Wednesday, May 6, 2015

වෙසක් එකට පොලිසියෙනුත් මහා පාන් දන්සැලක්

වෙසක් එකට පොලිසියෙනුත් මහා පාන් දන්සැලක්
10:59 AM 5/7/2015
ඌව පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිසිපති නන්දන මුනසිංහ මහතාගේ සංකල්පයකට අනුව බදුල්ල කොට්ඨාශයේ පොලිස්ථාන වලින් සංවිධානය කරනු ලැබු මහා පාන් සමග සිනි සම්බෝල දන්සැල ඊයේ (05) සවස මහියංගන රාජමාහා විහාරස්ථානයේ වෙසක් කාලාපයේ එනම් විල්ලුව වැව අභියසදි පැවත් වින
නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්ද, ජේෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ගලප්පත්ති, මහියංගන සහකාර පොලිස් අධිකාරි උදිත් ලියනගේ, මහියංගන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තිස්ස කුමාර යන මහත්වරුන්ගේ පුර්ණ අනුග්‍රහයෙන් මෙම පාන් දන්සැල සංවිධානය කර තිබුනි.
මේ සදහා පාන් 3000ක් දන්සැලේදි බෙදා දිම සිදු කෙරින. පාන් ගෙඩිය කොටස් තුනකට කපා සිනි සම්බෝල තවර පාර්සල් කර පාන් බෙදාදිම මෙහිදි සිදු කෙරින.
වෙසක් කලාපය නැරබිම සදහා පැමිණි විශාල ජනතාවක් සහ ධාතු වන්දනාව සදහා පැමිණි විශාල පිරිසක් දිගු පොලිම් සහිතව පැමිණ සහබාගි වි සිටිනු දක්නට ලැබින මෙම අවස්ථාව සදහා මහියංගන රජමහා විහාරස්ථානයේ බාරකාර පුජ්‍ය පණ්ඩිත උරුලෑවත්තේ ධම්මරක්කින නාහිමියන් හා බදුල්ල දිස්ත්‍ර්ක්කයේ පොලිස්ථානාධිපතිවරු හා ජේෂ්ඨ පොලිස් නිළධාරින් සහබාගි වි සිටියේය










වෙසක් එකට විකුණන්න ගෙනා ගංජා කිලෝ 10 අල්ලයි

වෙසක් එකට විකුණන්න ගෙනා ගංජා කිලෝ 10 අල්ලයි
11:57 PM 5/6/2015
වෙසක් පෝයට  විකිණිම සදහා ගෙනා ගංජා කිලෝ 10ක් වි‍ශේෂ කාර්ය බළකා නිළධාරින් විසින් ඊයේ (04) සවස අත් අඩංගුවට ගෙන ඇති අතර
සැකකරුවන් දෙදෙනෙක්ද අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපක් කර ඇත

Tuesday, May 5, 2015

රාජ්‍ය වෙසක් උත්සවය මහියංගනයේ දී

රාජ්‍ය වෙසක් උත්සවය මහියංගනයේ දී

2015 මැයි මස 04 18:16:45 | . , රොමේෂ් ධනුෂ්ක සිල්වා මහියංගනයේ සිට

2015 රාජ්‍ය වෙසක් උත්සවය මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඊ යේ (04) ඓතිහාසික මහියංගනය රාජ මහා විහාරස්ථානයේ දී පැවැත්විණි.
මහියංගනය රාජමහා විහාරයේ භාරකාර උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි බුද්ධ ශාසන අමාත්‍යංශය මේ වැඩසටහන සංවිධානය කර තිබිණි.
රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් නිර්මාණය කළ සමරු මුද්දරය තැපැල් ඇමැති එච් එම් හලීම් මහතා ජනපතිට පිරි නැමීය.
කොටි ත්‍රස්තවාදීන්ගේ අරංතලාව භික්ෂූ ඝාතනයේ දී දිවි ගලවා ගත් එකම ස්වාමීන්වහන්සේ වන ආඳාඋල්පත බුද්ධසාර හිමියන්ගේ අසනීප තත්ත්වයට ප්‍රතිකාර ගැනීම සඳහා ජනපති මුදල් පරිත්‍යාගයක් ද කළේය.
ඇමැති කරු ජයසූරිය, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, ඌව මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් ද උත්සවයට පැමිණ සිටියහ.










Sunday, May 3, 2015

ජාතික වෙසක් මංග්‍ය ඓතිහාසික මහියංගන පින් බිමේදි

2015-05-03 පෙ.ව. 8:42

තිලෝගුරු බුදුරජානන්වහන්සේගේ තෙමගුල සමරන වෙසක් පුන්පොහොය අදයි (03) . ඒ නිමිති කර ගනිමින් රාජ්‍ය වෙසක් මංගල්‍ය, රාජ්‍ය අනුග්‍රහයෙන් ඓතිහාසික මහියංගන රාජ මහා විහාරස්ථානයේදි පැවැත්විමට රජය පුර්ණ අනුග්‍රහය ලබා දි තිබේ.
අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරී මහියංගණ රජමහා විහාරස්ථානයේ භාරකාර රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ ප්‍රධානත්වයෙන් උදැසන ආගමික වතාවත් සිදු කෙරිනි.
බුද්ධශාසන හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අමාත්‍ය කරු ජයසුරිය මහතා හා එම මැතිනිය, බුද්ධශාසන හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම් වසන්ත ඒකනායක මහතා හා බෞද්ධ  කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍ර ප්‍රේම ගමගේ මහතා අද උදැසන සිට ආගමික වතාවත් සදහා සහභාගි වි සිටි.
දිවයිනේ විවිධ ප්‍ර දේශ වලින් පැමිණි උවැසි උවැසියන් ඓතිහාසික මහියංගන රාජමහා විහාරස්ථානයේ සිල් සමාදන් වි විවිධ ආගමක වතාවත් වල නියැලෙමින් සිටි. අද දිනය පුරා ධර්ම දේශනා , කවි බණ වැඩසටහන් , ධාන සිල භාවනා වැඩ සටහන් රාශියක් මහියංගන පුණ්‍ය භුමිය තුලදි සිදු කිරමට සංවිධානය කර ඇත.
 සිද්ධාර්ථ බෝසතානන් වහන්සේගේ ඉපදීම, සම්බුද්ධත්වයට පත්වීම සහ සම්බුද්ධ පරිනිර්වාණය අදවන් වෙසෙක් පුරපසලොස්වක පොහෝ දිනයක සිදුවූ බවයි ශාසනික ඉතිහාසයේ දැක්වෙන්නේ.
තුසිත දෙව්ලොවින් නික්මී මහමායා දේවියගේ කුසෙහි පිළිසිදගත් බෝසතාණෝ උපත ලබන්නේ ශාක්‍ය ජනපදයෙහි ලූම්බිණි සල් උයනේදීයි. බෝසතානන් වහන්සේ ඇසතු බෝ රුක මුලදී සියලූ කෙලෙස් නසා අදවන් දිනක සම්මා සම්බෝධිය අවබෝධ කරගත් බවද ශාසන ඉතිහාසයේ සදහන්. 45 වසරක් පුරා සකල ලෝකවාසීන්ගේ හිතසුව පිණිස සිය ජීවිතය ගතකළ බුදු පියාණන් වහන්සේ 80 වන වියේදී අදවන් වෙසක් පොහෝ දිනක කුසිනාරානුවර මල්ල රජ දරුවන්ගේ උපවත්වන සල් උයනේදී පිරිනිවන් පෑ බවද ශාසන ඉතිහාසයේ දැක්වෙනවා. 
මේ අතර බුදුපියාණන් වහන්සේගේ තෙවන ලංකා ගමන සිදුවූයේද අදවන් වෙසක් පුරපසලොස්වක පොහෝ දිනකයි. විජය කුමරුගේ ලංකා ගමනද අදවන් දිනක සිදුවු බවයි වංශ කතාවල දැක්වෙන්නේ. දේවානම් පියතිස්ස රජු දෙවන රාජාභිශේකය සිදුකළේද, දුටුගැමුණු මහරජතුමා රුවන් වැලිසෑයේ ඉදිරිකිරීම් ආරම්භ කිරීමද වෙසක් පොහෝ දිනක සිදුවූ බව වංශ කතාවල සදහන්.

















Saturday, May 2, 2015

අසිරිමත් තෙමගුලට කොළඹ සුජාතාවෝ මහියංගන දුෂ්කර ගම්මානයේ පවුල් 60කට මාසයකට අවශ්‍ය අඩුම කුඩුම බෙදා දෙති - මුදලිනුත් 5000 බැගින් බෙදා දෙයි - වනඅලි විසින් පෙරලු නිවාස දෙකකටද පිහිට විම කාගේත් නෙතට කදුලු එක්කල සංවේදි අවස්ථාවක් විය.

2015-05-02 ප.ව. 5:12
අසිරිමත් තෙමගුලට කොළඹ සුජාතාවෝ මහියංගන දුෂ්කර ගම්මානයේ පවුල් 60කට මාසයකට අවශ්‍ය අඩුම කුඩුම බෙදා දෙති - මුදලිනුත් 5000 බැගින් බෙදා දෙයි - වනඅලි විසින් පෙරලු නිවාස දෙකකටද පිහිට විම කාගේත් නෙතට කදුලු එක්කල සංවේදි අවස්ථාවක් විය.

දකුණු කොළඹ(05) සුජාතා බාලිකා විද්‍යාලිය දැරියන් හා ගුරුමණ්ඩලය සහ දෙමාපියන් එක්ව අසිරිමත් තෙමගුල වෙනුවෙන් මහියංගන, දෙහිගොල්ල, තරුණව්‍යාපාරය ගම්මානයේ දැඩි දුෂ්කරතාවයෙන් පෙළෙණ නිවාස හිමි පවුල් 60ක් සදහා මාසයකට අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය ...හා රෙදි පිළි අද (03) උදැසන ගම්මානයේ නිවෙස් වෙතම ගොස් බෙදා දිම සිදු කල අතර ඒ සෑම නිවසක් සදහාම මුදලින් රුපියල් 5000ක පරිත්‍යාගයක්ද සිදු කරන ලදි.
ඩි එස් සේනානායක විද්‍යාලයේ විද්‍යාලයේ ශාෂ්ත්‍රපති මහියංගනයේ උපරතන හිමියන් ගේ සම්බන්ධිකරණයෙන් හා දකුණු කොළඹ සුජාතා බාලිකා විද්‍යාලිය විදුහල්පතිනි ආර් පි විජේසිංහ මහත්මියගේ මැදිහත් විමෙන් හා සංවිධානයෙන් විද්‍යාලිය දැරියන්ගේ හා දෙමාපියන්ගේ මුදල් පරිත්‍යාග හා ද්‍රව්‍ය පරිත්‍යාගයෙන් මෙම පුණ්‍ය කර්මය සිදු කිරිමට හැකි වු බව විදුහල් පතිතුමිය ප්‍රකාශ කල අතර වාර්ෂිකව සිදු කරනා සමාජ සත්කාර වලින් 2015 වර්ෂයේ අතිදුෂ්කර ගම්මනයක ජිවන අරගයයේ යෙදි සිටින ගම්වාසින් හට පිහිටක් විමට සියලු දෙනාගේම අභිප්‍රාය වු බවත් ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව මහියංගන, දෙහිගොල්ල, තරුණ ව්‍යාපාරය ගම්මානය තෝරාගත් බව වැඩිදුරටත් විදුහල් පතිනිය විසින් ප්‍රකාශ කර සිටියේය.
ගම්මානයේ පසුගිය 27 වන දින වන අලි විසින් පෙරලා විනාශ කල ගෙවල් දෙකක පවුල් සදහාද විදුහල්පතිතුමිය ඇතුලු දරු දැරියන් විසින් වියලි ආහාර සලාක බෙදා දි මුදල් පරිත්‍යාගයන් සිදු කල අතර එම අවස්ථාව කාගේත් නෙතගට කදුලු එක්කල සංවේදි අවස්ථාවක් විය.
වියලි ආහාර සලාක හා බඩුමුට්ටු පැට වු ලොරි රථයක් හා බස් දෙකකින් පැමිණි දැරියන් ලෑන්මාස්ටර් රථවලට ද්‍රව්‍ය පටවා ගම්මානයේ නිවාස වෙතටම ගොස් ද්‍රව්‍ය බෙදාදිම මෙහිදි සිදු කරන ලදි
අසිරිමත් තෙමගුලේදි මෙවැනි පරිත්‍යග සිදු කර අඩුපහසුකම් රැසක් මැද ජිවත් වන අසරණ පවුල් සදහා පිහිටක් විමට ලැබිම හා දුකේදි පිහිට විම තුලින් තම විද්‍යාලිය දරු දැරියන් යහපත් සමාජ සාර ධර්ම ඉගෙන ගැනිමට අවස්ථාව මෙවැනි වැඩ සටහන් තුලින් ලැබෙන බව කොළඹ 05, සුජාතා බාලිකා විද්‍යාලිය විදුහල්පතිනි ආර් පි විජේසිංහ මහත්මිය පැවසිය.