මහියංගන පොලිසියට කුණු බිත්තර ප්‍රහාරයක් - ගම්මු දෙකකට තුවාල
2015-02-25 ප.ව. 2:16
මහවැලි අධිකාරිය මගින් ප්‍රතිසංස්කරණය කරගෙන යන රිදිමාලියද්ද ප්‍රාෙද්ශිය ලේකම්
කොට්ඨාශයේ තලාවේගම ගම්මානයේ මාර්ගයේ අඩුපාඩු රැසක් පවතින වබ ත් ඒවා පෙන්නාදුන් ගම්වාසින්ට විරුද්ධව මාර්ගයේ කොන්ත්‍රාත්කරු විසින් තමන්ට ගම්වාසින්
තර්ජනය කල බව පවසමින් මහියංගන පොලිසියේ
පැමිණිලි කර ඇති බවත් පවසමින් ඊට විරෝධය දක්වමින් හා තම ගම්මානයේ මාර්ගය විධිමත්
ආකාරයෙන් සකසා දෙන ලෙස ඉල්ලා තලාවේගම ගම්මානයේ ගම්වාසින් 150ක් පමණ මහියංගන
පදියතලා මාර්ගය අවහිර කරමින් අද (25) උදැසන 11.00ට පමණ විරෝධතාවයක නිරති විය.
මහියංගන පොලිසිය මැදිහත් වි මාර්ගය අවහිර කරල විරෝධතා කරුවන් ඉවත් කිරිමට යෑමේදි දෙපිරිස
අතර බහන් බස්විමක් ඇති වි තත්වය උණුසුම් මුහුණුවරකට පෙරලුන අතර පොලිසියේ බැටන්
පොලු ප්‍රහාරයෙන් කාන්තාවක් හා ගම්වාසියෙකු තුවල සිදු විය. මහියංගන ප්‍රා දේශීය
සභා එක්සත් ජනතා නිදහස් සංධානයේ උප සභාපති ඒච් එම් ප්‍රේමසුන්ල් මහතා මැදිහත්ව
පොලිස් ප්‍රහාරයන්ට විරෝධය දැක්විමත් සමග ප්‍රහාරයන් අඩාල වු අතර ඒ අතරතුර ප්‍ර
කෝපයට පත් ගම්වාසින් පොලිසිය වෙත කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කරනු ලැබිය. තුවාල ලැබු එක් පුද්ගලයෙකු පදියතලා මුලික රෝහල වෙත ප්‍රතිකාර ලැබිම සදහා
ඇතුලත් වි ඇත.
තලාවේ ගම්මානයේ මාර්ගය සම්බන්දයෙන් පසුගිය දා මධ්‍ය මගින් ( හිරු රතු
මිනිත්තුව) අණාවරණය කිරිමෙන් පසු මහවැලි අධිකාරියේ නිළධාරින් කණ්ඩායමක් පැමිණ
මාර්ගයේ ඉදිකිරිම් අධීක්ෂණය කල අතර ඒවයෙහි අඩුපාඩු නොමැති බව ගම්වාසින් හට පවසා
ඇත. ඇස්පනාපිට අඩුපාඩු පෙනෙන්නට තිබියදි කොන්ත්‍රාත් කරුගේ වාසිය සදහා නිළධාරින්
කටයුතු කිරිම තුලින් තමන්ගේ ගම්මානයේ මාර්ගයද මෙම වසරේද විධිමත් ලෙස ඉදිකර ගැනිමට
නොහැකි වි ඇති බව ගම්වාසින් චෝදන කරති. මහජන මුදල් නිළධාරින් කොන්ත්‍රාත් කරුන්
සමග එක්ව ගසාකන නිළධාරින් සම්බන්දයෙන් වහාම විධිමත් පරික්ෂණයක් පවත්න ලෙස ඉල්ලා
සිටි.
මහියංගන පොලිසියේ ස්ථානාධිලපති තුමන් මැදිහත්ව මහවැලි නේවාසික ව්‍යාපාර
කළමණාකරු දුරුකථනයෙන් සම්බන්ද කර දුන් අතර සිද්දිව සම්බන්දයෙන් ස්ථානිය පරික්ෂණයක් සදහා අද
දින සවස තලාවේ ගම්මානයට පැමිනෙන බව පොරොන්දු විමත් සමග විරෝධතාවය අවසන් කර
ගමනාගමනය සදහා මහියංගන පදියතලා මාර්ගය විවෘත කෙරිනි.
මහියංගන පාදියතලා මාර්ගයේ 59 කණුව (වේවත්ත මන්සංදිය ) වේවත්ත ගම්මානයේ සිට
මොරාන දක්වා වු මාර්ගයේ මඩාරාගොඩේ සිට ටැංගොල්ල දක්වා වු මාර්ගයේ කොටසේ කිලෝ මිටර්
3ක කොටසක් මේ වන විට මහවැලි අධිකාරිය මගින් ප්‍රතිසංස්කරණය කරන බවත් ඒ ප්‍රතිසංස්කරණ
කටයුතු නිසියාකාරව සිදු නොකිරිම හේතුවෙන් මාර්ගයේ පැවැත්ම මාස කිහිපයකට සිමාවනු
ඇතැයි තලාවේගම ගම්වාසින් චෝදනා කරති.
මාර්ගයේ අලුතින් ඉදිකරන බොක්කු සියල්ල ප්‍රමිතියෙන් තොර බවත් බෝක්කු කටින්
පිටවිය යුතු වතුර කොන්ක්‍රිට් නොයොදා සැදිම හේතුවෙන් බෝක්කු යටින් ජල කාන්දු සිදු
වන බවත් අඩි 3 බෝක්කු වෙනුවට අඩි 1.5 බොක්කු යොදා ඇති නිසා ප්‍රමාණවත් වතුර
පිටවිමට නොහැකිව වර්ශා සමයට බොක්කු හා පාරද සෝදාගෙන යන බවත්, බොක්කුවල පරතරය අඩි12ක් විය යුතු අතර සමහර බෝක්කු පළල අඩි 10.5ක් බවත් මාර්ගයට යොදිය යුතු පස් ගිරල් පස් වන අතර මේ වන විට අතුරා ඇත්තේ වෙනත් පස්
නිසා වර්ෂාවෙන් ඉදිරියේදි මාර්ගයේ කිසිසේත්ම ගමන් කිරිමට නොහැකි වන ඇති බවට
ගම්වාසින් චෝදන කරති.
හිටපු වාරිමාර්ග අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම මාර්ගයේ
කිලෝමිටර් 5ක් ප්‍රතිසංස්කරණයට මුලින් මුදල් වෙන් කර ඇති අතර (ලක්ෂ 60ක්)
නිළධාරින් විසින් එය කිලෝමිටර් 03ක් දක්වා අඩු කර ඇත්තේ මාර්ගය හොද ප්‍රමිතියකින්
සාදා දෙන බවට ගම්වාසින් හට පොරොන්දු විමෙනි.
මේ වන විට මාර්ගයේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මකව පැවතියත් ඒවාහි ප්‍රමිතිය
බින්දුවටම පහල මට්ටමටම සිදුවන බවත් ජනතා මුදල් නිකරුනේ නාස්ති වන බවත් මේ ආකාරයෙන්ම අවස්ථා කිහිපයකදි මාර්ගය ප්‍රතිසංස් කරණය කර ඇති බවත් ඒ සියලු
අවස්ථාවන් හිදි මේ ආකාරයේ වංචාවන් සිදු වු නිසා මේ වනතුරු ගම්මානයේ මාර්ගය වාහන යා
නොහැකි ඉතා දුෂ්කර මාර්ගයක් බවට පත්ව ඇති නිසා මේ අවස්ථාවේ හෝ බළධාරින්ගේ මැදිහත්
විමෙන් නිසි අධීක්ෂණයෙන් යුතුව විධිමත් ආකාරයෙන් මාර්ගය සකසා දෙන ලෙස ගම්වාසින්
ඉල්ලා සිටි.
වේවත්ත සිට තළාවේ ගම්මානය දක්වා කිලෝමිටර් 7ක මාර්ගයක් ඇති අතර ගමනාගමනය
සදහා උදැසන කිරි ගෙන යෑම සදහා පැමිනෙන ලොරි රථය හා ගම්මානයේ ව්‍යාපාරිකයෙකුගේ කුඩා
පරිමානයේ ලොරි රථයක් පමණක් ඇත. මෙම වාහන ක්‍රියාත්මක නොවන විට රුපියල් 500ක් ගෙවා
ත්‍රිෙරා්ද රථයක් ආධාරයෙන් ගම්වාසින්ගේ ගමනගමන සිදු කිරිමට සිදුවේ. භාන්ඩ ප්‍රවාහනය
සදහා ගොන් බැදි කරත්ත ගම්වාසින් බාවිතා කර අතර මාර්ගය නිසි අයුරින් සකසා දි
ගම්මානයේ ප්‍රවාහන පහසුකම වැඩිදියුණු කර දි ජනතාවට පිහිටක් වන ලෙස අදාල වගකිවවුතු
පාර්ශයන් හි පිහිට පතයි. මාර්ගයේ දැනට සිදු කර අති දෝෂ නිවැරදි කර දෙන ලෙස අදාල
කොන්ත්‍රාත් කරුවනට බාරදෙන ලෙස ගම්වාසින් යොජනා කරන අතර මෙම කොන්ත්‍රාත් කරුවන්
නිසි ප්‍රමිතියට බෝක්කු ඉදිකිරිම් සිදු නොරන්නේනම් ගම්මානයේ ගම්වාසින්ට මෙම කාර්ය
පවරාදෙන ලෙසත් ඔහුන් ඉල්ලා සිටි. එවිට අධික්ෂණයක් යටතේ විශ්වාසවන්තව නිසි ප්‍රමිතියෙන්
ගම්වාසින් සියල්ල එක්ව ගම්මානයේ මාර්ගය සාදා ගැනිමට හැකි බන බව ගම්වාසින් කියා
සිටි.