Monday, April 27, 2015

වන අලි යකා නටා නිවාස දෙකක් කුඩු පට්ටම් - නිවෙස් හිමියන් කබලෙන් ලිපට - සල්ලි දිලා කඩෙන් ගෙනා හාල් ගොනියත් කෑවා.

වන අලි යකා නටා නිවාස දෙකක් කුඩු පට්ටම් - නිවෙස් හිමියන් කබලෙන් ලිපට - සල්ලි දිලා කඩෙන් ගෙනා හාල් ගොනියත් කෑවා.......
2015-04-26 ප.ව. 3:25
මහියංගන, ඔරුබැදිවැව, තරුණ ව්‍යාපාරය‍ නිවාස දෙකක් වන අලි ප්‍රහාරයට ලක් වි පෙරේදා රාත්‍රි (25) නිවාස හිමියන්හා පාසැල් යන දරු දැරියන් දැඩි අසිරුතාවයකට පත් වි සිටි.
සොරබොර වැව හා හාල් වැව ප්‍ර දේශයේ සිට රාත්‍රිය වන විට මෙම ගම්මාන කරා අලි රංචු පිටින් පැමිණෙ බවත් කොතරම් දුරකථන ඇමතුම් ලබා දුන්නද වන ජිවි නිළධාරින්ගේ ප්‍රතිචාරයක් නොමැති බව ගම්වාසින් පවසති. ආර්ථික අපහසු කම් රැසක් මැද ජිවත් වන මෙම ගම්වාසින් වන අලි ප්‍රහාරයන්හට තම නිවාස ගොදුරුවිමෙන් තමන් අන්ත අසරණ බාවයට පත්ව ඇතැයි එම් එම් කරුණාරත්න නම් වන පිඩාවට පත් නිවාස හිමියෙක් පැවසිය. ආහාර සදහා කලින් දින මුදල් ලබා දි වෙළෙද සැලෙන් මිළදිගත් හාල් මල්ලද රාත්‍රි වන අලි විසින් කා දැමු බවත් ඔහු වැඩිදුරටත් කිහ.
එම් එම් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසියේ තම නිවස රාත්‍රි වන අලි ප්‍රහාරයට ලක් වු විට වන ජිවි නිළධාරින් වෙත දුරකථනයෙන් දැනුම් දුන්නද කිසිවෙකු නොපැමිණි බවයි.
මහියංගන අවට ගම්මාන රැසකට මේ දිනවල වන අලි කරදර උග්‍ර වෙමින් පවතින අතර මිනිස් ජිවිතයක් බිල්ලට ගැනිමට පෙර මෙම අලි රංචු තම ගම්මානයෙන් පන්නා දෙන ලෙස ඉල්ලා සිටි.





Tuesday, April 21, 2015

දානෙ ගෙදර අල හොද්දට වැටි අව්රුදු 2ක දරුවෙකු මියයි


2015-04-21 ප.ව. 3:09
වයස අවුරුදු දෙකයි මාස තුනක් වයසැති කුඩා දරුවෙකු දෙමාපියන් සමග ඥාති නිවසක පැවති පුණ්‍යකර්මයක් සදහා සහබාගි වි සිටියදි මුලුතැන් ගේ පිළියෙල කර තිබු උණුසුම් අල හොද්දක් සහිත බාජනයකට වැටි මියගිය සිදු විමක් වාර්තා වේ.
ගිරාදුරුකෝට්ටේ, මිගහහේන අංක 131 යන නිවසේ විසු විරසුරිය ආරච්චිලාගේ වෙනුල නිශාන් ඒකනායක නම් වන මෙම මිය ගිය දරුවා සහ දෙමාපියන් ඔහුන්ගේ ඥාතින් වෙසෙන මිනිපේ, පාලමහන්දිය ප්‍රදේශයේ පැවති පුණ්‍යකර්මයක් සදහා සහබාගි සිට ඇත්තේ පසුගිය 07 දින වන අතර දරුවාට ආහාර කැවිම සදහා දරුවා සමග ආහාර බෙදාගැනිමට මුලුතැන් ගෙට ගොස් ඇති අතර මව බිම තිබු ආහාර බදුන් වලින් ආහාර බෙදා ගන්නා අතර තුර දරුවා මවට පිටුපසින් සිට ඇත. එසේ සිටි දරුවා පය පැකිලි බිම තිබු ලිපෙන් බාන ලද උණුසුම් අල හොද්දක් සහිත බදුනකට වැටි ඇත.
කඩිනමින් දරුවා ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත් ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා පේරාදෙනිය ළමා රෝහල වෙත ඇතුලත් කර ඇත. එහිදි දැරුවා වාට්ටු අංක 04හි ප්‍රතිකාර ලබා ඇති අතර දැඩි සත් කාර ඒකයේද සිටිමින් ප්‍රතිකාර ලබා ඇත. එසේ සිටි දරුවා පසුගිය 19 දින සවස අවාසනා වන්ත ආකාරයෙන් මිය ගොස් ඇත. දරුවාගේ මව ගර්භනි කාන්තාවකි.
සිද්දිය සම්බන්දයෙන් පේරාදෙනිය රෝහල් පොලිසිය දෙමාපියන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇත.

තට්ටු 5ක් උඩින් මාව තල්ලු කලා - දැන් මම පුර්ණ ආබාදිත වෙලා අවුරුදු 10ක් - අනේ මට ඉන්න තැනක් නෑ - ආදායම් මාර්ග නෑ - අනේ මට පිහිට වෙනානම් ලොකු පිනක් ඔයාලාට - රිස්වානා පිහිට පතයි



 4/20/2015 1:23 PM

නිවසක් සාදාගැනිම අරමුණු කර ගනිමින් විදේශ ගතවු මුස්ලිම් කාන්තාවක් මාස කිහිපයක් සේවය කර සිය පඩිය ඉල්ලු විටදි නිවෙස් හිමි කාන්තාව විසින් මහල් 5කින් පහලට තල්ලු කිරිම හේතුවෙන් වසර ගනනක් රෝහල් ගතව සිටිමටත් පුර්ණ ආබාදිත තත්වයට පත්ව මේ වන විට ජිවත් විමට ආදායම් මාර්ගයක් නොමැතිව, නිවසක්ද නොමැති අසරණ තත්වයට පත් මුස්ලිම් කාන්තාවක් පිළිබද තොරතුරු මහියංගන ප්‍ර දේශයෙන් වාර්ථ වේ.
මහියංගණ පගරගම්මන නම් මුස්ලිම් ගම්මානයේ කපාර් රිස්වානා නම් වයස අවුරුදු 34ක තරුණියක් ආර්ථික අපහසුකම් හමුවේ නිවසක් සාදාගැනිමේ අරමුණ ඇතිව අබුඩාබි රට වෙත 2004 වර්ශයේ ගොස් ඇති අතර එහි මාස 5ක කාලයක් ගෘහ සේවිකාවක් ලෙස නිවසක රැකියාවේ නිරතව ඇත. එහිදි මාස 3ක වැටුප නිවෙස් හිමියන් විසින් ලබා දි ඇති අතර ඉතිරි මාස 2හි වැටුප ඉල්ලු විට තට්ටු 5කින් සමන්විත මහල් නිවෙසින් පහලට නිවෙස් හිමි කාන්තාව විසින් තල්ලු කර දමා ඇත. එවකට මෙම සිදු විම ගල්ෆ නිවුස් පුවත් පතෙහිද වාර්ථා කර ඇත.
රිස්වානා මෙම අනතුරින් බරපතල තුවාල ලබා අබුඩාබි රටේ රෝහල් 3ක වසරකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබා ඇති අතර එම කාලයෙන් මාස 4ක් පමණ දැඩි සත්කාර ඒකකයන්වල ප්‍රතිකාර ලබා ඇත්තේ සිහියද නොමැති කම (මොළයට සිදු වු රුධිර කාන්දුවක් හේතුවෙන් ) නිසා බව රිස්වානා පවසති. ඉන් අනතුරුව ආබාදිත රිස්වානා ලංකාව වෙත 2005 වර්ශයේ එවා ඇති අතර කොළඹ ජාතික රෝහලේද මාස ගනනක් නේවාසික ප්‍රතිකාර ලබා ගැනිමට සිදු වි ඇති අතර රජයෙන් රක්ෂණය ලෙස රුපියල් ලක්ෂ 2ක් ලැබි ඇති අතර එම මුදල් සියල්ල ඇගේ ප්‍රතිකාර හා ප්‍රවාහන පහසුකම් සදහා යොදවන්නට දෙමාපියනට හා පවුලේ ඥාතින් හට සිදුව ඇත.
මේ වන විට රිස්වානා ඇවිදිමේ අපහසු කම් වලින් යුතු අතර ඇගේ එක් ඇසක්ද නොපෙනේ. උගුරේ සිදු කල සැත් කමක් හේතුවෙන් කථා කිරිමේ අපහසුතාවයක්ද ඇයට ඇත. හරියාකාරව අත් දිගහැරිමට අපහසුය. සැම දිනකම රාත්‍රි දැඩි කොන්දේ අමාරුවකින් හා කකුලේ වේදනාවකින් පෙළේ.
රිස්වානාගේ පියා වෙනත් විවාහයක් සිදු කරගෙන දැන් ඔහුන් හට සලකන්නේ නැත. රිස්වානාගේ මව මානසිකක ආබාදයකින් ප්‍රතිකාර ලබන තැනැත්තියකි. ඒ හේතුවෙන් රිස්වානා නිසි ලෙස රැක බලා ගැනිම අසිරු විම හේතුවෙන් මේ වන විට ලොකු අම්මාගේ හා ලොකු තාත්තාගේ රැකවරණයේ සිටි මට ඇයට සිදු වි ඇත. ඔහුන්ද ඉතා දැඩි ආර්ථික අපහසුකම් මැද රිස්වානා රැකබලා ගන්නේ කිසිවෙකු ඇය බලා ගැනිමට නොමැතිවිම හේතුවෙනි. වියපත් ඔහුන්ටද වැඩිකාලයක් මෙම රාජකාරිය කරගෙන යාමට නොහැකි වනු ඇත. ආබාදිත රිස්වානා මේ වන විට රැදි සිටින්නේ පව්ලේ ඥාතියෙකුගේ නිවසේ වන අතර ඔහුන් විදෙස් ගතව සිටි. විදේශයේ සිට ඥාතින් පැමිණි විට නිවස ඔහුනට බාරදිමට සිදු වන අතර රිස්වානාට රැදි සිටිමට නිවසක් අහිමි වේ.
රිස්වානාට බාල සහෝදරයෙක් සිටින අතර ඔහුද දැඩි ආර්ථික අපහසුකම් හමුවේ සිටිම හේතුවෙන් උදව් උපකාර කිරිමට අවම මට්ටමකට පත්ව ඇත. රිස්වානාට අවශ්‍ය වි ඇත්තේ අනුන්ට කරදරයක් නොවි තමන්ගේ වැඩටික තමන් විසින් කරගත හැකි මට්ටමකට පත් විම බවත් ඒ සදහා මේ මාසයේ ඉදිරි දිනයකදි බිබිල මැදගම ප්‍රදේයේ ආයුර්වේද මධ්‍යස්ථානයක් සදහා දේශිය ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනිමට යැමට සුදානම් බවත් ඒ සදහා ප්‍රවාහන පහසුකම් සදහා මිළ මුදල් අවශ්‍ය වි ඇත. ඉදිරියේදි ජිවත් විම සදහා කුඩා නිවසක්ද පිං කැමති රට වැසියන්ගේ පිහිටෙන් තනා ගැනිමටයි. දුක හදුනන පිංවතුන් ධනවතුන් ඒ සදහා ඇය වෙත ආධාර උපකාර කරනු ඇතැයි රිස්වානා බලාපොරොත්තු පිරුණු දැසින් බලා සිටි. Call to Help 0724900500 / 071490050 





හිස තෙල් ගෑමේ චාරිත්‍රයට ආදිවාසින්ද එක්වෙයි



2015-04-15 පෙ.ව. 10:59
හිස තෙල් ගෑමේ අලුත් අවුරුදු චාරිත්‍රය සදහා දඹාන ආදිවාසි නායක ඌරු වරිගයේ වන්නිලා ඇත්තන් ප්‍රමුඛ ආදිවාසී ගම්මානයේ ගම්වාසින් එක්වසිටියේ දඹාන ගුරුකුඹුර කොටබකිණිය ගම්මානයේය.
අලූත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත අද පූර්වභාග 09.06ට යෙදී තිබිණි. හිසට කොහොඹ පත්ද පයට කොලොන් පත්ද තබා හිස තෙල් ගැල්වීම ආදිවාසී නායකතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුන අතර නායකතුමාගේ බිරිද වන ඌරුවරිගයේ හිංමැණිකා හා නායකතුමාගේ බාල සහෝදරයෙකු වන ගුණබංඩියා ඇත්තන්ගේ හිස තෙල් ගල්වා ආරම්භ කෙරින.
අලුත් අවුරුදු චාරිත්‍රවලින් හිස තෙල් ගෑමේ චාරිත්‍රය පමණක් ආදිවාසින් අනුගමනය කරන අතර එහිදි ඔහුන් හැක්ම සදහා බාවිතා කරන ආයුධ, දේව ආභරණ, වස්ත්‍ර සදහා ප්‍රථමයෙන් නානු මිශ්‍ර තෙල් ගල්වා දෙවනුව ආදිවාසි ජනතාවගේ හිස තෙල් ගැල්වීම ආදිවාසි නායක ඌරු වරිගයේ වන්නිලා ඇත්තන් විසින් සිදු කරන ලදි. වසර පුරා රෝග පිඩා වලින් ආරක්ෂා කරදී නිරෝගි සුව ප්‍රාර්ථනා කිරිම මෙම හිස තෙල් ගෑමේ අලුත් අවුරුදු චාරිත්‍රය අනුගමනය කිරිම තුළින් ඔවුන් බලාපොරොත්තු වේ.


හසලක ගාමිණීගේ රණවිරුවාගේ මතකය ඉතිහාසයෙන් ඉවත්වීමට පෙර

හසලක ගාමිණීගේ රණවිරුවාගේ මතකය ඉතිහාසයෙන් ඉවත්වීමට පෙර නෙත් එෆ්.එම් බැලුම්ගල වීඩියෝව නරඹන්න -- ඉතිහාසයෙන් ඉවත්වීමට පෙර - වීර මාතාවකගේ කඳුළු
හසලක ගාමිණීගේ රණවිරුවාගේ මතකය ඉතිහාසයෙන් ඉවත්වීමට පෙර 

https://www.youtube.com/watch?v=ozD7HryFmfg

හරක් ලොරි දෙකක් ලුහුබැද ගොස් අල්ලයි

2015-04-08 ප.ව. 11:09
පදියතලාව හා මහඔය ප්‍ර දේශයෙන් පටවන ලද ගවයන් 29 සහිත ලොරි රථ දෙකක් ඊයේ රාත්‍රි (07) ලුහුබැද ගොස් මහියංගන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. මහනුවර හා මඩවල ප්‍ර දේශයේ මස්පිණිස මෙම ගවයන් රැගෙන යමිවන් සිටියදි මෙසේ අත් අඩංගුවට පත් විය‍. ලොරි රථයේ සිටි පුද්ගලයන් කිහිපදෙනෙනක් අත් අඩංගුවට පත් වු අතර ඔහුන් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා අපරාධ අංශයේ ස්ථානාධිපති එම් බි ජි ජි සුදේශ් චතුරංග මහතා ප්‍රමුඛ නිළධාරින් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.




පිං පඩිය සමග තැපැල් කන්තෝරුවෙන් අවුරුද්දට තෑගි මල්ලක් - ආදර්ශමත් තරුණ පිරිසකගේ වැඩිහිටි සත්කාරයක්


2015-04-09 පෙ.ව. 7:22
මහියංගන පුජානගරයේ උප තැපැල් කාර්යාලයෙන් මාසිකව පිං පඩි ලබාගැනිම සදහා පැමිනෙණ දසසිල් මාතාවන් හා වයෝවෘද්ධ වැඩිහිටියන් 150කට අධික පිරිසක් සදහා සිංහල දමිල අලුත් අවුරුද්ද සදහා වියලි ආහාර සලාක මල්ලක් තිළිණ කිරිමට මහියංගන නගරයේ හා පුජානගරයේ තරුණ ව්‍යාපාරිකයන් පිරිසක් පෙරේදා (08) උදේ කටයුතු කරනු ලැබිය‍.
වැඩිහිටියන් සදහා ආගමික වතාවත් සිදු කරමින් වැඩසටහන ආරම්භ කල අතර සියලු දෙනා සදහා ආහාර පාන ලබාදෙමින් සංග්‍රහ කටයුතු සිදු කරනු ලැබුවේ උදැසනින් නිවෙස් වලින් පිං පඩි ලබාගැනිම සදහා නිරාආහාරව පැමිනෙන වැඩිහිටියන්ගේ පිපාසය හා බඩගින්න නිවාදමමිනි.
සිනි,පරිප්ප,තේ කොළ, ලුණු, සෝයාමිට්, සබන්, බිස්කට්‍‍්, සිද්ධාලේප මෙම වියලි ආහාර මල්ලට ඇතුලත් විය. මහියංගන පුජානගරයේ උපතැපැල් කාර්යාලයේ ස්ථානාධිපති ඩි.එම්. සිලවති මහත්මියගේ සම්බන්ධිකරණයෙන් මහියංගන තැපැල් ස්ථානාධිපති සරත් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වියලි ආහාර සලාක බෙදාදිම සිදු කල අතර සම්පත් දායකත්වයෙන් දායකත්වය දැක් වු මහියංගන නගරයේ ලක්මිණ ඔටෝ සවිස් සෙන්ටර් අධිපති තුමන් හා පුජා නගරයේ ව්‍යාපාරිකයන් වන ඉන්දික ධනන්ජය හේරත් හා ඉසන්ක උදයකුමාර ගේ සුරතින් වියලි ආහාර බෙදාදිම සිදු කරන ලදි.
පසුගිය මාසයේදිද පිං පඩි ලබාගැනිම සදහා පැමිණ සිටි වැඩිහිටියන් හට රුපියල් 250 බැගින් ලබාදිමට මෙම තරුණ ව්‍යාපාරිකයන් කටයුතු කර තිබුනි. වැඩිහිටියන් සදහා අවම අවධානයක් ඇතිව තිබෙනා වකවානුවක මෙවන් වැඩිහිටි සත්කාරයන් සිදු කරනා තරුණ ව්‍යාපාරකයන් රටටම ආදර්ශයක් නොවන්නේද.



Tuesday, April 7, 2015



හැමදේටම විසඳුම හසලක ගාමිණීගේ මතකය ඉවත් කරන එකද? තීරණය ගන්න අද බැලුම්ගල අහන්න.

හැමදේටම විසඳුම හසලක ගාමිණීගේ මතකය ඉවත් කරන එකද? තීරණය ගන්න අද බැලුම්ගල අහන්න. 
http://nethfm.com/article/63303

හසලක ගාමිණීගේ මතකය - විරුවන් මතකයි තවමත් අපට

හසලක ගාමිණීගේ මතකය - විරුවන් මතකයි තවමත් අපට

http://nethfm.com/article/63454

මිනිපේ සිසුවෙක් සුනාමි යන්ත්‍රයට මැදිවි මියයි

 2015 අපේ‍්‍රල් මස 07
මිනිපේ, මොරයායේ, 39 ඇළ වෙල් යායේදී ගොයම් කපා ස්වයංක්‍රීයව පාගා මලුවලට පුරවන සුනාමි නමින් හැඳින්වෙන යන්ත්‍රයකට අසුවීමෙන් අවුරුදු 15 ක පාසල් දරුවකු ‍‍‍‍ඊයේ (06) දහවල් 11ට පමණ මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මිනිපේ වේරගන්තොට, නුවරගෙදර පදිංචි ඒ.ජී.නාමල් මධුෂංක ජයවීර නමැති එම දරුවා කුඹුරු වැඩවල නිරතව සිටි පිරිස අතර සිටියදී දරුවා හිස හා උරහිස මත දමා සිටි රෙදි කඩ සුනාමි යන්ත්‍රය හා ට්‍රැක්ටරය සම්බන්ද කරන යකඩ කරකැවෙන ලිවරයෙහි එතිම හේතුවෙන් දරුවා යන්ත්‍රය වෙත ඇදි ගොස් එම යන්ත්‍රයට හසුවී ඇති අතර හිසට සිදු වු බරපතල තුවාල හේතුවෙන් මිය ගිය අතර ඔහු මිනිපේ මොරයාය සංඝබෝධි මහා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ සිසුවෙකි.










Monday, April 6, 2015

විල්ගමුවේ සභපතිගේ වාහනයට පුද්ගලයෙක් බිලි - 4ක් රෝහලේ


2015-04-06 පෙ.ව. 7:19

ගිරාදුරුකෝට්ටේ හෙබරව 10 කණුව ප්‍ර දේශයේදි ඊයේ (5) රාත්‍රි 11.00ට පමණ විල්ගමුව ප්‍රාෙද්ශිය සභාපති ගමන්ගත්    රථයක් අනතුරට පත්විමෙන් එක් පුද්ගලයෙක් මියගොස් හතර දෙනෙත් තුවාල ලබා ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත‍.

බසයක් නොමැතිව නිවෙස් බලා යාමට නොහැකිය හසලක බස්නැවතුමේ රැදි සිටි පිරිසක් නුවර දෙස සිට පැමිණි සභාපතිගේ කැබ් රථයේ පිටුපසට හසලක ප්‍ර දේශයේදි නැග ඇති අතර එසේ නැගි පිරිසෙන් එක් අයෙකු මියගොස් හතර දෙනෙකු මෙම අනතුරින් තුවාල ලබා ඇත‍.
සිද්දිය සම්බන්දයෙන් ගිරාදුරුකෝට්ටේ පොලිස්ථානාධිපති ප්‍රධාන රථවාහන අංශයේ නිළධාරින් පරික්ෂණ පවත්වති.

දම්බරාව ඔයට රෑ කාර් එක පෙරලි 01 මරුට - 3ක් රෝහලට

2015-04-04 ප.ව. 2:55
මහියංගනය දෙසට ධාවනය කරමින් තිබු කාර් එකක ඊයේ (03) රාත්‍රි 11.00ට පමණ දම්බරාව ඔයට පෙරලි එහි ගමන් කරමින් සිටි හතර දෙනාගෙන් අයෙකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා මහියංගන මුලික රෝහල වෙත ප්‍රතිකාර කිරිම සදහා ඊයේ (03) රාත්‍රි ඇතුලත් කරනු ලැබ ඇත.
මෙසේ මියගොස් ඇත්තේ දුම්මලසුරිය, උඩුබද්දාව, මහඅගාර යන ලිපිනයේ පදිංචිව සිටි සේනාරත්න මුදියන්සේලාගේ චන්ද්‍රාසේනාරත්න, වයස 53ක් වන අයෙකි.
රථය ඔයට පෙරලිමට පෙර පාලමේ ගැටි ඉන් අනතුරුව ඔයට පෙරලි ඇත. විශාල ශබ්දයක් ඇතිම හේතුවෙන් ප්‍රදේශවාසින් ඒ සම්බන්දයෙන් පරික්ෂාකිරිමේදි ඔයට පෙරලි තිබු කාර් එක සොයාගෙන ඇති අතර තුවාල කරුවන් කඩිනමින් ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කිරිමට පියවර ගෙන ඇත.
අනතුර සම්බන්දයෙන් මහියංගන පොලිසියේ රථවාහන අංශය පරික්ෂණ සිදු කෙරේ


රාජ්‍ය වෙසක් උළෙල මහියංගණයේ


රාජ්‍ය වෙසක් උළෙල මහියංගණයේ
2015 අපේ‍්‍රල් මස 01 19:26:08
රාජ්‍ය වෙසක් උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් මහියංගණ රාජමහා විහාරස්ථානයේදී පැවැත්වෙන බව බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය මහතා පවසයි.
එයට පෙරදින එනම් මැයි 3 වැනිදා වෙසක් පොහොය දිනයේදී මහියංගණ රාජමහා විහාරස්ථානයේදී 12,000කට අධික දහම් පාසල් සිසුන් හා සැදැහැවතුන් පිරිසක් සිල් සමාදන් කරවීමේ වැඩසටහනක්ද පැවැත්වේ.
වෙසක් සමරු මුද්දරයක් අප්‍රේල් 20 වැනිදා නිකුත් කිරීමටද නියමිතය.

ඌව මහ ඇමතිට මඩ පෝස්ටරයක්


ඌව මහ ඇමතිට මඩ පෝස්ටරයක් - මෝඩයන්ගේ දිනයේ පෝසටර් ගහපු අයට මහ ඇමතිගෙන් තුති
ඌව මහ ඇමති හරින් ප‍්‍රනාන්දු මහතාව මැදිකරගෙන ඌව පළාත්සභාවේ අමාත්‍ය අනුර විිදානගමගේ මහතා සහ ඌව පළාත් සභා මන්ත‍්‍රි උපාලි සේනාරත්න යන මහත්වරු සිටින ජායාරූපයක් සමග මුද්‍රණය කල මඩ පොස්ටරයක් බදුල්ල නගරයේ අප්‍රේල් 01 දින අලවා තිබුණි. මාධ්‍යවෙිදින් හමුවේ මහ ඇමතිවරයා පැවසුවේ මෙය මෝඩයාගේ දිනයේ කිසිවෙක් විසින් කරන ලද මෝඩ ක‍්‍රියාවක් බවයි .

ලැජ්ජනැතිකම මැති ඇමතිකම් වලටත් වඩා ලොකුයි ???

 අද දින (01-04-2015) උදැසන මහියංගනය හා අවට ගමමාන රැසක ස්ථාන රැසක මෙම පොස්ටරය අලව තිබු අතර සැමගේ අවදානයට ලක් විය
මේ සම්බන්දයෙන් ඔබේ අදහස කුමක්ද????