Sunday, February 15, 2015



















නිදන් හොරු නාගදිප රජමහා විහාරස්ථානයටත් පනි

 වීදුරු කුටියේ නාගයා උස්සයි
2015 පෙබරවාරි මස 15 

මහියංගණය ඌරණිය ඵෛතිහාසික නාගදීප විහාරස්ථානයේ තිබු නාග රුව හා පිංකැටයේ සල්ලි සොරාගෙන ඇතැයි පොලිසිය පවසයි .
උතුරු නැගෙනහිර යුද්ධය ජයගැනිම වෙනුවෙන් කිරිකල හතකින් සෑ මළුව නහවා මේ නාග රූපය පුදන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි. පහත මළුවේ චෛත්‍යය ඉදිරියේ විදුරු කුටියක එය තැන්පත් කර තිබුණි.
මේ නාග රුව අඩි එක හමාරක් උසය.


Thursday, February 12, 2015

වාහන තෙල් බැරල් වල පොල්තෙල් ප්‍රවාහනය කර උසාවි යන්න වෙයි - 15000ක දඩ - තෙල් විනාශ කරන්න උසාවියෙන් නියෝගයක්


2015-02-12 ප.ව. 2:37
වාහන තෙල් බැරල් වල පොල් තෙල් (ෆාම් ඔයිල් ) දන් කොටුව සිට මහියංගනය දක්වා ප්‍රවාහනය කල ලොරි රථයක් අද (12) උදැසන මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මහේස්ත්‍රා ගිතානි විජේසිංහ මෙනෙවිය විසින් ලොරි රථ හිමි කරුවන් හට රුපියල් 15000ක දඩයක් හා පොල්තෙල් බැරල් (ෆාම් ඔයිල් ) සියල්ල විනාශ කර දමන ලෙස මහියංගන සෞඛ වෛද්‍ය නිළධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් හට නියෝග කර ඇත.
රාජදෙරේ තේවර් අංක 313/3 බුජ්ජම්පොල, දංකොටුව යන ලිපිනයේ ව්‍යපාරිකය හට මෙලෙස මහියංගන මහේත්‍රාත් උසාවිය මගින් දඩ නියම කර ඇත. සෞඛ්‍ය නිති රිති උල්ලන්ගනය කර ප්‍රවාහනය කල රුපියල් දෙලක්ෂ පනස්දහසක (250000) ෆාම් ඔයිල් බැරල් පහක (5) කිලෝ 950ක් මේ ආකාරන් විනාශ කර දැමිම මහියංගන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ වෛද්‍ය පි කේ ධර්මප්‍රිය මහතාගේ උපදෙස් පරිදි ආර් එම් ටි පි විජේසෝම, ඊ ඩි ඩි ඒ එදිරිසිංහ, ඒ එම් එස් අබේසේකර යන මහජන සෞඛ්‍ය මහතුන් විසින් මහියංගන ප්‍රා දේශීය සභා බැහැර කිරිමේ ස්ථානයේදි විනාශ කරනු ලැබිය.



ඌව පළාත් සභා මැතිවරණ සිද්ධියේ හිටපු සීනි ඇමැතිගේ ආරක්‍ෂක නිලධාරින්ට ඇප

ඌව පළාත් සභා මැතිවරණ සිද්ධියේ හිටපු සීනි ඇමැතිගේ ආරක්‍ෂක නිලධාරින්ට ඇප
පසුගිය ඌව පළාත් සභා මැතිවරණය පැවැති සැප්තැම්බර් මස 20 වැනිදා වියලුව කන්දකැටිය ගලඋඩ ප්‍රදේශයේදී නැගෙනහිර පළාත් සභා එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී නිශාන්ත මංජුල ප්‍රනාන්දු මහතාට පහර දී නීත්‍යානුකූල ගිනි අවිය පැහැර ගැනීමේ චෝදනා ලැබූ හිටපු සීනි කර්මාන්ත අමාත්‍ය ලක්‍ෂ්මන් සෙනෙවිරත්න මහතාගේ ආරක්‍ෂක නිලධාරීන් පස්‌දෙනකු පසුගිය 09 දින බදුල්ල අධිකරණයට ඉදිරිපත් කරන ලදුව රුපියල් ලක්‍ෂ පහ බැගින් ශරීර ඇප නියමකර ලබන මැයි මස 09 දින යළි අධිකරණයේ පෙනී සිටින ලෙසට බදුල්ල මහෙස්‌ත්‍රාත් රුවන්තිකා මාරපන මහත්මිය නියම කරන ලදී.
හිටපු සීනි කර්මාන්ත ඇමැතිවරයාට හා ආරක්‍ෂක අංශ නිලධාරීන් පස්‌දෙනාට මෙම චෝදනාව යටතේ බදුල්ල අධිකරණයේ පෙනී සිටින ලෙසට නියම කර තිබුණද ඔවුන් අමාත්‍ය ආරක්‍ෂක අංශයට අනුයුක්‌ත නිලධාරීන් බැවින් ඒ පිළිබඳව පොලිස්‌ නීති අංශයට දැනුම්දී උපදෙස්‌ ලැබෙන තුරු මෙතෙක්‌ අධිකරණය හමුවට පමුණුවා තිබුණේ සීනි කර්මාන්ත හිටපු අමාත්‍යවරයා පමණි.
ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නොතීසි නිකුත් කර තිබියදී පසුගිය 09 දින ඔවුන් පස්‌ දෙනා නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

Wednesday, February 11, 2015

පැය 24ක් ඇතුලත වකුගඩු රෝගි මව හා පුතු මියයි - කුඩා නිවසේ මරණ දෙකක් -ගිරාදුරුකෝට්ටේ ප්‍ර දේශයම හඩවා මව පුතු අවසන් ගමන් යයි

පැය 24ක් ඇතුලත වකුගඩු රෝගි මව හා පුතු මියයි - කුඩා නිවසේ මරණ දෙකක් -ගිරාදුරුකෝට්ටේ ප්‍ර දේශයම හඩවා මව පුතු අවසන් ගමන් යයි
2015-02-11 ප.ව. 11:44

ගිරාදුරුකෝට්ටේ 51 මාර්ගයේදි අගලඔය මන්සන්දියේදි අද (11) සවස ගම්වාසින් විරෝධතාවයක නිරත් වුයේ වකුගඩු රෝගයෙන් පෙලෙන ජනතාව කෙරෙහි බළධාරින් ගේ විශේෂ අවධානය යොමු කරන ලෙස බල කරමිනි. ඒ ගිරාදුරුකෝට්ටේ ගල්පෝරුයාය ප්‍රදේශයේ වකුගඩු රෝගයෙන් පෙලුන එකම නිවසේ මවක හා පුතකු පැය 24ක් ඇතුලත මිය යෑම හේතුවෙනි.
එසේ මියගොස් ඇත්තේ එස් බි පොඩිනෝනා නැමැති වයස 71ක් වන කාන්තාවක් හා ඌරුවරිගයේ සේනාරත්න නැමැති තරුණයෙකු වේ. ගිරාදුරුකෝට්ටේ ගම්මාන රැසක් හඩවා මව පුතු අද දිනයේ අවසන් ගමන් යනු ලැබුවා.



ලොරියක් එරීමෙන් මහියංගණ පගරගම්මන මාර්ගයේ වාහණ ගමනා ගමනය ඇන හිටී



ලොරියක් එරීමෙන් මහියංගණ පගරගම්මන මාර්ගයේ වාහණ ගමනා ගමනය ඇන හිටී
2015-02-11 පෙ.ව. 12:02
ඊයේ (10) උදැසන මැද ඔය විහාරස්ථානය අසලදි මඩවලක ලොරි රථය එරිමෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු සදහා බාදා සිදු විනි.



Monday, February 9, 2015

ස්ත්‍රි දුෂණ රැසකට සම්බන්ද පුද්ගලයෙක් මහියංගණ පොලිසිය අත්අඩංගුවට ගනි - සැකකරු අත් අඩංගුවෙන්පැනගොස් පොලිසියේ මහ ජරමරයක්.

ස්ත්‍රි දුෂණ රැසකට සම්බන්ද පුද්ගලයෙක් මහියංගණ පොලිසිය අත්අඩංගුවට ගනි - සැකකරු අත් අඩංගුවෙන්පැනගොස් පොලිසියේ මහ ජරමරයක්.
2/9/2015 1:08 PM

මහියංගන හා රිදිමාලියද්ද යන මහියංගණ පොලිස් වසම තුල ස්ත්‍රි දුෂණ රැසක් සිදු කල පුද්ගලයෙකු මහියංගන පොලිසිය විසින් ඊයේ (09) දහවල් අත් අඩංගුවට ගත් අතර පොලිසියට රැගෙන ඒ මෙන් පසු පොලිස්ථානයේදි සිටියදි සැකකරු පැන යෑම හේතුවෙන් සැකකරු අත් අඩංගුවට ගැනිම සදහා මහත් පරිශ්‍රමයක් යොදන්නට පොලිස් නිළධාරින් හට සිදු විය.
මෙම පුද්ගලයා අවස්ථා කිහිප අවස්ථවයකදි ස්ත්‍රි දුෂණ සිදු කර සිරගතව සිටි අයෙක් වන අතර වයස 27ක විවාහකයෙක් (දැන් වෙන් වි ඇත) වන අතර හමුදා සේවයේ යෙදි සිටි අයෙක් ද වේ. කෙසෙල්පොත, මාපාකඩවැව ප්‍ර දේශයේ පදිංචි කරුවෙකි.
මාස කිහිපයකට ඉහතදී මහියංගන පදියතලා මාර්ගයේ 50 කණුව , තරුණ ව්‍යාපාරය ප්‍ර දේශයේ පාසැල නිම වි නිවෙස් බලා යමින් සිටි පාසැල් දැරියක් වංචනික ආකාරයෙන් රවටාගෙන ගොස් සොහොන් භූමියකට රැගෙන ගොස් පාසැල් නිළ ඇදුම පිටින්ම දුෂණය කර ඇති අතර මෙම සිද්දියට සම්බන්දයෙන් මෙම පුද්ගලයා මහියංගන පොලිසය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර පොලිසියේ ප්‍රශ්න කිරිම් හමුවේ ඉහත පාසැල් දැරිය දුෂණය සම්බන්දයෙන් වරද පිලි ගෙන ඇත.

අත් අඩංගුවට ගත් සැක කරු මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර හදුනා ගැනිමේ පෙරට්ටුවක් සදහා ඉදිරපත් කිරිමට නියමිත අතර සිද්දිය සම්බන්දයෙන් මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති එස් බි වික්‍රමසිංහ මහතා හා ලයනල් කොටන් දෙනිය, ඒ අමරසුරිය යන  නිළධාරින් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.

Sunday, February 8, 2015

මිත්තනියගේ නිවසේද් විදුලිසැර වැදි හත් හැවිරිදි දරුවා මියගිහින්

මිත්තනියගේ නිවසේද් විදුලිසැර වැදි හත් හැවිරිදි දරුවා මියගිහින්
2/8/2015 3:50 PM

මිත්තනියගේ නිවසේ වු ශිතකරණයක සිදු විදුලිය කාන්දුවිමකින් හත් හැවිරිදි (07) කුඩා වයසේ පසුවන  පාසැල් දරුවකු මියයෑමේ සිදු විමක් මහියංගන සොරබොරවැව ප්‍ර දේශයෙන් අද (08) දහවල් වාර්ථාවේ.

මෙලෙස අවාසනාවන්ත ආකාරයෙන් මියගොස් ඇත්තේ අංක 96, පට්ටියලන්ද, සොරබොරවැව පාර, මහියංගනය යන ලිපිනයේ පදිංචිව සිටි ඩබ්ලිව් එච් එම් ලක්මිණ බංඩාර ජයසිංහ (07) නැමැති  සොරබොරවැව මධ්‍යමහා විද්‍යාලයේ 03 ශ්‍රේණීයේ අධ්‍යාපනය ලැබු කුඩා දරුවෙකි.
දරුවාගේ නිවස ආසන්නයේ පිහිටි සිය මිත්තනියගේ නිවදේ අද උදැසන සිට   සෙල්ලම් කරමින් සිට ඇති අතර, ඔහු දහවල් මිත්තනිය විසින් දැක ඇත්තේ ශීතකරණය අබියස බිම වැටි සිටින ආකාරය වේ. ඒ මොහොතේ ප්‍ර දේශවාසින් කැදවා දරුවා මහියංගන මුලික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඒ මොහොත වන විටත් දරුවා මියගොස් සිට ඇත. දරුවා බිම වැටි සිටි මොහොතේ ශිතකරණයේ දොර විවෘතව තිබු බවත් මිත්තනිය පවසන අතර දරුවාගේ දෑතේ පිලිස්සුම් තුවාල කිහිපයක් දක්නට ලැබේ. සිද්දිය සම්බන්දයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණ හා මරණ පරික්ෂණ සිදු කිරිමට නියමිතව තිබේ.

සිද්දිය සම්බන්දයෙන් මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති එස් බි වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ නිළධාරින් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.




Friday, February 6, 2015

ගුරුවරිය පැහැරගත් පුද්ගලයන් 04ක් පොලිස් අත් අඩංගුවට


2015-02-06 ප.ව. 11:19
පෙම් සබදතාවයක් පවත්වා පසුව එම සබදතාවය නවතා දැමිමෙන් අනතුරුව පරණ පෙම්වතා විසින් පෙම්වතිය පැහැරගෙන යෑමේ සිද්දියක් රිදිමාලියද්ද අරාව පින්නගොල්ල ප්‍ර දේශයෙන් අසන්නට ලැබේ. මෙසේ පැහැරගෙන අත්තේ ගුරුවරියකි
මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ රිදිමාලියද්ද අරාව පින්නගොල්ල ප්‍ර දේශයේ තරුණියක් වන අතර ඇය වෘතියෙන් ගුරුවරියකි. ඇගේ පිය හිටපු රිදිමාලියද්ද ප්‍රා දේශිය සභාවේ සභාපතිවරයෙක් ද වේ. මෙම ගුරුවරිය බදුල්ල ප්‍ර දේශයේ තරුණයෙකු සමග පෙම් සබදතාවයක් පවත්වගෙන ගොස් ඇති අතර සුලු කාලයකින් එය අත් හැර දමා ඇත. ඒ කෝපයට පත් පෙම්වතා විසින් ඇය පැහැර ගෙන යනු ලැබ ඇත.

සිද්දිය සම්බන්දයෙන් මහියංගන පොලිසියට ලැබුන පැමිණිල්ලකට අනුව පරික්ෂණ සිදුකර ඇති අතර පැහැර ගැනිමට සම්බන්ද පුද්ගලයන් 04ක් අත්අඩංගුවට ගෙන ඇත.

දින 03ක් මහියංගනයට ජලය නොමැති විමෙන් ගැටලු රැසක් - මහියංගන රෝහලේ රෝගින් හා නිළධාරින් විශාල අපහසුතාවයකටපත් වෙයි - වකුගඩු රෝගින් 06ක් ජිවිතයත් මරණයත් අතර සටනක නියැලි ඇත


2/6/2015 11:50 AM
මහියංගන ප්‍රදේශයට දින 3ක් තිස්සේ පානිය ජලය නොලැබිම හේතුවෙන් ගම්වසින් නගරවාසින් හා මහියංගන රෝහලේ නේවාසික සිටි රෝගින් 300ට අධික පිරිසක් ගැටලු රැසකට මුහුන දුන්නේය. පසුගිය 3/4/5 යන දිනයන් හි මෙසේ නොදන්වා ජලය කපා හැරි බව ප්‍රදේශවාසින් චොදනා කරති.
මහියංගන මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබු රෝගින් 300කය අධික ප්‍රමාණයක් මේ හේතුවෙන් විශාල ගැටලු රැසකට මුහුණ දුන් අතර ජලය නොමැති කමෙන් සිදු කිරිමට තිබු ශල්‍යකර්ම ලිස්ට් 2ක් වෛද්‍යවරුන් විසින් අවලංගු කර ඇත.
අනපේක්ෂිත ආකාරයෙන් ජලය නොලැබිම හේතුවෙන් නේවාසික ප්‍රතිකාර ලැබු වකුගඩු රෝගින් 06ක් සදහා රුධිර කාන්දු පෙරණ ක්‍රියාත්මක කිරිමට නොහැකිව වෛද්‍යවරු හා කර්ය මණ්ඩලය මෙන්ම එම රෝගින් විශාල අසිරුතාවයකට පත් වු බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරති.
මෙවැනි හදිසි ජල විසන්දි කිරිමකදි ප්‍රයෝජනයට ගැනිම සදහා රෝහලේ ජල අවශ්‍යතාවයට සරිලන විශාල ජල ටැංකියක් නොමැති කම හේතුවෙන් දිනක රෝහලේ ජල අවශ්‍යතාවය පමණක් වත් සපුරාගන්නට නොහැකි විම මෙම ගැටලුවට හේතුවි ඇත. මහියංගන මුලික රෝහලේ විශාල ජල අවශ්‍යතාවය සපුරාලිම සදහා කඩිනමින් විශාල ජල ටැංකියක් ලබාදිමට අවශ්‍ය වි ඇති අතර එමගින් දිස්ත්‍රික් පහක් සදහා සේවය සලසාලන රෝහලේ වෛද්‍යවරු සහ කර්ය මණ්ඩලය මෙන්ම රෝගින්ද අපහසුතාවයට පත් නොවන බව රෝහල් කාර්යය මණ්ඩලයේ අදහස වි ඇත.
මහවැලි ගගේ ජල මට්ටම හදිසියේ ඉහල යෑම හේතුවෙන් ජල පොම්ප යටවිම නිසා ජලය ලබාදිමට නොහැකි වු බව මහියංගන ජලසම්පාදන නිළධාරින් පවසති. වසර ගනනාවක් තිස්සේ වසරේ විවිධ කාලයන් වල මෙලෙස මහවැලි ගගේ ජල මට්ටම ඉහල යෑම හේතුවෙන් ජල පොම්ප අක්‍රිය වි දින ගනනක් ජලය ලබාදිමට නොහැකි විමට කඩිනමින් ස්ථිරසාර විසදුමක් ලබාදිමට වගකිවයුතු නිළධාරින් කටයුතු කලයුතු බව මහියංගන ප්‍ර දේශවාසින්ගේ ඉල්ලිම වි ඇත.

හසලක අවනසර මැණික් පතල් අල්ලන්න ගිය නිළධාරින්ට පහර දි රෝහලේ - ග්‍රාම නිළධාරි හා පොලිසියේ අයෙකුත් පතල ලග ඉදලා


2/6/2015 11:50 AM
හසලක තොරපිටිය රක්ෂිතයේ අනවරසයෙන් මැණික් ඉල්ලම් හාරමින් සිටි පරිසක් වැටලිම සදහා ගිය වනසංරක්ෂණ නිළධාරින්ට පසුගිය 04 දින සවස පහර දි එක් නිළධාරියෙක් ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.
මේ දිනවල හසලක තොරපිටිය ප්‍රදේශයේ රක්ෂිතය තුල මහා පරිමාණයෙන් ගම්මානයේ පිරිසක් හා ව්‍යාපාරිකවන් එක්ව අනවසර මැණික් ගැරිම් සිදු කරමින් පවතින අතර ඒ සම්බන්දයෙන් ලැබුන තොරතුරක් අනුව හුන්නස්ගිරිය කහටගොල්ල අඩවිවන කාර්යාලයට අනුබද්දව රාජකාරියේ නියුතු නිළධාරින් දෙදෙනෙකු උල්පතගම බිට්ටුවේ තොරපිටිය වනාන්තරයේ අක්කරකොළනියේ ප්‍රදේශයේ වැටලිම සදහා ගොස් ඇත. වනසංරක්ෂණ නිළධාරින් විසින් පිරිස අත් අඩංගුවට ගැනිමට යාමේදි එම ප්‍රදේශයේ ග්‍රාම නිළධාරිවරයා හා හසලක පොලිසියේ නිළධාරිවරයෙකු සිවිල් ඇදුම්න් සිට ඇති අතර ග්‍රාම නිළධාරිවරයා විසින් එය වලක්වාලමින් පවසා ඇත්තේ තමන්ගේ සහයට මෙම පුද්ගලයන් පැමිනි බවත් අත් අඩංගුවට නොගන්නා ලෙසය.
පසුව එම ස්ථානයේ මැණික් ගරමින් සිටි පිරිසෙන් කිහිපදෙනෙකු පැමිණ වනසංරක්ෂණ නිළධාරින් හට පහර දි ඇති අතර ඩබ්ලිව් වයි එම් වීරකෝන් (57) නම් නිළධාරි වරයා ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් වි ඇත. ඔහු හසලක, ගුරුලුපොත, බෝමලුව ප්‍ර දේශයේ පදිංචි කරුවෙකි.
සිද්ධිය සම්බන්දයෙන් හසලක පොලිසිය වෙත ඩබ්ලිව් වයි එම් වීරකෝන් වනසංරක්ෂණ නිළධාරිවරයා පැමිණිලි කර ඇති අතර හසලක පොලිසිය විසින් පහර දිමට සම්බන්ද එක් සැක කරුවෙකු අත් අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම පුද්ගලයා රක්ෂිත බන්දනාගාර ගත කර ඇත.
රෝහල් ගත කර සිටිනා විරකෝන් මහතා පවසන්නේ ග්‍රාම නිළධාරිවරයාගේ සහයට එම පුද්ගලයන් පැමිණියේ නම් තමන්ට පහර දුන්නේ කුමකටද යන්න ප්‍රශ්නයක් බවත්, පහරදුන් පිරිස තමන්ට දේශපාලන හයිය තිබෙන බවත් ඔහුන්ට බාදා නොකරන ලෙස තර්ජනය කිරිම තුලින් රාජ්‍ය නිළධාරින්ගේ සහය ඇතිව මහා පරිමාණ අනවසර මැණික් ගැරිම් හසලක ප්‍රදේශයේ සිදු වන බව චෝදනා කර සිටි. විශේෂ ආක්ෂක බළකා නිළධාරින් යොදවා අවස්ථා කිහිපයකදි වැටලිම් සිදු කලද මෙම අනවසර මැණික් ගැරිම් දේශපාලන හයියෙන් දිගමට සිදු කරන බවත් වනසංරක්ෂණ නිළධාරින්ගේ දැඩි හිගය හේතුවෙන් මේ සම්බන්දයෙන් වැටලිම් මේවනවිට සිදු කිරිම අපහසු වි ඇති බව වැඩිදුරටත් පැවසිය.

හිටපු ජනපති හොරෙන් මහියංගන පන්සලට ඇවිත් ගිහින්

2/6/2015 11:50 AM
හිටපු ජනපති මහින්දරාජපක්ෂ මහතා පෙරේදා (04) සවස 7.00ට පමණ හදිසියේ මහියංගන රජමහා විහාරස්ථානයට පැමිණ විහාරාධිපති ස්වාමින් වහන්සේ බැහැ දැක ඇත. එම අවස්ථාව සදහා ප්‍ර දේශයේ දේශපාලන නායකයත්වය සහ හසලක ප්‍ර දේශයේ දේශිය වෛද්‍යවරයෙකු එක් සිටි බවට දැනගන්නට ඇත

Sunday, February 1, 2015

ජනපති මහියංගණය පුදබිමට යයි

 2015-02-01 18:55:16
    
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද පස්වරුවේ ෙඓතිහාසික මහියංගණය රජමහා විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත වුණා.

පළමුව අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරී මහියංගණ රජමහා විහාරස්ථානයේ භාරකාර රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේගෙන් ආශීර්වාද ලබාගත්තා. අනතුරුව චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳපුදාගත් ජනාධිපතිවරයා ධාතු (බුදු කුටිය) මන්දිරය අභියස පැවැති ආගමික වතාවත් සඳහාද සහභාගි වුණා.