Monday, January 7, 2013

මඩ වගුරක් බවට පත් වී ඇති මහියංගන බුද්ධගයා භූමිය අසල සති පොළ

මඩ වගුරක් බවට පත් වී ඇති මහියංගන බුද්ධගයා භූමිය අසල සති පොළ

වසර 40කට ආසන්න කාලයක් මහියංගන නගරයේ වෙනසක් නොවන එකම තැන

වසර 40කට ආසන්න කාලයක් මහියංගන නගරයේ වෙනසක් නොවන එකම තැන

දොරටු 7ම ඇරලා

වස්ගමු පිරිස සමග සබඳතා නතර වෙයි - බෝට්ටු යෑමටත් අසීරුයි

2012 දෙසැම්බර් මස 18 10:55:44 | කාංචන කුමාර ආරියදාස

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ කොටුව සිටින සංචාරකයන් දහදෙනා බේරා ගැනීමට බකමූණ පොලීසිය හා නවික හමුදාව දැඩි උත්සාහයක යෙදෙන බව වාර්තා වෙයි.

බෝට්ටුවලින් යාමද ප්‍රශ්නයක්ව ඇත. එම පිරිස අතර මහනුවර තරුණයන් හත් දෙනෙක් සහ බකමූණ තරුණයන් තිදෙනෙක් සිටිති.

ත්‍රීරෝද රියේ ගිය දෙන්නා පස් කන්දට යටවේ

2012 දෙසැම්බර් මස 18 12:50:42 | තරිඳු ජයවර්ධන , බන්දුල ගොඩකුඹුර

මහනුවර මහියංගනය පාරේ ගමන් කළ ත්‍රීරෝදරියක් උඩුදුම්බර එනමල්පොතදී පස් කන්දක් සමග මීටර් 250ක් පල්ලමකට වැටී එහි ගමන් කළ දෙදෙනෙකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.

කඳුකර පෙදෙස්වල දැඩි සෝදිසියකින් ගමන් ගන්නා ලෙස ජයකොඩි මහතා රියදුරනට උපදෙස් දෙයි.

මහියංගන පොලොන්නරුව ප්රවධාන මර්ගයේ ගමනා ගමනය නවතී

මහියංගන පොලොන්නරුව ප්රනධාන මර්ගයේ ගිරාදුරුකෝට්ටේ තෙල්දෙනියාය ප්රයදේශයේ උල්හිටිය ඔය හරහා වු පාලම අසල මාර්ගයේ අඩි 50ක් පමන කොටසක් 17 දින සවස උල්හිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් කඩාගෙන ගොස් ගමනා ගමනය නවතී ඇත.

උල්හිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ගිරාදුරුකෝට්ටේ තෙල්දෙනියාය ප්ර දේශයේ නිවාස ජලයෙන් යටවීමෙන් පුද්ගලයන් 59ක් අවතැන් වී ඇත. කිසිම දැනුම් දීමකින් තොරව උල්හිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් තමන් මහත් අසීරුතාවයකට පත්ව ඇතැයි තෙල්දෙනියාය ප්රුදේශයේ අවතැන් වී ඇති ජනතාව මහවැලි නිළධාරින් හට වෝදනා කරති.

ආදිවාසි ගැටලු විසදන්න ඇමති දඹානට යයි

සෑම විදුලි වැටක් සදහා කිලෝමීටර් තුනෙන් තුනට සිවිල් ආරක්ෂක නිළධාරියා බැගින් යොදනවා..... ඇමති මහියංගනයේදී කියයි

ඉදිරියේදී අලි මිනිස් ගැටුම අවම කරනවා - සෑම විදුලි වැටක් සදහා කිලෝමීටර් තුනෙන් තුනට සිවිල් ආරක්ෂක නිළධාරියා බැගින් යොදනවා..... ඇමති මහියංගනයේදී කියයි

මහියංගන පොලිසියේ තිබු රියදුරු බලපත්‍ර හිටිගමන් අතුරුදහන් වී රියදුරන් මහත් අසීරුතාවයකට පත් වෙලා

මහියංගන පොලිසියේ තිබු රියදුරු බලපත්‍ර හිටිගමන් අතුරුදහන් වී රියදුරන් මහත් අසීරුතාවයකට පත් වෙලා

ද්වීතික පාසැල් 1000 සංවර්ධන වැඩසටහන යටතේ හසලක සරත් ඒකනායක ආදර්ශ ප්‍රාථමික පාසැල සංවර්ධනය සඳහා මුල් ගල තැබේ.

Sunday, October 28, 2012

වැවේ වතුර විෂ වී මාළු දහස් ගණනක් මැරේ - පවුල් 900 කට පානීය ජලය සපයන පානීය ජල සැපයුම තාවකාලිකව නවතා දමයි

රංජිත් කරුණාවීර - මහියංගනය 2012-10-28 10. 55 ප.ව. 

ගිරාදුරුකෝට්ටේ බතලයාය ප්‍රදේශයේ බතලයාය වැවේ ජලය විෂ වීමෙන් මත්ස්‍යන් දහස්
 ගනනක් මිය ගොස් ඇති අතර මෙම වැව ආශ්‍ර‍නේ මහියංගන ප්‍රාදේශිය සභාව මගින් ජලය ලබාදෙන බතලයාය පානීය ජල ව්‍යාපෘතිය මේවන විට නවතා දමා ඇති අතර එමගින් ප්‍රදේශයේ පවුල් 900ක පානීය ජලය ‍ෙනාමැතිව පීඩාවට පත්ව සිටී.
පසුගිය 24 වන දින බතලයාය වැවේ මත්ස්‍යන් මියයෑම ආරම්භවී ඇති අතර ගිරාදුරුකෝට්ටේ ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලීය නිළධාරී මහතුන් සහ එන් එස් කේ වික්‍රමගේ යන බතලයාය මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා විසින් වැවේ ජල සාම්පල සහ මියගිය මත්ස්‍ය කොටස් මේ වන විට පරීක්ෂණ කටයුතු සඳහා නාරා ආයතනයට හා රජයේ රස පරීක්ෂක සඳහා යවා ඇති බවත් වාර්ථා ලැබෙන තුරු වැවේ ජලට වීෂ වීමට හේතුව කුමක්ද කියා කීමට නොහැකි බවත් එතෙක් වැවේ ජලය පරිහරනය නොකරන ලෙස ජනතාවට අවවාද කර හා ඒ පිළිබද දැන් වීම් පුවරු ප්‍රදර්ශනය කර ඇත. එමෙන්ම මිය ගිය මත්ස්‍යන් ආහාරයට ගැනීමෙන් වලකින ලෙසද අවවාද කර ඇත. එහෙත් සමහර ධීවරයන් මියගිය මත්ස්‍යන් එකතු කර වෙනත් ප්‍රදේශවලට රැගෙන ගොස් වෙළෙදාම් කිරීම හේතුවෙන් ගිරාදුරුකෝට්ටේ පොලිසියේ පොලිස් සථානාධිපති මොහාන් ද සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් වැව අවට ප්‍රදේශයේ ජංගම මුර සංචාරය සදහා පොලිස් නිළධාරීන් යොදවා ඇත.
මහියංගන ප්‍රාදේශිය සභාව මගින් පානීය ජලය ලබාදෙන පානීය ජල ව්‍යාපෘතිය මේවන විට නවතා දමා ඇති අතර එමගින් බතලයාය, ගිරාලගොල්ල, මිදේන් වැටුන පිටිය, කොලොන්යාය, හතේකණුව, පහේ කණුව, යාය හය, කහනියගොඩ යන ප්‍රදේශයේ පවුල් 900ක් පානීය ජලය ‍ෙනාමැතිව පීඩාවට පත්ව සිටී.
මේ සම්බන්දයෙන් මහියංගන ප්‍රාදේශිය සභාවේ සභාපති ඩබ්ලිව් ඒ සුනිල් මහතා ප්‍රකාශ කලේ බතලයාය වැවේ ජලය විෂ වීමෙන් පානීය ජලය ‍ෙනාමැතිව පීඩාවට පත්ව සිටින ගම්මාන සදහා බව්සර් මගින් පානීය ජලය ලබා දීමට පියවර ගන්නා බවත් බතලයාය මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගේ නිර්දේශය පරිදි වැවේ පාවෙමින් තිබෙන මියගිය මත්ස්‍යාන් සියල්ල එකතු කර විනාශ කර දමන බවත් අවශ්‍ය නම් වැවේ වාන් දොරටු විවෘත කර අපිරිසිදු ජලය ඉවත් කිරිමට හැකි බවක්, රස පරීක්ෂක වාර්ථා කඩිනමින් ලබාගෙන වාර්ථා සැල කිල්ලට ගෙන රජයේ නිළධාරින් ගේ සහය ඇතිව පීඩාවට පත්ව සිටින බතල යාය ප්‍රදේශයේ ජනතාවට සහනයක් ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියා