Thursday, September 25, 2014

ලෝක ආදිවාසි දින සැමරුම රාජ්‍ය අනුග්‍රමයකින් තොරව

ලෝක ආදිවාසි දින සැමරුම රාජ්‍ය අනුග්‍රහයකින් තොරවම දඹාන කොටබකිනියේදි - ආදිවාසි කියලා හැදුනුමපතට උප්පැන්නෙට දාලා දෙන්න කියලා නායකයා රජයෙන් ඉල්ලයි.
2014-08-10 පෙ.ව. 11:37

සෑම ආදිවාසී දිනයක් ආරම්භ කිරීමත් සමගම ආදිවාසීන්ගේ සැප දුක් සොයා බලා ඔ...වුන්ව නගා සිටුවීමට යැයි කියමින් හතු පිපෙන්නා වාගේ විවිධ සංවිධාන රැසක්ම බිහිවුනා. ආදිවාසී නම විකුණමින් එම බඩගෝස්තර වාදීන් අපට හිමි ආධාර මංකොල්ල කෑවා. අපට තඹ දොයිතුවක්වත් ලැබෙන්නේ නැහැ. ආදිවාසින්ට සිදු වන කරදර අවම කර ගන්න උප්පැන්නෙට හා හැදුනුම්පතය ආදිවාසි පරම්පරාවේ යැයි සදහනක් ඇතුලත් කරන්න කියලා ආන්ඩුවෙන් අවස්ථා කිහිපයකදී ඉල්ලිම් කර තිබුනත් ඒ සම්බන්දයෙන් මේ වන තුරු ක්‍රියා කරලා නෑ. ලෝක ආදිවාසී දිනය වෙනුවෙන් අගෝ.09 දා දඹාන කොටබකිනියේ පැවති උත්සවයේදී එසේ පැවසුවේ ආදිවාසී නායක විශ්ක කිර්ති වනස්පති ඌරුවරිගෙ වන්නියල ඇත්තෝ පැවසිය.
කොටබකිණිය වනගත මොරබැද්දේදී මෙම උත්සවය සංවිධානය කොට තිබුනි. දේශපාලනිකෙ හෝ වෙනත් ප්‍රභූන්යැයි හදුන්වන කිසිවෙකුටවත් ආරාධනා කර නොතිබීම මෙදින විශේෂයෙන්ම කැපී පෙනුනි. මෙම උත්සවය සැමරීම සදහා නිල්ගල,රතුගල,පොල්ලෙබැද්ද,දළුකාන,හෙනානිගල,වාකරේ,උඩත්තව,යහන්ගල වැනි ප්‍රදේශවලින්ආදිවාසී කණ්ඩායම් පැමිණ සිටියහ.
පෙර (08)දින රාත්‍රී ඔවුන්ගේ වරිග සභාව පැවැත්වූ අතර වැදි චාරිත්‍ර අනුව පිටස්තර අයට ඊට සහභාගිවීමටද අවසර නොමැත. උත්සවය අමතමින් වන්නියල ඇත්තෝ මෙසේද පැවසූහ. ආදිවාසීන් වෙනුවෙන් යැයි පිහිටුවාගත් සංවිධාන ගැන අපි මොකුත් දන්නෙත් නැහැ. එකෙක්වත් මේ පළාතකවත් ආවෙත් නැහැ. හැබැයි දේශීය මෙන්ම විදේශීය වශයෙන් ලැබෙන ද්‍රව්‍ය හා මූල්‍ය ආධාර මෙන්ම වෙනත් වරප්‍රසාදත් ඔවුන්ව භුක්ති විදිනවා. වරිග සභාවලදී අපේ යෝජනා එකතුකොට රටේ නායකයන්ට ඉදිරිපත් කරනවා. ඒවා ගැන සැලකිලිමත් වන බවක් පෙනෙන්නට නැහැ. මේ රටේ අයට අපේ රට ගැන අපේ ඉතිහාසය ගැන කථා කිරීමේදී දෙන්න තියෙන එකම උදාහරණය තමයි ආදිවාසී පරපුර පැවති කිසිම රජයක් මේගැන හිතුවේ නැහැ. අපට පිළිගැනීමක් අරන් දෙන්නේ නැහැ. ඒනිසා අපේ පරපුර දිනෙන් දින අඩුවෙවී යනවා. අප ජීවත් වන්නේ කැලෑව සමගයි. අපේ පාසැල, රෝහල, පුදබිම, කම්හල, ආහාර ගබඩාව, උත්සව ශාලාව මේ ඔක්කොම කැලය තමයි. අද අපට කැලෑවත් සීමා කරලා. අපි කවදාවත් ඝණ කැලය විනාශ කරන්නේ නැහැ. හේනක් කොටන්නෙත් ලඳු බිමකයි. කැලෑව අපේ නෑදෑයෝ. ලොකු අය පොඩි අයට උගන්වන්නේ කැලයට එක්ක ගොහින් ප්‍රායෝගික කටයුතු වල යෙදෙමිනුයි. දැන් එහෙම කැලයේ ඇවිදීමටත් සීමා පනවලා. මැති ඇමතිවරු ඇවිත් පොරොන්දු දීලා අපව රවටනවා. වාකරේ අපේ ඇත්තන්ට ධීවර කටයුතු සදහා බෝට්ටු පවා දෙන බවට එදා පොරොන්දු වෙලා සංකේතවත් කරනවා කියලා දැල් කිහිපයක් දුන්නා. එච්චරම තමයි. ලෝකයේ රටවල් 156ක අද දින මෙම උත්සව පවත්වනවා. අපිත් දඹානෙදි පවත්වනවා. රජය මේකට සම්බන්ධකර ගත්තානම් මේවනවිට සාකච්ඡා 30ක් විතර කරනවා. සාකච්චා කරන්ඩ නිළධාරින් එක්ක වාහන 50ක් විතර කොළඹ ඉදලා එනවා. ලක්ෂ ගණනක් මුදල් අපරාදෙ වියදම් කරනවා. දැන් ඒ මුදල් රටේ දරුවන් වෙනුවෙන්වත් යොදන්නට ඉතුරුවේවි.
ආදිවාසීන් පිළිබදව ගවේෂණවල යෙදෙන මාධ්‍යෙව්දී කමලා අත්රගල්ල මහත්මිය මෙසේද පැවසුවාය. ඉහත රටවල් 156න් 155කම ආදිවාසී ජනයා කථාබහ කරන්නේ ඒරටේ භාෂාවෙන් වුවත් ලංකාවේ ආදිවාසීන් කතා බහ කරන්නේ ඔවුන්ටම විශේෂවූ භාෂාවකින්. මේරටේ ආදිවාසී ජනතාව ලක්ෂ පහක් පමණ සිටින නමුත් දිනෙන් දින එම ප්‍රමාණය අඩුවෙමින් පවතිනවා. අඩුවශයෙන් ආදිවාසී දරුවන් ඉගෙන ගන්නා පාසැල්වල වත් විෂයයක් ලෙස ආදිවාසී භාෂාව උගන්වන්නට ඕනෑ. ඔවුන් ස්වභාෂාවෙන් ඉවත්වීමත් වරිගයා වඳවී යාමට බලපානවා. නැගෙනහිර පළාත්වනජීවී සහකාර අධ්‍යක්ෂ වීරසිංහ මහතා- ආදිවාසීන් සමග අප කටයුතු කරන්නේ සහයෝගයෙන්. ඔවුන්ට සුවිශේෂී හැදිනුම් පත් ලබාදී තිබෙනවා. අනවසරයෙන් කැලය තුලට බාහිරින් රිංගා ගන්නා අය පිළිබදව අපට ‍තොරතුරු ලැබෙන්නේ මේ අයගෙන්. ආදිවාසී පවුල් වලින් 16 දෙනෙකුට වනජීවී අංශයේ රැකියා ලබාදී තිබෙනවා. ඔවුන්ගේ පාරම්පරික ක්‍රියාවන් කරගෙන යාමට වනජීවී අංශයෙන් කිසිම බාධාවක් නැහැ.විවිධ ප්‍ර දේශ නියෝජනය කරමින් පැමිණි ආදිවාසීහු තම තමන්ට ආවෙනිකවූ සංස්කෘතික අංග ඉදිරිපත් කරමින් උත්සවය විචිත්‍රවත් කලහ

සොරබොර ගම්මනයට වන අලි රැලක්

සොරබොර ගම්මනයට වන අලි රැලක්

video >> https://www.facebook.com/video.php?v=539548629507956&set=vb.160815704047919&type=2&theater

ඌවේ ජන පැතුම - ජනතා හරසර මැද - ඌව පළාත් සභාවේ නියත ජය

 

ඌවේ පැතුම - ජනතා හරසර මැද - ඌව පළාත් සභාවේ නියත ජය



ඌව ඡන්දය සැප්තැම්බර 20

2014 අගෝස්තු මස 06 12:38:46 | .

ඌව පළාත් සභා ඡන්දය සැප්තැම්බර 20 වැනි දා පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචි කියයි.
නාම යෝජනා භාර ගැනීම අද දවල් 12ට අවසන් විය.

දිසාපති පාලම කැඩිලා වසර 2 ½කට අධිකයි. තාම යලි පාලම හැදුවේ නෑ.

 ගලමුදුන අති දුෂ්කර ගම්මානයට යන්න හැදු දිසාපති පාලම කැඩිලා වසර 2 ½කට අධිකයි. තාම යලි පාලම හැදුවේ නෑ. ගමේ හදපු ප්‍රජාශාලාවේ වැඩ බාගෙට - නතර කරලා වසරකට වැඩියි.
8/4/2014 2:35 PM

හසලක - මිනිපේ ප්‍රාෙද්ශිය ලේකම් කොට්ඨාශයේ ඉතාම අති දුෂ්කර ගම්මානය...
ක් වන ගල මුදුන ගම්මානයට යෑම සදහා ලක්ෂ 18ක වියදමින් හීං ගග හරහා ඉදිකල පාලම එය විවෘත කර වසරක් පිරෙන්නට කලින් එම පර්ෂයේ ලැබු ප්‍රථම වර්ශාවටම සෝදාගෙන ගොස් කැඩි බිදි දැනට වසර 2 ½කටත් අධික කාලයක් ගතවි ඇති අතර මේ වන තුරු පාලමක් ඉදිකර නොදිම සම්බන්දයෙන් ගලමුදුනගම්වාසින් ගේ දැඩි අප්‍රසාදයට හේතු වි ඇත.
එමෙන්ම ගලමුදුන ගම්මානයේ ලක්ෂ 10ක් වැය කරමින් ඉදිකරන ලද ප්‍රජාශාලාව වසර 3කට අධික කාලයක් ගතවී ඇතත් මේවන තුරු එහි වැඩ නිම කර නොමැති බවට ගම්වාසින් චෝදන කරන අතර දැනට එහි වැඩ නතර කර වසරක් ගතවන්නට ආසන්න බව ගම්වාසින් චෝදනා කරති. පෙරලුන පාලම හා ගම්මානයේ ප්‍රජාශාලාවේ කොන්ත්‍රාත් කට යුතු මිනිපේ ප්‍රාෙද්ශිය සභාවේ මන්ත්‍රිවරයෙකු විසින් සිදු කල බවත් ඔහු විසින් සිදු කරනා ක්‍රිසිදු කට යුත්තක් වගකිමකින් තොරව හා ප්‍රමිතියෙන් තොරව සුදු කරන
බවට ගම්වාසින් චෝදන කරන අතර මේ සම්බන්දයෙන් සොයා බැලිමට සිටිනා පුද්ගලයන්ද මුනිවත රැකිම හේතුවෙන් මෙවැනි අක්‍රමික තා දිගින් දිගමය සිදු කිරිමට හැකි වි ඇති බවට ගම්වාසිගේ අප්‍රසාදය ප්‍රකාශ කර සිටි.
මිනිපේ කොලොන් ගොඩ සිට සුලුගුනේ ගම්මානයට ගොස් එතැන් සිට හීං ගග තරනය කරමින් කිලෝමිටර් 7ක් ගිරි ශිකර මැදින් අඩිපාරක් පමණක් ඇති අතිදුෂ්කර ගමනක යෙදෙමින් ගල මුදුන ගම්මානයට ලගා විය යුතු අතර වර්ශා සමයේ හිංගග පිටාර ගැලිම හේතුවෙන් ගග තරනය කල නොහැකි විමෙන් (පාලමක් නොමැති කමින්) කිලෝමිටර් 18ක දුරක් දෙපයින් ගමන් කිරිමට සිදු වේ. බොහෝ විට වර්ශා සමයේ සති 2-3ක් එම ගම්මානයේ ගම්වාසින්ට පොල්තෙල්, ලුණු, ලබාගැනිම සදහා සුලු ගුනේ ගම්මානය දක්වා පැමිනිමට නොහැකිව හුදෙකලාව සිටිමට සිදුවන වාර අනන්ත බව ගම්වාසින් පවසති. එවන් වකවානුවක ගම්මානයේ රෝගියෙකුට ප්‍රතිකාර ලබාගැනිමට හෝ ගර්භනි කාන්තාවකට දරු ප්‍රසුතියක් සිදු වන්නට ඇත්නම් සිදුවන්නේ මහත් විනාශයකි. ගම්මානයේ පවුල් 25ක් පමණ සිටිනා අතර 100කට ආසන්න ගනනක ජනගහනයක් එහි වෙසෙති. ගොඩනැගිලි දෙකකින් යුතු ප්‍රාතමික පාසලක්ද ගම්මානයේ තිබේ. ලුණු හා පොල්තෙල් හා බටහිර ඖෂධ ප්‍රතිකාර සදහා පමනක් ගම්වාසින් පිටතින් සපුරා ගන්නා අතර අනෙක් සියලු අවශ්‍යතා ගම්මානය තුලදීම සපුරා ගනි.
2009 වර්ශයේ එවකට සිටි මහනුවර මහ දිසාපති ගෝඨාඹය ජයරත්න මහතා ගල මුදුන ගම්මානයේ සිදු කල විශේෂ සංචාරයකදී ගම්වාසින් විසින් සිදු කරන ලද විශේෂ ඉල්ලිමකට අනුව මහින්ද චින්තන වැඩසටහන යටතේ ක්‍රියාත්මක දුෂ්කර ගම්මාන සංවර්ධන ව්‍යාපෘතිය මගින් ලක්ෂ 18ක මුදලක් ලබා දී ත්‍රිරෝද රථයක් ගමන් කිරිමට හැකි මට්ටමේ පාලමක් සැදු අතර එම පාලම ඉදිකිරිමේ කටයුතු භාරව කටයුතු කරනු ලැබුවේ මිනිපේ ප්‍රාෙද්ශිය සභා මන්ත්‍රි වරයෙක් විසිනි. 2010-06 14 දින මධ්‍යම පළාත් මහා අමාත්‍ය සරත් ඒකනායක මහතා හා මහනුවර මහ දිසාපතිව සිටි දිසාපති ගෝඨාඹය ජයරත්න මහතා විසින් මෙම පාලම විවෘත කරනු ලැබු අතර ගම්වාසින්ගේ විශාල අවශ්‍යතාවයක් එමගින් මල්ඵල ගැන්වුනු අතර ගම්වාසින් විසින් එම පාලම දිසාපති පාලම යැයිද නම් කරනු ලැබුවේ මහනුවර මහ දිසාපතිව සිටි දිසාපති ගෝඨාඹය ජයරත්න මහතා විසින් තමන් විදින දුක් කම්කටොලු දැක ඒ වාට යම් හෝ පිහිටක් වන්නට ගම්මානටය ලබා දුන් පාලම වෙනුවෙන් ගෞරවයක් ලබාදිමේ අරමුණ සහිතවය .
එසේ ඉදිකල පාලම ගම්වාසින්ගේ අවාසනාවන්ත කමට වසරක් පිරෙන්නට කලින් ලැබු ප්‍රථම වර්ශාවටම සෝදාගෙන ගිය ඇති අතර පාලම ගසාගෙන යන මොහොතේ කොලොන්ගොඩ පොළ සදහා යමින් සිටි ගම්වාසින් 15 දෙනෙකුගේ ජිවිත බේරි ඇත්තේ උඩසිටිනා දෙවියන්ගේ බැල්ම හේතුවෙන් බව ගම්වාසින් පවසති. ගම්වාසින්ගේ ඇස් ඉදිරිපිටම පාලම සෝදාගෙන ගොස් ඇති අතර එසේ සෝදාගෙන ගොස් වසර 2 ½කට අධික කාලයක් ගත වි ඇතත් ඒ සම්බන්දයෙන් වගකිවයුතු නිළධාරින්, අමාත්‍යවරුන් මැදිහත් වි පාලම කැඩියාමට හෝතුව සොයා බලා නොමැති අතර ඒ වෙනුවට අලුත් ප්‍රමිතියෙන් යුතු පාලමක් ඉදිකරිමටද කටයුතු කර නොමැත. ගම්වාසින් පවසන්නේ කම්බි නොයොදා කොන්ක්‍රිට් සමග විශාල කලු ගල් ‍යෙදිම හා පිහිටි කලු ගල මතු නිකම්ම කොන්ක්‍රිට් යොදා පාලම ඉදිකල බවත් පිහිටි කලුගල සිදුරුකර කම්බි යොදා සවි ශත්තිමත් ලෙස පාලම සැදුවේ නම් මෙවැනි අපරාධයක් නොවන බව ගම්වාසින් පවසති.
ගලමුදුන් ගම්මානයේ පාසල් භුමිය තුල ඉදිකර ඇති ප්‍රජාශාලාවේ වැඩද වසර ගනනාවක් තිස්සේ සිදු කරනගෙන යන අතර එහි වැඩද ප්‍රමිතියෙන් තොරව සිදු කරන බවත් මේ වන විටත් සිමෙන්ති පොලව ඉරිතලා පිපිරි ඇති බවත් ප්‍රජාශාලාව විවෘත කිරිමට පෙර කඩා වැටෙනු ඇතැයි ගම්වාසින් බිය ඵල කර සිටිති.
මෙවැනි හුදෙකලා වු අති දුෂ්කර ගම්මාන සදහා රජය විසින් ලබා දෙන මුදල් දේශපාලන නියෝජිතයන් විසින් ඵල ප්‍රයෝජනයක් ගත නොහැකි අයුරින් කාබාසිනියා කර දැමිම සම්බන්දයෙන් සොයා බලන ලෙසත් ගම්මානයේ පහසු කම් තවදුරටත් වැඩි කර දෙන ලෙස ගම්මාසින් ඉල්ලා සිටි.
See More

එක්සත් ජනතා නිදහස් සන්දානයේ ඌව දිණන මහ සටන ජය ටැඹ කරා පළමු වෙඩි මුරය මහියංගනයෙන් ඇරබේ. පළමු ජන හමුවටම ජන ගගක්

2014-07-25 පෙ.ව. 9:58
video >>> https://www.facebook.com/video.php?v=783988231645755&set=vb.482205628490685&type=2&theater

පාරම්පරික හා පැරණිතම UNP සාමාජිකයන් 500ක් අතිගරු ජනපතිතුම්න්ගේ ගමන් මග ශක්තිමත් කිරිම සදහා හා රටේ හා ගමේ සංවර්ධනය දකිමින් අගය කරමින් එක්සත් ජනතා නිදහස් සන්දානයට එක්වෙමින් අනුර විදානගමගේ මහතා සමග එක්ව අත්වැල් බැද ගනි.

ඊයේ රෑ ඇගලුම් කම්හලේ ගින්නක්

2014-07-18 ප.ව. 10:45
ඊයේ රාත්‍රි 10ට පමණ මහියංගන මැලිබන් ඇගලුම් ආයතනයේ ගබඩවක ගින්නක් ඇති වි ඇති අතර ගබඩාවේ පිරිසක් අළුත් වැඩියාවක් සිදු කරමින් සිටින මොහොතක (පැස්සුම් කටයුත්තක් ) මෙම ගින්න හට ගෙන ඇත. ගබඩාවේ තිබු කාඩ්බෝඩ් වලට ගින්න පැතිරිම නිසා ගින්න නිවිමට අපහසු මට්ටමට ඇවිලි ඇත. පසුව සේවකයන් එක්ව මහත් පරිශ්‍රමයකින් ගින්න නිවාදමා ඇති අතර සිද්ධියෙන් පුද්ගල හානි කිසිවක් වාර්ථා නොවන අතර සිදු වු දේපල හානිය පිළිබද එහි නිළධාරින් විසින් ගණනය කරමින් සිටි.

ඇසල පෝයට අගමැති මිනිපේ ප්‍රදේශයේ ආගමික වතාවත් රැසක - ගොඩනැගිල්ලක් නොමැති දහම් පාසැලට ගොඩනැගිල්ලක් ලබාදිමට අග්‍රාමාත්‍යවරයාගේ කැමැත්ත

2014-07-12 ප.ව. 3:02
අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය මගින් සෑම පොහෝ දිනයකම දිවයින පුරා ඇති වෙහෙර විහාරස්ථානයකි...න් එකක් තෝරා සිදු කරනා විශේෂ ආගමික වතාවත් හා ආගමික වැඩසටහන් යටතේ පොහොදා ආගමික වැඩ සටහන් අද (12) සිදු කෙරුනේ මිනිපේ මොරයාය ශ්‍රි මහා නාගවනාරාම විහාරස්ථානයේදි අග්‍රාමාත්‍යා දි.මු ජයරත්න මහතා හා මධ්‍යම පළාත් සභා අමාත්‍ය අනුරාධ ලංකා ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
මිනිපේ මොරයාය ශ්‍රි මහා නාගවනාරාම විහාරස්ථානයේ විහාරාධිපති කලවල සුජාත
හිමියන්ගේ ප්‍රධානත්වයෙන් දවස පුරා ආගමික වතාවත් රාශීයක් සංවිධානය කර තිබුනි. මෙම විහාරස්ථානයේ ශ්‍රි සරණ තිස්ස දහම්පාසැලේ දරුවන් 600ක් අධ්‍යාපනය ලබ අතර දහම් පාසැල් ගොඩනැගිල්ලක් නොමැති කමින් දිර්ඝ කාලයක සිට දරුවන් ගුරුවරුන් පිඩාවට පත්ව සිටියහ. අග්‍රාමාත්‍ය වරයා මෙම ගැටලුවට විසදුමක් ලබා දෙමින් දෙමහල් දහම් පාසැල් ගොඩනැගිල්ලක් ඉදි කරිම සදහා මුදල් ප්‍රතිපාදන ලබාදිමට සිය කැමැත්ත ප්‍රකාශ කර සිටියා. දහම්පාසැලේ දක්ෂතා දැක්වු දරුවන් හට ත්‍යාග කිහිපයක්ද ලබාදිම සිදු කෙරුනේ අග්‍රාමාත්‍ය තුමන්ගේ ප්‍රධානත්වයෙනි. සැදැහවත්හු දහස් ගණනක් විහාරස්ථානයට පැමිණ සිල් සමාදන් වූහ. තවත් පිරිසක් මල් පහන් පූජා කරමින් තුණුරුවණගේ ආශිර්වාද ලබාගත්හ.
ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථාන වැද පුදා ගැනිමට ගිය අතර එම විහාරස්ථානයේ භාරකාර දුරන්දර අස්ගිරිපාර්ශවයේ ජේෂ්ඨ සංඝ සබිඛ රාජකිය පණ්ඩිත උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමියන් බැහැදැක සුවදුක් විමසා සිටියහ.


උඩදුම්බර බඹරු ඇණලා පාසැල් දරුවන් 10ක් රෝහලේ - දරුවො බලන්න මහ ඇමති රෝහලට

2014-07-11 ප.ව. 8:31

උඩදුම්බර, කහටලියද්ද, උඩවෙල, චුලාභය ප්‍රාථමික විද්‍යාලයේ අද (11) උදැසන 7.30ට පෙර (පාසැල ආරම්භයට පෙර) පාසැල ඉදිරිපිට ගසක වු බඹරයක් ඇවිස්සිමෙන් පාස...ැල් ළමුන් 10 දෙනෙකු දෂ්ඨ කිරිම හේතුවෙන් උඩදුම්බර ප්‍රාදේශිය රෝහල වෙත ප්‍රතිකාර කිරිම සදහා ඇතුලත් කර ඇත. මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යා හා ප්‍රධාන අමාත්‍යවර සරත් ඒකනායක මහතාද මෙම දරුවන්ගේ සුව දුක් බැලිම සදහා අද (11) දහවල් රෝහල වෙත පැමිණියේය.

දරුවන් ගේ රෝගි තත්වයන් පිළිබද මහා අමාත්‍යවරයා වෛද්‍යවරුන් ගෙන් විමසු විට එක් දරුවෙකු පමණක් හෙට (12) දක්වා තබා ගන්නා බවත් අනෙක් දරුවන් 9 දෙනාම අද සවස ප්‍රතිකාර ලබා දිමෙන් පසුව ගෙදර යැවිය හැකි බව පවසා සිටියා.

දරුවන් පවසන්නේ පාසැල ඉදිරිපිට ඇති ගසේ ඇති බඹර කුඩයකට උකුස්සෙකුගේ ප්‍රහාරයට ලක්විමෙන් පසු ගේට්ටුව ආසන්නයේ සිටි ළමුන්ට පන්න පන්නා දෂ්ඨ කල බවයි.
See More

අපූරු පැටවු 6 දෙනා.-වීඩියෝ

අපූරු පැටවු 6 දෙනා.-වීඩියෝ

video >>>http://www.hirunews.lk/sinhala/85987

මේ කින්නියා ප්‍රදේශයේ ඉඩිමන් ගම්මානයේ නිවසක උපන් බළල් පැටවුන් 6 දෙනෙක්. මේ පැටවුන් 6 දෙනා උපතේදීම එකට බැදී සිට ඇති අතර ඉන් දෙදෙනකු වෙන්කිරීමට යාමේදී මියගොස් තිබෙනවා.මේ අතර මීගහකිවුල -අරාව පාර බෙදුම් ඇල ගම්මානයේ නිවසක පාදවලින් සහ උදරවලින් එකට බැදුනු බළල් පැටවුන් සිව්දෙනකු ඉපදී සිටින අතර එම සතුන් නිරෝගී තත්ත්වයෙන් පසුවනවා

Video 5 පොසොන් බැති ගී කියන ඉතාලි විශේෂඥ වෛද්‍යවරිය

Video >> https://www.facebook.com/video.php?v=514553432007476&set=vb.160815704047919&type=2&theater

2014-06-11 ප.ව. 06:50

Video 01 - පොසොන් එකට Free Buss Service to Ampara Clombo - අම්පාර බස් හිමියෙක් ටිකට් දන්සලක් දෙයි

video >> https://www.facebook.com/video.php?v=510578045738348&set=vb.160815704047919&type=2&theater

6/12/2014 7:51 PM
අම්පාර නුවන්ත එන්ටප්‍රයිසර්ස් බස් සේවය කොළඹ - අම්පාර මගීන් සදහා 11 දින සවස 6.00 ගමන් වාරයත් පොසොන් පෝය දින (12) සවස ...3.00 අම්පාර - කොළඹ ගමන් වාරය සම්පුර්ණයෙන්ම නොමිලයේ මගීන් රැගෙන ගිය බව එහි හිමි කරු ඒ පි නන්ද කුමාර මහතා ප්‍රකාශ කර සිටි.
පොසොන් පොහොය නිමිත්තෙන් මෙම දන්සල පැවැත්වූ බව එම ආයතනය කියයි. අම්පාර කොළඹ බස් ගාස්තුව රුපියල් 595කි. මෙම බසයේ මගින් 65ක් ගෙන යා හැකි අතර රුපියල් 80000ක් පමණ වන මුදලක් මෙම බස් ගමන් වාරයෙන් ලැබෙන බවත් එම මුදල පොසෙන් පොහොය වෙනු වෙන් ලබා නොගෙන අම්පාර සිට කොළඹටත් කොළඹ සිට අම්පාරටත් සම්පුර්ණයෙන්ම මගින් නොමිලේ ප්‍රවාහනය කිමට තමන් අදහස් කල බව නුවන්ත එන්ටප්‍රයිසර්ස් බස් සේවයේ හිමිකරු ඒ පි නන්ද කුමාර මහතා ප්‍රකාශ කර සිටි

පොසොන් එකට Free Buss Service to Ampara Clombo - අම්පාර බස් හිමියෙක් ටිකට් දන්සලක් දෙයි

video >>> https://www.facebook.com/video.php?v=510577575738395&set=vb.160815704047919&type=2&theater

6/12/2014 7:51 PM
අම්පාර නුවන්ත එන්ටප්‍රයිසර්ස් බස් සේවය කොළඹ - අම්පාර මගීන් සදහා 11 දින සවස 6.00 ගමන් වාරයත් පොසොන් පෝය දින (12) සවස 3.0...0 අම්පාර - කොළඹ ගමන් වාරය සම්පුර්ණයෙන්ම නොමිලයේ මගීන් රැගෙන ගිය බව එහි හිමි කරු ඒ පි නන්ද කුමාර මහතා ප්‍රකාශ කර සිටි.
පොසොන් පොහොය නිමිත්තෙන් මෙම දන්සල පැවැත්වූ බව එම ආයතනය කියයි. අම්පාර කොළඹ බස් ගාස්තුව රුපියල් 595කි. මෙම බසයේ මගින් 65ක් ගෙන යා හැකි අතර රුපියල් 80000ක් පමණ වන මුදලක් මෙම බස් ගමන් වාරයෙන් ලැබෙන බවත් එම මුදල පොසෙන් පොහොය වෙනු වෙන් ලබා නොගෙන අම්පාර සිට කොළඹටත් කොළඹ සිට අම්පාරටත් සම්පුර්ණයෙන්ම මගින් නොමිලේ ප්‍රවාහනය කිමට තමන් අදහස් කල බව නුවන්ත එන්ටප්‍රයිසර්ස් බස් සේවයේ හිමිකරු ඒ පි නන්ද කුමාර මහතා ප්‍රකාශ කර සිටි

පොසොන් බැති ගී කියන ඉතාලි විශේෂඥ වෛද්‍යවරිය

 

6/12/2014 1:03 PM

මහියංගන මුලික රෝහල් කාර්ය මණ්ඩලය විසින් ඉදිරිපත් කරන පොසොන් බැති ගි සරණිය ඓතිහාසික මහියංගන රජමහා විහාරයේ විල්ලුව වැව සිමා මාලකයේදි 11 හා 12 යන දිනයන් හිදී සවස 8ට පැවැත් ...වින.
මහියංගන මුලික රෝහලේ වෛද්‍ය අධිකාර ඒ එම් සෙනරත් බංඩාර මහතාගේ සංවිධානයෙන් පොසොන් බැති ගි සරණිය සංවිධානය කර ඇති අතර රෝහලේ සේවය සදහා පැමිණ සිටින ඉතාලි විශේෂඥ වෛද්‍යවරයාත් බැති ගී සරණිය සදහා එක් වු බවත් ඒ සදහා ඇය බොහෝ වෙහෙස වී පුහුණුවිම් සිදුකල බවත් රෝහලේ සියලු අංශවල කාර්යය මණ්ඩලය මේ සදහා සහබාගි වන බව මහියංගන රෝහලේ වෛද්‍ය අධිකාර ඒ එම් සෙනරත් බංඩාර මහතා ප්‍රකාශ කර සිටියා.
See More

පොසොන් බැති ගී කියන ඉතාලි විශේෂඥ වෛද්‍යවරිය

 
2014-06-10 ප.ව. 10:50

මහියංගන මුලික රෝහල් කාර්ය මණ්ඩලය විසින් ඉදිරිපත් කරන පොසොන් බැති ගි සරණිය ඓතිහාසික මහියංගන රජමහා විහාරයේ විල්ලුව වැව සිමා මාලකයේදි 11 හා 12 යන දිනයන් හිදී සවස 7ට පැවැත් වේ. ...

මහියංගන මුලික රෝහලේ වෛද්‍ය අධිකාර ඒ එම් සෙනරත් බංඩාර මහතාගේ හා කාර්යය මණ්ඩලයේ සංවිධානයෙන් පොසොන් බැති ගි සරණිය සංවිධානය කර ඇති අතර රෝහලේ සේවය සදහා පැමිණ සිටින ඉතාලි ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය මොනිකා පිකොලි මෙනෙවියද බැති ගී සරණිය සදහා එක් වන බවත් ඒ සදහා දැන් සිටම වෛද්‍යවරිය පුහුණුවිම් කරන බවත් රෝහලේ සියලු අංශවල කාර්යය මණ්ඩල නියෝජනයෙන් මෙම බැති ගි සරණිය සංවිධානය කර ඇති බව වෛද්‍ය අධිකාර සෙනරත් බංඩාර මහතා ප්‍රකාශ කර සිටියා.
See More

රට වටා විවාහ 11ක් හා වංචා රැසක් සිදු කල පෙම් සක්විත්තා අල්ලයි

 
2014-06-07 ප.ව. 3:49

සැකරු අධිකරණයට ගෙනයමින් - ( සුදු කමිසයක් ඇද සිටින)

රට වටා විවාහ 11ක් හා පුද්ගලයන් හා ආයතන රැසකට වංචා සිදු කල පුද්ගලයෙකු මහියංගන පොලිසිය මගින් අත්... අඩංගුවටගෙන මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව වැඩබලන මහේස්ත්‍රාත් එස් ගෝවින්න මහතා විසින් සැකකරු මේ මස 20 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරන ලදී.
බහු විවාහ හා මුදල් වංචා සිදු කිරම සම්බන්දයෙන් විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් පවරන ලද නඩු හම්බන්තොට, කඩුවෙල, මාතර මාහේස්ත්‍රාත් අධිකරණවල නඩු මේ වන විට විභාග කරමින් යන අතර එම නඩු සදහා ඉදිරිපත් නොවිම හේතුවෙන් සැක කරු ඇල්ලිම සදහා වරෙන්තු නිකුත්කර ඇත.

අරුණදේව පුෂ්පකාන්තන් අතපත්තු නම් වන මොහු වයස 42 ක් වන අතර ( ඡායා රූපයේ සුදු කමිසයක් ඇද සිටින) මොනරාගල දොඹගහවෙල හා මාතර ගොඩගම යන ප්‍ර දේශ වල පදිංචිව සිටි බවට පොලිසිය වෙත තොරු ලබා දී ඇත
.
මහියංගන සහකාර පොලිස් අධිකාරි ඩි.ජේ.ඇතුලත්මුදලි මහතාගේ ප්‍රධානත්වයෙන් මහියංගන පොලිස්ථානාධිපති එස් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස් නිළධාරි පො.ප. අබේසේකර, පො.කො. 56533 කොටදෙනිය, 28534 දිසානායක, 41886 බාතිය, 63905 නන්දියස්, 64274 බස්නායක යන නිළධාරින් සිද්දිය සම්බන්දයෙන් පරික්ෂණ සිදු කරමින් සිටිති.

රංටැඹේ ජාතික ශිෂ්‍යභට පුහුණු මධ්‍යස්ථායේ භෝජනාගාරයේ ආහාර ද්‍රව්‍ය වංචාවක් - සේවකයෝ 3ක් මාට්ටු

5/28/2014 12:20 PM

රංටැඹේ ජාතික ශිෂ්‍යභට පුහුණු මධ්‍යස්ථායේ භෝජනාගාරයේ ආහාර වංචාවක් සම්බන්දයෙන් එහි තාවකාලික ලෙස සේවය කල සේවකයෝ තිදෙනෙක් හසලක පොලිසිය විසින් පෙරේදා (27) සවස අත් අඩංගුවට ගෙන ඇති අතර මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. අත් අඩංගුවට ගත් පුද්ගලයන් මිනිපේ ප්‍ර දේශය අවට පදි...ංචි කරුවන් යැයි තොරතුරු අනාවරණය වේ.
රංටැඹේ ජාතික ශිෂ්‍යභට පුහුණු මධ්‍යස්ථායේ නිළධාරින් විසින් මෙම වංචාව සිදු කරගෙන යන සේවකයන් අල්ලා හසලක පොලිසියට බාරදීමට කටයුතු කර ඇති අතර බෝජනාගාරය සදහා ලබාදෙන ආහාර ද්‍රව්‍ය වලින් කොටසක් පිටත ස්ථානයකට රැගෙන ගොස් විකිණිම කලක සිට සිදු කරගෙන යන බවට ලද තොරතුරකට අනුව නිළධාරින් විමසිල්ලෙන් සිට මෙම වංචාව පිළිබද තොරතුරු අණාවරනය කර ගැනිමට හා වංචාව සිදු කරන විය භාණ්ඩ සමගම පුද්ගලයන් අල්ලාගැනිමට හැකි වි තිබේ. නිළධාරින් විසින් අල්ලා ගන්නා මොහොතේදී රුපියල් 10000ක් පමණ ආහාර ද්‍රව්‍ය පිටතට රැගෙන යාමට සුදානම් කර තිබි ඇත.
හසලක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂඛ රුවන් කුමාරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු සිදු කරනු ලැබේ.

වටරැකගේ කැරැක්ටුව ගමේ දායක සභාව දිගහරි

 
අඩි වෙඩි වලට බියවී මහ රෑ ගස් නැග්ග වටරැකගේ කැරැක්ටුව ගමේ දායක සභාව දිගහරි 2014-05-24
 
to see video click

ගමකින් ගමකට - ගෙයකින් ගෙයකට වැඩසටහන @ මහියංගන


2014-05-25 ප.ව. 2:06
ගමකින් ගමකට - ගෙයකින් ගෙයකට ප්‍රජා අවශ්‍යතා හදුනාගැනිමේ ජනතා සත්කාරක හා ජංගම සේවා ජාතික වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රජා අවශ්‍යතා විසදීමේ හා ජන බල ගැන්වීම වෙනුවෙන් ...මහියංගන හා රිදිමාලියද්ද රජ්‍ය නිළධාරින, දේශපාලන නායකයන් ආසන මට්ටමින් දැනුවත් කිරිමේ වැඩසටහන අද උදැසන (25) මහියංගන සංස්කෘතික මධ්‍යස්තාන භුමියේදී ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.
බදුල්ල දිස්ත්‍රික් කන්ඩායම් නායක වාරිමාර්ග ජල කළමනාකාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේනතු මන්ත්‍රි තේනුක විදානගමගේ, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ, ඌව පළාත්සභා කෘෂිකර්ම,පරිසර හා සංචාරක කටයුතු අමාත්‍ය අනුර විදානගමගේ, රිදිමාලියද්ද ප්‍රාෙද්ශිය සභා සභාපති කරු වීරරත්න, මහියංගන ප්‍රාෙද්ශිය සභා සභාපති ඩබ්ලිව් එම් සුනිල්, බදුල්ල දිස්ත්‍රික් මහලේකම් රෝහන කිර්ති යන මහත්වරුන් හා විශාල රාජ්‍ය නිළධාරින් පිරිසක් මෙම අවස්ථාව සදහා සහබාගි වි සිටියා
See More