Saturday, September 1, 2012
වැදි නැටුමෙන් මියුගුණ පෙරහර අලංකාරවේ
වැදි නැටුමෙන් මියුගුණ පෙරහර
අලංකාරවේ
2012 සැප්තැම්බර් මස 01 15:06:42 | ගුරුළුපොත බන්දුල ගොඩකුඹුර
ඓතිහාසික මහියංගනය රජමහා විහාරයේ වාර්ෂික ඇසළ පෙරහරට ලක්ෂ 15ක් පමණ වන්දනාකරුවන් පැමිණි බව මහියංගන සහකාර
පොලිස් අධිකාරී කාර්යාලයය කියයි.
ආදිවාසීන්ගේ සාම්ප්‍රදායික දොඩම් නැටුම ද, වැදි පෙරහාර ද එහි දී කැපී පෙණිනි.
Tuesday, August 28, 2012
පොරවෙන් ගසා සැමියා මරා - ගඩොල් පෝරනුවට සිරුර දමා පුච්චයි
රංජිත් කරුණාවීර - මහියංගනය
2012-08-28 10:48 ප.ව.
රිදිමාලියද්ද වදකහඅරාව ප්‍ර දේශයේ ගඩොල් පොරනුවක තිබි පිලිස්සුන 26 හැවිරිදි අයෙකුගේ මලසිරුරක් අද (28) සවස හමුවී තිබෙනවා. ඔහුගේ කුඩා දියණිය පොලිසියට ප්‍රකාශ කලේ තම මව පියාට පොරවෙන් ගසා පියා මරා ගඩොල් පෝරනුවකට දමා ගිනි තැබු බවයි.
වයස 22ක් වන එක් දරු මව මහියංගණ පොලිසිය මගින් ප්‍රශ්ණ කිරීම සදහා අත් අඩංගුවට ගෙන ඇත. සැමියාගේ කෘර වදහිංසා ඉවසා දරාගත නොහැකිව මෙම මිනී මැරුම සිදු කර ඇති බවට මහියංගණ පොලිසිය සිදු කල පරික්ෂණ වලින් අණාවරනය කරගෙන ඇත. 119 සදහා ලැබුන තොරතුරකට අනුව මෙම සිද්දිය අනාවරණය වී ඇත.
මාදුරුඔය සහ පදියතලාව හෙල්ලෙයි හානියක් නෑ
2012
අගෝස්තු මස 28
20:40:28 | රේඛා තරංගනී පොන්සේකා
Friday, August 24, 2012
ගිරාඳුරුකෝට්ටේ17 හැවිරිදි පාසල් දැරියට ගුරුවරියගෙන් ප්‍රායෝගික පාඩමක්
ගිරාඳුරුකෝට්ටේ17
හැවිරිදි පාසල් දැරියට ගුරුවරියගෙන් ප්‍රායෝගික
පාඩමක්
2012
අගෝස්තු මස 24
18:07:27 | ඇම්.ඇස්. පෙරේරා
තම නිවසේ නවතාගෙන සිටි 17
හැවිරිදි පාසල් දැරියක කළෙසීමට තම සැමියාට ඉඩදුන් බව කියන රත්මලානේ ගුරුවරියක ද
ඇගේ සැමියා ද ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා
ප්‍රනාන්දු මහත්මිය විසින් ලබන තුන්වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
ආර්.බී. නිලන්ත රත්නායක සහ එම්.එම්.ජී. ජිවනී ප්‍රියදර්ශිකා
එසේ රිමාන්ඩ් කළ දෙදෙනා වෙති. ගිරාඳුරුකෝට්ටේ පදිංචිකාරියක වන දැරිය දෙමාපියන් හෝ
භාරකරුවකු ඉදිරිපත් වනතුරු ගලවා ගැනීමේ හමුදා භාරයට පත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය
නියෝග කළාය.
Thursday, August 23, 2012
Sunday, August 19, 2012
විකිණීමට තිබු ගංජා කිලෝ තුන අල්ලයි
විකිණීමට තිබු ගංජා කිලෝ තුන අල්ලයි
රංජිත් කරුණාවීර - මහියංගනය 2012-08-19 1120 ප.ව.
මහියංගන ගිරාදුරුකෝට්ටේ පාරේ 3ඇල ප්‍ර දේශයේ නිවසක විකිණීම සදහා ගෙනවිත් තිබු ගංජා කිලෝ තුනක් සහිත ගමන් බැගය මහියංගන පොලිසිය විසින් වයස 31 වන සැකකරුවකුද සමග අත් අඩංගුවට ගෙන තිබේ. අත් අඩංගුවට පත් පුද්ගලයා මීට පෙරද ගංජා සම්බන්දයෙන් අත් අඩංගුවට පත් පුද්ගලයෙකු බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරනවා.
Saturday, August 18, 2012
ආදිවාසී වරිග සභාවේදී රතුගල ඇත්තාට පත්තු වූ රතු එළිය
ආදිවාසී වරිග සභාවේදී
රතුගල ඇත්තාට පත්තු වූ රතු එළිය
මේ වැදි ජනයා සමඟ කල් ගෙවද්දී යුග ගණනින් කාලය ඈතට පෙරළී යන්නා සේ දැනෙයි. අතීතය හා වර්තමානය එක්‌වූ සේය. මිනිස් සංහතියේ විමුක්‌තියේ රඳන්නේ චාම් අහිංසක පැවැත්ම සොයා ආපහු හැරී යැම තුළය.
අතීතයේ දවසක වැදි ජන ඇසුරෙහි හිඳ ඔවුන් වෙනුවෙන් දිවි කැපකළ ආර්. එල්. ස්‌පිට්‌ල් වැදි ජනයාගේ දිවිපෙවෙතින් දුටුදේ ලියූ තබා ඇත්තේ ඔහොමය. ඉකුත් නව වැනිදා දඹානේ පෝරුගම් පොඡ්ජට සිදාදියේ මිනිසුන් එක්‌රැස් වූයේද ඒ ඇත්තන්ගේa ජීවන රටාවට මැදිව මොහොතක් හෝ කල් ගෙවීමටය. ඒ කාරණාව හැර එම දිනයේ විශේෂත්වය වූයේ වසරක් පාසා එළැඹෙන ආදිවාසි දිනය එදිනට යෙදී තිබීමයි. තම උරුමය ආරක්‍ෂා කරගනිමින් වත්මන් සමාජය සමඟ ජීවත්වීමේදී වරිග සමූහයාට මුහුණ දීමට සිදුවන අභියෝග, බාධක පිළිබඳව එකට එක්‌රැස්‌ව සාකච්ඡා කර තීන්දු තීරණ ගැනීමේ වරිග සභාව ඒ දිනයේදී පවත්වන නිසා එදා කොටඹකිණිය ගම ලංකාවේ සතර දිග්භාගයේ වෙසෙන ආදිවාසි වැදි ජනයාගෙන් පිරී තිබිණි. සරොම් කොටයක් හැඳ නිරාවරණ උඩුකයෙහි පොරෝ කෙටේරිය එල්ලාගෙන සිටි වැද්දන්ද, සංකර ගති සිරිත්වලට හුරු වෙමින් කලිසම් කමිස, ගවොම් හැඳ සිටි වැදි කැකුළ කැකුළියන්ද ඒ අතර සිටියේය.
සුපුරුදු ලෙස ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැත්තන් කොටඹකිණිය ගමේ විසල් රුක් සෙවණක බිම වාඩි වී ගෙන හිඳින තම වරිගයා අමතා කතා කළේය.
"මේ ඇත්තන්ගෙ නායකතුමා ඉන්න දවසෙ හිත්ලෑපු කැලෑ පොඡ්ජකට මංගච්චන්න, හිත්ලාපු ගල් රුකුල් පොඡ්ජකට මංගච්චන්ට ඉඩ පොඡ්ජ තිබව්වා. අවසර පොඡ්ජ තිබව්වා. ඉතිං ලෝක පොඡ්ජ තිබුණු තැන මංදො වෙන්න මංදො වෙන්න මේ ඇත්තන්නෙ රට පොඡ්ජත් තිබුණු තැන මංදො වුනා. රට පොඡ්ජ තිබුණ තැන මංදො වෙන්න මංදො වෙන්න මේ ඇත්තන්ගෙ පරම්පරා පොඡ්ජ මිනිගච්චුන්ට ඒ තිබාපු රට පොඡ්ජ, පරිසර පොඡ්ජ කොදොවෙලා මංදො වුණා. අද දවස් පොඡ්ඡේ මේ උත්සව පොඡ්ජ එකමත් තිබන්ඩ මංදා වුණේ මේ හේතු පොඡ්ජ. අද දවසෙ මේ වාගේ සමිති පොඡ්ජ මංදො වෙලා. කතා දමන තැනට වැඩි තැනින් ලෝක පොඡ්ජටම කතා දන්න තරම් ගැටලු පොඡ්ජවල් මංගච්චලා තිබෙනවා.
ඒ ආදිවාසී නායකයා වරිග සභාව පැවැත්වීමට හේතුවන්නා වූ කාරණය ගැන පැහැදිලි කළ අයුරුය. වැද්දන්ට ජීවත්වීමට තිබෙන කෑලෑ අහිමි වීම, ඒ තුළින් ඔවුන්ගෙ ජීවන රටාවට බැඳි හර පද්ධතීන් ඉදිරියටත් පවත්වාගැනීමට තිබෙන අභියෝග මේ ආදිවාසී සමුළුව පැවැත්වීමට මූලික හේතු වූ බව වන්නිලැ ඇත්තෝ කීවේය.
නමුත් මෙවර වරිග සභාවේදී ගත් වැදගත්ම තීරණයක් වන්නිලඇත්තෝ එහිදී හෙළි නොකළේය. වරිග සභාවේදී ගන්නා තීන්දු තීරණ මොනවාද යන්න කොහොමත් රහසිගතය. අවශ්‍ය ඒවා පමණක් පිටත ලෝකයට කියන්නේ සියලුම වරිග සමූහයා නියෝජනය කරන නායකයාය. ඒ අනුව ඒ වැදගත් රහස ඊට පසු දින වන්නිලැත්තො හෙළිකළේය. ඒ රතුගල පෝරුගම් පොඡ්ඡේ ආදිවාසි වැදි ජනයාට නායකත්වය දෙන සුදාවන්නියා නායකත්වයෙන් ඉවත් කිරීමේ තීන්දුව පිළිබඳවය. ඔවුන්ගෙ භාෂාවෙන්ම වැදි නායකයා එය කීවේ මෙහෙමය.
"ඒ වරිග සභාවේදී තීරණ පොඡ්ජ මංදො වුණේ. ඒ නායකලා ඇත්තො වෙනකටමලා ගච්චලා වෙන තැනක ඇත්තො මංදො කරන්න. ඒ වගේ නායකලා ඇත්තො මංදො කරන්න අමාරු තැන. හැබැයි ඒ නායකලා ඇත්තන්ගෙ බල පොඡ්ජ ප්‍රධාන නායකලා ඇත්තන්ට පැවරුම් පොඡ්ජ මංදො කරන්න අයිති පොඡ්ජ තියෙනවා. මේ ඇත්තො අනුකම්පා කර තිබෙනවා කෝණ පොඡ්ජ එකමකට, දෙදහස් දොළහයේ නිකිණි මාසෙ 08 වෙනි රෑ මැච්චෙ දොළහයි භාග තුනටයි ඉඳලා දෙදහස් දොළහසේ නිකිණි මාසේ අටවෙනි රෑ මැච්ෙච් දොළහයි භාගෙ තැන මංදො වෙනකන් ඒ ඇත්තන්ට ඉඩපොඡ්ජ තිබෙනවා ඒ ඇත්තන්ගෙ වැරදි තැනවල් හැදුම් පොඡ්ජ මංදො කරන්න."

රතුගල ඇත්තාට පත්තු වූ රතු එළිය
අතීතයේ දවසක වැදි ජන ඇසුරෙහි හිඳ ඔවුන් වෙනුවෙන් දිවි කැපකළ ආර්. එල්. ස්‌පිට්‌ල් වැදි ජනයාගේ දිවිපෙවෙතින් දුටුදේ ලියූ තබා ඇත්තේ ඔහොමය. ඉකුත් නව වැනිදා දඹානේ පෝරුගම් පොඡ්ජට සිදාදියේ මිනිසුන් එක්‌රැස් වූයේද ඒ ඇත්තන්ගේa ජීවන රටාවට මැදිව මොහොතක් හෝ කල් ගෙවීමටය. ඒ කාරණාව හැර එම දිනයේ විශේෂත්වය වූයේ වසරක් පාසා එළැඹෙන ආදිවාසි දිනය එදිනට යෙදී තිබීමයි. තම උරුමය ආරක්‍ෂා කරගනිමින් වත්මන් සමාජය සමඟ ජීවත්වීමේදී වරිග සමූහයාට මුහුණ දීමට සිදුවන අභියෝග, බාධක පිළිබඳව එකට එක්‌රැස්‌ව සාකච්ඡා කර තීන්දු තීරණ ගැනීමේ වරිග සභාව ඒ දිනයේදී පවත්වන නිසා එදා කොටඹකිණිය ගම ලංකාවේ සතර දිග්භාගයේ වෙසෙන ආදිවාසි වැදි ජනයාගෙන් පිරී තිබිණි. සරොම් කොටයක් හැඳ නිරාවරණ උඩුකයෙහි පොරෝ කෙටේරිය එල්ලාගෙන සිටි වැද්දන්ද, සංකර ගති සිරිත්වලට හුරු වෙමින් කලිසම් කමිස, ගවොම් හැඳ සිටි වැදි කැකුළ කැකුළියන්ද ඒ අතර සිටියේය.
සුපුරුදු ලෙස ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැත්තන් කොටඹකිණිය ගමේ විසල් රුක් සෙවණක බිම වාඩි වී ගෙන හිඳින තම වරිගයා අමතා කතා කළේය.
ඒ ආදිවාසී නායකයා වරිග සභාව පැවැත්වීමට හේතුවන්නා වූ කාරණය ගැන පැහැදිලි කළ අයුරුය. වැද්දන්ට ජීවත්වීමට තිබෙන කෑලෑ අහිමි වීම, ඒ තුළින් ඔවුන්ගෙ ජීවන රටාවට බැඳි හර පද්ධතීන් ඉදිරියටත් පවත්වාගැනීමට තිබෙන අභියෝග මේ ආදිවාසී සමුළුව පැවැත්වීමට මූලික හේතු වූ බව වන්නිලැ ඇත්තෝ කීවේය.
"ඒ වරිග සභාවේදී තීරණ පොඡ්ජ මංදො වුණේ. ඒ නායකලා ඇත්තො වෙනකටමලා ගච්චලා වෙන තැනක ඇත්තො මංදො කරන්න. ඒ වගේ නායකලා ඇත්තො මංදො කරන්න අමාරු තැන. හැබැයි ඒ නායකලා ඇත්තන්ගෙ බල පොඡ්ජ ප්‍රධාන නායකලා ඇත්තන්ට පැවරුම් පොඡ්ජ මංදො කරන්න අයිති පොඡ්ජ තියෙනවා. මේ ඇත්තො අනුකම්පා කර තිබෙනවා කෝණ පොඡ්ජ එකමකට, දෙදහස් දොළහයේ නිකිණි මාසෙ 08 වෙනි රෑ මැච්චෙ දොළහයි භාග තුනටයි ඉඳලා දෙදහස් දොළහසේ නිකිණි මාසේ අටවෙනි රෑ මැච්ෙච් දොළහයි භාගෙ තැන මංදො වෙනකන් ඒ ඇත්තන්ට ඉඩපොඡ්ජ තිබෙනවා ඒ ඇත්තන්ගෙ වැරදි තැනවල් හැදුම් පොඡ්ජ මංදො කරන්න."
රතුගල ආදිවාසි නායක සුදාවන්නියා මෙසේ නායකත්වයෙන් වසරක කාලයක් ඉවත් කිරීමට වරිග සභාවේදී තීරණය වී ඇත්තේ කාලයක් තිස්‌සේ ඔහුට එරෙහිව නැගුණු චෝදනා කිහිපයක් නිසාය. බොරු අසත්‍ය චෝදනා එල්ල කර ඔහුට විරුද්ධ වන ගම්වාසීන්ට විරුද්ධව පොලිසියේ පැමිණිලි දැමීම, ජනාධිපතිතුමාට පැමිණිලි කරනවා කියා රජයෙ නිලධාරීන්ට අයුතු බලපෑම් කිරීම, මාධ්‍යයට බොරුකීම, වැරැදිකරුවන් නිදහස් කරන ලෙස සහ එසේ නොකරන පොලිස් නිලධාරීන් මාරු කරන ලෙස බලපෑම් කිරීම කාලයක සිට සුදාවන්නියාට නැගුණ චෝදනාය. ඒ හැර 2012 වසරේ රතුගල ආදිවාසින්ට රජයෙන් ලබාදුන් රුපියල් ලක්‍ෂ දෙකහමාරක බඩු භාණ්‌ඩ තමන්ගෙ සුඛ විහරණය සඳහා විකිණීම නමැති බරපතල චෝදනාවක්‌ද සුදාවන්නියා නායකකමෙන් ඉවත් කිරීමේ තීරණයට හේතුවිය.
නායකයකුට නුසුදුසු ක්‍රියා කලාපයකට එතුමා ඇබ්බැහි වී තිබීම තමයි ප්‍රධානම කාරණය. අවසානයේ මේ සියල්ල ගැන ආදිවාසී නායකයා කියා තිබුණේය. යම් හෙයකින් ඉදිරි වසරක කාලය තුළ සුදාවන්නියා යහපත් ලෙස හැසිරෙන්නේ නම් ඔහුට නැවත රතුගල ආදිවාසි රැහේ නායකකම හිමිකර ගත හැකිය. ඒ ගැන තීන්දුවන්නේ ලබන වසරේ නිකිණි මාසයේ පැවැත්වෙන වැදිජනයාගේ වරිග සභාවේදීය. එතෙක් මේ තීරණය අපේ මැති ඇමැතිවරුන්ටවත් අඩුම තරමේ ආදිවාසි නායක වන්නිලැත්තන්ගේ තනි කැමැත්තටවත් වෙනස් කළ නොහැකිය.
"මේ තැනෙදි (වරිග සභාවෙදි) මේ ඇත්තන්ට උණත් චෝදනා පොඡ්ජ මංගච්චන්ට ඉඩ තිබෙනවා."
වැදි රජුට වුණත් චෝදනාවක් තිබේනම් වරිග සභාව්දී චෝදනා ඉදිරිපත් කිරීමට හැකි බවය මේ කියන්නෙ.
* තිස්‌ස ගුණතිලක
* රංජිත් කරුණාවීර
මහියංගණ පෙරහැරට කප් සිටුවයි
මහියංගණ පෙරහැරට කප් සිටුවයි
රංජිත් කරුණාවීර - මහියංගනය 2012-08-18 10:45 ප.ව.
ඓතිහාසික මහියංගන රජමහා විහාරීය සහ ඓතිහාසික මහියංගන මහා සමන් දේවාලයේ වාර්ශික ඇසල මහා පෙරහැර මංගල්‍ය සදහා කප් සිටුවීම 2012-08-17 දින රාත්‍රී 9.24 ට යෙදුන සුභ මොහොතින් සමන් දේවාල භූමියේදී සිදු කෙරින.
ඇතුල් පෙරහැර 17 සිට 21 දක්වාද
කුඹල් පෙරහැර 22 සිට 26 දක්වාද
රන්දෝලි පෙරහැර 27 සිට 30 දක්වාද
අවසන් රන්දෝලි පෙරහැර 31 දින රාත්‍රියේදී ද
ඓතිහාසික වැදිපෙහැර - අවසන් රන්දෝලි පෙරහැර 31 දින රාත්‍රියේදී අවසන් වී විහාරයට සහ දේවාලයට ගෙවිදීමෙන් පසු එදිනම අලුයම යාමයේ (3.30 - 4.30) ඓතිහාසික වැදිපෙහැර මහියංගන චෛත්‍යරාජයානන් වහන්සේට සහ සුමන සමන් දේව රාජයානන් වහන්සේට පුජෝපහාර කරමින් විදි සංචාරය කිරීමට නියමිතයි
දවල් පෙරහැර 2012 සැප්තැම්බර් 01 දින උදැසන 9.17ට ආරම්භ කෙරෙන අතර ආදිවාසී දොඩම් පෙරහැරද දවල් පෙරහැර සමග ගමන් කිරීමට නියමිතයි.
දිය කැපීම - 2012 සැප්තැම්බර් 01 දින උදැසන 5.46 ට මහවැලි ගංතීරයේදි සිදු කෙරේ.
Friday, August 17, 2012
Thursday, August 16, 2012
Wednesday, August 15, 2012
Tuesday, August 14, 2012
මහියංගණ පොලිසිට අලි පැනලා
මහියංගණ පොලිසිට අලි පැනලා
රංජිත් කරුණාවීර - මහියංගනය 2012-08-14 10:45 ප.ව.
මහියංගණ පොලිස් භුමිය තුලට අද රාත්‍රි 9ට පමණ වන අලියකු පැමිණිමෙන් මේවනවිට (ප.ව.10ට) ප්‍ර දේශයම කලබලයට පත් වී ඇත. ප.ව. 10.30ට පමණ වනජීවී නිළධාරීන් පැමිණ වන අලියා පැන්නීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
නිදාසිටි බිරිද - සැමියාගේ පිචස් පහරින් මරුට - මව සමග නිදා සිටි දරුවා දුවගොස් දිවි බේරාගෙන
නිදාසිටි බිරිද - සැමියාගේ පිචස් පහරින් මරුට - මව සමග නිදා සිටි දරුවා දුවගොස් දිවි බේරාගෙන
රංජිත් කරුණාවීර - මහියංගනය 2012-08-14 09:05 ප.ව.
මහියංගණ ඌවතිස්සපුර 3/174 කෝන්ගස්හන්දිය පදින්චිව සිටි පී ජි ඉන්ද්‍රලතා කුමාරි(40) තම නිවසේ 14 හැවිරිදි තම පුතු සම ඇදේ නිදා සිටියදී 13 දින රාත්‍රී 10.30 ට පමන සැමියා විසින් එල්ල කරන ලද තියුනු ආයුද පහරින් මරුමුවට පත්ව ඇත. මව සමග නිදා සිටි 14 හැවිරිදි දරුවා දුවගොස් දිවි බේරාගෙන ඇත. ඉන් අනතුරුව සැමියාද වස පානය කර ඇත. වස පානය කල සැමියා මහියංගන පොලිසිය විසින් මහියංගන මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු මේවන විට ප්‍රතිකාර ලබාගනිමින් සිටී.
කේ ඩි පියසේන(50) වන සැමියා අදික ලෙස බීමත් කමට ඇබ්බැහිව සිටින බවත් - බිරිද සැක කර ඇය සමග නිරන්තර රන්ඩු සරුවල් කිරීම සෑම දිනකම සිදුවන බව ගම්වාසීන් පවසනවා. මිය ගිය ඉන්ද්‍රලතා කුමාරි තම පවුලේ අගහිගකම් දුරුකරගැනිම සදහා විදෙස් ගතව සිට ඇත. බිරිද විසින් එවන ලද සියලු මුදල් සුරා සුදුව සදහා සැමියා වියදම් කර ඇත. මෙම පුද්ගලයා සි.ටි.බී. රියදුරෙකු ලෙස සේවය කල අයෙකි. සැමියාගේ බේබදු කම නිසාත් රෝගාතුරවී එක්තැන් වීම නිසා විදෙස් ගතව සිටි බිරිදට ලංකාවට පැමිණිමට සිදුව ඇත. එසේ පැමිණි විට බිරිද විසින් එවන ලද සියලු මුදල් සුරා සුදුව සදහා සැමියා වියදම් කර ඇති නිසා බිරිද රැකියාවකට යාමට සිදු වී ඇත. මිය ගිය ඉන්ද්‍රලතා කුමාරි මහියංගන මුලික රෝහලේ ආපනශාලාවේ සේවිකාවක් ලෙස අවසන් වරට සේවය කර ඇත. ඇය දරුවන් තිදෙනෙකු සිටින මවකි
මහියංගන සහකාර පොලිස් අධිකාරි සරත් කුමාර මහතාගේ අධීක්ෂණයෙන් මහියංගන පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදුකරයි.
Monday, August 13, 2012
Thursday, August 9, 2012
Wednesday, August 1, 2012
ඔබගේ ජංගම දුරකථනයෙන් මෙම web site පිවිස, ගැටලුවකින් තොරව කියවීමේ පහසු කම අද සිට
ඔබගේ ජංගම දුරකථනයෙන් මෙම web site පිවිස, ගැටලුවකින් තොරව කියවීමේ පහසු කම අද සිට උදාකර දී තිබෙන බව ඔබ හට දැනුම් දෙන්නේ මහත් වු සතුටකිනි. ඔබගේ ජංගම දුරකථනයෙන් මෙම web site පිවිස කියවීමේ අපහසු කම් ඇත්නම් කරුණා කර ඒ පිළිබද අප හට වහාම දැනුම් දෙන්න.
ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු අසාදාරණයට එරෙහිව මහියංගණ නගරයේදීත් විරෝදතාවයක්
රංජිත් කරුණාවීර - මහියංගනය
2012-08-01 10:08 ප.ව.
සිසුන්ට සරසවි වරම් අහිමි කල - එස්බී - බන්දුල ගෙදර යනු ලෙස සටන් පාඨ කියමින් ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු අසාදාරණය ඉවත් කර සිසුන් හට සාධාරණය ඉටු කරදෙන ලෙස බල කරමින් සිදුවී ඇති අසාධාරණයට විරෝදය පාමින් අද (01) මහියංගණ නගරයේ විරෝදතාවයක් සංවිධානය කර තිබුනා. සිදු කර ඇති අසාධාරණයට එරෙහිව පැමිණ සිටි සිසුන් සියලු දෙනා විසින් පෙත්සමක්ද අත්සන් කරනු ලැබුවා.
Subscribe to:
Posts (Atom)













