජමහා විහාරස්ථානය වැඳ පුදා ගැනිමටත් පෙහෙවස් සමාදන් විමටත් අපේක්ෂාවෙන් රටේ නන් දෙසින් දහස් සංඛ්‍යාත පිරිසක් මහියංගනයටරයට පැමිණිය. මෙලෙස පැමිණෙන පිරිස් වෙනුවෙන් දන්සැල් රැසක් ද පැවැත්වේ. ඔවුන් වෙනුවෙන් සනීපාරක්ෂක පහසුකම් සැපයීමට මහියංගන රජමහා විහාරස්ථානයේ සේවකයන් හා ප්‍රා දේශිය සභාව කටයුතු සූදානම් කැර ඇති අතර පොලිසිය අමතර ආරක්ෂාව ද යොදවා ඇත.
අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරී මහියංගණ රජමහා විහාරස්ථානයේ භාරකාර රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අද දිනය පුර ආගමික වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇත.



මහියංගන ජාතික පාසලේ ආචාර්ය මණ්ඩලය විසින් 06 වන වරටත් සංවිධානය කල ඉඩ ඉරිගු දන්සල


මැකෝ මහියංගනයේ සංචාරයක - ඡන්ද හිමියන්ගේ දිනයට (ජුනි 01ට) සමගාමිව ඡන්දය ඔබේ අයිතියයි යන මැයින් මහියංගනයේ වැඩසටහන් රාශියක්


5/31/2015 11:41 AM

“ බදුල්ල දිස්ත්‍රික්කයේ 2004 ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරිමේ ගණනය කිරිමේදි මන්ත්‍රිධුර මැතිවරණ කොට්ඨාශ දෙකක මන්ත්‍රි ධුර දෙකක් අඩු උනා. ඒකට හේතුව දිවයිනේ අන් ප්‍ර දේශසමග සන්සන්දනය කරන විට ඌව පළාතේ ඡන්ද ලියාපදිංචිය අඩු විමයි. ඒ නිසා අපි ඡන්ද හිමියන්ගේ දිනයට සමගාමිව ඌව පළාතේ ජනතාව දැනුවත් කිරිම සදහා අපි විශේෂ වැඩසටහනක් ඌව පළාතේ ක්‍රියාත්මක කිරිමට අපි තිරණය කලා“ යැයි මැතිවැණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මහියංගනයේදි ප්‍රකාශ කර සිටියේය.
ජුනි 01ට යෙදෙන ඡන්ද හිමියන්ගේ දිනයට සමගාමිව මැතිවරණ දෙපාර්තමේන්තුව හා එක්ව බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් රාශියක් ඊයේ (31) උදැසන මහියංගන නගරයේදි සංවිධනය කර තිබුනි.
වසම් මට්ටමින් දැනුත් කිරිමද මෙහිදි සිදු කෙරේ. ඒ සදහා විස්තර පත්‍රිකා බෙදා දිම, විදි නාට්‍ය, අඩ බෙර, රථ පෙළපාලි යොදාගෙන තිබුනි. මහියංගන හා මිනිපේ ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශ වල ග්‍රාමසේවා නිළධාරි හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිළධාරින්, බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාළ කිළධාරින් මෙම වැඩ සටහන සදහා කැදවා තිබු අතර එම නිළධාරින් මාර්ගයෙන් ජනතාව දැනුවත් කර 2015 වර්ෂය සදහා ජන්ද නාමලේඛනය සදහා ලියාපදිංචි වන ලෙස ජනතාව දැනුවත් කිරම සිදු කරන ලදි
“ ඡන්දය ඔබේ අයිතියයි. නම නැත්නම් පොතේ ඔබට ඡන්දය නැතේ යන තේ මාව යටතේ දිප ව්‍යාප්තව මෙම වැඩ පිලිවෙල ඉදිරියේදි ක්‍රියාත්මක කරනවා අපි යැයි මැතිවැණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය. මහියංගනයේ පැවති වැඩසටහන අධික්ෂණය කිරිම සදහා මහින්ද දේශප්‍රිය මහතා මහියංගනයට පැමිණ සිටියේය.
මෙම වැඩසටහන දිවයින පුරා මැතිවරණ දෙපාර්තමේන්තුව හා පැෆ්රල් සංවිධානය ඒකා බද්දව සිදු කෙරේ.